• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle

Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle

2017/11/06 at 6:05 pm
Hasitha Prasad

Valerian and the City of a Thousand Planets (2017)

ආයුබෝවන් Subz LK රසිකයන් සියලුම දෙනාට.අද ඕගොල්ලන්ට අරගෙන එන්නේ මේ වසරේ තිරගත වුණ Valerian and the City of a Thousand Planets (වැලේරියන් සහ දහස්ලෝ පුරවරය) චිත්‍රපටයේ උපසිරැසිය මේක අපේ ඇඩ්මින් මණ්ඩලයේ සමීර සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුටත් ස්තූති කරන්න ඕනෙ ඒ වෙනුවෙන්.බාරගත්තට මොකද මේකට ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නෑ ඒ වෙනකොට තිබුණ එකත් ගූගල් ට්‍රාන්ස්ලේටඩ්, ඒ හින්දම ටයිම් ලයිනුත් හදාගෙන අසා ලිවීමක් කරගෙන යද්දි තමයි ඉංග්‍රීසි උපසිරැසියක් කියන එක කොච්චර වටිනවද කියල ඇත්තටම දැනුනෙ.ඒ අතරේ අපේ ඇඩ්මින් සහෝදරවරු සහ අපේ පසිඳු සහෝදරය මට උපසිරැසි දෙකක්ම හොයල එවල තිබුණ, ඒ දෙකත් අඩුපාඩු ගොඩක් තිබුණ දෙකක් වුණත් මට ශ්‍රවණය කිරීමෙන් තේරුම්ගන්න බැරිවුණ ගොඩක් වචන තේරුම්ගන්න ඒක ලොකු උදවුවක් වුණා.ඒකට බොහොම ස්තූතියි ඔය දෙපාර්ශවයටම.ඒ ඔක්කොම කලාට පස්සෙ අද නිකමට Subscene එකට ගිහින් බලද්දි හොඳ  සබ් එකක් ඇවිත් ඊයෙ රෑ.මොනව කරන්නද දුක තමයි. පිටපත ගැනත් ටිකක් කියන්නම් මේක හාඩ්කෝඩඩ් HDrip එකක්,  වීඩියෝ කොලිටි එක හොඳටම හොඳයි අපේ ඇඩ්මින්ලම තමයි මේ පිටපතේ Openload ලින්ක් එක මට එව්වෙත්, ඒගොල්ලොම අප්ලෝඩ් කල එකක් වගේ මගෙ නමත් :-) දාල තියෙන්නෙ, ඒකට ස්තූතියි හොඳේ.  උපසිරැසියනම්  වෙනද වගේම හාඩ්කෝඩඩ් සබ් එක වැහෙන්න බැක්ග්‍රවුන්ඩ් එකක් දාපු .ass ෆයිල් එකකුයි සාමාන්‍ය .srt ෆයිල් එකකුයි දෙකක් දීල ඇති. නැත්නම් ප්ලේයර් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකක් දාගෙන බලන්න. දැන් අපි යමු චිත්‍රපටය පැත්තට...

Imdb අගය 6.7ක් ලබාගෙන Rotten Tomatosලගෙන් 46% ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ප්‍රංශ ජාතික Pierre Christian සහ Jean-Claude Mézières රචනා කල "Valerian and Laureline" කොමික් පොත් මාලාව ඇසුරින්.අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Luc Besson ගෙන්, මේක ඔහුගේ ජීවිත කාලය පුරා තිබුණ සිහිනයක් සැබෑවීමක්ලු ඒ නිසාම තමන්ට අධ්‍යක්ෂණය වෙනුවෙන් ලැබුණ මුදල් පවා ඔහු මේ චිත්‍රපටය වෙනුවෙන්ම කැප කලාලු ඒ වගේම මේකෙ ඔහුගේම The Fifth Element (1997) චිත්‍රපටය මතක් වෙන තැන්  කීපයක්ම දැකගන්නත් පුළුවන්.ඒ කොහොම වුණත් ආදායම් අතින් අසාර්ථක වුණ මේ චිත්‍රපටය නිසා මෙය නිර්මාණය කල  EuropaCorp ආයතනය ලොකු අමාරුවකත් වැටිල තියනවා, ඒව එහෙම  වුණත් මේක නිදහසේ බලන්න පුළුවන් ලස්සණ චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ. දැන් අපි බලමු මේකට රංගනයෙන් දායක වෙන අය ගැන - Dane DeHaan (මේජර් වැලේරියන්), Cara Delevingne ( ලෝරලීන්) , Clive Owen (කමාන්ඩර් අරුන් ෆිලිට්), Herbie Hancock (ඇමතිතුමා), Sam Spruell (ජෙනරල්ඔක්ටොබා), Ethan Hawke (ජොලී), Rihanna (බබල්) වගේ නළු නිළි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. දැන් අපි යමු කතාව පැත්තට…

මේ කතාව ගෙතෙන්නේ පෘතුවි කක්ෂය තුල තිබෙන ඇල්ෆා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා, වසර ගණනක් තිස්සේ විවිධාකාර ජාතීන්, ජීවීන් සමගින් ප්‍රමාණයෙන්ද විශාල වී තිබෙන මේ ඇල්ෆා මධ්‍යස්ථානයේ බර සහ ප්‍රමාණය පෘතුවියට තර්ජණයක් වීම යන කාරණය මත එය පෘතුවි කක්ෂයෙන් නිදහස් කර දමනවා.මේ වනවිට එය තියෙන්නෙ පෘතුවියට සෑහෙන දුරින්, ඈත විශ්වයට ගමන් කරමින් මිලියන ගණනක් ජීවීන් විශේෂ එක්තැන් කරගත් ලෝකයක් වගේ කිව්වත් හරි.විශ්වය පාලනය වෙන්නෙත් මේ අතරින් ප්‍රධාන ජීවීන්ගේ එකතුවක් වූ කවුන්සිලයක් මගින්.කතාව ආරම්භ වෙන්නෙ එයින් වසර ගණනාවකට පසුව...මේජර් වැලේරියන් සහ සාජන් ලෝරලීන් කියන්නෙ මානව හමුදාව හා සම්බන්ධ අභ්‍යවකාශගාමීන්දෙදෙනෙක්.දවසක මේ දෙන්නට හම්බවෙනවා අපූරු මෙහෙයුමක් ඒ තමයි රජය බාරයේ තිබී යමෙක් විසින් සොරාගත්තු "පරිවර්තකය" නම් උපකරණයක් සොයා යෑම.මේක උපකරණයක් කිව්වට උපකරණයක්මත් නෙමෙයි, මේ මෙහෙයුම ලේසි එකකුත් නෙමෙයි, එහෙනම් ඕගොල්ලොම බලන්නකො මේ අරුම පුදුම පරිවර්තකය මොකද්ද කියල.පහළින් තියන පැහැදිළි කිරීම් කොටසත් කියවලම යන්න...ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

පැහැදිළි කිරීම්

මේ චිත්‍රපටයේ ජීවීන් 200කට අධික  සංඛ්‍යාවක් ඉන්නවලු.අධ්‍යක්ෂක  ලූක් බෙසන් විසින් මේ ජීවින් සියලු දෙනාගේ විස්තර සහිත පිටු 600 පොතකුත් ලියල.චරිත තේරුම් ගැනීම සඳහා රඟපෑ හැමෝටම මේ පොත කියවන්න වුණා කියලත් Imdb අඩවියේ සඳහන්.මේ අතරින් වැදගත් චරිත කීපයක්.

The pearls (මුතුවාසීන්) :- මේ අයගෙ නිවහන මියුල් නම් සුන්දර ග්‍රහලෝකයක්. මුතු තමයි මේ අයගෙ ජීවිතේම.

බුලාන් බතෝර්වරු (boulan bathor) :- ජීවත් වෙන්නෙ මේ නමින්ම තියන ප්‍රදේශයක.ගිය කෙනෙක් ආයෙ එන්නෙ නෑ කියලයි කියන්නෙ.

ඩෝගින් ඩැගීස් :- ටිකක් අමුතු සත්තු වර්ගයක් (මේකෙ ඉන්නෙම එහෙම සත්තු තමා) තුන් දෙනෙක් එකට ඉන්නෙ, කතා කරන විදිය තමයි ලස්සනම.

ග්ලැමපොඩ් :- ඕනෑම වේශයක් ගැනීමේ හැකියාවක් ඇති ජීවීන් විශේෂයක්.

මේ සියල්ල ගැන වැඩි විස්තර මෙතනින තව කියන්න ඕනෙ මේජර් වැලේරියන්ගෙ සහ සාජන් ලෝරලීන්ගෙ යානෙ The Intruder 980 මම ඒක අනාරාධිත 980 කියල සිංහලට හැරෙව්ව.

Spoiler Warning : In the 28th century, special operatives Valerian (Dane DeHaan) and Laureline work together to maintain order throughout the human territories. Under assignment from the minister of defense, the duo embarks on a mission to Alpha, an ever-expanding metropolis where diverse species gather to share knowledge and culture. When a dark force threatens the peaceful city, Valerian and Laureline must race against time to identify the menace that also jeopardizes the future of the universe...

