Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E06] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E06] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle
  • Genres
  • Comedy
  • Mood of the Day (2016)…

Mood of the Day (2016) Sinhala Subtitle

August 06, 2020 Expert Subtitler

Mood of the Day .
(ඒ දවසේ මුඩ් එක.)

2016

කොහොමද ඉතින් ඔන්න මගේ 100 වෙනි උපසිරසත් මං අරන් ආවා. ටිකක් පරක්කු වුනා. සබ් එක ගෙන්න. ඒ ගැන නම් සමාවෙන්න ඕන.
මුලින්ම කියන්නම්. ඉල්ජිමේ එකේ ඉතුරු ටික දෙනවා හොදද. 100 වෙනි සබ් එකට ෆිල්ම් එකක් දාන එක subz.lk එකේ සිරිතක්. ඒ නිසා මට ඒක දාන්නම වුනා. ඒ නිසා හිත අමනාප කම් ඇති කරගන්න එපා කියලා ඉල්ලනවා.
මං සයිට් එකට එකතු වුනු විදියනම් මගේ 50 වෙනි සබ් එකේදී මං කියුවා. මං අහම්බෙන් එකතු වුනා කියලා. ඒ ආපු අහබු ගමන මෙච්චර දුර මාව අරන් ආවා. ඒ ගමන සුන්දරයි කියන්න බැහැ මොකද ගොඩක් ගොඩක් හිත රිදෙන දේවලුත් සිදු වුනා. ගොඩක් කල කිරීමටත් පත් වෙන දේවලුත් වුනා. තාමත් එහෙමයි . කොහොම වුනත් තවමත් මං නවත්තන්නේ නැතුව සබ් දෙන හේතු තුනයි.
* එකක් මං දෙන sub බලන එක්කෙනෙක් හරි ඉන්නවා කියන එක.
*අනිත් එක මොන දේ වුනත් හැම කරදරයකදිම සතුටකදිම ඉන්න subz.lk හි අපේ පවුල නිසා.
* අනිත් එක.. කොරියන් fansලා වෙනුවෙන් සබ් දාන්න පටන් ගත්ත මගේ ඒ feeling එක.
ඔය තුන නිසා මං තවම එල්ලිලා ඉන්නවා… තවමත් ..
මං මේකේ මොනවා කියනවද කියලා පැය ගනන් කල්පනා කළා.
පස්සේ මේ ෆිල්ම් එකේ එක දෙයක් තිබ්බා මං සබ් දාන කොට මං දැක්ක.

” ( ඔයාට තීරණය ක් ගැනීමට නොහැකි මොහොතක . මුලින්ම සිතුව සිතුවිල්ල සිදු කරන්න. – කිම් ජේ හ්යෝන්ග් ) “

ව්හ්හ් මං අහම්බෙන් තෝරාගත්ත ෆිල්ම් එක අන්තිමට මට ලොකු ධෛරයක් ගෙනාවා…
සමහරු බලනවා ඇති මං මොනවා කියනවද කියලා. .
සබ් එකක් දාන අපියි සබ් ගැන දන්නා අයයි විතරයි. උපසිරසක් දාන එක කොච්චර මහන්සි වෙන අමාරු වැඩක් ද දන්නේ කොච්චර කාලයක් කැප කරනවද කියලා දන්නේ.
දන්නේ නැති අය ගොඩක් ඉන්න නිසා. වැරදි වැටහීම් වල ඉන්න නිසා. මන් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා.
අනිත් අය සබ් දාන විදිය නම් මං හරියට දන්නේ නැහැ . මට සබ් දාන්න යන වෙලාව හරියටම කොරියන් drama එකක එක කොටසක පැයක් විතර තියෙනවා මට එක හරියටම දාන්න පැය 24 ක් යනවා. ඒ වෙලාව යන්නේ කන්නේ බොන්නේ වත් නැතුව එක දිගට වාඩි ගෙන සබ් දාන කොට.
මමත් මනුස්සයෙක් නේ .ඒ නිසා කෑම බිමත් ගන්න එපැයි ඒ නිසා තමයි උපරිම දවස3 ක් විතර යන්නේ. එකත් වෙනස් වෙනවා කතාව අනුව.
ඒකට හේතු දෙකක් තියෙනවා. එක්ක සමහර විශේෂ දේවල් වලදී ඔයාලට හරිම දේ දෙන්න ත් ඒ කතාවේ ජීවිතේට යමක් එකතු කර ගන්න ඉඩ දෙන්න ඕන නිසා සමහර වෙලාවලට මුළු වෙබ් එකම පීරලායි හරි තොරතුරු අරන් සබ් එක හදන්නේ. මගේ සබ් බලපු අය දැකලා ඇති මං වරහන් ඇතුලේ හරි නැත්නම් තරුවක් දාලා සමහර දේවල් වල තේරුම් දාලා තියෙනවා. එහෙම කරන්න හේතුව කොරියන් භාෂාව ඉගෙන ගන්න අය ඉන්නවනම් ඒ අයට උදව්වක් වෙන්නත්. කොරියාවේ සිටින අපේ ජනතාවට එහෙ ජිවිතයට උදව්වක් වෙන්නත්. බලන අයට ජිවිතයට පොඩි දැනුමක් එකතු කරගන්න කියලා.
අනිත් එක මට සබ් හදන්න වෙලා යන මං සබ් හදන්නේ english sub එකට නෙමේ නිසා මං timeline එක මංම හදන්නේ (ඒක සබ් එක edit කරන්න හදපු අය දකින්න ඇති) සබ් එකත් එයාලගේ දෙබස් වලටයි දාන්නේ එහෙම හදනකොට වෙලා යනවා ගොඩක් ඇත්තටම ගොඩක් ..
මං කතාවක් දානකොට පරක්කු වෙන හේතුව.. මගේ වැඩ නිසා නෙමේ. සබ් එක දෙපාරක් චෙක් කරනවා ඒක නිසා තව දැන් idx කරන නිසා colors හදන්න ඕන වෙන නිසා තුනපාරක් chek වෙනවා. තව දෙයක් වෙනවා සමහර වෙලාවට අපි හදන සබ් එක vedio qulity එක නිසා ගැලපෙන්නේ නැති වුනාම ආයෙත් සබ් එක හදන්න වෙනවා. මේ ෆිල්ම් එකටත් මට එහෙම වුනා.
ඔය වගේ ගොඩක් දේවල් කරලා අන්තිමට අපි නිර්මාණය ගේන්නේ. නොදන්නා අය ගොඩක් ඉන්න නිසා මං මෙච්චර කියුවේ.
තේරුනාද නැද්ද කියලා නම් දන්නේ නැහැ.
ඉතින් මං මේ මගේ සියවෙනි උපසිරසේදී මට මෙච්චර දුර එන්න පුළුවන් වුනු ඒ රසිකයන් ටත් අපේ subz.lk පවුලේ සමාජිකයන් වත් මතක් කරන්න ඕන.
රසිකයන් ගැන කියුවොත් නම් කළකිරුනට හිතේ තරහක් නැහැ. කතාව බලන ටික දෙනෙක් හරි ඉන්න නිසා. කොහොම නමුත් මෙච්චර දුර මට එන්න මට ශක්තියක් වුනු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.
subz.lk එකේ අපේ පවුල.. අපේ පවුලේ admin දමිත් මං ගොඩක් ම කෘතඥ වෙන්න ඕන. ඔහු තමයි මගේ ගොඩක් ප්‍රශ්න වලට උදව් කරලා අපිට මෙච්චර දුර එන්න පුළුවන් වුනේ. (admin sorry හොදේ හැමනිතරම කරදර කරන එකට වැඩ ගොඩක් අස්සේ අපේ ප්‍රශ්න දිහාත් බලනවට ස්තුතියි එවගේම සයිට් එක මේ වගේ ලස්සන කරනට හදලා අලුත් දේවල් එකතු කරනවට .)
ඒ වගේම අපේ කාර්යමණ්ඩලයේ අයටත් ගොඩක් ස්තුතියි. සයිට් එක මේ තත්වයට ගෙනාවට..
හංසනී නංගි, රවීන් සහෝදරයාටත් ,සහන් මල්ලි මේ වගේ හැමෝටමත් ගොඩක් ස්තුතියි.(ඉක්මනට 100 වෙනි එකට එන්න කියලා සුභ පතනවා!)
ඉන්න රසිකයන් ගෙන් ඉල්ලනවා මෙයාලා ගේ අනිත් උපසිරසි කරුවන්ගේ ත් කතා බලන්න කියලා දක්ෂ වගේම හොද කතාවලට සබ් දෙන පිරිසක් මොවුන්.
ඉතින් මං දාපු අනිත් dramas,films බලන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් දැන් කතාවට යමු.

” එදා මං කියන්නේ “

” එදා ඇත්තටම හරිම අමුතු දවසක් වුනා. “

” උදේ පාන්දරම බෝලයක් ඇවිත් “

” ඔලුවේ හොදට වැදිලා. “

” මං ජීවිතේට වත් ඇදලා නැති රෝස පාට ඇදුමක් ඇදලා. “

” යුන්ජුන් උදේ පාන්දරම ප්‍රථම ආදරය එක්ක විවහා වෙනවා කියුවා. “

” කෝච්චියේදී එක කොල්ලෙක් එකට නිදා ගමු කියලා අහලා. “

” එහෙම වෙලා හිතා ගන්න බැරි වෙන්න ඇත්තටම එහෙම වුනා. “

” ඇත්තටම අමුතු දවසක් වුනා. “

” ඇත්තටම අනිවාර්යෙන් “

” එහෙ ම වෙන්න ඕන කියනවා වගේ. “

බේ සු ජන්ග් කියන්නේ වෙළඳ දැන්වීම් ඒජන්සියක වැඩ කරන ගෑණු ළමයෙක් ඇය.. එක දවසක් සිදුවුණු අමුතු දේවල් ටිකක් ඒ කියුවේ.. ජීවතේ එක දවසක් හරි කෙනෙක්ට අමුතු දේවල් වෙනවා කියනවනේ. මෙයාටත් එහෙම වුනා. ඒ දවසින් ගොඩක් දේවල් වෙනස් වුනා. ..ඒ හැමදේම පටන් ගන්නේ උදේ පාන්දර ඔලුවට වදින බෝලයෙන් ද නැත්නම් කොච්චියෙන්ද කතාව බලලා තීරණය කරන්නකෝ.
මේ කතාවට මං සබ් දෙනවද නැද්ද කියලා දෙපාරක් හිතුවා. කාතාව ටිකක් ..ම්ම්..
මං romance කතා බලන අය වෙනුවනුයි මේ කතාව ගෙනාවේ.
කතාවේ බාස්කට් බෝල් සම්බන්දයෙන් තියෙන දේවල් සමහර දේවල් හරිද දන්නෙ නැහැ. මං බාස්කට් බෝල් ගැන දන්නේ නැති නිසා. හොයලයි ඒ වචන නම් දැම්මේ.
කොහොම වුනත් මේ කතාව වයස අවුරුදු 17 /18 ට වැඩි අය බලන්න කියලා මගේ recommend එක ..
ආදරය ..
ආදරය පිළිබද කතා ගොඩක් හැමෝම බලලා ඇති නේ. ගෑණු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි එක එක කතාවල එක එක විදියට හමුවෙනවා. ඒ වගේම එක එක චරිත. ඉතින් මේ කතාවේ සෙල්ලක්කාර කොල්ලෙකුයි අහිංසක ගෑණු ලමයෙකුයි කෝච්චියේදී හමුවෙන හමු වීමක් තියෙන්නේ. මෙහෙම කියන කොට හැමෝම හිතයි ඒක සාමාන්‍ය සිද්දියක් කියලා. මේ කතාව නම් සම්පුර්ණයෙන් වෙනස්.. ඒක කතාව බලලා තීරණය කරන්න.
හිනා වෙන්න පුළුවන් හරිම සුන්දර කොමඩි ටිකකුත් ලස්සන සිදු වීම් ටිකකකුත් තියෙනවා .
මේ කතාවේ සමහර සිදුවීම් මං පුද්ගලිකව එකග නැති වුනත් ලස්සන සිදුවීම් තියෙනවා.
කෙනෙක් තව කෙනෙක් ගේ වැදගත් නැති පොඩි පොඩි දේවල් වල් විශේෂ කරලා දකිනවනම්. ඒ දේවල් වලට කැමති වෙනවනම්.. එතන අවංක ආදරයක් ඇති වෙලාද ? ඔයාල මොකද හිතන්නේ ඒ ගැන.. (පුලුවන්නම් ඒ ගැන comment එකකුත් දාගෙනම යන්න.)
සාමාන්යෙන් මං කතාවල සින්දු වලට සබ් දානවා. මේකට දැම්මේ නැත්තේ ඉක්මනට සබ් දෙන්න ඕන නිසා මං එක මග හැරියා.
english සින්දු දෙකක් තියෙන්නේ ඒ වල නම් ඕන නම් පහලින් comment එකක් දාගෙන යන්න.
අධ්‍යක්ෂණය – ජෝ ක්යු ජන්ග්
නිෂ්පාදනය – චෝයි ජින්
කතාව ලියුවේ – මින් සෝ යොන්ග්
ජෝ ක්යු ජන්ග්
කතාවේ ප්‍රධාන නිළිය – මුන් චේ වොන්
කතාවේ ප්‍රධාන නළුවා – යු යොන් සොක්
බෙදා හරින ලද්දේ – ෂෝ බොක්ස් විසින් (Showbox)
නිකුත් කරපු දවස – 2016 /01/14
කතාව දුවන කාලය – 103 මිනිත්තු
රට – දකුණු කොරියාව
ඉතින් මේ ඇති කියලා හිතනවා.
කතාව නරබන්න එන්න කියලා ඉල්ලනවා.
(කාරුණිකව ඉල්ලා සිටිනවා.හිත රිදුනත් මහන්සි වෙලා හදන මේ සබ් එක අනවසරයෙන් edit කරලා නම් ගම් අයින් කරලා සමාජ ජාලා / වෙනත් තැන් වල ප්‍රදර්ශනය ද වෙළදාම කිරීමෙන් ද වලකින්න කියලා ඉල්ලනවා.)

ඉතින් හැමෝටම බුදුසරණයි වගේම .ඔබට ස්තුතියි..

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
4396 වාරයක්
Download Links
720P
688.3 MB DIR
Available Torrents
720p web 951.11 MB
GET
1080p web 1.91 GB
GET
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (54)
← Older
  • shehan Unregistered
    Android 10 Chrome 130
    2024-10-25

    Thanks for the sub 💗💗😘🤝 idiri katayuthuth sarthaka wewa shodarige💗✌️✨🍂

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 156
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved