Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E14] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E13] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E12] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E11] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E10] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E09] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Deewaanapan (2001) Sinhala Subtitle

Deewaanapan (2001) Sinhala Subtitle

September 14, 2018 Rasika Samanjith | Admin
IMDB RATING 4.6
GENRES
ActionGenresHindi MoviesMoviesRomance
CAST

arjun rampal, dia mirza, vinod khanna, om puri

 

        හැමෝටම ආයුබෝවන්. මම අද ඔයාලට අරගෙන ආවෙ ටිකක් පරණ, ඒත් ලස්සන හින්දි ෆිල්ම් එකක්. 2001 දී තිරගත කල “දීවානාපන්” (DEEWAANAPAN)චිත්‍රපටිය. මේකෙ රඟපෑවේ අර්ජුන් රම්පාල් සහ ඩියා මිර්සා. අර්ජුන් රම්පාල් දැන් දකින්නට අඩු වුනාට ඉස්සර පට්ට නලුවෙක්.

        මේක මගේ පළමුවන හින්දි  චිත්‍රපට උපසිරැසි වන අතර මේක මම විශේෂයෙන්ම තෝරාගත්තේ මගේ “හොඳම යාලුවා” වෙනුවෙන්.මොකද අවුරුදු ගානකට කලින් අපි කදේ දාගෙන බලපු මුල්ම හින්දි ෆිල්ම් එක තමයි “දීවානාපන්”. එයා ඒ ෆිල්ම් එකට ගොඩක් ආස වුනා. ඒකෙ තිබ්බෙ ඉංග්‍රීසි උපසිරැසි. ෆිල්ම් එක  බලනකොට සැරින් සැරේ අහනවා” මොකක්ද ඒ කිව්වේ” කියලා. මම ඉතින් තේරුම කියනවා. ජීවිතේ ලස්සනම කාලයක්. ජීවිතේ ආයේ කවදාවත් හමු නොවෙන ඒ “හොඳම යාලුවා” වෙනුවෙන් තමයි, ඒ ෆිල්ම් එකේ සිංහල උපසිරැසි, Subz LK හරහා ඔබ වෙත තිලිණකරන්නේ.

         ඉතින් මේ ෆිල්ම් එක තිරගත වුනේ  2001 නොවැම්බර් 16 වෙනිදා. රංගනයෙන් දායක වුනා අර්ජුන් රම්පාල්, ඩියා මිර්සා, විනෝද් කන්නා, ඕම් පූරි සහ ස්මිතා ජයකර්. මේකෙ බ්ලූරේ කොපියක් නම් තාම පිටවෙලා නෑ වාගෙ. හෙව්වා හෙව්වා හමුවුනේ නෑ. 720p HD කොපියකට තමයි සබ් දැම්මෙ. ඒ වුනාට අවුලක් නෑ. කොලිටි හොඳටම තියෙනවා. එහෙනම් ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් බලමු.                      

       සූරජ් මධ්‍යම පාංතික  තරුණයෙක්. නගරයේ ධනවත් බලවත්  චරිතයක් වන චව්ද්රී රන්වීර් සිංගේ එකම  දුව  වෙන  කිරන්  සමඟ ආදර සම්බන්ධයක්  ඇතිකරගන්නවා. මේක දැනගත්තු  ගමන්  චව්ද්රී රන්වීර් සිං, සූරජ්ට තර්ජනය කරනවා, කිරන් එක්ක  තියෙන සම්බන්ධය නවත්තලා, ඒ නගරයත් අතහැරලා යන්න කියලා. ඒ විතරක් නොවේ  සූරජ්ගේ පවුලේ අයටත්, නගරය දාලා යන්න වෙන විදිහට  විවිධාකාර  කරදර  හිරිහැර කරනවා. සූරජ්, කිරන්ට  දැනගන්න හරින්නේ නැතුව, මේ ඔක්කොම නිහඬව  ඉවසනවා. මොකද කිරන් එයාගෙ තාත්තට ගොඩාක්  ආදරේ  නිසා. ඒ තාත්තා සහ දුව අතර ලොකු බැඳීමක් තියෙන නිසා. මොකද කිරන්ගෙ අම්මා නෑ. එයාගෙ හැමදේම තාත්තා. චව්ද්රී රන්වීර්  සිංටත් එහෙමමයි. එයාගෙ දුව පණ වගේ. චව්ද්රී රන්වීර් සිං වියරු වැටිලා ඉන්නේ. එයා කීයටවත් සූරජ්ව පිලිගන්නේ නෑ. මේ දෙන්නා අතර මැදිවෙන කිරන්ගේ ඉරණම කොහොම වෙයිද? දුවගේ ආදරයයි, තාත්තාගෙ වෛරයයි අතර හිරවෙන සූරජ්ට මොනා වෙයිද? පිස්සු නොහැදී බේරේවිද? …ෆිල්ම් එකම බලමු නේ?

