Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle

/

The Maze Runner (2014) චිත්‍රපටය මතකද ඔබට? කොහොම අමතක වෙන්නද වංකගිරි ගැන අහල තිබුණ අපට වංකගිරියෙ බරපතලකම පෙන්නපු මේ චිත්‍රපටය 2014 වසරේ අපි බලපු හොඳම චිත්‍රපට අතරින් එකක්. James Dashner ගේ අතිශය ජනප්‍රිය වුණ නවකථා පෙලක් ඇසුරින් Wes Ball ගේ අධ්‍යක්ෂණයෙන් සහ Dylan O’Brien ( තෝමස්) , Aml Ameen ( ඇල්බි) , Ki Hong Lee ( මින්හෝ), Blake Cooper (චක්), Thomas Brodie-Sangster ( නිව්ට් ), Will Poulter ( ගැලී), Dexter Darden (ෆ්‍රයි පෑන්), Kaya Scodelario (තෙරේසා) ඇතුළු නළු නිළි රැසකගේ රංගනෙන් හැඩවී අප අතරට ආ Imdb වෙතින්  6.8ක අගයක් ලබා සම්මාන 4ක්ද ලබාගත් The Maze Runner චිත්‍රපටයට 2015 වසරේදී තවත් සහෝදරයෙක් එකතුවෙනවා ඒ තමයි Maze Runner: The Scorch Trials (2015) සුපුරුදු පරිදි මෙහිත් අධ්‍යක්ෂණ කාර්යය Wes Ballගෙන්මයි. එයත් Imdb වෙතින් 6.3ක අගයක් ලබා සම්මාන දෙකක්ද තමන් සතු කරගන්නට සමත්වුනා. ඉන් පසුව වසර 3ක නිහැඬියාවකින් පසු මේ වසරේ නැවතත් කරළියට එන වංකගිරි තරණය මෙවර නාම ගැන්වෙන්නේ  Maze Runner: The Death Cure (2018) නමිනුයි. මෙය මේ වනවිට 6.7ක Imdb අගයක්ද , Rotten Tomatos වෙතින් 42%ක අගයක්ද ලබාගන්නට සමත්වී තිබෙනවා. අද මම ඔයාලට උපසිරැසි අරගෙන එන්නේ මෙන්න මේ Maze Runner : The Death Cure චිත්‍රපටයටයි. මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනෙ අපේ ඇඩ්මින් මණ්ඩලයේ සමීර සහෝදරයට. ඔහු තමයි මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මට බාරදෙන්නෙ . චිත්‍රපටය ගැන කතාකලොත් මෙවරත් අධ්‍යක්ෂණය Wes Ball ගෙන්ම තමයි. රංගන තරුත් අර පෙරකී පිරිසමයි. විශේෂයෙන් කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටය වසර දෙකක් පමණ පමාවෙන්න ලොකුම හේතුව වෙන්නෙ තෝමස්ගේ චරිතයට පණපොවන ඩිලන් ඕ’බ්‍රයන් චිත්‍රපටයේ ආරම්භක දුම්රිය දර්ශනය රූගත කිරීම අතරතුර සිදුවූ අනතුරකින් දරුණු තුවාල ලැබීම. මේ සිද්ධිය වෙන්නෙ 2016 වසරේ මාර්තු මසදී. මෙයින් අස්ථි බිඳුම් කීපයක් ඇතුළුව තවත් තුවාල ලබපු ඩිලන් ඕ’බ්‍රයන්ට සම්පූර්ණ සුවය ලැබෙන තුරු චිත්‍රපටයේ රූගත කිරීම් ඇණ හිටිනවා. හොඳම කාරණය මේ දුම්රිය දර්ශනය මෙහි නවකථාවේ නැති චිත්‍රපටයට පිටින් එක්කල එකක්. ඊට අමතරව රචක ජේම්ස් ඩෑෂ්නරුත් චිත්‍රපටයේ කුඩා කොටසකට රංගනයෙන් එකතු වෙනවා ඔයගොල්ලන්ට දැකගන්න පුළුවන්. හරි දැන් අපි Maze Runner ඉතිහාසය පැත්තට.. 

පළමු චිත්‍රපටය වන The Maze Runner ඔයගොල්ලන්ට මතකනම්, ග්ලේඩ් නම් කුඩා බිම් කොටස වටවුණ දැවැන්ත තාප්පයට එපිටින් තමයි වංකගිරිය තිබුණෙ. ග්ලෙඩ් කොටසේ සිටි ලමුන් කවුරුත් නොදැන හිටියට මේ වංකගිරි පරීක්ෂණය කලේ විකඩ් (W.C.K.D) නම් සමාගමක්. සියල්ල වෙනස් වෙන්නෙ තෝමස් මේ වංකගිරි පරීක්ෂණයට යොමු කල දවසෙ ඉඳනුයි. ඔහු නිව්ට්, ෆ්‍රයිපෑන්, මින්හෝ, තෙරේසා ( ග්ලේඩ් වෙත ආ එකම සහ ප්‍රථම ගැහැණු ලමයා) ඇතුළු තමන්ගේ යාළුවනුත් එකතු කරගෙන ඇල්බි,  සාට් වගේ තම මිත්‍රයන් රැසක්ම මරාදැමූ ග්‍රීවරයන් පරදවා වංකගිරිය තරණය කර පැනගන්නට සමත්වුණා, හැබැයි ඒ තෝමස් එද්දි ලමුන් කණ්ඩායමේ නායකයාව සිටි ගැලීගේ අඩන්තේට්ටම් මැද්දෙ. විශාල උත්සාහයක් දරා ලබාගත් මේ වංකගිරි තරණ ජයග්‍රහණයේ සතුට තිබුණෙ ටික වෙලාවයි. ඒ තමන් මෙතෙක් කල් සිටියේ මනුෂ්‍ය වර්ගයාට හානිකර ෆ්ලෙයා වයිරසය නම් වයිරසයකට ප්‍රතිකාරයක් සෙවීමේ පරීක්ෂණයක බව දැන ගැනීමෙන්. ඒක දැනගන්නෙ ඊවා පේජ්ගේ පැහැදිලි කිරීමේ වීඩියෝවෙන්. හමුදා කණ්ඩායම පැමිණීමත් එක්ක ඊවා වෙඩිතබාගෙන මියයනවත් අපි දකිනවා. ඒ අතරෙ දඩබ්බර ගැලී හදිසියේ මේ පිරිස අතරට එනවා, තුවක්කුවක්ද රැගෙන. ඒ ග්‍රීවරයෙකුගේ දෂ්ට කිරීමකට ලක්ව අසිහියෙන් මෙන්. තුවක්කුව පෙන්වා තර්ජණය කරමින් ඔහු කට්ටියට පවසන්නේ ඔවුන් වංකගිරිය තුලම සිටිය යුතු බවයි. මේ මොහොතේ මින්හෝගේ හෙලි පහරකට ලක්ව ගැලී මිය යනවා, නමුත් ගැලීගේ වෙඩි පහරකින් ලමුන් කණ්ඩායමේ බාලයා චක් මියයනවා. අන්තිමේ මේ ලමයි පිරිස අර හමුදා කණ්ඩායම විසින් ගෙනවිත් දමනවා කාන්තාරයක් වැනි ප්‍රදේශයකට . අපි අවසානයට දකින්නේ පරීක්ෂණයේ පලමු අදියර සාර්ථක බවත් දැන් දෙවන අදියර ආරම්භ වන බවත්. ඒ කියන්නෙ ඔවුන් ඇත්තටම බේරිලා නෑ.

ඊලඟට එන්නෙ දෙවන චිත්‍රපටය වන Scoch Trials (2015) මේකෙදි තමයි අපේ කට්ටියට ජැන්සන්ව හම්බවෙන්නෙ. කට්ටිය කිව්වට මෙතනට එද්දි ඉතුරු තෝමස්, තෙරේසා, නිව්ට්, ෆ්‍රයිපෑන්,මින්හෝ සහ වින්ස්ටන් විතරයි. ජැන්සන් තමයි මේ කට්ටිය දැන් ඉන්න ස්ථානයේ භාරකරු. ජැන්සන් කියන්නෙ මේ ස්ථානය ඔවුන්ව විකඩ් සමාගමෙන් , ෆ්ලෙයා වයිරසයෙන් සහ එය වැළඳුණ (Cranks) සිහිවිකල්ලන්ගෙන් ආරක්ෂා කර තියාගන්න ගොඩනගපු එකක් බව. මෙතන තවත් වංකගිරි පරීක්ෂණවල හිටි ලමයි ඉන්නවා. කොහොමහරි මේ ස්ථානය ගැන සැක හිතෙන තෝමස් ඇරිස්ගේ උදවු ඇතුව දැනගන්නවා ඊවා මියගොස් නැති බවත්, ජැන්සන් ඇත්තටම වැඩකරන්නෙ විකඩ් සමාගමට බවත් තමන් සතුව මේ ෆ්ලෙයා වයිරසයට ප්‍රතිශක්තියක් ඇති බවත්. ඔය අතරෙ ජැන්සන්ට තියනව ලොකු බාධාවක් ඒ තමයි විකඩ් සමාගමට එරෙහි රයිට්ආම් සංවිධානය. කොහොමහරි අපේ කණ්ඩායම මෙතනින් පැනගන්න සමත්වෙනවා, ඒ ඇරිසුත් සමග. ජැන්සන් තම හමුදා යවනවා ඔවුන්ව සොයන්න. කණ්ඩායම අවසානයේ පැමිණෙනවා අත්හැර දැමූ ස්ක්‍රොච් නම් ප්‍රදේශයකට. මතකනෙ මේ වයිරසයට ගොදුරු වෙන අය අවසානයේ පිල්ලි (Zombies) බවට පත්වෙනවා. වයිරසයට ගොදුරුවෙන අසරණ වින්ස්ටන් වෙඩි තබාගෙන මියයනවා. ඉතුරු කට්ටිය පැමිණෙනවා පිල්ලි පිරුණ ගොඩනැගිල්ලකට. මෙහෙදි තමයි මේ අයට බ්‍රෙන්ඩා සහ ජෝජ් (Jorge) හම්බවෙන්නෙ. ඔවුන් දෙන්න මේ අයව රයිට් ආම් වෙත ගෙනයනවා. මෙතනදි බ්‍රෙන්ඩා පිල්ලියකගෙ පහරකෑමකටත් ලක්වෙනවා. කොහොමහරි සේරම අවසානයේ රයිට් ආම් වෙත එනවා, මෙතනදි තමයි වින්ස්ව හම්බවෙන්නෙ කට්ටියට, ඔහු තමයි රයිට් ආම් සංවිධානයේ ප්‍රධානියා. පිල්ලියකගෙන් පහරකෑම හේතුවෙන් බ්‍රෙන්ඩාට රෝගය ආසාදනය වෙලා, ඒ නිසා වින්ස්ගෙ අදහස ඇයට වෙඩි තියල දාන්න. ඒ වුණත් හිටපු විකඩ් විද්‍යාඥවරියක් වන මේරි කූපර් එය වලක්වල බ්‍රෙන්ඩාගේ ආසාදනය යටපත් කරනවා එන්සයිමයක ආධාරයෙන්, ඇය කියන්නෙ ඒ එන්සයිමය ලබාගතහැක්කේ රෝගයට ඔරොත්තු දෙන අයෙකුගේ ශරීරයෙන් පමණක් බව. එදාම තෙරේසා රහසෙන් විකඩ් සමාගමට තමන් සිටින ස්ථානය දන්වනවා, ඒ සමාගමේ අරමුණ යහපත් එකක්යැයි ඇති විශ්වාසයට. ජැන්සන්ගේ නායකත්වයෙන් විකඩ් සමාගම රයිට් ආම් කඳවුරට පහරදෙනවා, මෙහිදී ජැන්සන් අතින් මේරි මියයනවා. මේ අතරෙ තෝමස් සහ රයිට්ආම් සංවිධානය කෙසේ හෝ ජැන්සන් ඇතුළු භටයන්ව පලවා හරිනවා, කොහොමහරි ඔවුන් පසුබහින්නෙ මින්හෝ, ඇරිස් සහ සොන්යා ඇතුළු පිරිසක් පැහැරගෙන, ඒ විතරක් නෙමෙයි ඔවුන් තමන්ට ඔත්තුව දුන් තෙරේසාවත් රැගෙන යනවා ඔවුන් සමග. තෝමස් තම මිතුරන්ව බේරාගන්න සැලසුම් කරනවා, රයිට් ආම් සංවිධානය ඔහුට උදවු කරන්න එකඟ වෙනවා. ඔන්න ඔහොමයි දෙවන චිත්‍රපටය අවසන් වුණේ… එතැන් සිට කතාව තමයි The Maze Runner : Death Cure (2018) චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ… ඊට වඩා විස්තර මම කියන්න යන්නෙ නෑ , මෙච්චර ලොකු ලිපියක් ලිව්වෙ පෙර චිත්‍රපට දෙක බලපු අයට වුණත් මේ වෙනකොට සමහර තැන් අමතක වෙලා තියෙන්න ඉඩ තියන නිසා. මටත් එහෙමයි ගොඩක් තැන් මතක නෑ, මේ ලිපිය තනිකරම විකිපීඩියා එකේ තොරතුරු ඉතාම කෙටි කරල ලියපු එකක්. වැරදි ඇත්නම් කමෙන්ට් එකකින් නිවැරදි කරන්න. එහෙනම් චිත්‍රපටයෙ උපසිරැසි මට බාරදුන්න සමීර සහෝදරයවත් නැවත වතාවක් මතක් කරමින් මම ගිහින් එන්නම්..හමුවෙමු තවත් උපසිරැසියකින්.

පිටපත :-
HC-HDrip එකක්. හාඩ්කෝඩඩ් කොරියන් උපසිරැසියක් තියනව පිටපතේ. ඒක බාධාවක් නොවෙන්න මම සාමාන්‍ය , වර්ණ ගැන්වූ සහ පසුබිමක් යෙදූ වශයෙන් උපසිරැසි 3ක් ගොණුවට ඇතුලත් කරල තියනවා. එයින් කැමති එකක් තෝරගෙන බලන්න .වැඩි විස්තර සඳහා උපසිරැසි ගොණුවෙ ඇති IMPORTANT නම් ටෙක්ස්ට් ෆයිල් එක බලන්න.

 

 

6.8
IMDB

Year : 2018

Actors : Dylan O'Brien, Ki Hong Lee, Kaya Scodelario, Thomas Brodie-Sangster

Young hero Thomas embarks on a mission to find a cure for a deadly disease known as the

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 21943
  • File Size : 75.991KB
  • Sub Update :2020-10-09
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 65

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට! ලිපියත් එල. ජය වේවා!

    2018-04-03 at 12:42 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 52

      බොහොම ස්තූතියි, සමීර 🙂 ඒක නෙමෙයි, බොහොම කාලෙකින් දැක්කෙ.

      2018-04-05 at 12:38 am
    • සමීර ඉඳුනිල් New Subtitler
      Windows 10Chrome 65

      රාජකාරි බහුලයිනේ අපිට 👔 එක එක වැඩ එක්ක පොඩ්ඩක් BC උනා සහෝ 😉

      2018-04-14 at 7:23 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 65

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..දෙනකම්ම තමා හිටියෙ..හොඳ කොපියක් ආපු සැනින් අප්ඩේට් කරමු..මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ..🙂🙂

    2018-04-03 at 4:12 am
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 52

      හොඳ කොපියක් ආවම අප්ඩේට් කරන්නම්, සුමින්ද 🙂 බොහොම ස්තූතියි, ප්‍රතිචාරයට.

      2018-04-05 at 12:39 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 59

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-04-03 at 6:31 am
  • Sangeeth srimal Unregister User
    Android 7.1UC Browser 12.2

    Thanks aaaa

    2018-04-03 at 8:43 am
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    ස්තුති සහො සබ් එකට.subzlk එකේ home page එකෙ තියන sub වලින් 3/2ක්ම ඔයාගේ එව👍👍👍👍👍👍👍ගොඩක් මහන්සි වෙනවනෙ තැන්ක්ස්

    2018-04-03 at 9:11 am
  • Silent$ Unregister User
    Windows 7Chrome 65

    Thnxxxxxxxxxxxxxxxx

    2018-04-03 at 9:13 am
  • Vas Unregister User
    Windows 7Firefox 59

    Thanks bro

    2018-04-03 at 10:52 am
  • Mithun Unregister User
    Android 7Chrome 64

    මෙකේ පලවෙනි මුවි දෙක මැතක අපහු බැලුව. සුපිරි චිත්‍රපට තම, මෙක නම් තව බැලුවෙ නැ . Webrip ,Br එකක් එනකල් ඉදලම ගන්නව. සබ් එක ගැහුවට ස්තුතියි සහෝ.. ඔය ලිව්ව එව අනිවාර්යයෙන් ගන්නව.ගුනාත්මක උපසිරැසි …. 👌 ( හැමොම බලම් උන්න සුපිරි ෆිල්ම් එකක් ඔන්න ඇවිල්ල තිරනය ඔයලෙ අතේ 12 Strong

    2018-04-03 at 6:08 pm
  • Mithun Unregister User
    Android 7Chrome 64

    Taxi driver එක නම් ඇඩෙන ස්ටොරි එක.. true ස්ටොරි එකක් හින්ද මාර විදිහට දැනුන… එකට නම් නැවත වතාවක් ස්තුතියි … සබ් එක ලස්සනට දාල තියෙනව

    2018-04-03 at 6:11 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    තෑන්ක්ස් හසිත අයියේ සබ් එකට. මේ වගේම Avengers Infinity War ෆිල්ම් එකටත් පුළුවන් නම් සබ් දෙන්න.🤩🤩🤩

    2018-04-03 at 8:30 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 52

      මේ දවස්වල බාරගත්ත ෆිල්ම් වගයක්නං තියනව, බලමුකො ට්‍රයි එකක් දෙන්නම්, ළහිරු 🙂

      2018-04-05 at 12:41 am
  • හසිත ප්‍රසාද් Super Mod
    Windows 7Opera 52

    ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොම ස්තූතියි 🙂

    2018-04-05 at 12:41 am
  • Oshan sameera Unregister User
    Android 5.1UC Browser 12.2

    Thanks bro good work

    2018-04-05 at 8:16 am
  • pathum Unregister User
    Windows 10Chrome 65

    Thanks bro

    2018-04-05 at 8:07 pm
  • Sulakshana Thilakarathna Unregister User
    Android 7Chrome 64

    මහන්සි වෙලා ලියපු ලිපිය ගොඩක් වටිනවා සහෝ.. ඇත්තෙන්ම ගොඩක් ඒවා අමතක වෙලා තිබ්බෙ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා!!

    2018-04-08 at 6:13 am
  • Tharidu Returns User
    Windows 8Chrome 65

    ස්තුති සහො සබ් එකට

    2018-04-10 at 4:34 pm
  • RAVINDU Unregister User
    Android 5.1Samsung Browser 5.4

    WEB-DL please update

    2018-04-11 at 10:53 am
  • GhostNikolai Unregister User
    Windows 7Chrome 65

    WEB-DL Ekata Sub Update Karanno

    2018-04-11 at 4:19 pm
  • හසිත ප්‍රසාද් Super Mod
    Windows 7Opera 52

    ‍Web-Dl සහ Bluray ද්විත්වයටම යාවත්කාලීන කර ඇත. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින්ම ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

    2018-04-13 at 12:15 pm
  • Mithun Unregister User
    Android 7Chrome 64

    බොහොම ස්තුතියි සහෝ අප්ඩේට් එකට ❤ ❤ ❤

    2018-04-13 at 2:18 pm
  • Madusha Unregister User
    Windows 10Opera 52

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    2018-04-13 at 5:59 pm
  • ලහිරු ක්ලේගන් Unregister User
    Windows 10Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි…………… 🤠🤠🤠🤠🤠🤠🤠

    2018-04-14 at 1:45 am
  • Lakshan Unregister User
    Windows 10Chrome 65

    Thanks bro.

    2018-04-16 at 5:34 pm
  • පසිදු සාරංග
    Windows 8.1UC Browser 7

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..

    2018-04-17 at 10:51 am
  • Prabash Unregister User
    Android 5Chrome 65

    මම නම් site එකට අළුතින් එකතු උනේ.බොහෝම ස්තුතියි උපසිරසියට.BR එක එක එකකම්ම හිටියා.⁣good job brooooo…

    2018-04-17 at 11:07 am
  • Sam fisher Unregister User
    Android 5.1Chrome 63

    ස්තුති සහො අප්ඩෙට්ටුවට.මුවිය හොදයි මම දෙවනි එක බැලුවට පස්සෙ එක හෙන අවුල්නිසා නොබල ඉන්න හැදුවත් ඔයා දුන්න නිසා බැලුව බලපු එක කොච්චර හොදදදදදදදද😀

    2018-04-18 at 8:44 am
  • Tharaka prabhath Unregister User
    Windows 10Firefox 59

    Thanks for the sinhala sub brother….

    2018-05-13 at 5:57 am
  • Hiran D Ruwanpathirana User
    Android 7.1Chrome 66

    සබට ස්තුතියි.. ජය වේවා..!!!

    2018-05-28 at 1:45 am
  • sameera Unregister User
    Windows 7Opera 26

    elaz

    2018-07-07 at 4:51 pm
  • Uthpal avishka Unregister User
    Android 6Chrome 71

    Good luck brother

    2019-02-16 at 4:24 pm
  • Sudesh Unregister User
    Android 6Chrome 77

    Thank you

    2020-03-29 at 6:47 am
  • Sudesh Unregister User
    Android 6Chrome 77

    Thank

    2020-03-29 at 6:48 am
  • sub ekata thanks saho

    2020-09-09 at 8:23 am
  • shevon Unregister User
    Windows 10Chrome 90

    meke kunu harapa nane bro

    2021-06-10 at 6:51 am
    • Hasitha Prasad Super Mod
      Windows 10Firefox 89

      කුණුහරප නෑ? මොකද්ද ඒ කතාවෙ තේරුම? ඒවත් ඕනෙද චිත්‍රපටියක් බලන්න?

      2021-06-10 at 10:15 am

Leave a Reply to පසිදු සාරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *