The Ring (2002) Sinhala Subtitle
Naomi Watts, Martin Henderson, David Dorfman, Brian Cox
ආයුබෝවන් සියලුදෙනාටම.සති 3කට පස්සෙ තමා ආයේ සබ් අරන් එන්න පුළුවන් වුණේ.ඉතින් කනගාටුවෙන් හරි කියන්න ඕන, මේ දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන්න තියෙන නිසා මේ රාජකාරියෙන් පොඩ්ඩක් ඈත් වෙන්න කියලා හිතන් ඉන්නේ.ඉතින් කොහොම කරන්නද?මේ ටිකේ වැස්ස හින්දා ඉස්කෝලේ නිවාඩු දීපු හින්දා පොත පත අල්ලන් ඉන්න කම්මැලි කමට අඩුම පැය දෙකක් විතර මේ වැඩේට මුල් තැන දීලා මේ ෆිල්ම් එකේ සබ් එක හදලා ඉවර කළා.ඉතින් තව වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.
The Ring (2002)
සමහරවිට ගොඩක් අය මේ චිත්‍රපටය බලලා තියෙනවා ඇති වෙන්න පුළුවන්.නොබලපු අය වෙනුවෙන් මේ සබ් එක කළේ.හොල්මන් චිත්‍රපට රසිකයෙක් මේ චිත්‍රපටය බලලා නෑ කියනව ඒ ගැන ටිකක් හරි ලැජ්ජ වෙන්න.මෙච්චර කාලයක් අපි බලපු හොල්මන් කතාවලින් අපිව බය කළේ අමුතුම ෂොක් එකකින් එක්කෝ ලේ රුධිරය පෙන්නලා.ඒත් මේ චිත්‍රපටය ඒ අතින් බලද්දී සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් යොදාගෙන නිර්මාණය කරලා තියෙන්නේ.මේ චිත්‍රපටියෙන් අපිව බය කරන්නේ ස්වභාවික වස්තු පෙන්නලා.ඒ කියන්නේ ජලය වගේ දේවල්.තව කියන්නත් දෙයක් තියෙනවා.The Ring කියන්නේ චිත්‍රපට මාලාවක්.
1.The Ring (2002)
2.Rings (2005)
3.The Ring Two (2005)
4.Rings(2017)
ඉතින් මේ චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය.
කතාව පටන් ගන්නේ කෙටී සහ බෙකා එකට ටීවී එක බල බල ඉන්න සිද්ධියකින්.ඒ වෙලාවේ ගෙදර ඉන්නේ ඒ දෙන්නා විතරයි.ඉතින් ඒ මොහොතෙදි දෙන්නා යම් දෙයක් ගැන කතා කර කර ඉන්නවා.කතා කර කර ඉන්න දේ චිත්‍රපටය බලද්දි දැනගන්න පුළුවන්.ඒක දැන්ම කිව්වොත් චිත්‍රපටය බලලා ගන්න වින්දනයට බාධාවක් වෙන්න පුළුවන්.ඉතින් ඔය අස්සෙදී කෙටීට කෝල් එකක් එනවා අම්මගෙන්.කෙටීයි බෙකායි හුගාක් බයෙන් ෆෝන් එක ආන්සර් කරන්නේ.බෙකා මුලින්ම ෆෝන් එක ආන්සර් කරද්දී ෆෝන් එක කෙටීට දෙනවා අම්මා කතා කරන්නේ කියලා බෙකා උඩ තට්ටුවට යනෝ.පස්සේ කෙටී අම්මා එක්ක කතා කරලා ඉවර වෙද්දිම එකපාරට ටීවී එක ඔන් වෙන්න ගන්නවා.පස්සේ රිමෝට් එකෙන් ඕෆ් කළත් හරියන්නේ නෑ.බැරිම තැන ප්ලග් එකෙන් ඕෆ් කළා.පස්සෙ කෙටී උඩ තට්ටුවට යනෝ බෙකාව බලන්න.උඩ තට්ටුවේ මේ දෙන්නා ඉන්න කාමරය ගාව බිම වතුර වැටිලා තියෙනවා.ඒ වැටෙන්නේ කාමරේ දොරෙන්.(හිතාගන්න අමාරු ඇති, ෆිල්ම් එක බලන්නකෝ)ඉතින් කෙටී කාමරයට ඇතුළ් වෙද්දිම කාමරේ තියෙන ටීවී එක ඔන් වෙලා අමුතු වීඩියෝ එකක් ප්ලේ වෙනෝ.ඉතින් එතනින් පස්සේ කතාව දිවයන්නේ රේචල්,නොවා සහ එයිඩන් කියන චරිත තුන වටා.එයිඩන් කියන්නේ රේචල් ගේ පුතා වගේම කෙටී එයිඩන්ගේ ඥාතියෙක්.ඒවගේම නොවා කියන්නේ රේචල් යාලුවෙ ඉන්න පිරිමි කෙනා.ඉතින් එයිඩන් කෙටී ගැන හිත හිත ඉන්නේ මොකද එදා රෑ අර ටීවී එක එකපාරටම ඔන් වුණායින් පස්සේ හුගක් අමුතු විදියකට කෙටී මරණයට පත් වෙනෝ.ඉතින් ඒ සිද්ධිය ගැන එයිඩන් හුඟාක් කලකිරීමකින් ඉන්නේ.පස්සේ එයිඩන් දන්න හැමදෙයක්ම වගේ රේචල් ට කියනෝ.එයිඩන් ඒවා රේචල්ට කියන්න ඕන කියලා අදහසකින් නෙවේ හිටියේ.රේචල්ට එයිඩන් හැසිරීම ගැන සැක හිතුණ නිසා එයාගෙන් හැමදෙයක්ම කියවගන්නවා.ඉතින් ඔය අස්සේ එක වීඩියෝටේප් එකක් ගැනත් කියනවා.පස්සේ මේ වීඩියෝ ටේප් එක හොයන් රේචල් යද්දී, රේචල්ට මේ ටේප් එක හම්බවෙනවා.පස්සෙ ඒක ප්ලේ කරලා ඉවරවෙද්දී.එක කෝල් එකක් එනවා.ඉතින් මන් මෙතනින් කතාව ගැන කියන එක නවත්තනවා.මන් දන්නවා දැන් ඔයාලට ප්‍රශ්න රැසක්ම තියෙනවා කියලා.චිත්‍රපටය පටන්ගද්දී කෙටීයි බෙකායි මොනා ගැනද කතා කළේ?කෙටී කාමරේට යද්දී ටීවී ගියේ මොනාද?එයිඩන් කිව්ව වීඩියෝ ටේප් එක මොකක්ද?ඒක බලලා ඉවර වෙලා ආපු කෝල් එකෙන් මොකක්ද කිව්වේ?ඒ කෝල් එකෙන් හගවන්නේ මොකක්ද?ඔය සේරම ප්‍රශ්න වලට පිළිතුරු දැනගන්න චිත්‍රපටිය බලලම ඉන්න.
2002 ඔක්තෝබර් 18 ප්‍රථම වරට USA වල තිරගත කිරීම ආරම්භ කළ මේ චිත්‍රපටය Gore Verbinski විසින් අධ්‍යක්ෂණය කොට ඇති අතර Naomi Watts(රේචල්), David Dorfman(එයිඩන්), Martin Henderson(නොවා), Amber Tamblyn(කෙටී) වැනි අය රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.චිත්‍රපටයෙ මනාප දිහා බැලුවොත් IMDb අගය 7.1 වගේම Rotten Tomatoes හි 77% අගයක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.ඒවගේම ගූගල් පරිශීලකයින්ගෙන් 85%ක ප්‍රසාදය දිනාගන්න මේ සිනමාව සමත් වෙලා තියෙනවා.චිත්‍රපටය අයත් වෙන්නේ Mystery, Thriller, Horror යන කාණ්ඩ වලටය.
ලබා දී ඇති උපසිරැසිය Bluray පිටපත් සඳහා ගළපෙනු ඇත.එසේම ලබා දී ඇති වීඩියෝ පිටපත Dual Audio පිටපතක් හෙයින් Audio ව ඉංග්‍රීසි භාෂාවට වෙනස් කරගෙන නරඹන්න.
Sub karana eka nathara keranna epa Ida thiyana welawaka thawath sub ekak denna obata Jaya wewa
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තූතියි මචං සබ් එකට.. මං නම් කියන්නෙ තමෝද් විභාගෙට මුල්තැන දීලා ආයෙ දෙසැම්බර්වලින් පස්සෙම සබ් කරන වැඩේට අතගහන්න කියල මොකද සාමාන්ය පෙළයි උසස් පෙළයි කියන්නෙ ජීවිතේ වෙනස්ම පැත්තකට හරවන්න පුලුවන් විභාග දෙකක්.. දෙසැම්බර් මාසෙ මුහුණ දෙන සාමාන්ය පෙළ විභාගෙ සුපිරියටම පාස් වේවා කියලා ප්රාර්ථනා කරනවා.!
තෙරුවන් සරණයි.!
ජය වේවා.!
Thanks mcn,
විභාගෙත් හොදට කරන අතරෙ මේකත් දිගටම කරන්න,විභාගෙට වැඩි අවදානයක් මේ දවස් වල දෙන්න
තෙරුවන් සරණයි….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Sub එකට Thanks සහෝ
👍👍👍
ගොඩක් ස්තූතියි යාලුවා.. අනිත් 3ත් සබ් දාමු
Me meke 2 nadda ring two