Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. මේ තමයි Dora and the Lost City of Gold (2019) චිත්‍රපටය. නිකොලෝඩියන් ( Nickelodeon) හි අනුබද්ධ Nick .jr නාලිකාවේ විකාශය වූ ඩෝරා නම් ලමා ගවේෂිකාවකගේ කතාවක් සහිත මෙනමින්ම යුත් ජනප්‍රිය කාටූන් මාලාවක් ඇසුරින් නිර්මාණය වන මේ චිත්‍රපටය ජේම්ස් බොබින්ගෙන්. මෙය මේ වනවිට IMDB වෙතින් 6.0ක අගයක් ලබා තිබෙන අතර Rotten Tomatoes වෙතින් 83%ක අගයක් ලබා තිබෙනවා. හැබැයි මේතරම් අගයක් ලබන්න මේ චිත්‍රපටය වටිනවද කියල පොඩි ප්‍රශ්ණයක් තියනව මටනං. ඒ වගේම ඔබ මෙය තම දරුවන්ට නරඹන්නට දෙන්නට සිතන දෙමාපියෙක් නම් , මුලින් ඔබ මෙය නරඹල තීරණයක් ගන්න කියලත් කියන්න කැමතියි, මෙහි තිබෙන සමහර අනවශ්‍ය හාස්‍ය රසයන් නිසා. කාටූන ලෝකයේදී අහිංසක චරිතයක් වන ඩෝරා චරිතය චිත්‍රපට නිර්මාණකරුවන් විසින් අනවශ්‍ය විහිළුවක් කර තිබෙන බවයි මගේ පෞද්ගලික හැඟීම.
කෙසේ හෝ කාටූනයෙන් චිත්‍රපටයට නැගෙන විට මෙහි ඇතිවන ප්‍රධාන වෙනසනම් කාටූනයේ සිටින අවුරුදු 7-10ක දැරියට මෙහිදී පණ පොවන්නේ 18 වියැති ( පේරු ජාතික/ වර්තමාන ඇමරිකානු ජාතික) ඉසෙබලා මෝනර් ( ඇය පසුගිය දිනෙක තම වාසගම මර්සඩ් ලෙස වෙනස් කරගත්තා තම අත්තම්මාට ගෞරවයක් ලෙස) වීම. ඇය මින්පෙර Dora and Friends: Into the City! (2014) සජීවීකරණ චිත්‍රපටයේ ඩෝරාගේ මිතුරිය කේට්ට හඬ දායකත්වය දැක්වූවා.ඊට අමතරව රංගනයෙන් දායක වන්නේ මැඩලින් මිරැන්ඩා ( 6 වියැති ඩෝරා), මලාචි බාටන් ( 6 වියැති ඩියේගෝ), මයිකල් පෙන්යා ( කෝල්), ඒවා ලොන්ගෝරියා ( එලේනා), ජෙෆ් වොල්බර්ග් ( තරුණ ඩියේගෝ), බෙනීසියෝ ඩෙල් ටෝරෝ ( ස්වයිපර් / හඬ), නිකලස් කූම්බ් ( රැන්ඩි), මාඩලින් මැඩන් ( සැමී), ඉයුජිනියෝ ඩර්බස් ( ඇලහැන්ඩ්‍රෝ) වැනි පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට….
ඩෝරා කියන්නෙ සය අවුරුදු ගැහැණු දරුවෙක්. විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වන ඇයගේ පියා සහ මව වාසය කරන්නේ අතීතයේ මහා ඉන්කා ශිෂ්ටාචාරයේ නිවහන වූ පේරු දේශයේ මහා වන මැද. වැඩි යාළු මිත්‍ර ඇසුරක් නොමැතිව තනිවම පරිසරය ඇසුරේ හැදී වැඩෙන ඇයට සිටින්නේ එකම එක මිත්‍රයෙක් පමණයි. ඒ ඥාතීත්වයෙන් තම මස්සිනා වන තම සම වයසේම සිටින ඩියේගෝ. කෙසේ හෝ ඇයට ඔහුගේ ඇසුරත් අහිමිවෙනවා ඩියේගෝ තම දෙමාපියන් සමග නගරයේ පදිංචියට යාම නිසා. ඉන්පසුව පරිසරය තම එකම මිතුරා කරගන්නා ඇයට වසර 10කට පසුව නැවතත් අවස්ථාවක් උදාවෙනවා තම ලමාකල මිතුරා දැකගන්නට… ඒ ගවේෂකයන් වන තම මව සහ පියා පුරාණ ඉන්කා ශිෂ්ටාචාර සමයේ පැවති, අදවනවිට කාලයේ සැඟවගොස් තිබෙන පරප්පාතා නම් රන්පුරයක් සොයා යාමට පිටත්වන නිසා. ගමන අවධානම් නිසා තම දියණිය ගමන ගෙන නොගියත්.. යම් සිදුවීමක් නිසා ඇයටත් සිදුවෙනවා එම ගවේෂණයේ කොටස්කාරියක් වන්නට… එහෙනම් ඒ ඇති මම හිතන්නෙ. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
විශේෂ :-
ලිපියේ සඳහන් කර තිබෙනවා ඔබ දකින්නට ඇති ඉසබෙලා මෝනර් තම වාසගම මර්සඩ් ලෙස වෙනස් කරගන්නට හේතුව ඇයගේ අත්තම්මාට ගෞරවයක් ලෙස බව. පේරු දේශයේ උපන් ඉසබෙලාගේ මව ඇමරිකාවට පිටත්කරන්නට මූලික වී තිබෙන්නේ ඇයලු. ඒ නිසා ලෝකයේ බොහෝ දෙනෙකුට නැති, තමන් අද අත්විඳින සියලු අවස්ථාවන් තමන්ට ලැබී තිබෙන්නේ ඇමරිකානු සහිනය දකින්නට තමන්ටත් තම මවටත් අවස්ථාව ලබා දුන් තමන්ගේ මිත්තණියගේ එම පරිත්‍යාගය නිසා බවත් , ඇය නොවන්නට තමන් ” අද මෙතැන නැති” බවත් තමයි ඉසබෙලා පවසා තිබුණේ.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
හසිත සහෝ හොද මුවී එකක් දැක්ක ඔයට කියන්න කියල හිතුන ඔයගෙ ටයිප් හින්ද බලලා හොද නම් සබ් දෙන්නකො ..The Peanut Butter Falcon (2019) BluRay 480p, 720p, & 1080p
Imdb රෙටින් 7.9 ක් තියෙනවා
ඔව්, ඕක මම බැලුවා පෙරේදා, කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක්.
මේකෙ සබ් අපේ සයිට් එකේ තියනව, මිතුන්. මම මේ ලඟදි දැක්කා.
බොහොම ස්තූතියි සහෝ
සබ්ටයිටල් හොදයි.පොඩි අවුලකට තියෙන්නෙ සමහර සබ් වැඩ කරන්නෙ ෆිල්ම් එකෙන් භාගයක් ගියාම.වෙන අවුලක් නෑ.කරන සේවයට ස්තූතී
බාගයක් ගියාම වැඩකරනව කිව්වෙ? මම ජීවිතේටම මේ ඇහුවමයි එහෙම ප්‍රශ්ණයක් ( උඩ කමෙන්ට් කරල තියන කාටවත් එහෙම ප්‍රශ්ණයක් වෙලා නෑ- ඩවුන්ලෝඩුත් 2500කට ආසන්න ගාණක් තියනව). මොකෙන්ද ඔයා ෆිල්ම් බලන්නෙ? ෆෝන් එකෙන්ද? කම්පියුටර් එකෙන්ද? මම ෆෝන් එකෙන්නං බලන්නෙම නෑ ෆිල්ම්. කම්පියුටර් එකේ තමයි. පාවිච්චි කරන්නෙ Pot Player, MPV Player,Media player classic (123) තුන තමයි. කවදාවත් ප්‍රශ්ණයක් ඇවිත් නෑ. ඇන්ඩ්‍රොයිඩ්නං MX Player තමයි මම දන්න විදියට හොඳම. සබ් ටයිටල් එකට චෝදනා කරන්න කලින් තමන්ගෙ පැත්තෙන් මුකුත් ප්‍රශ්ණයක් තියද කියල බලල ඉන්න එකයි හොඳම. බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
කවුරු මොන Site එකේ මොන විදිහට Film එකට සබ් කරත්. HASITHA සහෝ ඒ Film එකට සබ් එක කරලා තියනවා නම් ඒක තමයි ඉතින් Download කරලා තියෙන්නේ. 🙏
sub ekta thanx.:star_struck: