13 Reasons Why [S01 : E03] Sinhala Subtitle

May 04, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Tape 2, Side A

පොරොන්දු වුණ විදියටම 13 Reasons Why කතාවෙ 3වෙනි කොටසත් අරගෙන ඔන්න මම අද ආවා.මේ කතාවෙ කොටස් නම් කෙරෙන විදිය දැන් ඕගොල්ලො දන්නවනෙ.අද කොටස කැසට් අංක 2 සයිඩ් A.ගිය කොටසෙදි ඕගොල්ලො දැනගත්තනෙ හැනාට ජෙසිකා මුණ ගැහුණ විදිය.ඒ දෙන්නගෙ මිත්‍රකම. ඒ අතරට ආවා ඇලෙක්ස් ස්ටැන්ඩල් කියල පිරිමි ළමයෙකුත්.ඒ පැමිණීමත් එක්කම මේ ජෙසිකා හා හැනා දෙන්නගෙ අඹ යාළුකම නැත්තටම නැතිවෙලා.ඒක වෙන්නෙ මොකද්ද ලැයිස්තුවක් මුල්කරගෙන කියලත් මතකයිනෙ.ඔය අතරෙ ජස්ටින් ෆොලී  ඉස්කෝලෙ මගහරිමින් බ්‍රයිස්ගෙ ගෙදරට වෙලා හැංගිලා ඉන්නව (බ්‍රයිස්නං එහෙම නරක කෙනෙක් පාටක් පේන්න නෑ,නේද?).අඩුම තරමෙ පැසිපන්දු කණ්ඩායම නම් කිරීමේ අවස්ථාවටවත් ජස්ටින් එන්නෙ නෑ.ඒකට කේන්තියෙන් ජෙසිකා ජස්ටින්ව හොයනව.ඔය අතරෙ ජස්ටින්ගෙ යාළුවො ටික වෙනදා නැති හිතවත් කමක් එහෙම පෙන්නනව ක්ලේට.හැබැයි ඒක කරගන්න බෑ ඇයි ටෝනි හැමවෙලේම ක්ලේගෙ පස්සෙන්නෙ.ඔය අස්සෙ හැනාගෙ අම්මට හැනාගෙ පොතක් ඇතුලෙ තිබිල හැනාගෙ නමත් ඇතුළත් ලැයිස්තුවක් හම්බවෙනව.ඒ ගැන දැනගන්න ටෝනිට කතාකරනවා.එතනින් තමයි ගිය කොටස අවසන් වුණේ…

අද කොටසින් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ ටේප්වලට ඇලෙක්ස්ගෙ නම ආව විදිය සහ බ්‍රයිස් කියන කෙනා මොන විදියෙ කෙනෙක්ද කියලත්.ආ තව අපිට තියන ප්‍රශ්ණයක්නෙ මේ ටෝනි ඇත්තටම ටෝනිගෙ නම ටේප්වල තියනවද නැද්ද කියලත් අද කොටසින් දැනගන්නපුළුවන්.ඊලඟ කොටස ඔයාලට ගේන්නෙ අපේ කවීෂ සහෝදරය කියලත් මතක් කරන ගමන් එහෙනම් මම ගිහින් එන්නම්.

ඒ වගේම කියන්න ඕනෙ මේ කතාමාලාව තවමත් බලපු නැති කෙනෙක් ඉන්නවනම් බලන්න කියලත් ආරාධනා කරනව (කවීෂ සහෝදරය නැත්තං ඉතිං මමත් මේ වගේ වටින කතාවක් මගහැරගන්නවා) මොකද මේක බොහොම හොඳ අර්ථයක් තියන වටිනා කතාවක්…

ගීත දෙකක් ගැන සඳහන් මේ ඒ දෙක

Take Five – ධෛර්යය වැඩිකරන වාදනයක් කියලයි කියන්නේ.තැතිගත කරල තියෙන්නෙ 1959 වසරෙදි.අහන අයට මෙන්න ලින්ක් එක.

Gloomy Sunday – නිර්මාණය හංගේරියානු පියානෝ වාදන ශිල්පියෙක් වන රෙසෝ සෙරෙස් (Rezzo Serress) විසින් ඒ 1939 වසරේදී.මේකට කියන්නෙ හංගේරියානු දිවිනසාගැනීමේ ගීතය කියල.BBC සේවය මේක තහනම් කරල තිබුණලු වසර 66ක් තිස්සෙම.තහනම අයින් කරල තියෙන්නෙ 2002 වසරෙදි.කැමති අය අහල බලන්න අමුතුම හැඟීමක් දැනෙනවා.ගීතයත් එක්කම මේකට මේ නම ලැබුණ විස්තරෙත් තියනවා.මෙන්න ලින්ක් එක.

Spoiler Warning : Jealousy and gossip cause Hannah’s relationships to begin to fray; Alex struggles with regret; the guys pressure Clay into getting drunk…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (32)
  • Sithara Unregistered
    Android 5.1 Facebook App 39

    ගොඩක් ස්තූතියි සබ් එකට. ඉක්මනින් ඉදිරි epi වලටත් sub දෙන්න try කරන්නකෝ.

  • lahiru Unregistered
    Windows 8.1 UC Browser 6.1

    elama bn thnkssssssssss mchooo

  • Malith Rubasinghe User
    Android 6 Chrome 58

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!!

  • අසිත Unregistered
    Windows 8.1 Chrome 58

    elama saho thanks

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 55

    thanks for sub!

  • wathsala wickramasinghe Unregistered
    Android 5.1 Samsung Browser 3.3

    thank u so much bro!!!

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 61

    thanks mcn

  • Anusara User
    Windows XP Chrome 49

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ….!!! 👌👌

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search