47 Meters Down (2017) Sinhala Subtitle

/

ආයුබෝවන් කියලා පිලිගන්නවා Subz LK අඩවියට ගොඩවදින සියලු දෙනාටම! සමීර ඉදුනිල් කියන නම නම් ඔයාලට මතකද දන් නැහැ. මොකද මම අන්තිමට උපසිරැසියක් කරද්දී ලාම්පු තෙල් නිල් පාටයි, ලං.ග.ම. බස් කහ පාටයි.? ඔන්න ඕකයි තත්වේ. ඒත් නිතර අඩවියට ගොඩවදින සමාජ ජාල මගින් අපිත් එක්ක සම්බන්ධ වන අතලොස්සකටනම් මාව අමතක වෙන්න විදියකුත් නැහැ. මොකද වෙබ් අඩවියේ පරිපාලන පැත්තෙන් අපේ ඇඩ්මින් මඩුල්ල වන දමියා, කවීෂ(ස) මලයා සහ පසිදු මලයා සමග මාත් නිරන්තරයෙන් මේතුල ගැවසුන නිසා. උපසිරැසි කරන්න බැරි උනේනම් අධ්‍යාපන කටයුතු නිසාවෙන්. වෙබ් අඩවියක් කරනකොට ඒකෙ කොච්චරනම් වැඩ තියෙනවද ඉතින්, ලැබෙන කාලයෙන් ඒ වැඩ සදහා වෙන් කළා මිසක් උපසිරැසි කරන්න වෙලාවක් වෙන් කරන්න අමාරු උනා. දැන්නම් ලොකු කාර්යයබහුල බවක් නැහැ. කලින්ට වඩා පොඩ්ඩක් ලිහිල්. ඒකයි උපසිරැසියක් ගෙන්න හිතුවේ. ඉදිරියට ටිකක් හෙමින් හෝ උපසිරැසි කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා! තවත් මං ගැන හේතු කාරණා මොකට ද නේද?? හැරෙමු අදාළ කාරණාව දිහාවට.

47 Meters Down (මීටර් 47ක් පතුලට)

පළමුවෙන්ම සිනමා පටය ගැන සුපුරුදු විදියට විස්තරයක් කරන්නම්, මෙම සිනමා පටය එලිදැක්වුනේ 2017 මැයි 25 වෙනිදා ඉතාලියේදී. මෙම සිනමාපටය නිර්මාණ කාර්යට ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5 ක මුදලක් වියදම් වෙලා තිබෙන අතර Box Office වාර්තා වලට අනුව මෙම සිනමා පටය ඇමෙරිකානු ඩොලර් මිලියන 53.8 ක මුදලක් උපයාගෙන තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණය Johannes Roberts යන අයගේ වන අතර නිෂ්පාදනය සදහා Mark Lane සහ James Harris යන දෙපල දායකත්වය සපයා තිබෙනවා. කතාවේ පිටපත් රචකයින් වන්නේ අධ්‍යක්ෂණ භූමිකාව කල JohannesRoberts සහ Enerst Riera යන දෙදෙනා වනවා. ච්ත්‍රපටයක් නරබන්න ගියහම සුපුරුදු ලෙස අපි කවුරුත් අවධානය යොමු කරන IMDb දර්ශකයේ 5.8 ක අගයක් මෙම සිනමා පටය ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes(කුණු තක්කාලි?) දර්ශකයේ 53% ක අගයක් ලබාගෙන තිබෙනවා. මෙහි නළු නිලි දායකත්වය පැත්තට හැරෙනකොට, Mandy Moore ලීසා ට පන පොවන අතර Claire Holt කේට් ට පන පොවනවා. Chris Jonson ජයිවර් ලෙසත්, Yani Gellman ලොයිස් ලෙසත්, Santiago Segura බෙන්ජමින් ලෙසත්, Matthew Modine කැප්ටන් ටේලර් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.  චිත්‍රපටය පැය 01යි මිනිත්තු 29ක ධාවන කාලයක් උසුලන අතර IMDb දර්ශකයට අනුව මෙම සිනමා පටය Adventure, Drama, Horror ගණයට අයත් වෙනවා.

සිනමාපටයේ කතාපුවත ගැන යමක් කියනවනම්,

ලීසා සහ කේට් යන සහෝදරියන් දෙදෙනා නිවාඩුවක් ගත කරන්න මෙක්සිකෝවට ගිහිනුයි ඉන්නේ. ඔවුන් හෝටලයක නැවතී ඉන්න අතරතුර ඔවුන් දෙදෙනාට ලොයිස් සහ බෙන්ජමින් මුණ ගැහෙනවා, ඊට පස්සේ කට්ටියම යනවා මුහුද යට මෝරුන්ගේ අසිරිය විදින්න හිතාගෙන. ඒක මුහුදේ මෝරු ඉන්න කලාපයක්. ඒක මෙහෙමයි වෙන්නේ ඔවුන්ට ඔක්සිජන් කට්ටලයක් පලදවලා කූඩුවක දාලා මීටර් 5ක් වතුර යටට දොබකරයක් මාර්ගයෙන් බස්සනවා. මුලින් යන්නේ කොල්ලෝ දෙන්නා. ඔවුන්ට කසිම ගැටලුවකින් තොරව යටට ගිහින් ඒ අසිරිය විදගෙන උඩට එනවා, ඊලගට යන්නේ සහෝදරියෝ දෙන්නා, ඔවුනුත් බයෙන් බයෙන් තමා යන්නේ. ඒත් ගියාට පස්සේ හරි ජොලි වැඩේ මේක. දැන් තම ජොලිය දෙපිටින් යන්නේ..? අර දොබකරයත් කඩාගෙන අර කූඩුව වැටෙනවා මීටර් 47ක් මුහුදු පතුලට.(පතුල තව යට තිබ්බනම් තව වැටෙනවා ඉතින්?) ඔක්සිජනුත් තියෙන්නේ ටිකයි. සහෝදරියෝ දෙන්නා මූණ දෙන මේ ඉතා භයානක අත්දැකීම ගැන තමා කතාව යන්නේ. ඔවුන් බේරේවිද? මිනී මස් කන මෝරු ගොඩක් එක්ක ඔක්සිජනුත් හිගව මේ දෙන්නා පණ ගැටගහ ගනීද? ඒ කොහොමද? ඒකට ඉතින් කතාව බලන්න වෙනවා. තවත් දේවල් කිව්වොත් කතාවේ රසය යනවනේ.?

මුල ඉදන්ම පපුව ගැහෙන ජාතියේ චිත්‍රපටයක් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. ඔයාලත් බලලම තීරණය කරන්නකෝ. එහෙනම් අදට ගිහින් එන්නම්.තවත් උපසිරැසියකින් හමුවන තුරු ජය වේවා!

සියලුම BluRay පිටපත් සදහා උපසිරැසි ගැලපේ.

Spoiler Warning : Young sisters Kate and Lisa and travel to Mexico for a vacation filled with sun, fun and adventure. Lisa needs some extra persuasion when Kate suggests that they go diving in shark-infested waters. Safe in their protective cage, the thrill-seeking siblings come face to face with a group of majestic great whites. Their worst fears soon become a reality when the cage breaks away from their boat, sending them plummeting to the ocean floor with a dwindling supply of oxygen...

5.8
IMDB

Year : 2017

Actors : mandy moore, claire holt, chris johnson, yani gellman

Two sisters vacationing in Mexico are trapped in a shark cage at the bottom of the ocean. With less than an hour of oxygen left and great white sharks circling nearby, they must fight to survive.

2023-02-10 06:21 pm
New Subtitler

Movies

1

Tv Episodes

6

  • Download : 8691
  • File Size : 55.525KB
  • Sub Update :2020-12-31
  • Pasindu Amarasinghe Unregister User
    Android 7UC Browser 11.4

    එල සහෝ ??

    2017-09-23 at 8:00 pm
  • Suminda Lakshan Junior Subtitler
    Android 4.4Facebook Messenger 112

    සහෝ කාලෙකින් සබක් කරලා..?
    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ..??

    2017-09-23 at 8:07 pm
  • Sulakshana Thilakarathna User
    Android 7Chrome 58

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට

    2017-09-23 at 9:38 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 5

    ela tnx puluwannam 400mb pitapathath danna

    2017-09-24 at 4:24 am
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10Chrome 61

    Thanks මචං. අනිවාර්යෙන් බලන්න ඕනේ

    2017-09-24 at 6:58 am
  • Madusha Unregister User
    Windows 10Opera 47

    නියමයි.බොහොම ස්තූතියි
    සහෝ පුලුවන්නම් ඉදිරියෙදී Gantz Film series සබ් දෙන්න
    ජය වේවා!

    2017-09-24 at 10:22 am
    • Pasindu AmarAsinghe User
      Android 7UC Browser 11.4

      ෆිල්ම් එකටනම් දුන්නා ඔන්න

      2017-09-26 at 1:44 am
    • Madusha Unregister User
      Windows 10Opera 47

      නියමයි සහෝ ?

      2017-09-26 at 9:15 am
    • Thilina lakshan Unregister User
      Android 9Chrome 78

      Thanxx mchn ❤️😘

      2019-11-21 at 12:06 pm
  • randy Unregister User
    Windows 7Chrome 61

    Thanks මචං

    2017-09-24 at 12:34 pm
  • Pasindu Unregister User
    Android 6Chrome 57

    සුපිරි machan

    2017-09-24 at 3:55 pm
  • Pathum Chamara Senior Subtitler
    Android 6Firefox 55

    එළ වැඩක් සහෝදරයා.ලිපියත් සුපිරි

    2017-09-24 at 6:28 pm
  • dinu Unregister User
    Windows 7Chrome 60

    The Big Sick (2017) sub denna

    2017-09-25 at 1:42 am
  • Naveen Unregister User
    Android 5.1Chrome 50

    Me sinhala sub ekata godak thanks broooo

    2017-09-25 at 10:30 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Android 5Facebook App 130

    අම්මො මෙන්න..සමියා…සබක් කරලා…ඔව් ඔව් මම හිතන්නෙ අවසානෙට සබක් කරෙ අවුරුදු 2කට කලින් වෙන්න ඔන…

    2017-09-26 at 5:18 am
    • සමීර ඉඳුනිල් New Subtitler
      Windows 7Chrome 60

      ඔව් සහෝ! දන්නවනේ ඉතින් මං ගැන 😉

      2017-09-26 at 11:23 pm
  • Kaushan_P_Herath Unregister User
    Windows 8.1Firefox 55

    ලිපිය දැක්කම ෆිල්ම් එකත් බලන්න හිතුනා.සබට තෑන්ක්ස් බොක්ක

    2017-09-26 at 12:50 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 61

    ෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴

    2017-09-29 at 12:42 pm
  • nip Unregister User
    Windows 7Chrome 61

    thank u shahooo..godak than wal
    a sub aka baluwa ..hambune na…thanks….

    2017-10-04 at 1:27 pm
  • Hirushan Unregister User
    Android 4.3Chrome 61

    The big sick 2017 film eke shinnhala sub titile dennna

    2017-11-26 at 10:59 am
  • desh Unregister User
    Windows 8.1Firefox 57

    Bohoma pin sub ekata

    2018-01-24 at 9:24 pm

Leave a Reply to පසිදු සාරංග Cancel reply

Your email address will not be published. Required fields are marked *