Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle
  • Genres
  • Crime
  • Stillwater (2021) Sinhala Subtitle

Stillwater (2021) Sinhala Subtitle

August 27, 2021 Junior Admin

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ අරගෙන එන්නෙ මේ වසතේ මමත් ඇතුළුව බොහෝදෙනෙක් නරඹන්නට මගබලමින් සිටි චිත්‍රපටයක සිංහල උපසිරැසියත් සමග. මේ මැට් ඩේමන් රංගන ශිල්පියාගේ නවතම චිත්‍රපටය Stillwater (2021). මුලින්ම කියන්නට අවශ්‍යයි මේ චිත්‍රපටය යම් තරමක දැඩි මතභේදයකට තුඩුදුන් එකක්, ඊට හේතුව මෙය ඇමන්ඩා ක්නොක්ස්ගේ ජීවිත කතාවට යම් තරමක සමානකමක් දැක්වීම. එම නිසාම ඇයගේ දැඩි විවේචනයට මේ චිත්‍රපටය බඳුන් වුණා. විදෙස් සිනමා පුවත් පිලිබඳ නිතරම යාවත්කාලීන වන ඔබ මේ පිලිබඳව හොඳින් දන්නා ඇති නමුත්, එසේ නොමැති අයගේ දැනගැනීම පිණිස මම මුලින්ම ඒ ගැන ඔබව දැනුවත් කර සිටින්නම්.

ඇමැන්ඩා ක්නොක්ස් (Amanda Knox)

ඇමැන්ඩා ක්නොක්ස් 2016 වසරේදී

1987 වසරේ ඇමරිකාවේ සියැටල්හි උපත ලද ඇය අද ලේඛිකාවක්. මෙම චිත්‍රපටයේ එන තරුණිය මෙන්ම ඇමැන්ඩාද විදේශ රටක, එනම් ඉතාලියේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් පසුව සිරගතවන්නට සිදුවනවා, ඒ වනවිට ඇයට වයස අවුරුදු 20ක්. ඇය සිරගතවීමේ සිට සියලු සිදුවීම් චිත්‍රපටයට උකහා ගෙන තිබෙන කතාව අපට පිලිගන්නට සිදුවෙනවා, එකම වෙනස සිදුවීම සිදුවූ රට පමණයි. එය මෙහි සඳහන් කරන්නට යාම ඔබේ රසවින්දනයට සෘජුවම බාධාවක් විය හැකි නිසා මම එය සඳහන් කිරීමෙන් වැලකී සිටිනවා. ඔබට අවශ්‍යනම් ඇමැන්ඩා ක්නොක්ස් ලෙස අන්තර්ජාලයේ සෙවුමක් කිරීම මගින් ඒ පිලිබඳ වැඩිදුර කරුණු සොයාබැලියහැකියි. කෙසේ මේ චිත්‍රපටය නිකුත්වීමෙන් පසු කලෙක ඇය ට්විට්ර්හි සටහනක් තැබුවා මෙලෙස.

“මගෙ නම මට අයිතිද? මගෙ මුහුණ? මගෙ ජීවිතය? මගෙ කතාව? ඇයි මගෙ අදාලත්වයක් නොතිබූ දේකට මගෙ නම ගාවන්නෙ? මගෙ කැමැත්ත නැතිව අන් අය මගෙ නමින් ලාභ උපයන නිසයි මම මේ ප්‍රශ්ණ අහන්නෙ. මෑතකදිම එය කලේ ස්ටිල්වෝටර් චිත්‍රපටය”

ඇයගේ කෝපය සාධාරණ ඇති නමුත් චිත්‍රපටය නරඹන අප එය බාධාවක් කර ගත යුතු නෑ. මක්නිසාද යත් මෙය ප්‍රංශ සිනමා විලාශය කැටිකරගත් මෑතකාලයේ ඉතා දුර්ලභ පන්නයේ හොලිවුඩ් චිත්‍රපටයක් වන නිසා. එය තවත් වර්ණවත් වනවා මැට් ඩේමන් ඇතුළු පිරිසගේ රංගන ප්‍රතිභාවෙන්. පුරා හෝරා දෙකකුත් මිනිත්තු දහනමයක් දිගු නමුත් අවසානය තෙක් කිසිදු විඩාවකින් තොරව අපව රඳවාගන්නට සමත් එම වෑයම.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අතිදක්ෂ සිනමාකරුවකු සේ ගැනෙන ටොම් මැකාති විසින්. තිර රචනය ඔහුත් සමගින් මාකස් හින්චි සහ තෝමස් බිඩ්ගේන්ගෙන්. රංගනයෙන් දායක වන්නේ : මැට් ඩේමන් (බිල් බේකර්),කැමිල් කොටින් (වර්ජිනී), ඇබිගේල් බ්‍රෙස්ලින් (ඇලිසන්), ලිලූ සියාවුඩ් (මායා), ඩියානා ඩුනගන් (ෂැරොන්),ඉදිර් අසෝග්ලි (අකීම්), ඇන් ලෙ නි (ලෙපාක්), මෞසා මාස්ක්‍රි (ඩිරෝසා) ඇතුළු පිරිසක්. මෙය මේ වනවිට (2021:අගෝස්තු:28) IMDb වෙතින් 6.7 අගයකුත්, Rotten Tomatoes වෙතින් 75%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 60%ක අගයකුත් ලබා තිබෙනවා.

කතාවට කෙටියෙන් ඇරඹුමක් ගැනීමට පෙර තවත් කරුණු…

• බිල් බේකර් යනු වෘතියෙන් රෆ්නෙක් (Roughneck)වරයෙක්. මේ රෆ්නෙක් යනු තෙල් ලිං විදුම් (Oil rg drilling) කටයුතු බාර තැනැත්තන්ව පොදුවේ හඳුන්වන නම. විශේෂයෙන්ම කතාව දිවෙන්නේ ඔක්ලහෝමා ප්‍රාන්තය පසුබිම් කරගෙන. එය මෙකී තෙල් ලිං කැනීම්වලට බොහෝ ප්‍රසිද්ධයි. ඇත්ත වශයෙන්ම මේ චරිතය වෙනුවෙන්ම අධ්‍යක්ෂ ටොම් මැකාති සහ මැට් ඩේමන් ඔක්ලහෝමා බලා ගොස් තිබෙනවා රෆ්නෙක්වරයෙක්ගේ ජීවිතයේ වටපිටාව පිලිබඳ යම් වැටහීමක් ලබා ගැනීම සඳහා. එම අත්දැකීම ටොම් මැකාති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ : ” මැට් සහ මම ඔක්ලහෝමා වෙත යන්නට පටන්ගත්තා එම පලාතත් ජනතාවත් ගැන යම් වැටහීමක් ලබාගන්නටත්, විශේෂයෙන්ම රෆ්නෙක්වරුන් සමග කල් ගෙවීමට. ඔවුන් අපව ඔවුන්ගේ ලෝකවලටද පවුල් වෙතද සාදරයෙන් පිලිගත්තා. කතාව හැඩගැස්වීමට පවුන් මහත් උපකාරී වුණා” ලෙස.

රෆ්නෙක්වරුන් සේවයේ

• මෙහි ඇලිසන් බේකර්ගේ චරිතයට පණපොවන ඇබිගේල් බ්‍රෙස්ලින් මෙම චරිතය සඳහාමයි තම රියදුරු බලපතට ඉල්ලුම් කර තිබෙන්නේ, ඒ රූගත කිරීම ඇරඹෙන්නට සති දෙකකට පෙර.

• මෙහි විදහාපාන රංගන කෞශල්‍යය වෙනුවෙන් 74වන කැනස් සිනමා සම්මාන උළෙලේ මෙය තිරගතකල අවස්ථාවේ නැරඹූ පිරිසෙන් මිනිත්තු පහක අත්පොලසන් නාදයක් හිමිවෙනවා, ඒ තම අසුන්වලින් නැගිට (Standing Ovation).

කතාවට කෙටි ඇරඹුමක්…

බිල් බේකර් යනු වෘතියෙන් රෆ්නෙක්වරයෙක්. කෙසේවෙතත් මේ වනවිට එම රැකියාව අහිමිව සිටින ඔහුට තිබෙනවා මහා ගැටලුවක්. ඒ තමයි ප්‍රංශයේ අධ්‍යාපනය ලැබීමට මීට පස් වසරකට පෙර පිටත්ව ගිය තම දියණිය වන ඇලිසන් බේකර් යම් වරදකට ප්‍රංශයේදීම බන්ධනාගාරගතවීම. ඔහු ඉඩ ලැබෙන විට ප්‍රංශයට යනවා තම දියණියගේ සුවදුක් බැලීමට. කෙසේ වෙතත් මෙවර ඔහු යන ගමනේදී ඔහුට යම් හෝඩුවාවක් ලැබෙනවා තම දියණිය සිර දඬුවමින් නිදහස් කර ගැනීමට හැකිවන ආකාරයේ. ඉන් ඉදිරියට කතාව නරඹන ඔබට බාරයි. එසේම පැවසිය යුතුයි මෙය බොහෝදෙනා මැට් ඩේමන්ව දකින්නට බලාපොරොත්තුවන ආකාරයේ සත්‍යයෙන් බොහෝ ඈත ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි, නාට්‍යමය ආකාරයෙන් සෙමින් ගලායන, බොහෝදුරට සැබෑ ලෝකයට සමීපව ගලායන එකක්. නමුත් කිසිදු කම්මැලිකමකින් තොරව අවසානය තෙක් නැරඹිය හැකි බව සහතික විය හැකියි. ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

තොරතුරු සහ ඡායාරූප Wikipedia

චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා ද්විත්වය ඇතුලත්ය. ප්‍රංශ භාෂා කොටස් ඉංග්‍රීසි උපසිරැසියේ නොමැති නමුත් කාලරාමු සකසා එම දෙබස් සියල්ලම පාහේ පරිවර්තනය කර සම්පූර්ණ උපසිරැසියක් ලෙස ඔබ වෙත ලබාදී ඇත. ඉංග්‍රීසි නොවන දෙබස් වෙන්කර දැක්වීම සඳහා ( ) වරහන් යොදා ඇත.

 

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
3091 Downloads
Download Links
BRRip
DIR
TOR
TOR
TOR
Available Torrents
720p bluray 1.25 GB
GET
1080p bluray 2.56 GB
GET
720p web 1.25 GB
GET
1080p web 2.57 GB
GET
2160p web 6.22 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (21)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 92
    2021-08-28

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

    Reply
  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 92
    2021-08-28

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • අසංක Unregistered
    Windows 10 Chrome 92
    2021-08-28

    මුලින්ම කියන්නම් උපසිරැසියට ස්තූතියි.. ආපු දවසෙම ඩවුන්ලෝඩ් කරගෙන සබ් එකක් දානකන් හැමදාම සයිට් වලට ගිහින් බැලුවා.. ඉතින් අද කොලිටි සබ් දෙන කෙනෙක්ම සබ් එක දීල තියෙන නිසා පට්ට සතුටෙන් සබ් එක අරගෙන, කෑමකුත් හදාගෙන ආවා ෆිල්ම් එක බලන්න කියලා මුලින්ම වැටුනා Quality Takes Time කියලා.. ඊටපස්සෙ ඉඳන් සබ් එකත් එක්ක කලු පාට ලොකු පසුබිමක් යනවා ෆිල්ම් එකේ යට කොටසම වැහෙන්න. ෆිල්ම් එකේ මැදට ස්කිප් කරල බැලුවා ඒත් එහෙමයි. අග ටිකත් එහෙමයි.. සුපිරි නලුවෙක් ඉන්න සුපිරියටම රසවිඳින්න පුලුවන් ෆිල්ම් එකක් නිසා පට්ට දුකෙන් ඕෆ් කරල දැම්ම කම්පියුටර් එක. පට්ට තරහක් ආවෙ බන්.. මම මීට කලින් ඔයාලගෙන් අරන් බලපු ෆිල්ම් කිහිපයකම නොයෙක් දෝෂ තිබ්බා.. ඔයාලගෙ උපසිරැසිය වෙන සයිට් වල ඒව වගේ නෙවෙයි අපැහැදිලි ගතියක් තිබුණා.. ෆිල්ම් එකට තියෙන ආසාව නිසා ඒව ගනන් ගන්නෙ නැතුව බැලුවා.. ඒත් අද නම් ෆිල්ම් එක බලන්න බැරි තත්වෙටම ඔයාල පත් කරල තියෙනවා. Quality takes time කියන එක දාන එක සාදාරණ නෑ කොයිම වෙලාවකවත් ඔයාල ඒක දාන්න එපා.. ඉස්සරලම කොලිටිය කියන එක හොයාගන්න බයිස්කෝප් වගේ අංක එකේ වෙබ් අඩවියකට ගිහිල්ලා.. එයාලා කිසිම වෙලාවක පබ්ලිසිටියට වැඩ කරන්නෙ නෑ අන්න ඒක නිසාමයි එයාලා හැමදාම අංක එකේ ඉන්නෙ. ඔයාලා ඔහොම කරන්න කරන්න වෙන්නෙ හැමදාම ටිකෙන් ටික මේ සයිට් එක අඩියටම වැටෙන එක.. මම හිතන්නෙ දැන් ඒක වෙලා තියෙන්නෙ. ඉතින් බොහොම කණගාටුයි මෙහෙම දෙයක් කියන්න වුණ එකට..

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-08-28

      අසංක: ඔබ කී සයිට් එකේ කොලටිය ගැන මම ඕනෙතරම් උදාහරණ දෙන්නම්. “Quality takes time” කියන එකට ඔබේ හිත රිදුණට මට කරන්නට දෙයක් නැහැ සහ I don’t give a damn. අනික ඔබ කියන විදියට උපසිරැසි කරන්නට මමවත් කිසිම කෙනෙක්වත් බැඳී නෑ. “කළු කොටුව” නෙමෙයි ඒකට කියන්නෙ Opaque box කියල. Opaque box එක යෙදුවෙ ඔබ එක්ක තරහකින් කියල හිතනවනම් ඔබේ දැනුම ගැන මට ඇත්තේ කණගාටුවක්. Opaque box එක මම දැම්මෙ වීඩියෝ එකේ තියන හාඩ්කෝඩ් සබ්ටයිටල් එකයි Over run වෙන සබ්ටයිටල් එකයි එකපාර යනකොට බලන කෙනාට පැටලෙන නිසා, නරඹන ඔබේම පහසුව ගැන හිතල. එහෙම කරල මම කරල තියෙන්නෙ වරදක්නං මට කණගාටුයි මං ගැනම. මමත් මගෙ සබ් එක එක්ක එකපාරක් ෆිල්ම් එක බලලයි දෙන්නෙ. ඔබ ඔය කියන විදියෙ කිසි නැරඹීමෙ ප්‍රශ්ණයක් මම දැක්කෙ නෑ. මෙහෙට මැජික් වුණාට Opaque box එක ස්ටෑන්ඩර්ඩ් සමහර රටවල්වල චැනල්වල එහෙමත්. අනික මේක මේ මහා ප්‍රශ්ණයක් වෙලා තියෙන්නෙ ඔබට විතරයි, අනිත් අය ඔය ලස්සණට බලල තියෙන්නෙ.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-08-28

      https://i.ibb.co/D9SJ1zh/2021-08-28-20-41-51-Stillwater-2021-720p-WEBRip-2-CH-x265-HEVC-PSA-mkv-Pot-Player.png

      ස්ක්‍රීන්ෂොට් එක බලන්න ඇස් දෙක ඇරල. ඔය තියෙන්නෙ ලයින් දෙකක දිග සබ් ලයින් එකක්. බලන්න ෆ්‍රේම් එකෙන් බාගයක් වැහිලද කියල.

    • කවිඳු ජයවර්ධන Unregistered
      Windows 10 Opera 78
      2021-08-28

      මේ කමෙන්ට් එක දැක්කහම තේරෙන්නෙ සහෝගෙ නොදැනුවත්කම තමයි.විශේෂයෙන් ලෝක සිනමාව බලනවනං ඔය ප්‍රශ්නෙ නැතිවෙන්න තිබ්බා.මම ටිකකට කලින් තුර්කියේ watchtower (2012) කියන ෆිල්ම් එක බැලුව.ඒකෙත් තිබුනෙ English HC සබ් එකක්.ඉතිං ඒ වගේ රටවල්වල ෆිල්ම් එන්නෙ HC සබ් එකක් එක්ක.අපිට මොන දේ කරලවත් ඒ සබ් එක ප්ලේ වෙන එක නවත්තන්න අමාරුයි.ඉතින් සිංහල සබ් එකත් ප්ලේ කරොත් වෙන්නෙ එකම වෙලාවෙ සබ් දෙකම ඕවර්ලැප් වෙන එක.ඉතින් ඕකට වැඩ කෑලි දන්නවනං තමන් බලන ප්ලේයර් එකෙං Opaque box එකක් දාගන්න පුලුවන්.එතකොට පල්ලෙහයින් තියෙන ඉංග්‍රීසි සබ් එක උඩින් කළු කොටුවක් වැටිල සිංහල සබ් එක ඒ කළු පාට තීරුවේ අපූරුවට පේනවා.එතකොට පැටලෙන් නැතුව සිංහල සබ් එකෙන් ෆිල්ම් එක බලන්න පුලුවන්.ඉතින් හසිත සහෝ අපේම හොඳට වැඩි පුර මහන්සි වෙලා සබ් එක දීල තියෙන්නෙම Opaque box එකත් එක්කයි.එතකොට අපි අමුතුවෙන් ප්ලේයර් එකේ සෙටින්ග්ස් වෙනස කර කර දඟලන්න ඕනෙ නෑනෙ.ඒ තරං මහන්සි වෙලා මුලින්ම සබ් එක දීලත් මේ වගේ කමෙන්ට් දැක්කහම හසිත සහෝට ඉල්ලං කෑව වගේ හිතනව ඇති:cowboy:

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-08-28

      කියල වැඩක් නෑ, කවිඳු. තාමත් ලංකාවෙ සිනමා රසික බහුතරය හොඳ මිනිස්සු කියල දන්න හින්දයි මේක දිගටම කරගෙන යන්නෙ කාල වේලා ප්‍රශ්ණත් නොසලකා. බොහොම ස්තූතියි ඔබේ සහෘද ප්‍රතිචාරයට.

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 93
      2021-09-10

      අම්මෝ කවුද මේ හිනා යන කතා කියන්නේ ..ෆිල්ම් එකේ භාගයක් සබ් එක නිසා වැහෙනවා ..එක වෙන්න බැරි දෙයක්..ඔය කළු පාට එන padding එක මම හිතන්නේ නැහැ අඩුම තරමේ 20 px .. වත් එන්නේ නැහැ ..මේකේ තියෙන එන්ග්ලිෂ් සබ් එක පෙන්නේ නැති වෙන්න තමා එහෙම කරලා තියෙන්නේ ..මට තව කියන්න කම්මැලියි ..කෙටියෙන් මටත් කියන්නේ හසිත කිව්ව් දේ තමා I don’t give a damn

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 92
      2021-09-10

      අසංක කියන්න ඇවිත් තියෙන්නෙ වෙන එකක් , ඒක විතරක් කියන්න ගියොත් අනිත් අයට ප්ලෑන තේරෙන හින්ද Opaque box එකකුත් කතාවට ඇදගන්න ගිහින් පුස් තර්කයක් ගොඩනැගිච්ච එකයි අන්තිමට වෙලා තියෙන්නෙ :joy:.

  • Supun Kaushalya Unregistered
    Android 11 Chrome 92
    2021-08-28

    තෑන්ක්ස් සබ් එකට හසිත සහෝ

    Reply
  • කවිඳු ජයවර්ධන Unregistered
    Windows 10 Opera 78
    2021-08-28

    සබ් එකට තෑන්ක්ස් සහෝ.ඩ්‍රාම ෆිල්ම් බලන අයටනං සුපිරියටම ෆිල්ම් එක සෙට් වෙයි…

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-08-28

      බොහොමත්ම ස්තූතියි, කවිඳු. ඔව්, ඩ්‍රාමා බලන අයට හරියටම ගැලපෙයි. පැය දෙකයි විනාඩි 20 දැණුනෙවත් නෑ මටනං.

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 78
    2021-08-28

    සබ් එකට ස්තූතියි අයියේ. ඔය උඩ අසංක දාලා තියෙන කමෙන්ට් එක මං කියෙව්වා. අයියේ, ඕවා ගණන් ගන්න එපා. ඔයාගේ සබ් ගැන මං හොඳාකාරවම දන්නවනේ. මං විතරක් නෙමෙයි, ඔයාගේ සබ් ඩවුන්ලෝඩ් කරන අය දන්නවා සබ්වල කොලිටිය. අනික ඔය අසංකගේ කමෙන්ට් එකට මාත් එකඟ වෙන්නේ නෑ. මොකද, සබ් එකේ යම් අඩුපාඩුවක් හෝ වැරැද්දක් වෙලානම් කිව්වට කමක් නෑ ඒ අඩුපාඩුව හෝ වැරැද්ද හදාගන්න. ඒත් මෙතනදි ඔය කියන විදිහට කිසිම දෙයක් වෙලා නෑනේ. ඒවගේම මෙතනදි සබ් එකේ අඩුපාඩු වැරදිවලට වඩා වෙනත් සයිට් එකක් එක්ක අපේ සයිට් එක කම්පෙයාර් කිරීමක් කරලයි තියෙන්නේ. ඉතින් අපිට අනිත් සයිට් වගේ වෙන්න කිසිම උවමනාවක් නෑනේ. අද වෙනකොට සබ් දෙන සයිට් හුඟක් තියෙනවා. ඒ හැම එකකින්ම කරන්නේ සබ් දෙන එකනේ. (සමහර ෆේක් සයිට් ඇරෙන්න) කොලිටියට සබ් එකක් දෙන්න පුළුවන්නම් ඒක සබ් කරන කෙනාගේ දක්ෂතාවය. අයියගේ ඒ දක්ෂතාවය ගැන කිසිම සැකයක් නෑ. අනික ඔය කියන හැමෝම කොලිටියටම සබ් දෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. අපේ සයිට් එකට වෙලා තියෙන එකම දේ, ඕනතරම් කට්ටිය සබ් ඩවුන්ලෝඩ් කරගන්නවා. කීයෙන් කීදෙනාද ඒ සබ් කරන කෙනාගේ මහන්සිය අගයලා කමෙන්ට් එකක් දාන්නේ. සබ් කරන කෙනාගේ අතින් පොඩි වැරැද්දක් විතරයි වෙන්න ඕනේ. එතකොට බලන්න තියෙන්නේ කමෙන්ට් දාන පෝලිම. කවදාවත් කමෙන්ට් නොදාන අය පවා කමෙන්ට් කරනවා අරකයි-මේකයි කියලා. ඒ උනන්දුවම අර දේටත් තිබ්බනම් හොඳයි කියලා මං කියන්නේ. බැරිවෙලාවත් අපි විතරක් මේ ෆිල්ම් එකට සබ් දීලා වෙන සයිට් එකක්වත් කවදාවත් සබ් එක නොදුන්නානම් අපූරුවට අරගෙන කිසිම දෙයක් නොකියා බලනවනේ. අපේ සයිට් එකේ සබ්වල දෝෂ, අපැහැදිලි ගති තිබිලා තියෙනවා කියලා කියනවනේ. මං දන්නේ නෑ අනිත් අයටත් ඔය ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද නැද්ද කියන්න. අසංක එයාගේ අදහස තමා දක්වලා තියෙන්නේ. හැබැයි සබ් එකක් කරන්න කොච්චරනම් මහන්සි වෙන්න එපැයිද! අපේ සයිට් එකේ කොලිටි සබ් නැත්නම් මේ පැත්තේ නාවට කමක් නෑ කියලා තමා කියන්න තියෙන්නේ.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-08-28

      මං ඕවා ගණන් ගන්නෑ, ලහිරු මල්ලි :slight_smile:. ඔය වගේ කමෙන්ට් ආවම මට පුදුම ගැම්මක් එනව එක දිගට සබ් කරන්න. අනික අසංකට තියෙන්නෙ වෙනම ඇරියස් එකක් වගේ තමයි මට තේරෙන්නෙ. එයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ Opaque box එක එක්ක වුනාට දෝෂාරෝපණයෙන් සීයට 70ක්ම ඒකට කිසිසේත්ම අදාල නැති “Quality Takes Time” වාක්‍යෙ ගැන :joy:. බොහොම ස්තූතියි,මල්ලි, ප්‍රතිචාරයට.

  • FREEMAN MH User
    Android 10 Chrome 87
    2021-08-29

    :heart_eyes: thanks
    mat subtitles ekak balaporothtuwen unna move ekak.. bohoma sthuthi saho

    mare of easttown wage hoda කෙටි kathawak aye set unoth subtitles ekak danna sahoo , god bls

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-08-29

      තව මිනි සීරීස් එකක් කරන්න අදහසක් තියනව. ටිකක් පරණ මේ ලඟදි බලපු එකක්, Riz Ahmed ඉන්න. බලමු පුළුවන් ඉක්මනට ගේන්නං. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

  • sriyantha Perera Unregistered
    Windows 10 Edge 92
    2021-08-29

    Thanks a lot

    Reply
  • Not a robot Unregistered
    Android 9 Chrome 86
    2021-09-03

    ඇත්තටම සහෝ මාරම ෆිල්ම් වලට සබ් දෙන්නෙ… හැම සයිට් එකකින්ම දෙන ෆිල්ම් වලට නොදී වෙනස්ම ඒවට සබ් දෙන එක වටිනවා. ❤

    කණගාටුවෙන් උනත් කියන්න ඕන දැන් සබ්ස් එල් කේ එකේ උපසිරැසි කරන අය හුඟක් අඩුයි. ගොඩක් ෆිල්ම් වලට සබ් වැටෙන්නෙ නැ… ඒත් මේ වගේ එකකට හරි සබ් එකක් වැටෙන එක ලොකු දෙයක් :blush:

    Keep it up brother ❤

    Reply
  • Navidu Unregistered
    Windows 10 Chrome 92
    2021-09-07

    Thanks. SRT වලින් සබ් දුන්නනම් තවත් වටිනවා. මගෙ පරණ කම්පියුටරේට එහෙම මේක දාපු ගමන් ස්ටක් වෙනවා. යාලුවගේ පෝන් එකේ කලු පාටින් යන්නෙ idx සබ් ඉතින් එහෙම දෝෂ තියෙනවා. බලන්න බැරි අයත් ඇති. අතලොස්සක් හරි, උඩ නරක විදිහෙ කමෙන්ට් වැටෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න පුළුවන්. SRT එකක් දුන්නනම් බලන කෙනාට ඕනි විදිහට කලර් කරගෙන බලන්න පුලුවන්නෙ. සබ් එක Yellow වගේ පාටින් දැම්මනම් opaque box එකක් ඕනි වෙන එකක් නෑ මං හිතන්නෙ. SRT එකම දෙන්න පුලුවන්නම් තමයි සහෝ වටින්නෙ. ජයවේවා!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-09-07

      නරක කමෙන්ට් කියන ඒවා අදාල නෑ සහ අයි ඩෝන්ට් කෙයා, කාටවත් ඕනෙ විදියට සබ් කරන්නෑ මම, මොකද කාලය මගේ, මහන්සිය මගේ, රැකියාව නෙමෙයි මේ මගෙ විනෝදාංශෙ. Srt විදියට දෙන්න තිබුණා, සමහරු සබ් එක අරගෙන තව කොහේහරි පලකරන්නෙ නැත්තං. මේ සයිට් එකට එන්න ඕනෙ ට්‍රැෆික් වෙන තැනකට යනවනං එතන ප්‍රශ්ණයක් තියනවනෙ. ඊලඟ මිත්‍යාව පරණ කම්පියුටරේ ස්ටක් වෙන කතන්දරේ. නවිඳු දන්නවද IDX සබ් කොච්චර පරණද කියල, අදටත් official dvd එක්ක idx/sub එනව කියල? Pentium 3 කාලෙත් idx තිබුණා සහ ලස්සණට කම්පියුටර්වල ප්ලේ වුණා . ඔයාගෙ කම්පියුටරේ ප්ලේ වෙන්නෙ නැත්තං ඒක කම්පියුටරේ අවුලක් නෙමෙයි Codec ප්‍රශ්ණයක් හෝ Player ප්‍රශ්ණයක්. නිකමට Pot player හෝ 123 ප්ලේයර් ඉන්ස්ටෝල් කරල බලන්න ප්ලේ වෙන්නැද්ද කියල. කරුණාකරල උපසිරැසිය අරගෙන බලනවනං බලන්න නැත්තං තියල යන්න අනවශ්‍ය කතා නැතුව. මොකද ඔබට බැරිවුනාට ඔය බලල තියෙන්නෙ අනිත් අය ලස්සණට නාහෙන් ඇඬීමක් නැතුව.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91
      2021-09-07

      ෆෝන් එකේ කළු කොටුවක් විතරයි පේන්නෙ කියන කෙනාට කමෙන්ට් එකක් දාන්න කියන්න මෙතන. මම මගෙ සෑහෙන පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනව 512 රැම් තියන ඒකෙ ප්ලේ කරල Proof දෙන්නං.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 122
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved