Trending

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle

යක්ෂයාගේ පෙළඹවීම

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. අද අරගෙන ආවේ Conjuring The Devil Made Me Do It චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි. 2021 මැයි මාසේ 26 වෙනිදා නිල වශයෙන් නිකුත් වුණ මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.4ක අගයක් ලබාගෙන තියෙනවා. Horror, Mystery, Thriller යන කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael Chaves කියන අධ්‍යක්ෂකවරයයි.  Vera Farmiga, Patrick Wilson, Sterling Jerins, Julian Hilliard, Ruairi O’ Connor, Ingrid Bisu, Shannon Kook, Sarah Catherine, John Noble, Ronnie Gene Blevins, Steve Coulter, Vince Pisani, Andrea Andrade යන නළු-නිළියන් චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්, එඩ් සහ ලොරේන් යුවල ඩේවිඩ් ග්ලැට්සෙල් කියන අවුරුදු අටක පිරිමි ළමයෙක්ගේ අමුතු හැසිරීම් ගැන හොයලා බලන්න ගෙදරකට යනවා. ග්ලැට්සෙල් පවුලේ අය ඒ ගෙදරට අලුතෙන් පදිංචියට ආපු කට්ටියක්. හැබැයි ඒ ගෙදරදි තමයි ඩේවිඩ් මුල්ම වතාවට අමුතු හැසිරීම් රටා පෙන්නන්නේ. ගෙදර ඉන්න අනිත් කාටවත් ඩේවිඩ් මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා හිතාගන්න බැරුවයි හිටියේ. ඊටපස්සේ එඩ් සහ ලොරේන් යුවල හොයාගන්නවා ඩේවිඩ්ට යක්ෂයෙක්ගේ බලපෑමක් ඇතිවෙලා තියෙනවා කියලා. ඒත් ඒක වුණේ කොහොමද කියලා කවුරුවත් දන්නේ නෑ. කොහොමහරි එඩ් සහ ලොරේන් යුවල, ගෝ(ර්)ඩන් පියතුමා එක්ක එකතු වෙලා ඩේවිඩ්ට යාතුකර්මයක් කරනවා. මේ වෙලාවේ අර්නි ජොන්සන් ඩේවිඩ්ව අල්ලගෙන ඩේවිඩ්ගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයාට කියනවා, ඩේවිඩ්ව අතෑරලා එයාව අරගන්න කියලා. ඔන්න ඔය වෙලාවේ ඩේවිඩ්ගේ ඇඟේ ඉන්න යක්ෂයා අර්නි ජොන්සන්ගේ ඇඟට යනවා. ඇත්තටම මේ වෙලාවේ ඩේවිඩ් සාමාන්‍ය අතට හැරෙන්නේ කරපු යාතුකර්මය නිසාමත් නෙමෙයි. අර්නි, ඩේවිඩ්ගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයාට එයාව අරගන්න කිව්ව නිසයි. ඉතින් මෙතනින් එහාට අර්නිට මොකද වෙන්නේ? එඩ් සහ ලොරේන් යුවල මේ හැමදේකම සුලමුල හොයාගනියිද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා.

හරි! දැන් කියන්න යන්නේ දැනගැනීමට පොඩි දෙයක්. Conjuring Universe. ඔයාලා හැමෝම The Conjuring 1-2, Annabelle 1-2-3, The Nun, The Curse Of La Llorona කියන චිත්‍රපට ටික බලලා ඇති. නොබලපු අයත් ඇති. ඉතින් මේ චිත්‍රපටවල කතාවන්වල එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි අපි මේ චිත්‍රපට ටික බලලා තියෙන්නේ පිළිවෙලට නම් නෙමෙයි. ඒ කියන්නේ, Conjuring 1වෙනි චිත්‍රපටයේ තියෙන සිදුවීම්වලට කලින් The Nun චිත්‍රපටයේ සිදුවීම් මුලින්ම වෙලා තියෙනවා. එතකොට සමහර වෙලාවට මේ චිත්‍රපටවල කතාව තේරුම්ගන්න බැරිවුණ අවස්ථා එහෙමත් ඇති. ඒකට හේතුව ඔන්න ඔය දේ තමා. ඉතින් මේ චිත්‍රපට නොබලපු කෙනෙක් හරි, මුල ඉඳන්ම බලන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් හරි පල්ලෙහා තියෙන පින්තූරේ සඳහන් කරලා තියෙන විදිහට බලන්න පටන්ගන්න.

එහෙනම් මං දැනට සමුගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි WEB/BluRay පිටපත් සඳහා ගැලපේ.

 

***ලබා දී ඇති වීඩියෝ පිටපත්වල පළමුව WEB පිටපත සහ දෙවනුව BluRay පිටපත ලබා දී ඇත.***

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Torrent / magnet link
Torrent
720P
Torrent / magnet link
Torrent
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 1 GB x264
▲28 · ▼1
Magnet GET
1080p bluray 2.06 GB x264
720p web 1 GB x264
▲25 · ▼1
Magnet GET
1080p web 2.06 GB x264
▲100 · ▼14
Magnet GET
2160p web 4.99 GB x265
▲33 · ▼4
Magnet GET
Discussion (4)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 76

      Publish කරලා විනාඩියක්වත් ගියේ නෑ වඩුන්ලෝඩ් කළා.
      තෑන්ක්ස් සුපුන් කමෙන්ට් එකට.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 91

    බොහොම ස්තූතියි, සහෝදරයා.

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 Opera 77

      තෑන්ක්ස් ඉනුක කමෙන්ට් එකට.:star_struck:

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search