Trending

Alpha (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි මේ එන්නෙ. චිත්‍රපටය තමයි Alpha (2018). Albert Hughes සහ Daniele Sebastian Wiedenhauptගේ රචනයෙන් Albert Hughesගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මේ  චිත්‍රපටයෙ පොඩි විශේෂයක් තියනවා. ඒ තමයි දෙබස් ඉතාම සීමිත වීම. උපසිරැසි ලයින්ස් 200කට මදක් වැඩි ගණනක් තමයි තිබුණෙ. ඒ නිසාම ඔන්න බාර අරගෙන දවසක් වගේ ඇතුලත අවසන් කරල දෙන්න පුළුවන් වුණා. කොහොමහරි මේකට රංගනයෙන් දායක වෙන්නෙ Kodi Smit-McPhee (කේඩා), Jóhannes Haukur Jóhannesson, Marcin Kowalczyk, Jens Hultén, Natassia Malthe, Spencer Bogaert, Mercedes de la Zerda,Leonor Varela වගේ නළු නිළි පිරිසක්. ඒ වගේමයි මෝගන් ෆ්‍රීමන් රංගධරයාත් මෙහි කුඩා වාක්‍ය කණ්ඩ කීපයකට කථනයෙන් දායක වෙනවා. තව විශේෂයෙන් කියන්න දේවල් ටිකකුත් තියනවා. ඒ ටික මම පහලින් වෙනම දාන්නම් කියවන්න පහසු වෙන්න. දැන් අපි මේ චිත්‍රපටයෙ කතාව පැත්තට.

සුරතල් සතුන් අතරින් මිනිසාට වඩාත්ම හිතවත් සත්වයා කවුද කියල ඇහුවොත්, බොහෝදුරට හැමකෙනෙක්ගෙම වගේ පිළිතුර වෙන්නෙ සුනඛයා කියන එක. ඒ වගේම ඒ හිතවත්කමත් බොහොම ඈත අතීතයට දිවෙන්නක්. අපි හැමෝම දන්නවා සුනඛයන් යනු වෘකයන්ගෙන් බිඳී ආ සත්වයෙක් බව. ඉතින් මේ චිත්‍රපටය පුරාවට තියෙන්නෙත් සුනඛයා මිනිසාගේ හිතවතා බවට පත්වීමේ මූලාරම්භය. කතාව ගොඩනැගෙන්නෙ මීට වසර 20,000කට පෙර අවසන් හිම යුගයෙන්. මේ යුගයේ සිටි ගෝත්‍රයක ප්‍රධානියාගේ පුත්‍රයා තමයි මේ චිත්‍රපටයෙ කථානායකයා ඔහු නමින් කේඩා. තරුණ වියට පැමිණෙන කේඩාව තම ගෝත්‍රයේ  නායකත්වයට සුදුස්සෙක් කිරීම තමයි ඔහුගේ පියාගේ එකම අභිප්‍රාය. නමුත් කේඩා කියන්නෙ දඩයමට ටිකක් මැළිකමක් දක්වන, දඩයම් යුගයේ ගෝත්‍රයක නායකත්වයට සුදුසුකම් මදි තරුණයෙක්. කොහොමින්හරි දවසක් මේ පියා ඔහුව රැගෙන යනවා තම ගෝත්‍රයේ දඩයම්කරුවන් සමග බයිසන් ගවයන් දඩයමට. නමුත් වෙන්නෙ කේඩාවත් ඔහුගේ පියාවත් බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි. එතනින් තමයි කතාවෙ ආරම්භය..එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම නවතින්නම්. අපි හමුවෙමු ලඟදිම තවත්චිත්‍රපටයක උපසිරැසියක් සමගින්.

විශේෂ :-

  • මේ චිත්‍රපටයේ භාවිතා වන භාෂාව බ්‍රිටිෂ් කොලොම්බියා සරසවියේ භාෂාවේදිනියක් වන Christine Schreyer විසින්මේ චිත්‍රපටය උදෙසාම තැනූ භාෂාවක්. මේ චිත්‍රපටයේ දැක්වෙන කාලසමයේ තිබූ භාෂාවන් පිළිබද තොරතුරු අනුව යමින් තමයි ඇය මේ භාෂාව සකස් කරල තියෙන්නෙ.
  • මේ භාෂාවෙන් පියාව හැඳින්වෙන්නෙ “Ayah” විදියට. ඉන්දුනීසියානු භාෂාවෙනුත් පියාව හැඳින්වෙන්නේ ඒ නමින්.
  • චිත්‍රපටයේ එන සුනඛ වර්ගය හැඳින්වෙන්නේ චෙකොස්ලෝවැකියන් වුල්ෆ්ඩෝග් නමින්.
  • සාමාන්‍යයෙන් ඇල්ෆා සත්වයෙක් ලෙස හැඳින්වෙන්නෙ සත්ව රැළක අන් සතුන්ට වඩා හැඩිදැඩි, රැළ තුල වැදගත් ස්ථානයක් දරන නායක සත්වයෙක්. මේ ඇල්ෆා සත්වයන් කියන වචනය භාවිතයට එන්නෙ 1947 වසරෙදි කියලයි කියවෙන්නෙ. ඒ වෘකයන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීමෙදිලු. ඔබ අසා ඇති වෘකයන් කියන්නෙ බොහොම දියුණු චර්යා රටාවක් තියන සතුන් කොට්ටාසයක්. රංචුව දඩයමේ යනවිට කුඩා පැටවුන්ගේ ආරක්ෂාවට එක් සතෙක් නවත්වා යන්න තරම් බුද්ධිමත් කියලයි කියවෙන්නෙ. වැඩිදුර විස්තර අවශ්‍යනම් මෙන්න මේ Medicine of the Wolf (2015) නම් වාර්තා වැඩසටහන බලන්න. ඇත්තටම කිව්වොත් බලන්නම වටින එකක් මේක. 
  • සත්වයන්ගේ දර්ශන සහිත බොහෝ චිත්‍රපටවල ඔබ දැක ඇති “මෙම චිත්‍රපටය නිර්මාණයේදී කිසිදු සත්වයෙකුට හිංසාවක් ලක්කර නැත” කියල සඳහන් වෙනව ක්‍රෙඩිට්ස්වලදි එහෙම. හැබැයි මේ චිත්‍රපටයට එය එක්කර නෑ. ඊට හේතුව චිත්‍රපටයේ දර්ශන කීපයකට බයිසන් ගවයන් පස් දෙනෙකු ඝාතනයට ලක් කර තිබීම බවයි කියවෙන්නෙ. PETA සංවිධානය මේ ගැන ඔවුන්ට චෝදනා කර තිබෙනවා. නමුත් නිර්මාණකරුවන් පවසා ඇත්තේ තමන් ගෙන ආවේ ගොවිපොළක ඝාතනය කර තිබූ ගවයන් බවයි. එම ගොවිපොළේ හිමිකරුවන ජෝන් ස්කොට් නැමැත්තා පවසා ඇත්තේ ගවයන් ඝාතනය කලේ චිත්‍රපටයේ භාවිතය සඳහා බව තමන් පිළිගන්නා නමුත්, තමන්ගේ ගවයන් තමන් සතුටු අයෙකුට විකිණීමට තමන්ට අයිතිය ඇති බවයි.
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 840.52 MB x264
▲14 · ▼7
Magnet GET
1080p bluray 1.56 GB x264
720p web 832.06 MB x264
1080p web 1.55 GB x264
▲4 · ▼0
Magnet GET
Discussion (17)
  • sadagith Unregistered
    Windows 8.1 Chrome 72

    saho download karan nethiwa oyalage web ekema online balanna berida

  • Tharaka senevirathne Unregistered
    Android 7 Chrome 73

    Thanks brothers…

  • Anuradha Unregistered
    Android 8.1 Chrome 73

    එලම සුද්දා,
    ගොඩක් ස්තූතියි සහෝ sub එකට..
    දිගටම කරගෙන යන්න..
    සුබ පැතුම්..

  • sumedha Unregistered
    Windows 8.1 Firefox 68

    jayen jaya

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search