ඔන්න යාලුවනේ rellik කෙටි රූපවාහිනී කතා මාලාවෙ හතරවැනි කොටසට සිංහල උපසිරසිය අරන් ආවා. මට දැනුනු විදියට, හොද කතාවක් නිසයි මේ කතාවට උපසිරසිය කරන්න හිතුවෙ. ඉතින් කොහොමත් එහෙම තමා. ඒ වගේම බැලුවනම් තේරෙන්න ඇති නියමම කතාවක් කියලා. ඉතින් කීපදෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්තනම් ඒ ඇති යාලුවනේ. කෙටි කතා මාලාවක් නිසා අකමැතිද දන්නෙ නැහැ. ඒත් ඉතින් මේක බලන එක යාලුවෙක් හරි ඉන්නවනම්, අන්න එයා වෙනුවෙන් තමා මේ උපසිරසි අරන් එන්නෙ. ඉතින් කලින් කොටස් වගේම මේ කොටසෙත් ආපස්සටයි කතාව ගලාගෙන යන්නෙ. Imdb අගය 7.3 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Hans Herbots. මේ කොටස නම් කරලා තියෙන්නෙ "Before" නමින්. ධාවන කාලය විනාඩි 58 ක්.
ඉතින් තුන්වෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති බාකර්ගෙ බිරිද ඝාතනය වුනු ආකාරය. ඒ වගේම ඒත් එක්කම තවත් පුදුම හිතෙන හෙලිදරවව්වකුත් වෙනවා ඇයගෙ දියනිය සම්බන්ධව. ඒ වගේම පරීක්ෂක ගේබ්‍රියෙල්ගෙ දුව කිසියම් නරක තැනකට ගියපු ආකාරයත්, එතනින් නැවත කැදවාගෙන ආපු විදියත් දැක්කා. ඒ වගේම ක්‍රිස්ටීනා දැනගත්තා දොස්තර ටේලර් සියල්ල පටිගත කරන බව. මේ වගේ හුගක් සිදුවීම් වුනා දකින්න ඇති. ඉතින් යාලුවනේ එතැන් සිට ආපස්සට යෑමක් තමා තියෙන්නෙ. එහෙනම් බලන යාලුවොන්ට බලන්න කියල ආරාධනා කරන ගමන් සමුගන්නවා. බුදු සරනයි!





Windows 8.1UC Browser 7
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