Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Catch the Ghost (2019) [S01 : E02] Sinhala Subtitle Comedy Catch the Ghost (2019) [S01 : E01] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Comedy Catch the Ghost (2019) [S01 : E02] Sinhala Subtitle Comedy Catch the Ghost (2019) [S01 : E01] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle
  • Genres
  • Action
  • Maze Runner: The Death Cure…

Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle

April 02, 2018 Junior Admin

The Maze Runner (2014) චිත්‍රපටය මතකද ඔබට? කොහොම අමතක වෙන්නද වංකගිරි ගැන අහල තිබුණ අපට වංකගිරියෙ බරපතලකම පෙන්නපු මේ චිත්‍රපටය 2014 වසරේ අපි බලපු හොඳම චිත්‍රපට අතරින් එකක්. James Dashner ගේ අතිශය ජනප්‍රිය වුණ නවකථා පෙලක් ඇසුරින් Wes Ball ගේ අධ්‍යක්ෂණයෙන් සහ Dylan O’Brien ( තෝමස්) , Aml Ameen ( ඇල්බි) , Ki Hong Lee ( මින්හෝ), Blake Cooper (චක්), Thomas Brodie-Sangster ( නිව්ට් ), Will Poulter ( ගැලී), Dexter Darden (ෆ්‍රයි පෑන්), Kaya Scodelario (තෙරේසා) ඇතුළු නළු නිළි රැසකගේ රංගනෙන් හැඩවී අප අතරට ආ Imdb වෙතින්  6.8ක අගයක් ලබා සම්මාන 4ක්ද ලබාගත් The Maze Runner චිත්‍රපටයට 2015 වසරේදී තවත් සහෝදරයෙක් එකතුවෙනවා ඒ තමයි Maze Runner: The Scorch Trials (2015) සුපුරුදු පරිදි මෙහිත් අධ්‍යක්ෂණ කාර්යය Wes Ballගෙන්මයි. එයත් Imdb වෙතින් 6.3ක අගයක් ලබා සම්මාන දෙකක්ද තමන් සතු කරගන්නට සමත්වුනා. ඉන් පසුව වසර 3ක නිහැඬියාවකින් පසු මේ වසරේ නැවතත් කරළියට එන වංකගිරි තරණය මෙවර නාම ගැන්වෙන්නේ  Maze Runner: The Death Cure (2018) නමිනුයි. මෙය මේ වනවිට 6.7ක Imdb අගයක්ද , Rotten Tomatos වෙතින් 42%ක අගයක්ද ලබාගන්නට සමත්වී තිබෙනවා. අද මම ඔයාලට උපසිරැසි අරගෙන එන්නේ මෙන්න මේ Maze Runner : The Death Cure චිත්‍රපටයටයි. මුලින්ම ස්තූති වන්ත වෙන්න ඕනෙ අපේ ඇඩ්මින් මණ්ඩලයේ සමීර සහෝදරයට. ඔහු තමයි මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මට බාරදෙන්නෙ . චිත්‍රපටය ගැන කතාකලොත් මෙවරත් අධ්‍යක්ෂණය Wes Ball ගෙන්ම තමයි. රංගන තරුත් අර පෙරකී පිරිසමයි. විශේෂයෙන් කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටය වසර දෙකක් පමණ පමාවෙන්න ලොකුම හේතුව වෙන්නෙ තෝමස්ගේ චරිතයට පණපොවන ඩිලන් ඕ’බ්‍රයන් චිත්‍රපටයේ ආරම්භක දුම්රිය දර්ශනය රූගත කිරීම අතරතුර සිදුවූ අනතුරකින් දරුණු තුවාල ලැබීම. මේ සිද්ධිය වෙන්නෙ 2016 වසරේ මාර්තු මසදී. මෙයින් අස්ථි බිඳුම් කීපයක් ඇතුළුව තවත් තුවාල ලබපු ඩිලන් ඕ’බ්‍රයන්ට සම්පූර්ණ සුවය ලැබෙන තුරු චිත්‍රපටයේ රූගත කිරීම් ඇණ හිටිනවා. හොඳම කාරණය මේ දුම්රිය දර්ශනය මෙහි නවකථාවේ නැති චිත්‍රපටයට පිටින් එක්කල එකක්. ඊට අමතරව රචක ජේම්ස් ඩෑෂ්නරුත් චිත්‍රපටයේ කුඩා කොටසකට රංගනයෙන් එකතු වෙනවා ඔයගොල්ලන්ට දැකගන්න පුළුවන්. හරි දැන් අපි Maze Runner ඉතිහාසය පැත්තට.. 

පළමු චිත්‍රපටය වන The Maze Runner ඔයගොල්ලන්ට මතකනම්, ග්ලේඩ් නම් කුඩා බිම් කොටස වටවුණ දැවැන්ත තාප්පයට එපිටින් තමයි වංකගිරිය තිබුණෙ. ග්ලෙඩ් කොටසේ සිටි ලමුන් කවුරුත් නොදැන හිටියට මේ වංකගිරි පරීක්ෂණය කලේ විකඩ් (W.C.K.D) නම් සමාගමක්. සියල්ල වෙනස් වෙන්නෙ තෝමස් මේ වංකගිරි පරීක්ෂණයට යොමු කල දවසෙ ඉඳනුයි. ඔහු නිව්ට්, ෆ්‍රයිපෑන්, මින්හෝ, තෙරේසා ( ග්ලේඩ් වෙත ආ එකම සහ ප්‍රථම ගැහැණු ලමයා) ඇතුළු තමන්ගේ යාළුවනුත් එකතු කරගෙන ඇල්බි,  සාට් වගේ තම මිත්‍රයන් රැසක්ම මරාදැමූ ග්‍රීවරයන් පරදවා වංකගිරිය තරණය කර පැනගන්නට සමත්වුණා, හැබැයි ඒ තෝමස් එද්දි ලමුන් කණ්ඩායමේ නායකයාව සිටි ගැලීගේ අඩන්තේට්ටම් මැද්දෙ. විශාල උත්සාහයක් දරා ලබාගත් මේ වංකගිරි තරණ ජයග්‍රහණයේ සතුට තිබුණෙ ටික වෙලාවයි. ඒ තමන් මෙතෙක් කල් සිටියේ මනුෂ්‍ය වර්ගයාට හානිකර ෆ්ලෙයා වයිරසය නම් වයිරසයකට ප්‍රතිකාරයක් සෙවීමේ පරීක්ෂණයක බව දැන ගැනීමෙන්. ඒක දැනගන්නෙ ඊවා පේජ්ගේ පැහැදිලි කිරීමේ වීඩියෝවෙන්. හමුදා කණ්ඩායම පැමිණීමත් එක්ක ඊවා වෙඩිතබාගෙන මියයනවත් අපි දකිනවා. ඒ අතරෙ දඩබ්බර ගැලී හදිසියේ මේ පිරිස අතරට එනවා, තුවක්කුවක්ද රැගෙන. ඒ ග්‍රීවරයෙකුගේ දෂ්ට කිරීමකට ලක්ව අසිහියෙන් මෙන්. තුවක්කුව පෙන්වා තර්ජණය කරමින් ඔහු කට්ටියට පවසන්නේ ඔවුන් වංකගිරිය තුලම සිටිය යුතු බවයි. මේ මොහොතේ මින්හෝගේ හෙලි පහරකට ලක්ව ගැලී මිය යනවා, නමුත් ගැලීගේ වෙඩි පහරකින් ලමුන් කණ්ඩායමේ බාලයා චක් මියයනවා. අන්තිමේ මේ ලමයි පිරිස අර හමුදා කණ්ඩායම විසින් ගෙනවිත් දමනවා කාන්තාරයක් වැනි ප්‍රදේශයකට . අපි අවසානයට දකින්නේ පරීක්ෂණයේ පලමු අදියර සාර්ථක බවත් දැන් දෙවන අදියර ආරම්භ වන බවත්. ඒ කියන්නෙ ඔවුන් ඇත්තටම බේරිලා නෑ.

ඊලඟට එන්නෙ දෙවන චිත්‍රපටය වන Scoch Trials (2015) මේකෙදි තමයි අපේ කට්ටියට ජැන්සන්ව හම්බවෙන්නෙ. කට්ටිය කිව්වට මෙතනට එද්දි ඉතුරු තෝමස්, තෙරේසා, නිව්ට්, ෆ්‍රයිපෑන්,මින්හෝ සහ වින්ස්ටන් විතරයි. ජැන්සන් තමයි මේ කට්ටිය දැන් ඉන්න ස්ථානයේ භාරකරු. ජැන්සන් කියන්නෙ මේ ස්ථානය ඔවුන්ව විකඩ් සමාගමෙන් , ෆ්ලෙයා වයිරසයෙන් සහ එය වැළඳුණ (Cranks) සිහිවිකල්ලන්ගෙන් ආරක්ෂා කර තියාගන්න ගොඩනගපු එකක් බව. මෙතන තවත් වංකගිරි පරීක්ෂණවල හිටි ලමයි ඉන්නවා. කොහොමහරි මේ ස්ථානය ගැන සැක හිතෙන තෝමස් ඇරිස්ගේ උදවු ඇතුව දැනගන්නවා ඊවා මියගොස් නැති බවත්, ජැන්සන් ඇත්තටම වැඩකරන්නෙ විකඩ් සමාගමට බවත් තමන් සතුව මේ ෆ්ලෙයා වයිරසයට ප්‍රතිශක්තියක් ඇති බවත්. ඔය අතරෙ ජැන්සන්ට තියනව ලොකු බාධාවක් ඒ තමයි විකඩ් සමාගමට එරෙහි රයිට්ආම් සංවිධානය. කොහොමහරි අපේ කණ්ඩායම මෙතනින් පැනගන්න සමත්වෙනවා, ඒ ඇරිසුත් සමග. ජැන්සන් තම හමුදා යවනවා ඔවුන්ව සොයන්න. කණ්ඩායම අවසානයේ පැමිණෙනවා අත්හැර දැමූ ස්ක්‍රොච් නම් ප්‍රදේශයකට. මතකනෙ මේ වයිරසයට ගොදුරු වෙන අය අවසානයේ පිල්ලි (Zombies) බවට පත්වෙනවා. වයිරසයට ගොදුරුවෙන අසරණ වින්ස්ටන් වෙඩි තබාගෙන මියයනවා. ඉතුරු කට්ටිය පැමිණෙනවා පිල්ලි පිරුණ ගොඩනැගිල්ලකට. මෙහෙදි තමයි මේ අයට බ්‍රෙන්ඩා සහ ජෝජ් (Jorge) හම්බවෙන්නෙ. ඔවුන් දෙන්න මේ අයව රයිට් ආම් වෙත ගෙනයනවා. මෙතනදි බ්‍රෙන්ඩා පිල්ලියකගෙ පහරකෑමකටත් ලක්වෙනවා. කොහොමහරි සේරම අවසානයේ රයිට් ආම් වෙත එනවා, මෙතනදි තමයි වින්ස්ව හම්බවෙන්නෙ කට්ටියට, ඔහු තමයි රයිට් ආම් සංවිධානයේ ප්‍රධානියා. පිල්ලියකගෙන් පහරකෑම හේතුවෙන් බ්‍රෙන්ඩාට රෝගය ආසාදනය වෙලා, ඒ නිසා වින්ස්ගෙ අදහස ඇයට වෙඩි තියල දාන්න. ඒ වුණත් හිටපු විකඩ් විද්‍යාඥවරියක් වන මේරි කූපර් එය වලක්වල බ්‍රෙන්ඩාගේ ආසාදනය යටපත් කරනවා එන්සයිමයක ආධාරයෙන්, ඇය කියන්නෙ ඒ එන්සයිමය ලබාගතහැක්කේ රෝගයට ඔරොත්තු දෙන අයෙකුගේ ශරීරයෙන් පමණක් බව. එදාම තෙරේසා රහසෙන් විකඩ් සමාගමට තමන් සිටින ස්ථානය දන්වනවා, ඒ සමාගමේ අරමුණ යහපත් එකක්යැයි ඇති විශ්වාසයට. ජැන්සන්ගේ නායකත්වයෙන් විකඩ් සමාගම රයිට් ආම් කඳවුරට පහරදෙනවා, මෙහිදී ජැන්සන් අතින් මේරි මියයනවා. මේ අතරෙ තෝමස් සහ රයිට්ආම් සංවිධානය කෙසේ හෝ ජැන්සන් ඇතුළු භටයන්ව පලවා හරිනවා, කොහොමහරි ඔවුන් පසුබහින්නෙ මින්හෝ, ඇරිස් සහ සොන්යා ඇතුළු පිරිසක් පැහැරගෙන, ඒ විතරක් නෙමෙයි ඔවුන් තමන්ට ඔත්තුව දුන් තෙරේසාවත් රැගෙන යනවා ඔවුන් සමග. තෝමස් තම මිතුරන්ව බේරාගන්න සැලසුම් කරනවා, රයිට් ආම් සංවිධානය ඔහුට උදවු කරන්න එකඟ වෙනවා. ඔන්න ඔහොමයි දෙවන චිත්‍රපටය අවසන් වුණේ… එතැන් සිට කතාව තමයි The Maze Runner : Death Cure (2018) චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ… ඊට වඩා විස්තර මම කියන්න යන්නෙ නෑ , මෙච්චර ලොකු ලිපියක් ලිව්වෙ පෙර චිත්‍රපට දෙක බලපු අයට වුණත් මේ වෙනකොට සමහර තැන් අමතක වෙලා තියෙන්න ඉඩ තියන නිසා. මටත් එහෙමයි ගොඩක් තැන් මතක නෑ, මේ ලිපිය තනිකරම විකිපීඩියා එකේ තොරතුරු ඉතාම කෙටි කරල ලියපු එකක්. වැරදි ඇත්නම් කමෙන්ට් එකකින් නිවැරදි කරන්න. එහෙනම් චිත්‍රපටයෙ උපසිරැසි මට බාරදුන්න සමීර සහෝදරයවත් නැවත වතාවක් මතක් කරමින් මම ගිහින් එන්නම්..හමුවෙමු තවත් උපසිරැසියකින්.

පිටපත :-
HC-HDrip එකක්. හාඩ්කෝඩඩ් කොරියන් උපසිරැසියක් තියනව පිටපතේ. ඒක බාධාවක් නොවෙන්න මම සාමාන්‍ය , වර්ණ ගැන්වූ සහ පසුබිමක් යෙදූ වශයෙන් උපසිරැසි 3ක් ගොණුවට ඇතුලත් කරල තියනවා. එයින් කැමති එකක් තෝරගෙන බලන්න .වැඩි විස්තර සඳහා උපසිරැසි ගොණුවෙ ඇති IMPORTANT නම් ටෙක්ස්ට් ෆයිල් එක බලන්න.

 

 

උපසිරැසිය සහ වීඩියෝව බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
29308 වාරයක්
Subz Studio — Cinema Player
LOADING...
Download Links
720P
TOR
720P
TOR
Available Torrents
720p bluray 1.22 GB
GET
1080p bluray 2.32 GB
GET
2160p bluray 6.46 GB
GET
720p web 1.21 GB
GET
1080p web 2.31 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (40)
← Older
  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63
    2018-04-18

    ස්තුති සහො අප්ඩෙට්ටුවට.මුවිය හොදයි මම දෙවනි එක බැලුවට පස්සෙ එක හෙන අවුල්නිසා නොබල ඉන්න හැදුවත් ඔයා දුන්න නිසා බැලුව බලපු එක කොච්චර හොදදදදදදදද😀

    Reply
  • Tharaka prabhath Unregistered
    Windows 10 Firefox 59
    2018-05-13

    Thanks for the sinhala sub brother….

    Reply
  • Hiran D Ruwanpathirana User
    Android 7.1 Chrome 66
    2018-05-28

    සබට ස්තුතියි.. ජය වේවා..!!!

    Reply
  • sameera Unregistered
    Windows 7 Opera 26
    2018-07-07

    elaz

    Reply
  • Uthpal avishka Unregistered
    Android 6 Chrome 71
    2019-02-16

    Good luck brother

    Reply
  • Sudesh Unregistered
    Android 6 Chrome 77
    2020-03-29

    Thank you

    Reply
  • Sudesh Unregistered
    Android 6 Chrome 77
    2020-03-29

    Thank

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 85
    2020-09-09

    sub ekata thanks saho

    Reply
  • shevon Unregistered
    Windows 10 Chrome 90
    2021-06-10

    meke kunu harapa nane bro

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 89
      2021-06-10

      කුණුහරප නෑ? මොකද්ද ඒ කතාවෙ තේරුම? ඒවත් ඕනෙද චිත්‍රපටියක් බලන්න?

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 182
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved