Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Jungle Cruise (2021) Sinhala Subtitle

/
වනගත බෝට්ටු සවාරිය

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ ඩ්වේන් 'රොක්' ජොන්සන් , එමිලි බ්ලන්ට් සහ එඩ්ගා රමිසෙස් ප්‍රධාන චරිත නිරූපණය කරන Jungle Cruise(2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. හෝරා දෙකකුත් මිනිත්තු 7ක ධාවන කාලයකින් යුත් මෙය MPAA නැරඹුම් වයස් සීමා වර්ගීකරණය වී ඇත්තේ PG-13 ලෙස, එනම් දෙමාපිය මගපෙන්වීම යටතේ වයස 13න් ඉහල අයට සුදුසු චිත්‍රපටයක් ලෙස. මේ වනවිට IMDb වෙතින් 6.7ක අගයක්ද Rotten Tomatoes වෙතින් 63%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 50%ක අගයක්ද ලබා ඇති මේ චිත්‍රපටය මයිකල් ග්‍රීන්, ග්ලෙන් ෆිකාරා, ජෝන් රෙක්වා යන තිදෙනාගේ රචනයෙන් හැඩවී අධ්‍යක්ෂණය කරන්නේ ස්පාඤ්ඤ ජාතික යොමෙ කොලෙට්-සෙරා විසින්.

මේ චිත්‍රපටය නිමවෙන්නේ ඩිස්නිලන්තයේ Jungle Cruise බෝට්ටු සවාරිය පදනම් කරගෙනයි. එම සවාරිය ගැන වැඩි විස්තර ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් බලාගත හැකියි මෙම ලින්ක් එකට යාමෙන්.

මෙම ඩිස්නි තේමා උයන්වල මගපෙන්වන්නන් ලෙස ක්‍රියාකාරන අයට පොදුවේ භාවිතා වන නම "Skipper". චිත්‍රපටය තුලදී ඩ්වේන් ජොන්සන් තමන්ව කපිතාන්වරයෙකු ලෙස වෙනුවට ස්කිපර් කෙනෙක් ලෙස හඳුන්වාගන්නෙ මේ නිසයි. කෙසේ වෙතත් පරිවර්තනයේ පහසුව තකා කපිතාන් ලෙසම භාවිතා කලා මම. තවද මෙහි මුල් කාර්තුව තුල ඉංග්‍රීසි පද පෙරලි බොහොමයක් භාවිතා වන අතර, ඒවාද තනි අර්ථයක් එන ලෙස භාවිතා කරන්නට සිදුවුනා භාෂා දෙක අතර ඇති වෙනස්කම් නිසා.

චිත්‍රපටයට රංගනයෙන් දායක වන පිරිස මෙසේයි : ඩ්වේන් 'රොක්' ජොන්සන් ( ෆ්‍රෑන්ක්), එමිලි බ්ලන්ට් ( ලිලී හවුටන්), එඩ්ගා රමිරෙස් (ඇගිරේ), ජැක් විටොල් (මැක්ග්‍රෙගර් හවුටන්), ජෙසී ප්ලෙමොන්ස් ( යොවකිම් කුමරු), පෝල් ගිමති (නීලෝ) ඇතුළු පිරිසක්. කතාවට ඇරඹුමක් අරන් දෙන්නම් කෙටියෙන් මේ විදියට...

16 වන ශතවර්ෂයේදී ස්පාඤ්ඤ ආක්‍රමණික දොන් ඇගිරේ දකුණු ඇමරිකාවට පැමිණෙනවා සඳ කඳුළු නම් හාස්කම් සහිත මල් වර්ගයක් සොයා. මෙම මලේ පෙති ඕනෑම අසනීපයක් වේදනාවක් ශාපයක් දුරලිය හැකි එකක්. එහෙත් ඔවුන්ට සිදුවන්නේ ඔවුන් නොසිතූ දෙයක්.

1916 වසරේ ලන්ඩනයේදී, එනම් කාන්තාවන්ට ඒතරම් මූලිකත්වයක් නොලැබෙන යුගයක, ආචාර්ය ලිලී හවුටන් මෙම සඳ කඳුළු මල් ගැන ලියූ පර්යේෂණ පත්‍රිකාවක් ඇගේ සහොයුරු මැක්ග්‍රෙගර් හවුටන් විසින් රාජකීය සංගමය ඉදිරියේ ඉදිරිපත් කරනවා. ඒ එවකට ඇවිලෙමින් තිබෙන පලමු ලෝක යුද්ධයේදී තුවාල ලබන බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට පෙරකී මල් පෙති යොදාගැනීම පිලිබඳව. ඒ සඳහා ඔවුන් ඉල්ලා සිටිනවා රාජකීය සංගමයේ සංරක්ෂණාගාරය සතු යම් පුරාණ කෞතුක වස්තුවක්. එහෙත් ඔවුන් සූදානම් නෑ එය ලබාදෙන්නට. මල සෙවීම අත්හරින්නට සූදානම් නැති ලිලී තීරණයක් ගන්නවා. මල සොයා යන ගමනේදී ඇයට හමුවෙනවා මුදල් අවශ්‍යතාවෙන් පෙලෙන සටකපට කපිතාන්වරයෙක්. එතැන් සිට නරඹන ඔබට බාරයි, ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම WEB  සහ Blu-ray පිටපත් සඳහා ගැලපේ.

6.7
IMDB

Year : 2021

Actors : Dwayne Johnson,Emily Blunt,Edgar Ramírez

Jungle Cruise: Directed by Jaume Collet-Serra. With Dwayne Johnson, Emily Blunt, Edgar Ramírez, Jack Whitehall. Based on Disneyland's theme park ride where a small riverboat takes a group of travelers through a jungle filled with dangerous animals and reptiles but with a supernatural element.


2021-11-04 11:38 am
Junior Admin

Movies

273

Tv Episodes

225

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 956
  • File Size : 42.613KB
  • Sub Update : 2021-09-29
  • Inuka Wijerathna Expert Subtitler
    Windows 10Chrome 92

    සබ් එනකං ෆිල්ම් එක නොබලා හිටියා.
    බොහොම ස්තූතියි උපසිරැසියට.

    2021-08-04 at 2:56 pm
    • Inuka Wijerathna Expert Subtitler
      Windows 10Chrome 92

      අද රිලීස් වුන Beckett ෆිල්ම් එකට උපසිරැසියක් කරමුකො සහෝ.
      john david washington ඉන්නෙ

      2021-08-13 at 8:31 pm
  • දමිත් ප්‍රියංකර Admin (SYSTEM)
    Windows 10Chrome 92

    film එක බලද්දී සබ් එක වැටුනා කියලා ..alert එක ආවේ ..බලමු බලමු එහෙනම් !!!

    2021-08-04 at 6:47 pm
  • Supun Kaushalya Unregister User
    Android 11Chrome 92

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    2021-08-04 at 8:33 pm
  • Kantha_DLA Unregister User
    Windows 10Chrome 92

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-08-05 at 6:47 am
  • Wmr Deshan Expert Subtitler
    Android 11Samsung Browser 14.2

    බොහොම ස්තූතියි හසිත සහෝදරයා සබ් එකට!!

    2021-08-05 at 11:53 pm
  • Madusha Unregister User
    Windows 10Opera 77

    බොහෝම ස්තූතියි සහෝ

    2021-08-06 at 10:52 pm
  • Pradeep Unregister User
    Windows 7Chrome 92

    සබ් එකට ගොඩක් ස්තුතියි…!!!

    2021-08-31 at 8:05 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More