Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Wolf’s Call (2019) Sinhala…

The Wolf’s Call (2019) Sinhala Subtitle

July 12, 2019 Junior Admin

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල යුධ සබ්මැරීන වටා ගෙතුණ පාදක කරගත් ප්‍රංශ චිත්‍රපටයක උපසිරැසි අරගෙනයි. ඒ නිසා මෙහි ස්තූතිය ඔහුට. මේ චිත්‍රපටයෙ ප්‍රංශ නාමය Le chant du loup, ඉංග්‍රිසියෙන්නම් The Wolf’s Call (2019). මුලින්ම කියන්න ඕනෙ මේ Wolf’s call කියන්නෙ මොකද්ද කියල. දළ වශයෙන් පරිවර්තනය කලොත් වෘක උඩුබිරුම කියල තමයි මේකෙ අර්ථය එන්නෙ. නමුත් සබ්මැරීන භටයන් මෙම වචනය පාවිච්චි කරන්නෙ සතුරු මුහුදු සීමාවකදී තම සබ්මැරීනය ඇති ස්ථානය සොයාගත් සතුරු සබ්මැරීනයක් එය ඔවුන්ගේ මිතුරු හමුදා නෞකාවලට සහ සබ්මැරීනවලට දන්වා යවන පණිවිඩය. ඒ වගේම කියන්න ඕනෙ අපි පහුගිය කාලවල ගොඩක් සබ්මැරීන කතා පාදක කරගත් චිත්‍රපට දැක්කා, එයින් ගොඩක්ම ජනප්‍රිය වුණේ මම හිතන්නෙ ගෙරඩ් බට්ලර් රංගනයෙන් දායක වුණ The Hunter Killer (2018) චිත්‍රපටයයි. එය බොහෝදුරට ක්‍රියාදාම මූලික චිත්‍රපටයක් වෙද්දී, මේ චිත්‍රපටයනම් ඊට වඩා කතාවට මුල්තැන දෙන සහ වෙනත් සබ්මැරීන චිත්‍රපටවල නොසලකා හැරෙන සබ්මැරීනයට වැදගත් සේවයක් ඉටුකරන නිලධාරියෙක් වටා නිර්මාණය කල එකක්. ඒ තමයි Sonar Officer එහෙමත් නැත්නම් ධ්වනි අධ්‍යයන නිලධාරී. ඔබ දන්නවනෙ සබ්මැරීනයක ගමන අන්ධකාරයේ ගමන් කිරීමක් වගෙයි. අධි-තාක්ෂණික මාපකයන් රැසක කියවීම් අනුව තමයි එහි ගමන සිද්ධවෙන්නෙ. ඒ වගේ තත්වයකදි ජලය සමග මිශ්‍රව එන ශබ්දන්ගෙන් ස්වභාවික ශබ්ද සහ නිහඬව ඉදිරියට ඇදෙන සතුරු සබ්මැරීන ආදියෙන් එන ශබ්ද වෙන්කොට හඳුනාදීම මගින් ධ්වනි නිලධාරීන් ඉටුකරන්නෙ ඉමහත් සේවයක් තම සබ්මැරීනයේ ආරක්ෂාවට. අන්න ඒ වගේ අතිදක්ෂ ශ්‍රවණ හැකියාවකින් යුත් චැන්ට්‍රේඩ් නම් ධ්වනි නිලධාරියෙක් වටා තමයි මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නෙ. IMDB අගය 7.1ක් සහ ගූගල් පරිශීලකයන් 94%ක ප්‍රසාදයද දිනා ඇති මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය ඇබෙල් ලැන්සැක්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ : ෆ්‍රැන්කොයිස් සිවිල්( චැන්ට්‍රේඩ්), ඔමාර් සයි (ඩොර්සි), මැතියු කැසොවිට්ස් ( අද්මිරාල්), රෙඩා කටෙබ් ( ග්‍රැන්ඩ්චැම්ප්), පෝලා බියර් ( ඩයෑන්) වගේ පිරිසක්.

කොහොමහරි මෙහි උපසිරැසි කරන්න සෑහෙන වෙහෙසක් දරන්න වුණා, නිකුත්වී ඇති නිල උපසිරැසියත් අඩුපාඩුවලින් ගහණ එකක් වීම හේතුවෙන්. ඒ නිසා යම් දෙබස් වෙනස්කම්වලට ලක්කරන්නත්, වටහාගත නොහැකිවූ කීපයක් ඉවත්කරන්නත් සිද්ධවුණා. කෙසේ හෝ නරඹන්නාට අපහසුවක් නොවෙන ආකාරයට හැකි උපරිම අයුරින් උපසිරැසිය සකස් කරන්න උත්සාහයක් ගත්තා. එහි සාර්ථක අසාර්ථක භාවය ඔබට බාරයි. ඒ වගේම යම් යම් නාවික වචනවල අර්ථය වරහන් තුල සඳහන් කරල තියනවා. මෙය ද්වි භාෂා ( ඉංග්‍රීසි/ ප්‍රංශ) පිටපත්වලට නොව ප්‍රංශ භාෂා පිටපත්වලට ගැලපෙන ලෙස සකස් කල උපසිරැසියක් බවත් කරුණාවෙන් සලකන්න. එහෙනම් මම කතාවට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නම් වෙනදා වගේම…

සිරියාවේ මෙහෙයුමක යෙදී සිටින ප්‍රංශ හමුදා භට පිරිසක් එම ස්ථානයෙන් ඉවත්කරගෙන ඒමේ ( Extraction mission) මෙහෙයුමකට ප්‍රංශ නාවික හමුදාවට අනුයුක්ත ‘ටයිටන්’ නම් සබ්මැරීනයක් එම මුහුදු සීමාවේ රහසින් රැඳී සිටිනවා. රහසිගතව එම සෙබළුන් නැවත ප්‍රංශයට රැගෙන යාමයි ඔවුන්ගේ රාජකාරිය. කෙසේ නමුත් එහි ධ්වනි නිලධාරියෙකු වන චැන්ට්‍රේඩ්ට නාඳුනන යාත්‍රාවක හඬක් ඇසීමත්, එම හඬ නිසි ලෙස හඳුනාගැනීමට ඔහු අපොහොසත් වීමත් සමග මෙහෙයුම නොසිතූ පැත්තකට හැරෙන අතර, ඔහුගේ රාජකාරියද නැතිවිමේ අවධානමකට ලක්වෙනවා. එහෙමයි කතාවෙ ආරම්භය… එතැනින් එහාට ඔබට බාරයි. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

සැලකිය යුතුයි : උපසිරැසිය ප්‍රංශ භාෂා BLURAY පිටපත් සඳහා පමණක් ගැලපේ. ද්වි භාෂා( ඉංග්‍රීසි/ ප්‍රංශ) පිටපත් සතු අය එයින් ප්‍රංශ භාෂාව තෝරාගෙන නරඹන්න. ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක් සියල්ල ප්‍රංශ භාෂා පිටපත් වේ.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
9327 වාරයක්
Download Links
720P
DIR
480P
TOR
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 991.6 MB
GET
1080p bluray 1.86 GB
GET
2160p bluray 5.2 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (17)
← Older
  • Namal Ekanayake Unregistered
    Android 4.2 Chrome 66
    2019-07-22

    Thanx bro ..

    Reply
  • Nishantha kumara Unregistered
    Android 9 Samsung Browser 9.2
    2019-07-24

    සබ් එකට තැන්කියු සහෝ

    Reply
  • Saranga Jeewan Unregistered
    Windows 10 Firefox 68
    2019-07-24

    Super film. thanks bro.

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 75
    2019-08-07

    බලපු සබ්මැරීන් මුවි වලන් තවත් හොද එකක්.වෙනස්ම එකක්.ගොඩක් දවස් බලලා තාමත් සයිට් එකේ උඩට පහලට යනකොට දැකල කියන්න හිතුන… මෙකේ තියෙන ශබ්ද නම් හෙඩ්පොන් දෙකක් ගහම්මයි බැලුවේ.. නැත්නම් වැඩකුත් නැ මෙ මුවි එක බලලා.. සව්න්ඩ් තමා ප්‍රදාන තැන අරම් තියෙන්නේ මට හිතුනෙ

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-08-07

      හරියටම හරි. සවුන්ඩ් තමයි මේ ෆිල්ම් එකේ මූලිකම දේ.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved