Deewaanapan (2001) Sinhala Subtitle
arjun rampal, dia mirza, vinod khanna, om puri
හැමෝටම ආයුබෝවන්. මම අද ඔයාලට අරගෙන ආවෙ ටිකක් පරණ, ඒත් ලස්සන හින්දි ෆිල්ම් එකක්. 2001 දී තිරගත කල “දීවානාපන්” (DEEWAANAPAN)චිත්‍රපටිය. මේකෙ රඟපෑවේ අර්ජුන් රම්පාල් සහ ඩියා මිර්සා. අර්ජුන් රම්පාල් දැන් දකින්නට අඩු වුනාට ඉස්සර පට්ට නලුවෙක්.
මේක මගේ පළමුවන හින්දි චිත්‍රපට උපසිරැසි වන අතර මේක මම විශේෂයෙන්ම තෝරාගත්තේ මගේ “හොඳම යාලුවා” වෙනුවෙන්.මොකද අවුරුදු ගානකට කලින් අපි කදේ දාගෙන බලපු මුල්ම හින්දි ෆිල්ම් එක තමයි “දීවානාපන්”. එයා ඒ ෆිල්ම් එකට ගොඩක් ආස වුනා. ඒකෙ තිබ්බෙ ඉංග්‍රීසි උපසිරැසි. ෆිල්ම් එක බලනකොට සැරින් සැරේ අහනවා” මොකක්ද ඒ කිව්වේ” කියලා. මම ඉතින් තේරුම කියනවා. ජීවිතේ ලස්සනම කාලයක්. ජීවිතේ ආයේ කවදාවත් හමු නොවෙන ඒ “හොඳම යාලුවා” වෙනුවෙන් තමයි, ඒ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි, Subz LK හරහා ඔබ වෙත තිලිණකරන්නේ.

ඉතින් මේ ෆිල්ම් එක තිරගත වුනේ 2001 නොවැම්බර් 16 වෙනිදා. රංගනයෙන් දායක වුනා අර්ජුන් රම්පාල්, ඩියා මිර්සා, විනෝද් කන්නා, ඕම් පූරි සහ ස්මිතා ජයකර්. මේකෙ බ්ලූරේ කොපියක් නම් තාම පිටවෙලා නෑ වාගෙ. හෙව්වා හෙව්වා හමුවුනේ නෑ. 720p HD කොපියකට තමයි සබ් දැම්මෙ. ඒ වුනාට අවුලක් නෑ. කොලිටි හොඳටම තියෙනවා. එහෙනම් ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් බලමු.
සූරජ් මධ්‍යම පාංතික තරුණයෙක්. නගරයේ ධනවත් බලවත් චරිතයක් වන චව්ද්රී රන්වීර් සිංගේ එකම දුව වෙන කිරන් සමඟ ආදර සම්බන්ධයක් ඇතිකරගන්නවා. මේක දැනගත්තු ගමන් චව්ද්රී රන්වීර් සිං, සූරජ්ට තර්ජනය කරනවා, කිරන් එක්ක තියෙන සම්බන්ධය නවත්තලා, ඒ නගරයත් අතහැරලා යන්න කියලා. ඒ විතරක් නොවේ සූරජ්ගේ පවුලේ අයටත්, නගරය දාලා යන්න වෙන විදිහට විවිධාකාර කරදර හිරිහැර කරනවා. සූරජ්, කිරන්ට දැනගන්න හරින්නේ නැතුව, මේ ඔක්කොම නිහඬව ඉවසනවා. මොකද කිරන් එයාගෙ තාත්තට ගොඩාක් ආදරේ නිසා. ඒ තාත්තා සහ දුව අතර ලොකු බැඳීමක් තියෙන නිසා. මොකද කිරන්ගෙ අම්මා නෑ. එයාගෙ හැමදේම තාත්තා. චව්ද්රී රන්වීර් සිංටත් එහෙමමයි. එයාගෙ දුව පණ වගේ. චව්ද්රී රන්වීර් සිං වියරු වැටිලා ඉන්නේ. එයා කීයටවත් සූරජ්ව පිලිගන්නේ නෑ. මේ දෙන්නා අතර මැදිවෙන කිරන්ගේ ඉරණම කොහොම වෙයිද? දුවගේ ආදරයයි, තාත්තාගෙ වෛරයයි අතර හිරවෙන සූරජ්ට මොනා වෙයිද? පිස්සු නොහැදී බේරේවිද? …ෆිල්ම් එකම බලමු නේ?
හැබැයි විශේෂයෙන්ම කියන්න දේකුත් තියෙනවා. ජීවිත ගමනේ අහම්බෙන් හමුවෙන ආදරයක් ලොකු කරගෙන, තමන් වෙනුවෙන් ජීවිතේ හැම විනාඩියක්ම කැපකරපු ආදරණීය අම්මයි තාත්තයි තුට්ටු දෙකට දාලා යන ප්‍රේමවන්තයින්ගේ කතාවක් නම් නෙමෙයි මේක. ආදරය ලොකු වෙන්න පුලුවන්. හැබැයි දෙමව්පියන් තරම් නෑ. ඒ උතුම් පණිවිඩයත් හිතේ දරාගෙන මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. දෙමව්පියන්ට ගරු කරන දරුවන්ගේ ආදර සටන් දිනේවා…!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
දිරිගැන්වීමට බොහොම ස්තූතියි සහෝ. මගේ සබ් ටිකක් හෙමිහිට තමයි එන්නේ. රැකියාව සමග ගොඩක් කාර්යබහුලයි. සබ් එකක් පටන් අරන් ටික ටික තමයි කරන්නේ. කොහොමහරි මම ඔයාල එක්ක දිගටම ඉන්නවා. සබ් එල්කේ ට ජය!
මේකේ ට්‍රේලර් එක වෙනස්. ඒක ගැන පොඩ්ඩක් බලනවද?
ස්තුතියි සහෝ
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks sub akata machan… Parana awata subz denna.aka meme oyage yaluwata moko une???
බොහොම ස්තුතියි පරන වුනත් සුපිරි ෆිල්ම් එකක් .
නියම වැඩක් 90 /2000 දශක වල ෆිල්ම් වලට සබ දෙන එක ලොකු දෙයක් . තවත් මෙවැනිම හින්දි පරණ ෆිල්ම් එකකට සබ එකක් ඕනේ මචන් ඉක්මනට සබ එක සුපිරි හොදේ.
තෑන්ක්ස් සහෝ සබ් එක අප්ඩේට් කරාට අද තමා මේක දැක්කෙ සබ් එක අප්ඩේට් කරල තියනව දැකලා බලන්න ඕන
මේක මගෙ දෙවෙනි සබ් එක මල්ලි. මන් කොහොමත් ඉඩ ලැබෙන හැටියට මගේ සබ් අප්ඩේට් කරනව. පරණ හොඳ ෆිල්ම් වලට තමයි මම මුල් තැන දෙන්නෙ. මොකද අලුත් ඒවා නම් හැම තැනම තියෙනවනෙ.
අනිවාර්යයෙන්ම අයියෙ මාත් පරණයි වැඩක් නෑ කියල ෆිල්ම් අතාරින්නෙ නෑ පරණ උනාට සෑහෙන්න සුපිරි ෆිල්ම් තියනවා.. ගොඩක් ස්තූතියි ඒ වගේ ඒවට සබ් කරනවට
Eweni film list ekak ma ma sathuwa etha, Idiriyedi sadahan karannam, Puluwan ikmanin sub laba denu ethai balaporoththu wemi,
Thank you
Lajja 2001 movie eka sadaha sinhala subtitles labadenna. Oba eya nirmanaya kalahoth mawa danuwath kirimata karunika wana lesa illa sitimi.
Thank you