Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 38
    • Denmark Movies 4
    • English Movies 436
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Movies English Movies Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle
Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Hasitha Prasad 3 years ago Action, Adventure, fantasy

Valerian and the City of a Thousand Planets (2017)

ආයුබෝවන් Subz LK රසිකයන් සියලුම දෙනාට.අද ඕගොල්ලන්ට අරගෙන එන්නේ මේ වසරේ තිරගත වුණ Valerian and the City of a Thousand Planets (වැලේරියන් සහ දහස්ලෝ පුරවරය) චිත්‍රපටයේ උපසිරැසිය මේක අපේ ඇඩ්මින් මණ්ඩලයේ සමීර සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුටත් ස්තූති කරන්න ඕනෙ ඒ වෙනුවෙන්.බාරගත්තට මොකද මේකට ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නෑ ඒ වෙනකොට තිබුණ එකත් ගූගල් ට්‍රාන්ස්ලේටඩ්, ඒ හින්දම ටයිම් ලයිනුත් හදාගෙන අසා ලිවීමක් කරගෙන යද්දි තමයි ඉංග්‍රීසි උපසිරැසියක් කියන එක කොච්චර වටිනවද කියල ඇත්තටම දැනුනෙ.ඒ අතරේ අපේ ඇඩ්මින් සහෝදරවරු සහ අපේ පසිඳු සහෝදරය මට උපසිරැසි දෙකක්ම හොයල එවල තිබුණ, ඒ දෙකත් අඩුපාඩු ගොඩක් තිබුණ දෙකක් වුණත් මට ශ්‍රවණය කිරීමෙන් තේරුම්ගන්න බැරිවුණ ගොඩක් වචන තේරුම්ගන්න ඒක ලොකු උදවුවක් වුණා.ඒකට බොහොම ස්තූතියි ඔය දෙපාර්ශවයටම.ඒ ඔක්කොම කලාට පස්සෙ අද නිකමට Subscene එකට ගිහින් බලද්දි හොඳ  සබ් එකක් ඇවිත් ඊයෙ රෑ.මොනව කරන්නද දුක තමයි. පිටපත ගැනත් ටිකක් කියන්නම් මේක හාඩ්කෝඩඩ් HDrip එකක්,  වීඩියෝ කොලිටි එක හොඳටම හොඳයි අපේ ඇඩ්මින්ලම තමයි මේ පිටපතේ Openload ලින්ක් එක මට එව්වෙත්, ඒගොල්ලොම අප්ලෝඩ් කල එකක් වගේ මගෙ නමත් දාල තියෙන්නෙ, ඒකට ස්තූතියි හොඳේ.  උපසිරැසියනම්  වෙනද වගේම හාඩ්කෝඩඩ් සබ් එක වැහෙන්න බැක්ග්‍රවුන්ඩ් එකක් දාපු .ass ෆයිල් එකකුයි සාමාන්‍ය .srt ෆයිල් එකකුයි දෙකක් දීල ඇති. නැත්නම් ප්ලේයර් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකක් දාගෙන බලන්න. දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…

Imdb අගය 6.7ක් ලබාගෙන Rotten Tomatosලගෙන් 46% ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ප්‍රංශ ජාතික Pierre Christian සහ Jean-Claude Mézières රචනා කල “Valerian and Laureline” කොමික් පොත් මාලාව ඇසුරින්.අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Luc Besson ගෙන්, මේක ඔහුගේ ජීවිත කාලය පුරා තිබුණ සිහිනයක් සැබෑවීමක්ලු ඒ නිසාම තමන්ට අධ්‍යක්ෂණය වෙනුවෙන් ලැබුණ මුදල් පවා ඔහු මේ චිත්‍රපටය වෙනුවෙන්ම කැප කලාලු ඒ වගේම මේකෙ ඔහුගේම The Fifth Element (1997) චිත්‍රපටය මතක් වෙන තැන්  කීපයක්ම දැකගන්නත් පුළුවන්.ඒ කොහොම වුණත් ආදායම් අතින් අසාර්ථක වුණ මේ චිත්‍රපටය නිසා මෙය නිර්මාණය කල  EuropaCorp ආයතනය ලොකු අමාරුවකත් වැටිල තියනවා, ඒව එහෙම  වුණත් මේක නිදහසේ බලන්න පුළුවන් ලස්සණ චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ. දැන් අපි බලමු මේකට රංගනයෙන් දායක වෙන අය ගැන – Dane DeHaan (මේජර් වැලේරියන්), Cara Delevingne ( ලෝරලීන්) , Clive Owen (කමාන්ඩර් අරුන් ෆිලිට්), Herbie Hancock (ඇමතිතුමා), Sam Spruell (ජෙනරල්ඔක්ටොබා), Ethan Hawke (ජොලී), Rihanna (බබල්) වගේ නළු නිළි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. දැන් අපි යමු කතාව පැත්තට…

මේ කතාව ගෙතෙන්නේ පෘතුවි කක්ෂය තුල තිබෙන ඇල්ෆා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා, වසර ගණනක් තිස්සේ විවිධාකාර ජාතීන්, ජීවීන් සමගින් ප්‍රමාණයෙන්ද විශාල වී තිබෙන මේ ඇල්ෆා මධ්‍යස්ථානයේ බර සහ ප්‍රමාණය පෘතුවියට තර්ජණයක් වීම යන කාරණය මත එය පෘතුවි කක්ෂයෙන් නිදහස් කර දමනවා.මේ වනවිට එය තියෙන්නෙ පෘතුවියට සෑහෙන දුරින්, ඈත විශ්වයට ගමන් කරමින් මිලියන ගණනක් ජීවීන් විශේෂ එක්තැන් කරගත් ලෝකයක් වගේ කිව්වත් හරි.විශ්වය පාලනය වෙන්නෙත් මේ අතරින් ප්‍රධාන ජීවීන්ගේ එකතුවක් වූ කවුන්සිලයක් මගින්.කතාව ආරම්භ වෙන්නෙ එයින් වසර ගණනාවකට පසුව…මේජර් වැලේරියන් සහ සාජන් ලෝරලීන් කියන්නෙ මානව හමුදාව හා සම්බන්ධ අභ්‍යවකාශගාමීන්දෙදෙනෙක්.දවසක මේ දෙන්නට හම්බවෙනවා අපූරු මෙහෙයුමක් ඒ තමයි රජය බාරයේ තිබී යමෙක් විසින් සොරාගත්තු “පරිවර්තකය” නම් උපකරණයක් සොයා යෑම.මේක උපකරණයක් කිව්වට උපකරණයක්මත් නෙමෙයි, මේ මෙහෙයුම ලේසි එකකුත් නෙමෙයි, එහෙනම් ඕගොල්ලොම බලන්නකො මේ අරුම පුදුම පරිවර්තකය මොකද්ද කියල.පහළින් තියන පැහැදිළි කිරීම් කොටසත් කියවලම යන්න…ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

පැහැදිළි කිරීම්

මේ චිත්‍රපටයේ ජීවීන් 200කට අධික  සංඛ්‍යාවක් ඉන්නවලු.අධ්‍යක්ෂක  ලූක් බෙසන් විසින් මේ ජීවින් සියලු දෙනාගේ විස්තර සහිත පිටු 600 පොතකුත් ලියල.චරිත තේරුම් ගැනීම සඳහා රඟපෑ හැමෝටම මේ පොත කියවන්න වුණා කියලත් Imdb අඩවියේ සඳහන්.මේ අතරින් වැදගත් චරිත කීපයක්.

The pearls (මුතුවාසීන්) :- මේ අයගෙ නිවහන මියුල් නම් සුන්දර ග්‍රහලෝකයක්. මුතු තමයි මේ අයගෙ ජීවිතේම.

බුලාන් බතෝර්වරු (boulan bathor) :- ජීවත් වෙන්නෙ මේ නමින්ම තියන ප්‍රදේශයක.ගිය කෙනෙක් ආයෙ එන්නෙ නෑ කියලයි කියන්නෙ.

ඩෝගින් ඩැගීස් :- ටිකක් අමුතු සත්තු වර්ගයක් (මේකෙ ඉන්නෙම එහෙම සත්තු තමා) තුන් දෙනෙක් එකට ඉන්නෙ, කතා කරන විදිය තමයි ලස්සනම.

ග්ලැමපොඩ් :- ඕනෑම වේශයක් ගැනීමේ හැකියාවක් ඇති ජීවීන් විශේෂයක්.

මේ සියල්ල ගැන වැඩි විස්තර මෙතනින තව කියන්න ඕනෙ මේජර් වැලේරියන්ගෙ සහ සාජන් ලෝරලීන්ගෙ යානෙ The Intruder 980 මම ඒක අනාරාධිත 980 කියල සිංහලට හැරෙව්ව.







Year : 2017

Rating : 6.7

Genre : Action, Adventure, Fantasy

Actors : dane dehaan, cara delevingne, clive owen, rihanna

Writer : pierre christin , jean-claude mézières , luc besson

Director : luc besson

Plot :

A dark force threatens Alpha, a vast metropolis and home to species from a thousand planets. Special operatives Valerian and Laureline must race to identify the marauding menace and safeguard not just Alpha, but the future of the universe.


 


ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 429 Views




සිංහල උපසිරැස Download කරගන්න 14110 times


Hasitha Prasad

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි
6.7
IMDB
100%
User Rating



Watch More

Captive State (2019) Sinhala Subtitle

The Swan Princess: A Royal Wedding (2020) Sinhala Subtitle

Easy Money II: Hard to Kill (2012) Sinhala Subtitle

The Tunnel (2016) Sinhala Subtitle

S.M.A.R.T. Chase (2017) Sinhala Subtitle

Black hat (2015) Sinhala Subtitle

Marjaavaan (2019) Sinhala Subtitle

Real (2017) Sinhala Subtitle

Black Butterfly (2017) Sinhala Subtitle

‹ ›

ADS


  1. KAVINDA GAMAGE
    Unregistered User November 7, 2017 at 12:19 am

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 7, 2017 at 10:10 pm

      බොහොම ස්තූතියි, කාවින්ද

      Reply
  2. gmail
    Unregistered User November 7, 2017 at 3:30 am

    baw amch thnks godak .balala hoda naraka kiyannum

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 7, 2017 at 10:11 pm

      බොහොම ස්තූතියි, අනිවාර්යයෙන්ම හොඳ නරක කියන්න.

      Reply
  3. Pasindu Amarasinghe
    Subtitler November 7, 2017 at 4:59 am

    සුපිරිම කතාවක්සහෝ✌️✌️✌️✌️
    උපසිරසියට තුති??
    ඔබට ජය???

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 7, 2017 at 10:14 pm

      බොහොම ස්තූතියි, පසිඳු ‍ Web-Dl අප්ඩේට් එකකුත් දෙන්නම් මම හෙට අනිද්දම.

      Reply
      • Pasindu Amarasinghe
        Subtitler November 8, 2017 at 6:09 am

        එලම Bluray ත් ලගදිම එයි…..

        Reply
      • Navod tharidu
        Unregistered User April 10, 2018 at 11:01 am

        patta bro thnkz sub aka supiri oyage hikiyawata thnkz 💪💪💪😎😎😎😎

        Reply
  4. Dias
    Unregistered User November 7, 2017 at 6:26 am

    මෙලෝ රහක් නැති tv serious වලට සබ් කරනවාට වඩා මේ වගේ ෆිල්ම් වලට සබ් කරන එක වටිනවා බං.දිගටම english film වලට සබ් දීපන් මචං..,thank you..?

    Reply
  5. Madusara Manawasinghe
    Subtitler November 7, 2017 at 7:13 am

    එලම තමයි බ්‍රෝ.
    ජයවේවා!

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 7, 2017 at 10:14 pm

      බොහොම ස්තූතියි, මධුසර

      Reply
  6. KANTHA
    Unregistered User November 7, 2017 at 8:29 am

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 7, 2017 at 10:15 pm

      බොහොම ස්තූතියි, Kantha

      Reply
  7. Silent$
    Unregistered User November 7, 2017 at 9:10 am

    Pattaaaaaaaaaaaa

    Reply
  8. Devinda
    Unregistered User November 7, 2017 at 12:53 pm

    Ty malli….Gdk Pin….

    Reply
  9. Madusha
    Unregistered User November 7, 2017 at 2:10 pm

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  10. සමීර ඉඳුනිල්
    Subtitler November 7, 2017 at 3:04 pm

    සබට තුති සහෝ! මටත් පසිදු අමරසිංහ සහෝ තමා මේ ෆිල්ම් එක හසිතට භාර දෙන්න කිව්වේ…එයාමයි ඩිරෙක්ට් ලින්ක් එකත් හදලා එව්වේ… ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක එයාට යන්න ඕනේ…! මහන්සියක් වෙලා කරාට පාඩුවක් වෙන් නැති උපසිරසියක් මේක. එහෙනම් ජය!

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 7, 2017 at 10:21 pm

      ඔව්, ඔව් පසිඳුට ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක බලනකං, ඉන්ග්ලිෂ් සබ් එකකුත් හොයල එවල තිබ්බ.එහෙනං ක්‍රෙඩිට් එක එයාටම දෙමු.. ඔව් ඇත්ත මහන්සිවුණාට පාඩුවක් නැති ලස්සණ ෆිල්ම් එකක් , ඒකමයි හරියාකාර ඉන්ග්ලිෂ් සබ් එකක් එනකංබලා ඉන්න හිතුණෙ නැත්තෙත්.දැන්නං web-Dl එකක් ඇවිත් තියෙන්නෙ ඒකට අප්ඩේට් එකක් දෙන්නම්
      හෙට අනිද්දට. බොහොම ස්තූතියි, සමීර

      Reply
      • Pasindu Amarasinghe
        Subtitler November 8, 2017 at 6:11 am

        ඔව් මේක එනකම් හිටියෙ හරි ඉංග්‍රීසි සබ් එකක්තිබ්බෙත් නෑනේ බලන්න ඔයා දවස් දෙකෙන් කරල දෙන්නම් කිව්ව නිසා මම බලන් හිටියෙ ඔයාගෙ සබ් එකත් එක්ක බලන්න්?????

        Reply
  11. Mithun
    Unregistered User November 7, 2017 at 4:07 pm

    Leatherface
    2017 ‧ Thriller /Horror
    Saho makatat sab ekak karanna balanna fatta film ekak
    Mkvcage web-dl

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 7, 2017 at 10:23 pm

      බලමු මිතුන් ට්‍රයි එකක් දෙමු

      Reply
      • mithun
        Unregistered User November 8, 2017 at 8:39 am

        Kiyanawata balala inna .

        Reply
  12. ලහිරු සඳරුවන්
    Unregistered User November 7, 2017 at 4:13 pm

    තෑන්ක්ස් සහෝ සබ් එකට.
    කවුරුමහරි සබ් එක දෙනකම්මයි හිටියේ.
    ජයවේවා!!!

    Reply
  13. tharindu
    Unregistered User November 7, 2017 at 6:16 pm

    fatta bro thank yopu

    Reply
  14. asitha
    Unregistered User November 7, 2017 at 6:41 pm

    godak thanks saho
    jaya

    Reply
  15. darshana
    Unregistered User November 7, 2017 at 7:22 pm

    godak sub wala timing waradi sahodaraya aka poddak balann

    Reply
    • Pasindu Amarasinghe
      Subtitler November 7, 2017 at 9:59 pm

      HC HDRIP වලට විතරයි සබ් ගැලපෙන්නෙ…

      Reply
      • Hasitha Prasad
        Creator Of This Subtitle November 7, 2017 at 10:10 pm

        ඔව් පසිඳු හරි, HC HDRIP වලට විතරයි සබ් ගැලපෙන්නෙ. Web-Dl අප්ඩේට් එකක් දෙන්නම් හෙට අනිද්දම.

        Reply
  16. Isuru Dananjaya
    Subtitler November 8, 2017 at 7:08 am

    උපසිරැසියට බොහෝම ස්තූතියි!! අනිවාර්යෙන් බලනවා

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 9, 2017 at 3:47 pm

      බොහොම ස්තූතියි, ඉසුරු

      Reply
  17. KANTHA
    Unregistered User November 8, 2017 at 11:52 am

    Best movie………
    better sinhalala subtitle….
    You are the great man……….
    Thanks again…!

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 9, 2017 at 3:47 pm

      බොහොම ස්තූතියි, Kantha

      Reply
  18. Kavisha Methruwan
    Subtitler November 9, 2017 at 1:24 am

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 9, 2017 at 3:48 pm

      බොහොම ස්තූතියි, කවීෂ

      Reply
  19. sam fisher
    Unregistered User November 9, 2017 at 10:22 am

    මම හිතුව‍ෙ ඔවග‍ෙ වැඩ ව‍ෙන්න‍ෙ මට විතරයි කියල.බස් එක එන කම් ඉදල නැති නිසා විල් එකකට නගින ක‍ොටම බස් එනව.ක‍ොන්ඩ‍ෙකපන්න ගිය‍ොත් ලයිට් නැ කියල ග‍ෙදර එනක‍ොටම ලයිට් එනව.බඩපැල‍ෙනකම් සම්බ‍ොලයි බතුයි කනකම් ඉදල ෆයිඩ් රයිස් එකක් හම්බ ව‍ෙනව වග‍ෙ වැඩ මටනම් නිතරම ව‍ෙනව???(කවුරැහරි මට plan කරලම ද‍ෙනවැඩක් ඔක)තාමත් ඉස්සර පටන්ගත්ත ගැම්ම‍ෙම සබ්කරනව න‍ෙ.හ‍ොදටම මහන්සි ව‍ෙලා කරනම‍ෙද‍ෙට✌✌ස්තුති සහ‍ො✌✌

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 9, 2017 at 3:56 pm

      ඒකනං කියල වැඩක් නෑ , සෑම් ඔහොම වැඩ වෙනව ඕනෙතරම්. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට

      Reply
  20. Kosala
    Unregistered User November 9, 2017 at 1:26 pm

    Thanks saho sub ekata….WEB-DL ekata imatama sub eka update karala danna

    Reply
    • Hasitha Prasad
      Creator Of This Subtitle November 9, 2017 at 3:57 pm

      බොහොම ස්තූතියි, කෝසල.. Web-Dl අප්ඩේට් එකක් දෙන්නම් ඉක්නට.

      Reply
  21. viraj
    Unregistered User November 12, 2017 at 1:51 am

    sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  22. Chathurika Dias
    Unregistered User January 18, 2018 at 11:24 am

    thanks saho.oyala me karana kapaweema aththatama agaya karanawa.sub nathi unama film balanneth na.oyala nisa sathutin balanawa.

    Reply
  23. Harsha
    Unregistered User March 18, 2018 at 9:12 am

    දිගටම කරගෙන යන්න. කරන හැමෝටමත් සහයෝගය දෙන හැමෝටමත් ගොඩක් ස්තූතියි.ගොඩක් අය දැන් phone එකෙන් film බලන්න හුරුවෙලා තියනවා.ඒ ගැන හිතල ලේසියෙන් torrent එකයි sub එකයි ඉක්මනින් පහසුවෙන් downlode කරගන්න පුලුවන් විදිහට මේ website එක දෙන එක ගැන හරිම සතුටුයි.තව තවත් ප්‍රසිද්ධ කරලා මේ site එක ගැන දැනුවත් කරන්න

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Palmer (2021) Sinhala Subtitle 840 Hasitha Prasad
The Mortuary Collection (2019) Sinhala Subtitle 302 දමිත් ප්‍රියංකර
Our Friend (2021) Sinhala Subtitle 287 Hasitha Prasad
The Defender (1994) Sinhala Subtitle 215 Rasika Samanjith
Secrets of Sulphur Springs (2021) [S01 : E02] Sinhala Subtitle 191 Gayan Chandana
Space Sweepers (2021) Sinhala Subtitle 138 Nimansa Bandara
The Vampire Diaries (2009) [S04 : E04] Sinhala Subtitle 115 දමිත් ප්‍රියංකර
Wolfwalkers (2020) Sinhala Subtitle 115 Hasitha Prasad
The Little Things (2021) Sinhala Subtitle 107 Hasitha Prasad
Secrets of Sulphur Springs (2021) [S01 : E03] Sinhala Subtitle 106 Gayan Chandana

ads

ads