The Magicians [S02 : E01] Sinhala Subtitle

June 29, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් The Magicians රසිකයන්ට.දැන් කට්ටියම පළවෙනි සීසන් එක හරහා ගිහින් අවසන්නෙ.මම අද අරගෙන එන්නෙ දෙවෙනි සීසන් එකේ පළවෙනි කොටස.ඕගොල්ලන්ට මතකනෙ පළවෙනි සීසන් එකේ අවසානය.

මෘගයාව මරාදැමීමට අවශ්‍ය ලියෝ තලය හොයාගෙන අපේ කට්ටිය නැතිලන්තෙ හරහා ෆිලොරියට යන්න පිටත්වුණා, නමුත් හදිසියේ වූ දෙයක් නිසා ක්වින්ටන්ට සිද්ධවුණා නැවතත් පෘතුවියට එන්න.හැබැයි ක්වින්ටන් නෙමෙයි උත්සාහය අත ඇරියෙ.එයා ජූලියාගෙත් උදවු ඇතිව අතීතයට ගිහින් ඒ හරහා වර්තමානයට ඇවිත් නැවතත් තමන්ගේ මිත්‍රයන් එක්ක එකතුවුණා.එහිදී ෆිලොරියේ කම්මල්කරුවෙක් මගින් ලියෝ තලය සාදවාගන්නවා, ඒ වුණත් ඒකට හිලව්වක් විදියට එලියට්ට සිද්ධවෙනවා කම්මල්කරුගේ දියණිය වන ෆෙන්ව විවාහ කරගන්න.කොහොමින්හරි මේ විවාහය නිසා එලියට්ට නැවතත් පෘතුවියට යන්න බැරි බවක් තමයි කියවෙන්නෙ.තලය ලබාගත්තත් ඒක පාවිච්චි කරන්න ෆිලොරියේ රජකමට උරුමය තියන එලියට්ටවත් බැරිවෙනව.තලය අතට ගන්නනම් මහා මැජික්රුවෙක් වෙන්න ඕනෙ කියලයි කම්මල්කරු කිව්වෙ, සැහෙන දුකක් විඳල තලය අත්පත් කරගත්ත අපේ අයට මේ ප්‍රශ්ණෙට උත්තර හොයන්න ෆිලොරියට අධිපති එම්බර් සහ අම්බර් දේවතාවුන් මුණගැහෙන්න යන්න වෙනව.ඒ ගමනට යන්නෙ අපේ ක්වින්ටන් සහ ජූලියා දෙන්න.එහේ ගිහින් එම්බර් දෙවියන්ගෙ බලයත් අරගෙන ජූලියා සහ ක්වින්ටන් දෙන්න එන අතරවාරෙ පෙනී ඇතුළු අනිත් කට්ටිය ෆිලොරියේ මාලිගාවක හිරකරගෙන ඉන්න වික්ටෝරියාව බේරගෙන එනව, නෑ නෑ වික්ටෝරියාව විතරක් නෙමෙයි තව එක්කෙනෙක්ව බේරගෙන එනව, ඒ තමයි ෆිලොරි කථාවල රචකයා ක්‍රිස්ටොෆර් ප්ලොවර් එහෙමත් නැත්නම් චැට්වින් සහෝදරයන්ගේ භාරකාරයා.එතකොට මෘගයා කියන්නෙ ක්‍රිස්ටොෆර් නෙමෙයි කවුද එහෙනම්, ඒ තමයි කුඩාකාලෙ ක්‍රිස්ටොෆර් අතින් බොහෝ දුක් වින්ද මාටින්චැට්වින්. මේ සියල්ලම අතරෙ තමන් සාර්ථකව අවසන් කලායැයි ජූලියා සිතා සිටින දේවමෑණියන් කැඳවීමේ මෙහෙයුම මහා ඛේදවාචකයක් වුණ බවත් එය තමන්ගේ මතකයෙන් මකාදමා තිබූ බව ජූලියාට දැනගන්න ලැබුණා.දේවමෑණියන් ලෙස පැමිණි රෙනාඩ් නම් වංචාකාර දෙවියෙක් ජූලියා රිචඩ් ඇතුළු ෆ්‍රීටේඩර් කණ්ඩායම සියල්ලන්ම මරා දමනවා, ඒ රිචඩ්ගේ සිරුරුට ඇතුළු වීම මගින් නමුත් මෙයින් ගැලවෙනවා කේඩි සහ ජූලියා.ඒත් එක්කම කෙසේ හෝ මේ රෙනාඩ්ව වනසා දැමීමට තීරණය කරගෙන ඉන්න ජූලියා, ක්වින්ටන් ඇතුළු කට්ටිය මෘගයාව මරාදැමීමට කරන අවසන් අසාර්ථක මෙහෙයුමේ අවසානයේ රෙනාඩ්ව මරාදැමීමට තමන්ට උදවු කරනා බවට පොරොන්දු කරගෙන මෘගයාත් සමගින් පැනයනවා.ඒ ඛේදවාචකයෙනුයි  පළවෙනි සීසන් එකේ අවසානය සනිටුහන් වෙන්නේ.

අද දෙවෙනි සීසන් එකේ පළවෙනි කොටස, එය නම් වෙන්නේ Knight of Crowns (ඔටුනු භාරකාර නයිට්වරයා) කියලයි.විකාශය වූ දිනය 2017 වසරේ ජනවාරි 25.අද කොටස ආරම්භ වෙන්නෙ මෘගයා අතින් දරුණු ලෙස අනතුරට ලක්වුණ තමන්ගේ මිත්‍රයන්ව බේරගන්න ක්වින්ටන් වනාන්තරයක් මැද්දෙන් දිවයන දර්ශනයකින්.පුළුවන් වෙයිද ක්වින්ටන්ට තමන්ගේ යාළුවන්ව බේරගන්න?ජූලියට පුළුවන් වෙයිද මෘගයත් එක්ක වැඩකරන්න? ඒ විතරක් නෙමෙයි අද තවත් සිද්ධි ගොඩක් තියනවා.කොටසෙ නමෙන්ම තේරෙනවනේ මොනවද වෙනව ඇත්තෙ කියල.එහෙනම් ඒ සේරම ඕගොල්ලන්ටම ඉතුරු කරමින් මම ගිහින් එන්නම්.හමුවෙමු දෙවෙනි කොටසින්…

Spoiler Warning : In the aftermath of their clash with The Beast, Quentin and his friends scramble for a new plan; Julia and The Beast strike a dangerous deal…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (14)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 59

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොමත්ම ස්තූතියි, කවීෂ..!

  • Roshan Unregistered
    Android 5.1 Chrome 51

    Thnx sahooo sabat.ithuru tikath demu…

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, රොෂාන්,ඉතුරු කොටස් ටිකත් පුළුවන් ඉක්මනට දෙන්නම්.

  • kasun Unregistered
    Windows 7 Chrome 59

    thanks bro…

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, කසුන්..!

  • drew Unregistered
    Android 5 UC Browser 11.3

    Ado 4n eken open krnna bri ai bn??

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      Drew,ඔයා Rar ෆයිල් එක හරියට Extract කරගත්තද?මගේ ෆෝන් එකේ (S2) නම් වැඩ ,මල්ලි . මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් http://imgur.com/kn99abf
      http://imgur.com/YoXWRuV

  • hasitha Unregistered
    Windows 7 Firefox 54

    Drew,ඔයා Rar ෆයිල් එක හරියට Extract කරගත්තද?මගේ ෆෝන් එකේ (S2) නම් වැඩ ,මල්ලි . මේ තියෙන්නෙ ස්ක්‍රීන්ෂොට් http://imgur.com/kn99abf
    http://imgur.com/YoXWRuV

    • drew Unregistered
      Windows 7 Firefox 47

      mage eka LG LEON bn.. mmm awlk ne mn khma hari download krn baluwaa… mcn anith eka denne kawadadaa… gud luck broo..

    • hasitha Unregistered
      Windows 7 Firefox 54

      බොහොම ස්තූතියි, Drew. දෙවෙනි කොටස අනිවාර්යයෙන්ම හෙට දෙන්නම්. ඔය කේස් එකට
      Iskoola potha ෆොන්ට් එක ෆෝන් එකට දැම්මම හරියනව කියලත් අහල තියනවා, හැබැයි හරියටම දන්නෙ නෑ.මෙතන තියනවා බලන්න හරියයිද කියල. http://apps-lanka-lk.blogspot.com/2013/09/watch-films-with-sinhala-subtitles-from.html

  • asala Unregistered
    Android 4.4 UC Browser 11.3

    Thanks saho.

  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 5.4

    ඔන්න මමත් දෙවෙනි සීරීස් එක බලන්න පටන් ගන්නයි හදන්නෙ.. ගොඩක් ස්තුතියි සහෝ.. සිංහල උපසිරැසි හින්දයි අපටත් මේ ෆිල්ම් බලන්න පුලුවන් වෙන්නෙ.. ?

  • ishan Unregistered
    Android 8 Chrome 67

    thnq saho😇✌

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search