The Ice Road (2021) Sinhala Subtitle

July 01, 2021 Admin
Subtitle by Rasika Samanjith
අයිස් පාරේ වික්‍රමාන්විතය

 

                       හැමෝටම ආයුබෝවන් කියනවා. ජනප්‍රිය හොලිවුඩ් නලු ලියම් නීසන්ගෙ අලුත්ම පෙරලිය තමයි ඔයාලට අරගෙන ආවෙ. ඒ වගේම Netflix ගෙ තවත් නවතම ඉදිරිපත් කිරීමක්. දින කීපයක් නම් ප්‍රමාද වුනා. ඔයාලට ගුණාත්මක සබ් එකක් දෙන්න ටිකක් මහන්සි වෙන්න වුනා. ඉංග්‍රීසි උපසිරැසියේ ටයිම් ලයින් පවා අලුතෙන් වෙනස් කලා. මොකද ගොඩක් ලයින් තිබුනා කියවගන්න තරම් කාලයක්වත් නෑ. බාගයක් කියවනකොට ගිහින්. සමහර තැන්වල තප්පරයක් දෙකක් තුනක් කලින් එනවා. ඒ ඔක්කොම හැදුවා. Subz.lk අපි කණ්ඩායම නිතරම උත්සාහ කරන්නෙ අපි එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අපේ පාඨකයන් ගොනාට අන්දන්නෙ නැතුව, උණු එකකට වඩා ගුණ එකක් දෙන්නයි.
            ඉතින් චිත්‍රපටය තමයි Ice Road. ඇමරිකන් ෆිලුමක්. මුලින්ම නිකුත්වුනේ 2021 ජුනි 25 දිනයි. ඒ ඩිජිටල් මාධ්‍යයෙන්. Netflix විසින් එක්සත් ජනපදයේදීද, Amazon Prime Video විසින් එක්සත් රාජධානියේදීද නිකුත් කල අතර මේ වනවිට 5.5/10 ක IMDb අගයක්ද, 48% ක Rotten Tomatoes අගයක්ද, 77% ක Google පරිශීලකයන්ගේ කැමැත්තද ලබාගෙන තියෙනවා. Action, Adventure,Drama සහ Thriller විදිහට වර්ග වෙනවා. ධාවන කාලය විනාඩි 108 යි. කැනඩාවේ මැනිටෝබා පළාතේ විනිපෙග් හී මනස්කාන්ත දර්ශන තලයන්හී රූපගත කර ඇති මේ චිත්‍රපටයේ Liam Neeson (මයික් මැකාන්) සමග Laurence Fishburne (ජිම් ගෝල්ඩන්රොඩ්), Benjamin Walker (ටොම් වර්නේ), Amber Midthunder (ටැන්ටූ) සහ Marcus Thomas (ගර්ටි) රංගනයෙන් දායක වෙනවා. කිසිම අසභ්‍ය දර්ශනයක් නොමැති බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ.

කැනඩාවේ, මැනිටෝබාහී පිහිටි කැට්කා දියමන්ති පතලෙ පිපිරීමක් නිසා පතල් කම්කරුවන් 26 දෙනෙක් පොළොව යට උමගක හිරවෙනවා. පිපිරීමට හේතුව මීතේන් වායු නිධියක්. ඔවුන් එලියට ගන්න නම් මුලින් පොළොව විද, මීතේන් ළිඳට “ගෑස් වෙල්හෙඩ්” එකක් සවි කරන්න ඕනෙ. ඒ සඳහා ටොන් 25 ක වෙල්හෙඩ් එකක් සහ අඩි 300 ක බට ඉක්මනින් ගෙන ආ යුතු වෙනවා. මොකද පතල් කම්කරුවන්ට ඔක්සිජන් තියෙන්නෙ පැය 30 කට විතරයි. එපමණ බරක් ගුවනින් ගෙන ඒම ප්‍රතිකේෂ්ප වීම නිසා එකම විකල්පය වන්නේ අයිස් පාර දිගේ ට්‍රක් වලින් ප්‍රවාහනය කිරීමයි. අයිස් පාරවල් කියන්නෙ අධික ශීත ප්‍රදේශ වල හිම මිදුණු ගංගා, විල් සහ මුහුදු හරහා, තුනී අයිස් තට්ටු මත සාදන ලද පාරවල්. මේ පාරවල් වල රිය ධාවනය කිරීම සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් හැටියටයි ඇතැම් රියදුරන් හඳුන්වන්නේ. මේ සඳහා සමාන භාණ්ඩ පටවන ලද එක හා සමාන ට්‍රක් තුනක් ලෑස්ති කරනවා. ඒ උපායශීලී අතිරික්තයක් හැටියට. ඒ කියන්නෙ දෙකකට යම් ආපදාවක් වුනත් තව එකක් තියෙනවා. අයිස් පාරේ ප්‍රවාහන ආයතනයක් පවත්වාගෙන යන ජිම් ගෝල්ඩන්රොඩ් මේ වැඩේ බාරගෙන අනෙක් රියදුරන් හැටියට මයික් මැකාන් සහ සුරූපි දක්ෂ තරුන රියදුරුවරියක් වන ටැන්ටූව අරගන්නවා. අනතුරක් නිසා අදහස් ප්‍රකාශ කිරීමේ ආබාධයකින් පෙලෙන මැකාන්ගෙ සහෝදරයා තමයි මිකෑනික් හැටියට ගන්නෙ. කැට්කා රක්ෂණ සමාගම වෙනුවෙන් ටොම් වර්නේත් මේ භයානක මුදවා ගැනීමේ මෙහෙයුමට එකතුවෙනවා. නමුත් මොවුන්ගේ මේ ගමන කඩාකප්පල් කර පතල් කම්කරුවන් මැරෙන්නට හැරීමේ දරුණු කුමන්ත්‍රණයක් රහසින් සිදුවෙන බව ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ ගමනේ බාගයකුත් ගියාට පස්සෙයි. කුමන්ත්‍රණ කරුවන්ගේ එකම පරමාර්ථය, ඒ වෙල්හෙඩ් පතලට ඒම කෙසේ හෝ වැලැක්වීමයි. ඔවුන්ට ඒක කරගන්න හැකි වෙයිද?

ජය වේවා.

SUB FORMAT – SRT & IDX

QUALITY
480P //   450 MB BRRip
720p  //   698 MB BRRip   //   998 MB BRRip
1080p //  1.6 GB BRRip   //   2 GB BRRip

♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣

Available Torrents
720p bluray 998.9 MB
1080p bluray 2.01 GB
720p web 1002.58 MB
1080p web 2.01 GB
2160p web 4.87 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (4)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

  • mithun Unregistered
    Android 10 Chrome 87

    supiri filim tiksk avit ne hasitha… thank you.. okkama balanawa niwadu labana vidiyata.. thank ❤

  • mithun Unregistered
    Android 10 Chrome 87

    Peter Rabbit 2 ekath avit..

  • pradeep Unregistered
    Windows 10 Opera 77

    katla series eka sub karanna

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search