        හැබැයි විශේෂයෙන්ම කියන්න දේකුත් තියෙනවා. ජීවිත ගමනේ අහම්බෙන් හමුවෙන ආදරයක් ලොකු කරගෙන, තමන් වෙනුවෙන් ජීවිතේ හැම විනාඩියක්ම කැපකරපු ආදරණීය අම්මයි තාත්තයි තුට්ටු දෙකට දාලා යන ප්‍රේමවන්තයින්ගේ කතාවක් නම් නෙමෙයි මේක. ආදරය ලොකු වෙන්න පුලුවන්. හැබැයි දෙමව්පියන් තරම් නෑ. ඒ උතුම් පණිවිඩයත් හිතේ දරාගෙන මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. දෙමව්පියන්ට ගරු කරන දරුවන්ගේ ආදර සටන් දිනේවා…!

පසු සටහන – 2021.06.07
අද ජුනි 07. මගෙ හොඳම යාලුවගෙ උපන් දිනය. ඉතින් ඒ වෙනුවෙන් මන් හිතුවා, දීවානාපන් ෆිල්ම් එකට කැමති අය වෙනුවෙන් මේකෙ බ්ලූරේ කොපියක් ලබාදෙන්න. ඒක තමයි එයාගෙ උපන් දින තෑග්ග. හැබැයි මේ තෑග්ග කවදාවත් එයාට නොලැබෙන එකක්. ඔයාලට විතරයි. රස විඳින්න ආරාධනා කරමින් නවතින්නම්. ජය වේවා.

QUALITY – 480p – 400MB / 720p – 1.2GB

SUB FORMAT – SRT & IDX

♣♣  BRRip / WEBRip / 480p / 720p / 1080p  ♣♣

# BRRip # WEBRip
Rasika Samanjith
177 Movies
0 TV Series
177 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2603 වාරයක්
Download Links
WEBRip 480P
400 MB DIR
BRRip 720P
1200 MB DIR
WEBRip 720P
1200 MB DIR
WEBRip 1080P
4000 MB DIR
Discussion (13)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 68
    2018-09-15

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

    Reply
    • rasika samanjith Unregistered
      Windows 7 Opera 55
      2018-09-15

      දිරිගැන්වීමට බොහොම ස්තූතියි සහෝ. මගේ සබ් ටිකක් හෙමිහිට තමයි එන්නේ. රැකියාව සමග ගොඩක් කාර්යබහුලයි. සබ් එකක් පටන් අරන් ටික ටික තමයි කරන්නේ. කොහොමහරි මම ඔයාල එක්ක දිගටම ඉන්නවා. සබ් එල්කේ ට ජය!

    • rasika samanjith Unregistered
      Windows 7 Opera 55
      2018-09-15

      මේකේ ට්‍රේලර් එක වෙනස්. ඒක ගැන පොඩ්ඩක් බලනවද?

  • wmcsubhash Unregistered
    Windows 10 Chrome 69
    2018-09-15

    ස්තුතියි සහෝ

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-09-15

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • naleen Unregistered
    Android 8 Chrome 69
    2018-09-15

    thanks sub akata machan… Parana awata subz denna.aka meme oyage yaluwata moko une???

    Reply
  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65
    2018-09-15

    බොහොම ස්තුතියි පරන වුනත් සුපිරි ෆිල්ම් එකක් .

    Reply
  • nipun gunasekara Unregistered
    Windows 7 Chrome 68
    2018-09-19

    නියම වැඩක් 90 /2000 දශක වල ෆිල්ම් වලට සබ දෙන එක ලොකු දෙයක් . තවත් මෙවැනිම හින්දි පරණ ෆිල්ම් එකකට සබ එකක් ඕනේ මචන් ඉක්මනට සබ එක සුපිරි හොදේ.

    Reply
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81
    2021-06-10

    තෑන්ක්ස් සහෝ සබ් එක අප්ඩේට් කරාට අද තමා මේක දැක්කෙ සබ් එක අප්ඩේට් කරල තියනව දැකලා බලන්න ඕන

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-10

      මේක මගෙ දෙවෙනි සබ් එක මල්ලි. මන් කොහොමත් ඉඩ ලැබෙන හැටියට මගේ සබ් අප්ඩේට් කරනව. පරණ හොඳ ෆිල්ම් වලට තමයි මම මුල් තැන දෙන්නෙ. මොකද අලුත් ඒවා නම් හැම තැනම තියෙනවනෙ.

    • Supun Kaushalya Unregistered
      Android 10 Chrome 81
      2021-06-10

      අනිවාර්යයෙන්ම අයියෙ මාත් පරණයි වැඩක් නෑ කියල ෆිල්ම් අතාරින්නෙ නෑ පරණ උනාට සෑහෙන්න සුපිරි ෆිල්ම් තියනවා.. ගොඩක් ස්තූතියි ඒ වගේ ඒවට සබ් කරනවට

    • indika peramunage Unregistered
      Windows 10 Chrome 92
      2021-07-27

      Eweni film list ekak ma ma sathuwa etha, Idiriyedi sadahan karannam, Puluwan ikmanin sub laba denu ethai balaporoththu wemi,
      Thank you

  • indika peramunage Unregistered
    Windows 10 Chrome 92
    2021-07-27

    Lajja 2001 movie eka sadaha sinhala subtitles labadenna. Oba eya nirmanaya kalahoth mawa danuwath kirimata karunika wana lesa illa sitimi.
    Thank you

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 232
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved