Aftermath (2017) Sinhala Subtitle

Published April 23rd, 2017 by

අද අරගෙන ආවෙ ආර්නෝල්ඩ් ස්වසනෙගර් රඟපාන Aftermath ෆිල්ම් එකේ උපසිරැසිය.මට මේක බාරදුන්නෙ අපේ කවීෂ සහෝදරයා ඉතින් ඔහුටත් බොහොම ස්තූතියි.ඒ වගේම කියන්න ඕනෙ මේක ටිකක් විතර පරක්කු වුණා කිව්වොත් තමයි හරි.ඒකට සමාව ඉල්ලල සිටිනව ඕගොල්ලො හැමදෙනෙක්ගෙන්ම.දැන් අපි යමු ෆිල්ම් එකේ විස්තරය පැත්තට.

මේ සිනමාපටයෙ අධ්‍යක්ෂණය එලියට් ලෙස්ටර්ගෙන් රචනය ජේවියර් ගලන්ගෙන්.ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නෙ ප්‍රවීණ හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වසනෙගර්(රෝමන් මෙල්නික් ලෙස) , මැගී ග්‍රේස් (ක්‍රිස්ටීනා) සහ ස්කූට් මැක්නේරි (ජේක්).IMDB හි අගය 5.8ක් ලෙස සනිටුහන් කරගන්න සමත්වුණ මේ චිත්‍රපටයට Rotten Tomatosවලින් ලැබෙන්නෙ 39%ක වගේ අගයක්.මේක අයිති වෙන්නෙ ඩ්‍රාමා ත්‍රිලර් ඝනයට ඒ නිසා බොහොම හෙමින් ගලාගෙන යන කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.ආනෝල්ඩ් ස්වසනෙගර් රඟපෑවට මේකෙන් ඇක්ෂන් එහෙම බලාපොරොත්තු වෙන්න එපා , නමුත් බැලුවට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ මේ ෆිල්ම් එක…

දැන් අපි යමු කතාව පැත්තට ඊට කලින් කියන්න ඕනෙ මේක 2002 වසරේ ජූලි 1වන දින ජර්මනියේ Überlingen නගරයට ඉහළ අහසේ සිදුවූ ගුවන් අනතුරක්  පදනම් කරගෙන නිර්මාණය වුණ ෆිල්ම් එකක්.ඒ සිද්ධිය කෙටියෙන් මෙහෙමයි…

දිනය :- 2002 -07- 01 ජර්මනියේ  Überlingen නගරයට ඉහල අහස.

අනතුරට ලක්වූ යානා දෙක :- Bashkirian Airlines Flight 2937

  1. Tupolev Tu-154 යන මාදිලියේ මෙය මගී ගුවන් යානයක්.
  2. DHL Flight 611  මේක බෝයිං 757 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානයක්.

මේ අනතුරින් මුලින් සඳහන් කල යානයේ  කාර්ය මණ්ඩලයද ඇතුළු 69 දෙනෙක්ටද භාණ්ඩ ප්‍රවාහන යානයේ සිටි නියමුවන් දෙදෙනාටද අවාසනාවන්ත ලෙස තමන්ගේ ජීවන ගමන ඉහල අහසේදීම අවසන් කරන්නට සිදුවුණා.දැන් ඔබට ප්‍රශ්ණයක් පැනනගින්න ඉඩ තියනව කොහොමද එහෙම යානා දෙකක් ගැටුණෙ කියල.ඇත්තටම කිව්වොත් ඒක ඉතාම සුළු අහිංසක අතපසුවීමක් (හැබැයි රාජකාරියෙ බැරෑරුම්කම අනුව ඒක නිදහසට කරුණක් නෙමෙයි).මම ඒ ගැන කියන්න යන්නෙ නෑ ඒක ෆිල්ම් එකේ තියන නිසා.කොහොමවුණත් අනතුරක් හේතුවෙන් ජීවිත වෙනස් වෙන්නෙ අනතුරට ලක්වූවන්ගෙ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගෙ විතරක් නෙමෙයි කියල ඔබට වැටහේවි මේ ෆිල්ම් එක බැලුවහම.අනතුරක වරදකරුටත් තමන්ගේ මුළු ජීවිතයම අපායක් කරන්න පුළුවන් ඒ වගේ සිදුවීමකට.මේ ලියන මමත් මාර්ග අනතුරු කීපයක් කරගත්ත කෙනෙක්  ඒ එකකදි  එක් අයෙක් තුවාල ලැබුවත් වාසනාවකට (මගේ සහ ඔහුගේ) ජීවිත හානියක් වුණේ නෑ.ඒ නිසා ඕනම දෙයක් පරිස්සමෙන් මොකද ඔබේ එක තප්පරයක ප්‍රමාදයකට පුළුවන් ඔබේ සහ තවත් නාඳුනන කෙනෙකුගේ ජීවිතය ඛේදවාචකයක් කරන්න.ලොකු විස්තරයක් කල නිසා මම චිත්‍රපටයේ කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ බොහොම කෙටියෙන් කියන්නම් මෙහෙම…

රෝමන් මෙල්නික් වයෝවෘද්ධයි ඒත් තරුණයෙක් වගේ කඩිසරයි.ඔහු ඉදිකිරීම් ආයතනයක සුපවයිසර්වරයෙක්.අද ඔහු බලාගෙන ඉන්නෙ තමන්ගෙ ගැබිණි දියණිය නාදියා සහ ඇයව රැගෙන ඒමට ගිය තමන්ගේ ආදරණීය බිරිඳ  ඔලේනා නැවතත් එනතෙක්.ඔවුන්ව නිවසට රැගෙන යාමට ගුවන් තොටුපොළට යන රෝමන්ට අහන්න ලැබෙන්නෙ තමන් ජීවිතේට අහන්න හිටපු ආරංචියක්නම් නෙමෙයි.තමන්ට සිදුවුණ අවාසනාවන්ත සිද්ධිය සිතේ දරාගෙන සිටපු ඔහු එයින් වසරකට පසුව ඒ සිද්ධියට වරදකරුවාව සොයාගෙන ඉරණම් ගමනක් යනවා.එතනින් එහා ඔබට බාරයි පහලින් තියන ටිකත් කියවලම යන්න…

පැහැදිළි කිරීම්

(1) CMH ගුවන් තොටුපොළ :- ජෝන් ග්ලේන් කොලොම්බස් අන්තර්ජාතික ගුවන් තොටුපොළ, නමුත් මේකෙ මුල් නාමය වනColumbus Municipal Hangar  නමේ මුලකුරු අරගෙන තමයි CMH ගුවන් තොටුපොළ කියල හඳුන්වන්නෙ.

(1) ටීකැස් (Tcas -traffic collision avoidance system) :- ගුවන් යානාවල ඇති අනතුරු ඇඟවීම් පද්ධතියක්.

(2) ලේ ඕවර් (Lay -over) :- ගුවන් ගමනක අතරමග නැවතුම්.පැහැදිළි කරන්නම් මෙහෙම.ගුවන් ගමන් පැකේජ තුනක් තියනවා.

(3) Non stop- නොනවතින :- මේක තමයි ගුවන් ගමන්වලින් මිල අධිකම පැකේජය.කෙලින්ම ගමනාන්තයට ලඟාවෙන්න පුළුවන්. ගොඩක්ම භාවිතා කරන්නෙ ධනවත් ව්‍යාපාරිකයින් ඇතු  කාර්යබහුල අය.මිල අධික වුණත් නැවතුම් නැති නිසා

(4) Direct – සෘජු :- මේකත් ඉහතකී පැකේජය හා සමානයි ගමන එකම යානෙක,හැබැයි  අතරමග තවත් ගුවන් තොටුපවල් වලට ගොඩබස්වනවා ඒ ඒ තොටුපොළවලින් මගීන් ලබාගැනීමට සහ ගොඩබැස්වීමට.මේ එක නැවතුමක් කියන්නෙ ගමනට පැයක පමණ ප්‍රමාදයක් එකතු වෙනවා. හැබැයි මිල සාමාන්‍යයි.

(5) Connecting – සම්බන්ධිත :- ලේ- ඕවර් (lay -over)කියන්නෙ මේකටයි.මිළ අඩුම පැකේජය ඒ නිසා ගමන බොහෝවිට යානා කීපයක (නැවතුම් අනුව).එකම ගමනට තොටුපොළවල් කීපෙකින් යානා කීපෙකට නගින්න බහින්න වෙනව කියන්නෙ ඉතිං අහන්න දෙයක් නෑනෙ ලෝක රස්තියාදුවක්  නොහොත්  කට්ටක්.

Spoiler Warning : Two strangers’ lives become inextricably bound together after an error by an air traffic controller (Scoot McNairy) causes the death of a construction foreman’s (Arnold Schwarzenegger) wife and daughter…

Download

Aftermath (2017) Sinhala Subtitle

Download: 1140

File size : 23.97 KB

Hasitha Prasad

TV EPISODES : 226
MOVIES : 276
6.0
42%
44%

Comments: 5

  • kavisha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.ලිපියත් මරුවට තියෙනවා.පරක්කු වීම සමාව ඉල්ලන්න තරම් දෙයක් නෙමේ.
    ජය වේවා!!!

    April 23, 2017 at 10:37 am
    Reply
  • සමීර ඉඳුනිල්

    සබට තුති! හසිත සහෝ!
    ජය වේවා!

    April 24, 2017 at 10:06 am
    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    April 24, 2017 at 10:52 am
    Reply
  • Isuru Dananjaya

    මට ඔය සැබෑ සිද්ධිය මතකයි. ගොඩක් වටින ෆිලුමක් වෙයි.

    April 24, 2017 at 11:21 pm
    Reply
  • Manoj Sachintha

    උපසිරසියට ස්තුතියි සහෝ..

    April 25, 2017 at 7:18 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021