සිංහල උපසිරැසිය ලබා ගන්න 15941
Valerian and the City of a Thousand Planets
  • 3D (bluray)
    2.09 GB
    Download Torrent
  • 720p (bluray)
    1010.89 MB
    Download Torrent
  • 1080p (bluray)
    2.53 GB
    Download Torrent
  • 2160p (bluray)
    5.89 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • tharindu Unregistered User
    Windows 7UC Browser 7

    fatta bro thank yopu

    2017-11-07 at 6:16 pm
    Reply
  • asitha Unregistered User
    Windows 8.1Chrome 61

    godak thanks saho
    jaya

    2017-11-07 at 6:41 pm
    Reply
  • darshana Unregistered User
    Windows 10UC Browser 7

    godak sub wala timing waradi sahodaraya aka poddak balann

    2017-11-07 at 7:22 pm
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      HC HDRIP වලට විතරයි සබ් ගැලපෙන්නෙ…

      2017-11-07 at 9:59 pm
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      ඔව් පසිඳු හරි, HC HDRIP වලට විතරයි සබ් ගැලපෙන්නෙ. Web-Dl අප්ඩේට් එකක් දෙන්නම් හෙට අනිද්දම.

      2017-11-07 at 10:10 pm
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 61

    උපසිරැසියට බොහෝම ස්තූතියි!! අනිවාර්යෙන් බලනවා

    2017-11-08 at 7:08 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, ඉසුරු 🙂

      2017-11-09 at 3:47 pm
  • KANTHA Unregistered User
    Windows 7Firefox 54

    Best movie………
    better sinhalala subtitle….
    You are the great man……….
    Thanks again…!

    2017-11-08 at 11:52 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, Kantha 🙂

      2017-11-09 at 3:47 pm
  • Kavisha Methruwan ExPERT Subtitler
    Windows 8.1Chrome 61

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    2017-11-09 at 1:24 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, කවීෂ 🙂

      2017-11-09 at 3:48 pm
  • sam fisher Unregistered User
    Android 4.2Chrome 34

    මම හිතුව‍ෙ ඔවග‍ෙ වැඩ ව‍ෙන්න‍ෙ මට විතරයි කියල.බස් එක එන කම් ඉදල නැති නිසා විල් එකකට නගින ක‍ොටම බස් එනව.ක‍ොන්ඩ‍ෙකපන්න ගිය‍ොත් ලයිට් නැ කියල ග‍ෙදර එනක‍ොටම ලයිට් එනව.බඩපැල‍ෙනකම් සම්බ‍ොලයි බතුයි කනකම් ඉදල ෆයිඩ් රයිස් එකක් හම්බ ව‍ෙනව වග‍ෙ වැඩ මටනම් නිතරම ව‍ෙනව???(කවුරැහරි මට plan කරලම ද‍ෙනවැඩක් ඔක)තාමත් ඉස්සර පටන්ගත්ත ගැම්ම‍ෙම සබ්කරනව න‍ෙ.හ‍ොදටම මහන්සි ව‍ෙලා කරනම‍ෙද‍ෙට✌✌ස්තුති සහ‍ො✌✌

    2017-11-09 at 10:22 am
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      ඒකනං කියල වැඩක් නෑ , සෑම් ඔහොම වැඩ වෙනව ඕනෙතරම්. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට 🙂

      2017-11-09 at 3:56 pm
  • Kosala Unregistered User
    Windows 7Chrome 62

    Thanks saho sub ekata….WEB-DL ekata imatama sub eka update karala danna

    2017-11-09 at 1:26 pm
    Reply
    • Hasitha Prasad Unregistered User
      Windows 7Firefox 56

      බොහොම ස්තූතියි, කෝසල.. Web-Dl අප්ඩේට් එකක් දෙන්නම් ඉක්නට.

      2017-11-09 at 3:57 pm
  • viraj Unregistered User
    Windows 8.1Firefox 56

    sub ekata thanks saho.. jaya wewa!!

    2017-11-12 at 1:51 am
    Reply
  • Chathurika Dias Unregistered User
    Windows 8.1Chrome 63

    thanks saho.oyala me karana kapaweema aththatama agaya karanawa.sub nathi unama film balanneth na.oyala nisa sathutin balanawa.

    2018-01-18 at 11:24 am
    Reply
  • Harsha Unregistered User
    Android 6Samsung Browser 6.4

    දිගටම කරගෙන යන්න. කරන හැමෝටමත් සහයෝගය දෙන හැමෝටමත් ගොඩක් ස්තූතියි.ගොඩක් අය දැන් phone එකෙන් film බලන්න හුරුවෙලා තියනවා.ඒ ගැන හිතල ලේසියෙන් torrent එකයි sub එකයි ඉක්මනින් පහසුවෙන් downlode කරගන්න පුලුවන් විදිහට මේ website එක දෙන එක ගැන හරිම සතුටුයි.තව තවත් ප්‍රසිද්ධ කරලා මේ site එක ගැන දැනුවත් කරන්න

    2018-03-18 at 9:12 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms