Stolen princess: Ruslan and Ludmila (2018) Sinhala Subtitle

/
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකින් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් දෙන්නත් බැරිවුණ නිසා මේ වතාවෙ මම තෝරගත්තා මේ වසරේ නිකුත්වුණ ආදායම් වාර්තා තැබූ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් ත්‍රිමාණ සජීවීකරණ කිව්වම අපිට නිතැතින්ම මතක් වෙන්නෙ හොලිවුඩයනෙ. හැබැයි මම අද ගේන චිත්‍රපටය යුක්රේනයේ නිර්මාණය වුණ චිත්‍රපටයක්. භාෂාවනම් ඉංග්‍රීසි. යුක්රේන නම තමයි Vykradena pryntsesa: Ruslan i Ludmila ඉංග්‍රීසියෙන්නම් Stolen princess: Ruslan and Ludmila. යුක්රේනය කිව්වම අපි හැමෝම දන්නව යුක්රේනය  කලක් රුසියාවට අයත්ව තිබී පසුව වෙනම රාජ්‍යයක් ලෙස වෙන්වූ රාජ්‍යයක්. දන්නවනෙ රුසියාව සාහිත්‍යය පැත්තෙන් ඉතාම සාරවත්. ඉතාම සුන්දර අපූරු ළමා කතන්දර රැසක්ද ඇතුලත් ඒකට. අපූරුවට සිංහලයට පරිවර්තනය වී අපි පොඩිකාලේ කියවපු ලස්සණ වසිලිස්සා, හත්පෙති මල,වැඩ බැරි දාස එහෙමත් මතක ඇති ගොඩක් අයට...ඒවයෙ තිබුණ සුන්දර චිත්‍ර, අපූරු සිත්ගන්නාසුළු නිමාව තමයි අපිව වැඩියම ආකර්ශණය කරගත්තෙ. අද මේ ගේන Stolen Princess හෙවත් සොරාගෙන ගිය කුමරිය ජනප්‍රිය රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ Ruslan and Lyudmila කාව්‍යය පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් . නිර්මාණකරුවන් මුලින්ම තීරණය කරල තියෙන්නෙ මෙය 2D නොහොත් ද්විමාන විදියට හදන්නයි, ඉන් පසුවයි අදහස වෙනස් කරල 3D විදියට නිමවල තියෙන්නෙ. හැබැයි හොලිවුඩය අනුකරණය කරන්නට නොයා රුසියානු අන්‍යතාවය තබාගෙන ත්‍රිමාණ සජීවීකරණය කලානම් මෙය මීට වඩා ලස්සණ වෙන්න තිබුණා කියන එකයි මගෙ පෞද්ගලික හැඟීම. රුසියානු ශෛලිය මම දැක්කෙ මෙහි එන රාජ මාලිගාවෙ පිටත පෙනුමෙ විතරයි. සමහරවිට නිර්මාණකරුවන් හොලිවුඩ් ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් කීපදෙනෙකුගෙ සහය ලබාගන තියන නිසා වෙන්නත් ඇති එහෙම වෙන්න ඇත්තෙ. කෙසේ හෝ තිරගත වූ දින සිට යුක්රේනය තුල අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන යුරෝපය තුලත් සාර්ථකව තිරගතවූ මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 6.7ක් වන අතර ගූගල් පරිශීලකයන් 94%කගේ ප්‍රසාදයත් දිනාගෙන තිබෙනවා. මෙහි රචනය Yaroslav Voytseshek ගෙන් වන අතර අධ්‍යක්ෂණය Oleh Malamuzh ගෙන්. චිත්‍රපටයේ කතාව පැත්තට යන්න කලින් කියන්න ඕනෙ මේ චිත්‍රපටයට මේ ලිපිය ලියන මොහොත ( 2018:ජූනි :29) වනතුරුත් ඉංග්‍රීසි උපසිරැසියක් හෝ වෙන කිසිම භාෂාවක උපසිරැසියක් නිකුත් වී නෑ. අද එයි හෙට එයි කිය කිය දවස් ගාණක් බලා හිටියත් එන පාටක් නැති නිසා අංකන දත්ත පිටපතකුත් හදාගෙන අසාලිවීමක් කරන්න තීරණය කලා. ගොඩක්ම දෙබස් තේරුම්ගන්න පුළුවන් වුණත් ලයින් පහක් හයක් තියනවා ශ්‍රවණය කිරීමෙන් තේරුම්ගන්න නොහැකිවුණ . කතාවට ගැටලුවක් නොවෙන්න අනුමාන වශයෙන් එයින් කීපයක් මම සකස් කලා. කොහොමහරි ඉතින් දවස් කීපයක මහන්සිය තමයි අද මේ ඕගොල්ලො හමුවට එන්නෙ. ඒ වගේම මෙයට හොඳ මට්ටමේ උපසිරැසියක් නිකුත් වුණ ගමන්ම ඒ අඩුපාඩු ලයින් කීපය නිවැරදි කරල නැවත උපසිරසිය සකස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පිටපත ගැනනම් කියන්න දෙයක් නෑ Web-Dl එකක් නිසා වීඩියෝ සහ ඕඩියෝ තත්වය ඉතාම හොඳයි. එහෙනම් දැන් අපි යමු කතාව පැත්තට.. රුස්ලාන් කියන්නෙ නළුවෙක්. වේදිකාවේ සහ නිවෙසින් නිවෙසට යමින් ජනයා තම රඟපෑමෙන් සතුටු කරමින් තමයි රුස්ලාන් ජීවිකාව ගත කරන්නෙ. රුස්ලාන්ට මේ කාර්යයට ඉන්නවා සහායකයෙක්, එයා තමයි නෙස්ටර්. නෙස්ටර් තමයි රුස්ලාන් රඟපාන නාට්‍යවල රචකයා. හැබැයි ඉතින් නෙස්ටර් ලියන්නෙම සුරංගනා කතා.. ඒවුණාට රුස්ලාන් කැමති නයිට්වරුන්ට, දවසක නයිට්වරයෙක් වීම තමයි රුස්ලාන්ගෙ එකම හීනය. මේ කතන්දර නිසාම රුස්ලාන් රඟපාන චරිතවලටත් එතරම් සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙ නෑ. ඔහොම ඉන්න අතරෙ රුස්ලාන්ට මුණ ගැහෙනවා සුන්දර තරුණියක් , ඈ නමින් මිලා. දෙන්නා අතරෙ ප්‍රේමයක් දළුලා වැඩීගෙන එනකොටම , එනවා ලොකූ බාධාවක්...  ඒ තමයි ෂොන්මෝ නම් බලගතු මායාකරුවෙක්. ඉතින් තම ආදරය වෙනුවෙන් රුස්ලාන් මේ ෂොන්මෝ එක්ක කරන සටනයි චිත්‍රපටයෙ තියෙන්නෙ. එහෙනම් මම ඉන් එහාට කියන්නෙ නෑ, ඔයගොල්ලො නරඹලම බලන්න. ඉතාම සුන්දර චිත්‍රපටයක් බව කියන්න පුළුවන් බය නැතිව. චිත්‍රපටයෙ නිල වෙබ් අඩවියෙ සබැඳිය තමයි පහලින් තියෙන්නෙ.. කැමති අයට ගිහින් බලන්න පුළුවන්, චිත්‍රපටයෙ විස්තර ගොඩක් තියනව මේකෙ. තව චිත්‍රපටයෙ පෝස්ටර්, වෝල්පේපර්ස් එහෙම ගන්න තියනව විවිධ ප්‍රමාණවලින්. https://stolenprincess.com/en/

උපසිරැසි බාගත කරගැනීමේදී ලැබෙන උපදෙස් පිළිපදින්න.

(1) මුලින්ම පහතින් ඇති " සිංහල උපසිරැස ඩවුන්ලෝඩ් කරගන්න" බටනය ක්ලික් කරන්න.

(2)ඉන්පසුව "උපසිරස ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න" බටනය ක්ලික් කොට තත්පර පහක කාලයක් රැඳීසිටින්න.

(3) ඉන්පසු Skip Ad යන බටනය ක්ලික් කරන්න.

(4) එවිට උපසිරැසිය ස්වයංක්‍රීයවම ඩවුන්ලෝඩ්වනු ඇත.

 
6.8
IMDB

Year : 2018

Actors : Nadiya Dorofeeva, Oleksiy Zavhorodniy, Yevhen Malukha, Serhiy Prytula

This wonderful story happened in the age of valiant knights, beautiful princesses, and battling sorcerers. Ruslan, a wandering artist dreaming to become a knight, met beautiful Mila and ...

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 14829
  • File Size : 34.479KB
  • Sub Update :2020-09-06
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    tnx godaak

    2018-06-30 at 2:11 am
  • shamalka Unregister User
    Windows 8Firefox 61

    thanks…..

    2018-06-30 at 5:54 am
  • Mithun Unregister User
    Android 8Chrome 67

    බොහොම ස්තුතියි සහෝ….Happy days ❤

    2018-06-30 at 8:01 am
  • Kantha_DLA Unregister User
    Windows 7Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    2018-06-30 at 10:21 am
  • thanuja Unregister User
    Windows 8.1Chrome 67

    Thank you sub ekataa… Digatama karagena yamu…😀

    2018-06-30 at 10:29 am
  • Lahiru Sandaruwan ExPERT Subtitler
    Windows 7UC Browser 7

    නියමයි. හසිත අයියා මේ පාර ලොකු පොඩි හැමෝටම බලන්න පුළුවන් විදිහේ සුපිරිම ෆිල්ම් එකක් ගෙනල්ලා කියන්නකෝ. කාටූන් ෆිල්ම් එකක් කිව්වොත් මං හරි වෙන්න ඕනේ.තෑන්ක්ස් හසිත අයියේ සබ් එකට. නිවාඩු දවසේ බලන්න කියාපු ෆිල්ම් එක. 😍😍😍

    2018-06-30 at 11:46 am
  • sumed Unregister User
    Windows 10Chrome 67

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්කිය ධෛර්යය ලැබේවා..

    2018-06-30 at 12:06 pm
  • silent$ Unregister User
    Windows 10Chrome 67

    Thnxxxxxxxxxxxxx

    2018-06-30 at 5:01 pm
  • chaminda Unregister User
    Android 4.4UC Browser 10.1

    Good work

    2018-06-30 at 5:48 pm
  • darshana01 User
    Windows 10UC Browser 7

    godak thanks saho oya godak mansi wela tiyenawa hada piri prnamaya obata saho

    2018-06-30 at 7:45 pm
  • Lakshitha Unregister User
    Android 6Chrome 65

    Thanks bro. Godak mahansi wela karapu patta wadak…..😍😍

    2018-06-30 at 11:07 pm
  • TEP Unregister User
    Android 5.1Chrome 67

    Mekata sub denakan hitiye bro. thanks for sub

    2018-07-01 at 1:23 am
  • Gayan Prasad User
    Windows 10Chrome 67

    super brooo asai mewata

    2018-07-01 at 1:48 am
  • Himal Unregister User
    Android 6UC Browser 11.3

    Ela err kiyala watenne mokada sub eka Nene Anne

    2018-07-01 at 5:00 am
  • Himal Unregister User
    Android 6UC Browser 11.3

    Refresh karanna kiyalath wat u na kalath sub ga na bane plz saho help karannako subeka ganna

    2018-07-01 at 5:03 am
  • Bhagyasingh Unregister User
    Windows 8.1Chrome 67

    niiyamai..

    2018-07-01 at 2:18 pm
  • Madusha Unregister User
    Windows 10Opera 53

    බොහොම ස්තූතියි සහෝ

    2018-07-01 at 5:47 pm
  • Kaushan Unregister User
    Windows 10Firefox 60

    Sabata thanks bro.

    2018-07-01 at 7:10 pm
  • chamith1 Unregister User
    Windows 10Chrome 67

    thanks sub akata 😉

    2018-07-01 at 7:52 pm
  • Himal Unregister User
    Android 6UC Browser 11.3

    Thnz sub eka awa saho

    2018-07-01 at 8:03 pm
  • Tharindu Perera Unregister User
    Windows 10Chrome 67

    SUB EKA GANNA BA SAHOO

    2018-07-01 at 10:29 pm
  • pramod Unregister User
    Android 8Chrome 66

    Thanks bro sub ekata. Tawa Animation tikak denna…

    2018-07-01 at 10:50 pm
    • pramod Unregister User
      Android 8Chrome 66

      subeka ganna bene bro

      2018-07-01 at 10:52 pm
  • kasun Unregister User
    Windows 7Firefox 38

    pattaaaaa machoooooo

    2018-07-02 at 8:36 am
  • Prabhath Unregister User
    Windows 10Chrome 67

    Thanks Bro….

    2018-07-02 at 5:08 pm
  • hashan_2 User
    Android 8Chrome 67

    Thanxx

    2018-07-02 at 11:11 pm
  • Darshana sampath sandaruwan Unregister User
    Android 7Chrome 67

    Thanks bro

    2018-07-03 at 11:30 am
  • Sasindu Unregister User
    Android 4.4UC Browser 12

    මට සබ් එක ගන්න බෑනෙ.මගෙ ඊමේල් එකට එවන්න බැරිවෙයිද?

    2018-07-04 at 10:29 am
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 62

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    2018-07-04 at 3:52 pm
  • suranga anushad User
    Windows 10Firefox 61

    thanks saho great job

    2018-07-06 at 5:35 am
  • Pradeep Darshana User
    Windows 7UC Browser 7

    thanks saho sub ekata

    2018-07-07 at 12:54 am
  • DIlhan Unregister User
    Android 7UC Browser 12.2

    THnx

    2018-07-10 at 8:32 pm
  • hukonawa keriyata Unregister User
    Android 5.1Chrome 55

    comment karanna kalin umbe liyum kiyawannath oneda gothayo

    2018-07-11 at 7:26 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 54

      කවුද දන්නෑ ඔබතුමා? නමත් ලස්සණයි 🙃🙃 මීට පස්සෙ දානකොට වාසගමත් එක්කම දාන්න. ගැලක්සි ජේ ලැබුණට වැඩක් නෑ සහෝදරයා මොළේ නැත්නම්.

      2018-07-11 at 8:12 pm
    • හසිත ප්‍රසාද් Super Mod
      Windows 7Opera 54

      And they’ve posted that warning just because of morons like you.

      2018-07-11 at 8:15 pm
  • chaminda pushpakumara User
    Android 4.4UC Browser 12.2

    සුපිරි film ඒකක්,උපසිරසියට තෑන්ක්ස්….

    2018-07-13 at 6:02 am
  • shanu Unregister User
    Android 6UC Browser 11.5

    Hi. Thank u so much. Man stolen princess sub eka hewwa godak kal idala. 🙂

    2018-07-15 at 1:17 pm
  • rp.kumara Unregister User
    Windows 10Chrome 67

    ft sahoo degatama sub denna

    2018-07-22 at 8:02 pm
  • rp.kumara Unregister User
    Windows 10Chrome 67

    sub 1k ganda baene….mail 1t danna baida…😬😬

    2018-07-22 at 8:06 pm
  • joe Unregister User
    Android 5.1Chrome 67

    subtitles dena loku loku site walath ..mee movie eke subtitles thaama naha…..thank you

    2018-07-23 at 10:24 am
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks ………………good luck ………..

    2018-07-25 at 5:55 am
  • asitha Unregister User
    Windows 8.1Chrome 67

    Ela saho thanks

    2018-07-25 at 12:49 pm
  • kavi Unregister User
    Windows 10Chrome 68

    elaaa thnkz broo

    2018-08-21 at 11:21 am
  • CrZy Shan User
    Windows 7Chrome 68

    Ela saho thanks

    2018-09-07 at 11:44 pm
  • ස්තුතියි උපසිරසියට සහෝ…

    2018-11-05 at 7:25 am
  • thanx sub ekata.:star_struck:

    2020-09-06 at 8:19 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *