Bhoomi (2017) Sinhala Subtitle
sunny leone, aditi rao hydari, sanjay dutt, sharad kelkar
භූමි (2017)
භූමි…ආදරයේ සොඳුරු සිහිවටනයක් සේ සැලකෙන ටාජ් මහල පිහිටි අග්‍රා ප්‍රදේශයේ වෙසෙන තරුණියක්.මව් සෙනෙහස අහිමි ඇයට සිටින එකම සරණ ඇයගේ පියා අරුන් සච්දේවා.ඔහු තම දියණියට තම පණටත් වඩා ආදරය කරන සෙනෙහෙබර පියෙක්.තම දියණියගේ සිත සොරාගත්ත නීරජ්ට ඇයව විවාහ කරදෙන්න ඔහු පෙරුම්පුරාගෙන ඉන්නේ.ඒ වෙනුවෙන් ඔහු තමන්ට හැකි ඉහළම ආකාරයෙන් සූදානම් වෙනවා.ඒත්…….මිනිස් වෙස්ගත් අවාසනාවක් මේ පියා සහ දියණිය සොයාගෙන එන්නේ හරිම දරුණු විදියට.ඒ අවාසනාව එක් රැයකින් භූමිගේ ජීවිතයත් අරුන්ගේ මහමෙරක්වූ බලාපොරොත්තුත් විනාශ කර දමනවා.සාධාරණය සොයාගෙන නීතිය ඉදිරියට යන ඔහුට නීතිය ලබාදෙන්නේ “සාධාරණය” නම් වදන ඉදිරියට තවත් එක් අකුරක් පමණයි.සාධාරණය උදෙසා මේ පියා කුමක් නම් කරාවිද?එය දැනගන්නනම් ඔබට භූමි චිත්‍රපටය නරඹන්නම වෙනවා…
සංජේ දත් සහ ආදිති රාඕ හයිදාරිගේ ප්‍රධාන චරිත රංගනයත් සමගින් ඔබ අතරට එන භූමි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔමුන්ග් කපූර්ගෙන්.මේ සංජේ දත් 2016දී තම සිර දඬුවම නිමා කිරීමෙන් පසුව රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය.ඔහු මින් පෙර දායක වුණේ අමීර් ඛාන්ගේ P.K චිත්‍රපටයටයි.ඒ වගේම සංජේ දත් ඔහුගේ 58වන උපන්දිනය වන 2017 ජූලි 29 වනදා නිකුත් කිරීමට සූදානම් කර තිබූ මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දින 10ක් ඉදිරියට ගෙන 2017 අගෝස්තු 10 වන දිනට එනම් තම දියණිය ත්‍රිශ්ලා දත්ගේ උපන්දිනය දිනට නිකුත් කරවන්නටත් කටයුතු කර තිබෙනවා.ඊට අමතරව තාජ්ගේ චරිතය නිරූපණය කරන ෂේකර් සුමන් හා සංජේ දත් චිත්‍රපටයකින් නැවත එක්වෙන්නෙ වසර 23කට පසුව.ඔවුන් දෙදෙනා අවසන් වරට එක්ව රඟපෑවේ 1994 වසරේ තිරගත වූ Insaaf Apne Lahoo Se චිත්‍රපටයේ.Imdb අගය සඳහන් නොකලොත් ඒක අඩුපාඩුවක්නෙ මේ චිත්‍රපටයට ලැබී ඇති Imdb අගය5.4ක්.ආ…තව කියන්න අමතක වුණා සනී ලියෝන්ගේ අයිටම් සෝන්ග් එකකුත් ඇතුලත් මේ චිත්‍රපටයට.උදේ 3:30යි වෙලාව!මේ චිත්‍රපටයේ උපසිරැසිය මට බාරදුන්න කවීෂ සහොදරයට ස්තූති කරන ගමන්ම මම ගිහින් එන්නම්…තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
පිටපත ගැන :- මේක 1.1GB HDRip එකක්.වීඩියෝ ඕඩියෝ තත්වයේ කියන්න වරදක් නෑ.ස්ක්‍රීන් ෂොට් ඕනෙ අයට මේ තියෙන්නෙ ස්කීන් ෂොට්.
Spoiler Warning : A single father battles injustice after his daughter is raped and the perpetrators are found not guilty…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
බොහොම ස්තූතියි, කවීෂ 🙂
උපසිරැසියට තුති සහෝ✌️✌️✌️
ඔබට ජය✌️✌️?
බොහොම ස්තූතියි, පසිඳු 🙂
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
බොහොම ස්තූතියි, KANTHA 🙂
කථාවේ හැටියට නම් නියමයි. බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි, ඉසුරු 🙂
ස්තූතියි සහෝ
දත් අයියගෙ ෆිලුමක් කාලෙකින් බැලුවෙ නැති නිසා වෙනසකටත් එක්ක හොදයි ස්තුති සහො