හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියමින් උපසිරස දිවියේ කඩයිමක් පසු කරන්නයි මේ සුදානම් වෙන්නේ….එහෙනම් ඇඩ්මින් තුමා කියපු විදියට මේ වෙබ් අඩවියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා ගත විදියට වාර්තා කරන්න හැකි වීම ගැන ඉතාම සතුටු වෙනවා,…මම මුලින්ම මේ වෙබ් අඩවියට 2017 නොවැම්බර් 11 වනදා මගේ පළවෙනි උපසිරසය නිකුත් කළා එතැනින් ආරම්භ කළ ගමන හරියටම දින 75ක් වගේ කෙටි කාලයකින් 50 ගහන්න ලැබුණා…ඒ වගේම කියන්න ඕනේ ඒ උපසිරස 50න් 27ක්ම නිර්මාණය කළේ මේ ජනවාරි මාසයේ… මේ උපසිරස වගේම 48 උපසිරස වගේම 49 වෙනි උපසිරසත් ඉතාම වැදගත් කඩයිමක් උනා..මොකද 48 වන උපසිරස ටින් ටින් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසානයත්…49 වන උපසිරසය නයිට් රයිඩර් කතා මාළාවේ පළවෙනී සීසන් එකේ අවසාන කොටසත් වෙනවා…ඔන්න ඔය විදියට තමයි මගේ වාර්තාගත අර්ධ ශතකය ගහන්න ලැබුනේ..මුලින්ම ස්තූති කරන්න සයිට් එකේ දමිත් සොයුරාව..මම ගොඩක් වෙලාවට එයා එක්ක කතා කරලා තමයි වැඩ කටයුතු කරගෙන ගියේ…ඒ වගේම හැමදාම මට අදහස් ප්‍රකාශ කරන ආදරණීය ප්‍රේක්ෂක ඔයාලව ඔයාලගේ ඔය අදහස මත තමයි මේ වගේ දෙයක් ඉස්සරහට කරන්න පුළුවන් මොකද කාලය කියන දේ සෑහේන උවමනා වෙනවා මේ වගේ වැඩක් කරගෙන යන්න.
ඔයාල දෙන අදහසින් තමයි මේ වැඩේට තව හයියක් වෙන්නේ…ඒ වගේම මම පෞද්ගලිකව සතුටු වෙනවා ලංකාවේ ප්‍රථම වතාවට මේ වගේ ඉහලම පහසුකම් තියෙන වෙබ් අඩවියකට එක් වීම ගැන, මොකද ඔයාලා දන්නවා අනිකුත් උපසිරස ලබාදෙන එකදු වෙබ් අඩවියකවත් තමාගේ උපසිරසක් එසැණින් තමාටම පළකිරීම හා යාවත් කාලීන කිරීම නොහැකි බව ගැන ..ඒ වගේම ටික කාලයක් ඇතුළත වැඩිම උපසිරස ලාභීන් තිදෙනා අතරට එන්න ලැබීම ගැනත් සතුටු වෙනවා….ඒ වගේම කියන්න ඕනේ මම නිතරම පරණ නිර්මාණයන් වලට උපසිරස දෙන්න එක හේතූවක් තියෙනවා මොකද නිතරම ෆේස් බුක් වෙබ් අඩවියේ පළ කිරීම් දැක තිබෙනවා මාධ්‍ය ආයතන වලට ඉල්ලීම් කරලා පරණ කාටුන් වැඩසටහන් රූපවාහිනි ටෙලි කතා නැවත ප්‍රචාරය කරන්න කියා..අන්න ඒ හේතූව නිසාම යන රැල්ලෙන් ටිකක් ඈත් වෙලා මම පරණ නිර්මාණයයන් සදහාම උපසිරස ලබා දෙන්නේ…එහෙනම් ඉදිරියේදි තවත් ලස්සන නිර්මාණයන් ඔයාලා වෙතට අරගෙන එන්න පොරොන්දු වෙනවා….ඒ වගේම අවසාන වශයෙන් ස්තූති වන්ත වෙනවා මට අවස්ථාව ලබා දුන් වෙබ් අඩවියේ සියලුම බාර ඇඩ්මින් වරුන්ට…
දැන් කියන්න සුදානම් වෙන්නේ අද ලබා දෙන උපසිරස ගැන ඇත්තම කියනවනම් පුදුම බාධා වෙලා අවසන් කරපු උපසිරසක් තමයි මේක කෙටියෙන් කියනවනම් සෑහේන කාලයක් කොට උඩ තිබ්බ උපසිරසක්…මේ උපසිරස ඉවර කරන්න හරියටම අවුරුදු 2කට ආසන්න කාලයක් කොට උඩ තිබ්බා…මේක මගේ මුල්ම චිත්‍රපටියකට කරපු උපසිරස. ජිවිතයේ කරපු පලවෙනි උපසිරසය, ඒ වගේම මම කරලා තියෙන දිගම උපසිරසය ඒ වගේම මේ උපසිරය ලංකාවේ වගේම ලංකාවෙන් පිට ඩුබායි දේශයේ ඉදන් කළ එකක් ,ඒ වගේම මේකේ ලයින් 300ක් විතර ඩුබායිවලට යන අතරමග පැය 4ක විතර ගුවන් යානයේ ඉදනුත් කරපු එකක්…මේක මුල් කාලයේම වෙබ් අඩවියට දෙන්න හිතපුවම හොද ටොරන්ට් එක්ක තිබ්බේ නැහැ…ඊට පස්සේ 31 රෑ දෙන්න හදපුවම හදිසියේම ආපු චිත්‍රපටියකට කරපු නිසා එදා උනෙත් නෑ, අන්තිමට එදා හදිස්සියේ කරපු චිත්‍රපටිය වෙබ් අඩවියේ පළ කරන්න උනේ නෑ ඒක තවත් කෙනෙක් බාර අරන්. කොහොම හරි අවසානයේදි 50 වෙනි එකේ දෙන්න පුළුවන් උනා …..පේනවා ඇතිනේ පුදුම අපල උපසිරසක්ද කියලා….”All is well” කියලා එහෙනම් අපි කතාව පැත්තට යමු.
2012 ජනවාරි 12 වෙනිදා තීරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටිය ඉන්දියාවේම නිර්මාණය වූ හින්දි චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක්… vijay, Jiiva, Srikanth නළුවන් රංගනයෙන් දායක වෙනවා ඒ වගේම හින්දි එකටත් වඩා ලස්ස්නට වැඩේ කරලා තියෙනවා…7.6/10 IMDb මීටරෙත් කරකවගෙන තියෙනවා…කතාව ගැන වැඩිය කියන්නේ නෑ අද හෙන දිග ලිපියක් නිසා…විශ්ව විද්‍යලයක ගෙවෙන යාළුවන් 3 දෙනෙක් වටා තමයි කතාව තියෙන්නේ මේක මගෙන් කිහිප දෙනක් ඉල්ලුවා වෙබ් අඩවියෙනුත් එහෙනම් කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
“One man can make a difference (Knight rider 1982)– එක මනුස්සයෙක්ට වෙනසක් කරන්න පුළුවන් “


vettaikaran sinhala sub දෙන්න පුුලුවනද
මෙච්චර පහුවෙලා දාන එක ගැන සමාවෙන්න,ඔයා 50 ගහන දවස් වල මම සයිට් එක ගැන දැනගෙන හිටියේ නැහැ,50 ස් වෙනි උපසිරසි නිර්මාණයට මගෙන් සුබ පැතුම්
සමාවෙන්න දැක්කේ නැහැ කියලා නිවරදි කරන්න ඕනේ
මොකද මම tamil fillms බලන්නේ නැති නිසා
Sub Eka Download Karanna Be Adf.ly Virus Detect Karanawa. Wena Drive Link Ekak Denno
Meke synchronisation rate eka.kiiiyada balanna hena amaarune
niyamai brooo
thanks sub ekata deviyo dunna wage jayawewa……………
Me link eken download krna bane film eka
download link update kara atha.