මදක් ඉවසන්න
Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 3
    • Chinese Movies 39
    • Denmark Movies 4
    • English Movies 447
    • French Movies 11
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 18
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

FB Group

Subz.LK

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න

Today Top 10

Zack Snyder’s Justice League (2021) Sinhala SubtitleDragon Lord (1982) Sinhala SubtitleThe Good Doctor (2017) [S01 : E05] Sinhala SubtitleKnightfall (2017) [S02 : E02] Sinhala SubtitleHarry Potter and the Half-Blood Prince (2009) Sinhala SubtitleGodzilla vs. Kong (2021) Sinhala SubtitleThe Umbrella Academy (2019) [S02 : E02] Sinhala SubtitleThe Good Doctor (2017) [S01 : E04] Sinhala SubtitleHacksaw Ridge (2016) Sinhala SubtitleThe Founder (2016) Sinhala Subtitle

ads

Movies English Movies Avengers: Infinity War (2018) Sinhala Subtitle
Avengers: Infinity War (2018) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 3 years ago Action, Adventure, fantasy

ආයූබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ උපසිරැසි අරගෙන එන්නෙ විශේෂ චිත්‍රපටයකට වගේම මගෙ උපසිරැසි දිවියෙත් විශේෂ අවස්ථාවක් මේ. මොකද හේතුව මේ තමයි මගේ 150 වෙනි උපසිරැසිය. වසර දෙකකට මදක් අඩු කාලයක් තුල මේ කඩයිමට ලඟාවීමට හැකිවීම ගැන ඇත්තටම හිතට ගොඩක් සතුටුයි. ඒක වචනවලට පෙරලන්න බැරි එකක් ඇත්තටම කිව්වොත්. 50 සහ 100 කඩයිම්වලදි මම මම ගැන ගොඩක් දේ කිව්ව නිසා අදත් ඒ ගැන කතාකරන්න මගෙ අදහසක් නෑ. අද මම කතාකරන්න ඉන්නෙ මේ 150 කණුව පිටිපස්සෙ ඉන්න අය ගැන. මුලින්ම කියන්න ඕනෙ වෙනත් උපසිරැසි අඩවියකට සම්බන්ධ නොවී (සම්බන්ධ කර නොගෙන) කෙලින්ම Subz LK වලටම සම්බන්ධ වෙන්න ලැබීම මම ලද භාග්‍යයක් විදියටයි මම සලකන්නෙ. මොකද එහෙම නොවුණනම් මට දමිත් ඇතුළු මේ ඇඩ්මින් මණ්ඩලය එක්කවැඩ කරන්න සහ මේ වගේ විශාල පහසුකම් රැසක් අත්විඳින්නත් තිබුණ අවස්ථාව අහිමිව යන්න ඉඩ තිබුණ. අඩවියට පිවිසෙන ඕගොල්ලන්ටත් පේනව ඇති දවසින් දවස අඩවියේ තත්වය උසස් වෙන විදිය. ඒ ඉතිං තනිකරම දමිත්ගෙ සහ ඇඩ්මින් මණ්ඩලයේ මහන්සිය සහ කැපවීම තමයි. විශේෂම දේ මොන විදියේ අලුත් අංග එකතු කලත් අඩවියේ තියන භාවිතා කිරීමේ පහසුව කියන දේ ටිකකින්වත් අඩුනොවෙන එක. ඊට අමතරව උපසිරැසිකරුවන් වන අපේ පැත්තෙනුත් දමිත් ලබාදීල තියන පහසුකම් මම හිතන්නෙ දේශීය හෝ විදේශීය (Subscene වල පවා) කිසිම අඩවියක නෑ. උදාහරණයක් විදියට උපසිරැසියක් අපටම පළකිරීමේ හැකියාව Subscene වල තිබුණත් ලිපියක් පළකිරීමේ හැකියාවක් ඒකෙ නෑ. ඒත් එක්කම පළකරන ලිපිය සහ ඩවුන්ලෝඩ් ලින්ක් ආදී ඕනෑම දෙයක් අවශ්‍යතාවය මත නැවත වෙනස් කිරීමේ හැකියාවත්, අප කිරීමට සතුටු උපසිරැසියක් ඇත්නම් එය අඩවිය හරහා ස්වයංක්‍රීයව තෝරාගැනීමේ පහසුකමත් උපසිරැසිකරුවන් වන අපටම ලබාදෙන්න ඔවුන් පියවර ගත්තා. වැදගත්ම දේ පහසුකම් රැසක් පිරුණ අන්තර්-අඩවි පණිවිඩ හුවමාරු සේවාවක් සහ පළවන ප්‍රතිචාර එවෙලේම අපට පෙන්වන නොටිෆිකේෂන් තීරුවක්ද මේ පහසුකම් අතර තිබීමයි. මෙතන අපූරුම දේ මේ කිසිම පහසුකමක් අපි ඉල්ලා සිටිය දේ නොව ඔවුන් සිය කැමැත්තෙන්ම අපට ලබාදෙන ඒව වීම. මේ සියලු පහසුකම් නිසාමයි අප කරනා උපසිරැසි ඉතා ඉක්මනින් ඔබ වෙතට ගෙන ඒමටත්, ලැබෙන ප්‍රතිචාරවලට ඉක්මන් ප්‍රති පිලිතුරු දීමටත්, අක්‍රීයවන ඩවුන්ලෝඩ් ලින්ක් ආදිය දැනුම්දීමක් ලැබුණ සැනින් යථා තත්වයට පත්කිරීමට හැකියාව ලැබිල තියෙන්නෙ. ඉතිං දමිත්, කවීෂ, සමීර ඇතුළු ඇඩ්මින් මඩුල්ලේ සියලු දෙනාට හදවතින්ම ස්තූතියි අපට මේ ලබාදෙන ශක්තිය වෙනුවෙන්. ඒ වගේම අලුතින් උපසිරැසිකරණයට එක්වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එකතුවෙන්න කියලත් ආරාධනා කරනව Subz LK එක්ක. මොකද මීට වඩා පහසුකම් තියන, මිත්‍රශීලි ඇඩ්මින් මඩුල්ලක් සිටින උපසිරැසි අඩවියක් වෙන කිසිම තැනක නැති බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. නැත්තං මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නෑ මට කීයටවත්. ඊලඟට මතක් කරන්න ඕනෙ හැමදාමත් ප්‍රතිචාරයකින් සහයෝගය දුන් සහ ඉදිරියටත් සහයෝගය දෙන සියලුම දෙනාවත්. නම් වශයෙන් නොකීවත් ඔයගොල්ලන්ගෙන් ලැබෙන පුංචි හෝ ප්‍රතිචාරය තමයි උපසිරැසිකරණයට අපව දිරිගන්වන ඊලඟ වැදගත්ම සාධකය. ඒ එක්කම තව මතක් කරන්න ඕනෙ මගේ මේ උපසිරැසිකරණයට හැකි අයුරින් සහය දෙන මගේ පවුලේ සියලු දෙනාවත්, ටයිප් කරන අතරෙ පරිගණකය ලඟටම එන තේ කෝප්පය පවා ලොකු උදවුවක් වුණා මේ ගමනට. මොකද ලැබෙන විවේකයකදි පැය ගාණක් පරිගණක තිරයක් ඉදිරියට වෙලා යතුරු පුවරුවක් එක්ක ඔට්ටු වෙන එක ඒතරම් පහසු කටයුත්තක් නෙමෙයි. සේරටම වඩා වෙහෙසකර කටයුත්ත ඉංග්‍රීසි දෙබස් හැකිතරම් නිවැරදිව පරිවර්තනය කිරීම. අපේ අසම්පූර්ණ යල්පැනගිය ශබ්දකෝෂ එක්ක මේ කාර්යය තවත් අසීරුයි. සමහර වචනවලට සිංහල අර්ථ හදාගන්න වෙන්නෙ අපිටමයි. අන්තර්ජාලයේ පිහිට නැත්නම් ඉතිං උපසිරැසිකරණය බොහොම නීරස එකක් වෙනව අනිවාර්යයෙන්ම. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ මෙතෙක් කල් අප අඩවිය හා රැඳීසිටිමින් අපට දැක්වූ සහයෝගය ඉදිරියටත් ලබාදෙන්න කියලයි.

එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…

මම කිව්වනෙ මේක විශේෂ චිත්‍රපටයක් කියල. මේ තමයි කොමික්ස් රසිකයන් ඇස් කන් අයාගෙන බලා සිටි මේ වසරේ මාවල් විශ්මය, නොහොත් Avengers: Infinity War තවත් වචනයකින් කිව්වොත් අනන්ත පාෂාණ සංග්‍රාමය. මේ වනවිටත් ලෝකය පුරා අති දැවැන්ත ආදායමක් ලබමින්, IMDB සිනමා දර්ශකයේ 9.0ක් වැනි ඉහලම අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 10වන ස්ථානයත් තමන් සතුකරගෙන සිටින මේ මාවල් විශ්මය Rotten Tomatos වෙතින් ලබා ඇති අගය 84%ක්. ඊට අමතරව ගූගල් පරිශීලකයන් 96%කගේ ප්‍රසාදයත් ලබාගෙන තියනවා මේ වනවිට. මෙහි අධ්‍යක්ෂණ දායකත්වය ඇන්තනි රුසෝ සහ ජෝ රුසෝ හෙවත් රුසෝ සහෝදරයන්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු පරිදි Robert Downey Jr. (අයන් මෑන්/ ටෝනි ස්ටාක්), Chris Hemsworth (තෝර්), Mark Ruffalo (හල්ක්/ බෲස් බැනර්), Chris Evans (කැප්ටන් ඇමරිකා/ ස්ටීව් රොජර්ස්), Scarlett Johansson (නතාෂා රමනොෆ්/බ්ලැක් විඩෝ), Benedict Cumberbatch (ඩොක්ට.ස්ට්‍රේන්ජ්), Don Cheadle (වෝ මැෂින්), Tom Holland (පීටර් පාකර්/ස්පයිඩර් මෑන්), Chadwick Boseman (බ්ලැක් පැන්තර්), Tom Hiddleston (ලෝකි), Zoe Saldana (ගැමෝරා), Karen Gillan (නෙබියුලා), Paul Bettany (විෂන්), Chris Pratt (පීටර් ක්විල්/ ස්ටා-ලෝඩ්), Dave Bautista (ඩ්‍රැක්ස්), Josh Brolin (තානෝස්), Vin Diesel (ගෲට්-හඬ), Bradley Cooper (රොකට්-හඬ) ඇතුළු අපට සුපුරුදු නළුනිලියන් පිරිසක්. Thor: Ragnarok (2017) වගේම මේ චිත්‍රපටයත් ගොඩක්ම හාස්‍ය පැත්තට බර කරල තියනව වගේම හැඟීම්බර අවස්ථාත් ඒ අතරෙම සාර්ථකව ඉදිරිපත් කරල තියනව. කොහොමහරි ස්පයිඩර් මෑන්ට පණපොවන Tom Hollandටනම් පොඩි දඬුවමක් දෙන්න අධ්‍යක්ෂක දෙපල තීරණය කරල තියනව. ඒ තමයි ඔහුට තිර පිටපත කියවීම තහනම් කිරීම.  ඒකට හේතුව Spider-Man: Homecoming (2017) තිරගත වෙන්න පෙර එහි තිර පිටපතේ කතාවේ රහස් ඕනෑවට වැඩියෙන් හෙලිකර අසුවීම. ඒ වගේම කැප්ටන් ඇමරිකාව අලුත් පෙනුමකින් දැකගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගාඩියන්ස් ඔෆ් ගැලක්සි පිරිවර ඇවෙන්ජර්ස්ල මුණ ගැහෙන පළමු අවස්ථාවත් මෙය වනු ඇති. තෝර් රැග්නරොක් හීදී කරණවෑමි චරිතයකට පණපොවපු ස්ටෑන් ලී සුපුරුදු පරිදි මේ වතාවෙත් තවත් අපූරු කැමියෝ එකකින් දැකගන්න පුළුවන්. එසේම විනාඩි 156ක ධාවන කාලයකින් යුත් මෙය තමයි මාවල් සිනමා විශ්වයේ දීර්ඝතම චිත්‍රපටය ඒ විනාඩි 147ක ධාවන කාලයක් තිබූ Captain America : Civil War වලින් පසුව.

දැන් අපි යමු කතාව පැත්තට…

ඔයගොල්ලන්ට මතක ඇතිනෙ Thor: Ragnarok (2017) චිත්‍රපටයෙ අවසානය. සතාර් අතින් ඇස්ගාඩය සහමුලින්ම විනාශ වුණාට පස්සෙ එයින් දිවිගලවාගත් ඇස්ගාඩ වැසියන්ව තෝර් විසින් යානයක දමාගෙන අරගෙන යනවා ආරක්ෂිත ස්ථානයක් (පෘතුවිය) කරා. ඔඩිනුත් මිය ගිහින් නිසා තෝර් තමයි නව ජනතාවගේ රජු. එහි පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයකදී අපි දැක්ක තෝර් සහ ලෝකි දෙන්න සාකච්ජාවක ඉන්නව. හැබැයි ඔයගොල්ලන්ට මතක ඇති ඒ සාකච්ජාවට බාධා වුනා. ඔවුන් ගමන්කල යානය ඉදිරියට තවත් අති දැවැන්ත යානාවක් පැමිණීම නිසා. ඒක අයිති කාටද කියල පෙන්නන්න කලින්  දර්ශනය අවසන් වුණත් අපි හැමෝම තේරුම්ගත්තනෙ යානෙ කාගෙද කියල. වෙන කාගෙද තානෝස්ගෙනෙ. ඒ වගේ දැවැන්ත යුධ යානයකට අසුවුණ තෝර්ගෙ යානයට  මොනවගේ දෙයක් වෙන්න ඇතිද? අන්න එතනින් තමයි මේ Infinity War ආරම්භ වෙන්නෙ. එතනින් එහාට කියල ඔයගොල්ලන්ගෙ රසවින්දනයට බාධා කරන්නෙ නෑ මම. එහෙනම් ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම. මතක ඇතිව  පහලින් තියන ටිකත් කියවන්න.

පිටපත :-

  • Bluray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර උපසිරැසි ගොණුව තුල WEB-DL පිටපතට සැකසූ උපසිරැසියද ඇතුලත්ය.
  • ඉහලින් ඇති බාගතකිරීම් ලින්ක් එක WEB-DL පිටපත සඳහාවන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.

විශේෂ :-

  • මෙහි තියෙන්නෙ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනයක් විතරයි. Iron Man 3 (2013) චිත්‍රපටයෙන් පස්සෙ ප්‍රථම වතාවටයි එහෙම වෙන්නෙ.
  • ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි මාවල් ස්ටුඩියෝස් ලාංජනයෙ “io” අකුරු දෙක 10 විදියට පේන්න හයිලයිට් වෙනවා. ඒ මාවල් සිනමා විශ්වයේ දසවන වර්ෂ පූර්ණය  සිහිවෙන්නයි.
  • මේකෙදි පීටර් ක්විල් තානෝස්ව හඳුන්වන්නෙ ගැමෝරගෙ බාප්පා කියලයි. හැබැයි ඇත්තටම තානෝස් ගැමෝරව හදාවඩාගත් කෙනා විතරයි.
  • ගාඩියන්ස් ඔෆ් ගැලක්සිවලදි ගැමෝරව හඳුන්වන්නෙ ඇගේ කුලකයේ අවසන් ජීවියා කියලයි. හැබැයි මේකෙදි ඒක වෙනස් වෙනවා.
  • ඩොක්ට.ස්ට්‍රේන්ජ්ට තමන්ගෙ ප්‍රධානම හැකියාවක් භාවිතා කරන්න අමතක වෙනව අවශ්‍යම වෙලාවලදි.
  • Footloose (1984), මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කලේ කෙවින් බේකන්. මැන්ටිස් මේ නම සඳහන් කරනව එක් වතාවක්. 80 දශකයේ එකක් නිසා බොහෝවිට ඒක ගැන මැන්ටිස්ට කියන්න ඇත්තෙ පීටර් වෙන්න ඕනෙ. පස්සෙ ඒක හරියටම තහවුරු වෙනව.
  • මතකද රැග්නරොක් එකේදි ඔඩින්ගෙ සේප්පුව තුල තිබූ ටෙසරැක්ටය දිහා ලෝකි අමුතු බැල්මක් දාගෙන යනවා. ඒකට මොකද වුණේ කියලත් බලාගන්න පුළුවන් මේ චිත්‍රපටයෙන්.
  • මතකද රැග්නරොක් එකේදි හෙලා සහ ස්කර්ජ් ඔඩින්ගේ සේප්පුවෙ ඇවිදිද්දි ලෝහ අත්වැස්ම දකින හෙලා කිව්ව දේ, ” ව්‍යාජ එකක්”. ඒක හරි කියල තේරෙනව මේකෙදි.
  • පීටර් පාකර්ගෙ ස්පයිඩර් සංවේදනය පළමු වතාවට දකින්න පුළුවන් මේකෙදි.
  • ටෝනි එබනි මාව්ට “ස්ක්විඩ්වර්ඩ්” කියල කියනව. මේ තමයි ස්ක්විඩ්වර්ඩ්.
  • 80 දශකයෙ දේවල් අඩුනැතුව තියනවනෙ පීටර් ක්විල් ඉන්න තැන. ඔන්න Arcade Defender ඉලෙක්ට්‍රොනික් ගේම් එකත් තියනව මේකෙ.
  • Grimace (ග්‍රිමේස්), මේකත් 80 දශකය හා සම්බන්ධයි. මැක්ඩොනල්ඩ්ස් ආහාර ජාලය ඒ කාලෙ ප්‍රචාරණයට යොදාගත් චරිතයක්.
  • මේ වගේ තවත් Easter Eggs සහ Callbacks විශාල ප්‍රමාණයක් තියනවා චිත්‍රපටය තුල. මේ දැම්මෙ එයින් ටිකක් විතරයි. සමහර ඒව දැම්මොත් රසවින්දනයට බාධාවක් වෙනව.







Year : 2018

Rating : 9.0

Genre : Action, Adventure, Fantasy

Actors : robert downey jr., chris hemsworth, mark ruffalo, chris evans

Writer : christopher markus , stephen mcfeely , stan lee , jack kirby , joe simon , jack kirby , steve englehart , steve gan , bill mantlo , keith giffen , jim starlin , stan lee , larry lieber , jack kirby , steve englehart , don heck

Director : anthony russo, joe russo

Plot :

The Avengers and their allies must be willing to sacrifice all in an attempt to defeat the powerful Thanos before his blitz of devastation and ruin puts an end to the universe.



[BluRay] [720p] (1.2 GB) Direct පිටපත


BRRip සඳහා යාවත්කාලීන කර ඇත

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 6933 Views




සිංහල උපසිරැස Download කරගන්න 51654 times


සිංහල උපසිරැසි සමග online නරබන්න 4269 Views




Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
9.0
IMDB
100%
User Rating



Watch More

Duck Duck Goose (2018) Sinhala Subtitle

The Odd Family: Zombie on Sale (2019) Sinhala Subtitle

Spider-Man: Homecoming (2017) Sinhala Subtitle

Ready Player One (2018) Sinhala Subtitle

Hellboy (2019) Sinhala Subtitle

Suburbicon (2017) Sinhala Subtitle

Antz (1998) Sinhala Subtitle

Derailed (2002) Sinhala Subtitle

Iron man (2008) sinhala subtitle

‹ ›

  1. සමීර ඉඳුනිල් Subtitler May 6, 2018 at 12:05 am

    හසිත සහෝ එහෙනං ඔන්න 150 ත් පසු කරා. දැනෙන සතුටනම් ඉතින් කියාගන්න බැහැ. මොකද අපේ උපසිරැසි සෙට් එකේ අයියා තමා හසිත කියන්නේ, වයසින් නම් නෙවෙයි, වැඩ වලින්🤗 කොච්චර වැඩ තිබුනත් කාගේ හරි විශේෂ කඩයිමක් හෝ වෙබ් අඩවියේ විශේෂ අවස්තාවක් නම් මම එනවා කොහේ හිටියත්, ඔන්න අදත් ආවා ඒ වගේම. අද උපසිරැසිය මගේ අතින්ම පල කිරීමට ලැබුන එකත් මාර සතුටුයි. මොකද එක අතකින් හසිත සහෝගේ 150, අනික් අතින් ලොකු කුඩා කවුරුත් ඇගිලි ගැන ගැන ඉන්න මාවල් විශ්වය හොල්ලන ඒ සිනමා පටය. ලිපියත් කියෙව්වා. ඒකත් නියමයි හැමදාමත් වගේම.🤗 ඉතින් තව කවර කතාද, කියන්න තියෙන්නේ 150 ට සුබ පැතුම්. වගේම හැමදාමත් වගේම ප්‍රාර්ථනය 200, 300, 500, නෙවෙයි ඊටත් එහා යන්න පුළුවන් වෙන්න කියලයි. වගේම නිහතමානි හසිත සහෝට තව තවත් උපසිරැසි කරන්න වගේම පෞද්ගලික ජීවිතේ සියලු දේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:41 pm

      බොහොමත්ම ස්තූතියි ,සමීර, ප්‍රතිචාරයට ෆොටෝ එකත් ලස්සණට එඩිට් කරල තියනවා.


      Reply
  2. viraj Unregistered User May 6, 2018 at 4:30 am

    150ta suba pathum. sub ekata thanks saho. jaya wewa!!


    Reply
  3. gihan Unregistered User May 6, 2018 at 5:13 am

    150 congratz broo


    Reply
  4. Asitha Madusanka Subtitler May 6, 2018 at 7:33 am

    ඇත්තටම හරිම සතුටුය්…ඉස්සෙලාම සුබ පැතුම් එක් කරනවා ඔයාට…මේකට සබ් එක කරලා මම මගේ උපන්දිනය දවසෙ දාන්න හිටියේ..ඊයේ තමා උපන්දිනය..ඒත් අපේ සුමින්ද මල්ලියා කිව්වා හසියා 150 ගහනවා අපි එයාට කරන්න දෙමුද කියලා ..මම එක පය්න්ම එයාට කිව්වා මට හරිම සතුටුය් ඒ වගේ අවස්ථාවකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන කියලා…මේ වෙලාවේ මම ඒ මල්ලියාවත් මතක් කරනවා…දිගටම කරගෙන යමු යාලුවා…


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:47 pm

      අයියෝ ඒකත් එහෙමද, මම දැනන් හිටියෙ නෑ 😪 , අසිත, ඔයාට මේකට සබ් කරන්න අදහසක් තිබුණ කියල. එහෙනම් ඊලඟමාවල් එකටවත් ට්‍රයි එකක් දෙමු නේ 👍 . .. කොහොමහරි 🍔🍔 සුභම සුභ උපන්දිනයක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. (100 කඩයිමට එනකං මග බලාගෙන ඉන්නෙ, ඉක්මනට 100ටත් එමු ) බොහොම ස්තූතියි ප්‍රතිචාරයට


      Reply
      • Asitha Madusanka Subtitler May 9, 2018 at 11:25 pm

        මේ දිනවල කාලය තමයි හරස් වෙලා තියෙන්නේ ශතකය ගහන්න….ඒක ගැන හිතන්න එපා150 වෙනුවෙන් මගෙන් පුංචි තෑග්ගක් කොහේ ගියත් හසිතලා තමා වැඩ්ඩෝ….


        Reply
  5. Madawa mihiranga Unregistered User May 6, 2018 at 7:49 am

    150ta suba pathum saho… patta filumak


    Reply
  6. ushan Unregistered User May 6, 2018 at 8:19 am

    tnx oyata me film eka enakan hitiye


    Reply
  7. ushan Unregistered User May 6, 2018 at 8:20 am

    150 subapathum oyata


    Reply
  8. Mithun Unregistered User May 6, 2018 at 10:02 am

    Congratulations සහෝ…150කුත් එහෙනම් ගැහුව නෙද.. .. sabz.lk වලට වසනාවකට ආපු උපසිරැසිකරුවෙක් ,කරන වැඩේ දැනෙන්නම කරනව අවන්කවම. මාත් හොද ෆිල්ම් එකක් ආපුම දිගටම කමෙන්ට් දාන්නෙ ඔයාගෙ උපසිරැසිවල තියෙන රහ හොදටම දන්න නිසයි, ඔයාගෙන් සබ් ගන්න පිරිස එක දන්නව ඇති. වෙනස කොහොමද කියල . ___ ඔයාගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා, එවත් සාර්ථක කරගන්න ගමන් මේ සෙවයත් කරන්න ශක්තිය ,ධෛර්යය ,සතුට ලැබෙව.____ මේක නම් පුද්ගලිකවම බලම් උන්න එකක් ,බ්ලුරේ එනකල්ම ඉන්නව. දැම් ඉතින් බොක්කටම වදින්න බලනන්න පුලුවන් සබ් හසිතගෙනෙ.. සතුටුයි 😊✨✨✨✨✨✨✨🍟


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:49 pm

      බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා, අපට හැමදාමත් දක්වන හෘදයාංගම සහයෝගයට


      Reply
      • Sajee Unregistered User May 21, 2018 at 9:57 pm

        Shikkari Shambhu ෆිල්ම් එකේ sub එක පුලුවන්නම් දාන්ඩ සහෝ…


        Reply
  9. THE NEW FOLDER Unregistered User May 6, 2018 at 10:41 am

    Congratulations broooooo………. & Thanks………..


    Reply
  10. Shan Unregistered User May 6, 2018 at 11:07 am

    Sub එකට පට්ට thanks බ්‍රෝ👆👍💪💪


    Reply
  11. Kantha_DLA Unregistered User May 6, 2018 at 11:28 am

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:49 pm

      බොහොමත්ම ස්තූතියි, Kantha


      Reply
  12. kasun Unregistered User May 6, 2018 at 1:02 pm

    mena boleeeeeee wadaaaaaaakkkkkkkkkkkkkkkkk avengeraya mehene bnnnnnnnnnnnnnnnnnnnnnn attaaaaaaaaaaaaaaaaaaa.150taaaaaaaaaaa suba pathummmmmmmmmmmmm kollooooooooooooooooo thawa sub denaaaaaaaaaaa


    Reply
  13. ලහිරු සඳරුවන් Unregistered User May 6, 2018 at 4:02 pm

    හසිත ප්‍රසාද් අයියගේ 150වෙනි කඩයිමට මගෙනුත් සුබපැතුම්. මට මතක විදිහට මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න කියලා Maze Runner ෆිල්ම් එකේදී කමෙන්ට් එකක් දැම්මා. කොහොමහරි නෑ, බෑ නොකියා වැඩේ කළා එහෙනම්. ඇත්තටම ගොඩක් සතුටුයි 150වෙනි කඩයිම පහු කරන්න ලැබුණ එක ගැන. Subzlk සයිට් එකේ වේගවත්ම උපසිරැසිකරුවා කියලා කියන්නේ බොරුවටෑ.අනික උපසිරැසි සම්බන්ධයෙන් මොන ප්‍රශ්නයක් ඇහුවත් උදව් කරන කෙනෙක් තමා අපේ හසිත ප්‍රසාද් අයියා. ඉතින් මේ වගේ විශිෂ්ට කෙනෙක්ගේ ඉදිරි අනාගතය දිනෙන් දින ජයවේවා!!! බුදු සරණයි!!!😎😎😎


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:54 pm

      ආ..මම ඒක ලිපියෙ ලියල නෑනෙ අමතක වෙලා , ඔයා මේක ඉල්ලුවත් එක්කම වගේ කවීෂත් කියල එවල තිබුණ 150ට මේක කරන්න කියල, තව සුමින්ද මල්ලිත් කියල එවල තිබුණ. ඉතිං ඒ නිසා කලා ( නැත්තං මම සාමාන්‍යයෙන් කැම් පිටපත් බලන්නෙ නෑ , හැබැයි මේ පිටපතනං මම දැකපු හොඳම කැම් පිටපතක් ) ඉන්න පුළුවන්නං ඉවසල ඉන්න හොඳ පිටපතක් ආව ගමන්ම අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් බොහොම ස්තූතියි ළහිරු මල්ලි ප්‍රතිචාරයට


      Reply
  14. Sahan Sulakkhana Moderator May 6, 2018 at 8:47 pm

    nyamayi saho.thawa upasirasi karanna shakthiya dayiryaa labewaaa!


    Reply
  15. Kalpajith Unregistered User May 7, 2018 at 3:23 am

    Balala iwra welma cmnt ekak denna hithuna.ela niyama wadak


    Reply
  16. ලක්ෂාන් සමීර Subtitler May 7, 2018 at 6:19 am

    අපි අතරෙන් සුපිරිම කෙනා…ඕනිම අභියෝගයක් බාරගන්න කෙනා…උපසිරැසිකරනයටත් එහා ගිය උසස් හැකියාව…මේ ඔක්කොමත් එක්ක තුන්වෙනි කඩයිම 150 ක්…හදවතින්ම සුබ පතනවා, තවත් සුපිරිම නිර්මාණ subzlk එකෙන් ලෝකෙටම බෙදන්න…ඔබට ජය,තෙරුවන් සරණයි!!!✍✍✍…


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:56 pm

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, ලක්ෂාන්


      Reply
  17. Suminda Lakshan Subtitler May 7, 2018 at 8:40 am

    ඇත්තටම සහො ගොඩක්ම සතුටුයි😍 උපසිරැසි 150 ක් ගහනවා කියන්නෙ ගොඩාක්ම ලොකු අමාරු වැඩක් ..💛 ඒවගේම මම කරන්න කියලා දුන්නු උපසිරැසිත් නෑ බෑ නොකියා බාර අරගෙන SubzLK අය වෙනුවෙන්ම කරලා දුන්නා 💛 අන්න ඒ නිහතමානි කමට මං ගෞරව කරනවා සහෝ ඇත්තටම 😍 150 වගේම 200 250 300 350 400 වගෙ උපසිරැසි කඩයිම් වලටත් හැකි ඉක්මනින්ම යාමට හැකිවේවායි මං ප්‍රාර්ථනා කරනවා 💛 ඔබට ජය සහෝ 😍💛


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:57 pm

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, සුමින්ද ඔයාගෙ ලිස්ට් එකෙත් තව කීපයක් තියනව,නේද? ඒ ටිකත් මම හෙමීට දෙන්නම්.


      Reply
  18. Niluka Hewa Unregistered User May 7, 2018 at 9:54 am

    150 ta suba pathum. sub ekata thnkz! supiri!


    Reply
  19. Kalana Gunasekara Unregistered User May 7, 2018 at 9:56 am

    150ට සුබ පැතුම් සහෝ! ජය වේවා! සබට තැන්ක්ස්! තවත් ඉදිරියට මේ වැඩේ කරන යන්න ශක්තිය ලැබේවා!


    Reply
  20. Mithun Unregistered User May 7, 2018 at 1:39 pm

    Full Metal Jacket1987Action / Drama / War නිවාඩුවක් ලැබුනොත් ඔකටත් සබ් එකක් කරන්න සහෝ. ඔක yts වලට අලුත් වෙලා ටොරෙන්ට් එක අප්ලොඩ් උනා. Imdb 8පැනල තියෙනව .හොද war movie එකක්


    Reply
    • Mithun Unregistered User May 7, 2018 at 1:41 pm

      Sabtitle තියෙනව


      Reply
      • හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 10:59 pm

        Full Metal Jacket මම බැලුව ඕක කාලෙකට කලින්. ඔව් බලපු හොඳම War ෆිල්ම්ස්වලින් එකක්.Subttitle තියනව කිව්වෙ සිංහල ඒවද?


        Reply
        • Mithun Unregistered User May 8, 2018 at 2:14 pm

          ඔව් සහෝ…


          Reply
  21. Tharindu Unregistered User May 7, 2018 at 4:30 pm

    Thankz bro karima film eka mekanam Hituwata wada pattai kiyahanko…. 😍


    Reply
  22. Amila Unregistered User May 7, 2018 at 6:25 pm

    Ettama meka bestma deyak. Mn adai me site eka dkke.. Congrats bro😍


    Reply
  23. Silva Unregistered User May 7, 2018 at 8:58 pm

    Niyamai සහෝ… mulinma meekata sub eka dunnath hugak tnx… digatama mee wagee sab eka denna ලැබේවා …


    Reply
  24. හසිත ප්‍රසාද් Co - admin May 7, 2018 at 11:00 pm

    ප්‍රතිචාර දැක්වූ සුබ පැතුම් එක්කල හැම දෙනෙක්ටම බොහොම ස්තූතියි ❤❤


    Reply
  25. geeganagamages Unregistered User May 8, 2018 at 1:27 am

    හදවතින්ම සුභ පතනවා 150 වෙනි උපසිරැසියට මේක එනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක් ඒ වුනාට බ්ලුරේ එනකල්ම ඉන්නවා. බොහොම ස්තුතියි .


    Reply
  26. Samith Unregistered User May 8, 2018 at 10:05 am

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!


    Reply
  27. Sam fisher Unregistered User May 9, 2018 at 1:58 pm

    150හට 250ක්x(2x+3y)+(a+4d)=infinity 🔁🔁අනන්තයටම ස්තුති හසිත සහො.🙂එකසිය පනහ සුපිරි ෆිලුමත් එවගේම සුපිරි👍👍.ඉතිං මෙච්චරකාලයක් අපිට උපසිරසක් ගේන්න වෙච්ච මහන්සිය හදවතිම්ම අගයකරනවා❤️❤️.ගොඩ කාලෙකට කලින් 13 reason why වලින් පටන්ගත්ත පාර පට්ට කතා තොගයක්ම බැලුව ඔයා මහන්සිවෙලා උපසිරස කරපුනිසා එයින් මම කැමතිම කිහිපයක්ම කියාගෙන යන්නම්1)අපිව ස්පැනිෂ් කතා බලන්න පිස්සුවට්ටපු සියලුම ෆිල්ම් ටික.2)ආසම ඇනිමෙෂන් එක වෙච්ච කොකො.3)ආසම drama එක 3බිල්බොඩ්4)ආසම ඇක්ෂ් සුපර් හිරො thor5)ඔයාගේ ලැබිච්චහොදම හින්දි ෆිලුම half gf6)korean එක සපත්තු අස්සෙ උත්තර පත්‍ර😂පාං බනිස් කොච්චර කැවත් බත් කැවවගෙ ඇගට දැනුන මැන් from earthතව ඔවගේ තොගයක් තියනව ඔයාට පිංසිද්ද වෙන්න බලපු.ස්තුති එ හැම එකකටම සහො.


    Reply
    • Sam fisher Unregistered User May 9, 2018 at 2:00 pm

      අර තේ කොප්පෙ ගෙනත් දෙන්නෙ කවුද😆😆


      Reply
      • Sam fisher Unregistered User May 9, 2018 at 2:07 pm

        අපිට මෙවගෙ තැනක් උපසිරස බලන්නdownload කරන්න තැනක් හදල දිපු දමිත්ලවත් අමතක කරන්නබැ.කොහොම මහන්සියක් වෙනවද කියල හිතාගන්න පුලුවන්.මුල් කාලෙදි සයිට් එක එක පාරක් දෙපාරක් ඩවුන් උනාට පස්සෙ කවදාවත් එවගෙ ප්‍ර්‍රශ්නයක් ඇතිඋන්නැ.දැං සයිට් එක හරිම detail නියමයි.අයන්ස්පිඩිය අනික.හොදට හිතන නිර්මාන ශිලි ඇඩ්ඩිං අයියල😂😂😂ටිකටත් ස්තුති කියන්නම ඔනි.ගුඩ් ජොබ් කොල්ලනෙ👍👍👍👍වෙඩිවගෙ🔫🔫🔫🔫🔫ආ👍


        Reply
        • හසිත ප්‍රසාද් Co - admin May 11, 2018 at 10:05 pm

          හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා ❤ ඔයගොල්ලන්ගෙ හයියත් එක්ක තමයි අපි මෙහෙම ගමනක් යන්නෙ. අනිවාර්යයෙන්ම දමිත්ල ඉතිං වැඩකරුවොම තමයි.සයිට් එක තියන පිළිවෙල පේනවනෙ. * තේ කෝප්පෙ ගෙනත් දෙන්නෙනං ඉතිං ගෙදර අයම තමයි. අපිට එහෙම විශේෂ කවුරුත් නෑනෙ තාම.


          Reply
          • හසිත ප්‍රසාද් Co - admin August 1, 2018 at 12:27 am

            මොකද අපේ සෑම්ට වුණේ 😦 ? ? ඔන්න WeB-Dl අප්ඩේට් කලා.


            Reply
  28. දමිත් Unregistered User May 9, 2018 at 7:29 pm

    සුපිරි චිත්‍රපටයකට සුපිරි ලිිපියක් දීලා තියෙන්නේ.හසිත සහෝ ගේ උපසිරැසි ගුණාත්මක බවින් ඉහලයි කියන එක අපි හැමෝම දන්න කාරණයක්.මම ඒක දැනගත්තේ Watchmen (2009) චි්‍රපටයට ඔයා කරපු සබ් එක දැකලා.150ට මගේ සුබ පැතුම් සහෝ.ජයෙන් ජයම වේවා!


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 11, 2018 at 10:06 pm

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, දමිත්


      Reply
  29. Madusha Unregistered User May 10, 2018 at 7:28 am

    150 උපසිරැසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියිජය වේවා!


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 11, 2018 at 10:07 pm

      ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මධූෂ


      Reply
  30. Sandun rp Unregistered User May 11, 2018 at 10:14 am

    Good luck bro….


    Reply
  31. Supun Chamara Madhushan Unregistered User May 11, 2018 at 8:13 pm

    hd hari brry webrip ahema update une nadda


    Reply
  32. Dinu™️ Unregistered User May 13, 2018 at 11:12 pm

    TNx broCongratz 🤘💪👍👌✌️👏


    Reply
  33. දමිත් ප්‍රියංකර SYSTEM Administrator May 15, 2018 at 11:13 pm

    ගොඩක් ස්තුතියි හසිත …මට ඇත්තටම හසිත ගැන කියන්න දෙයක් නැහැ ..හසිත ගැන කියන්න තියෙන සේරම දේවල් මම කලින්ම කියලා තියෙනවා ..මම හැදුවේ නත්තල් ගහක් නම් එහි තරුව හසිත ..මොකද නත්තල් ගහක් එහි තරුව නැතිව සම්පුර්ණ නැහැ ..ඒ වගේම එක නත්තල් ගහක් වෙන්නේ නැහැ …සෑම් කියනවා වාගේ (සෑම් ද නැත්නම් same ද )දෙපාරක් down උනා ..එක ඇත්තටම අපේ ලංකාවේ හොස්ටින් කරන අයගේ හොදකම තමා එතින් ..කොහොමහරි ඒ අවස්ථා වලදී මට ඉන්න බැරි උනා …අපිට වඩා හසිත කට්ටිය දැන ගන්න ආසා ඔයා ගැන .. subz.lk එකේ හදවත ඔබයි …….ඔබට මාගෙන් උණුසුම් සුබ පැතුම් !!!


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 16, 2018 at 12:01 am

      බොහොම ස්තූතියි, දමිත් මම ගැන ඉතිං මම 50දියි 100දියි දෙකේම වගේ කිව්වනෙ, ඉතිං මට හිතුණ මේ වතාවෙ ලිපිය මේ විදියට ඕගොල්ලනුත් ඇතුළු තිරය පිටුපස අය වෙනුවෙන් වෙන් කරන්න. නැත්තං ඒක ශතකය ගහල බැට් එක අමතක කලා වගේ දෙයක් මට හිතෙන විදියට. නැවතත් ස්තූතියි දමිත් මේ ලබාදෙන සහයෝගයට.


      Reply
  34. Viraj Unregistered User May 18, 2018 at 2:00 pm

    ස්තුතියි සහෝ සබ් එකට. Post credit කියන එකෙන් මොකක්ද අදහස් කරන්නෙ?


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 18, 2018 at 11:43 pm

      සාමාන්‍යයෙන් චිත්‍රපටයක එහෙමත් නැත්නම් වීඩියෝ ක්‍රීඩාවක නිර්මාණකරනය සඳහා දායක වු අයගෙ , නන් අයුරින් සහය වුන අයගෙ නම් එහෙම ඒ අදාල චිත්‍රපටය හෝ වීඩියෝ ක්‍රීඩාව තුලදි අපට පෙන්නනවනෙ නාමාවලියක් විදියට, මෙන්න මේ නාමාවලියට තමයි ක්‍රෙඩිට් කියන්නෙ. ක්‍රෙඩිට් දර්ශන කියන්නෙ යම් චිත්‍රපටයක මේ නාමාවලිය අතරින් යොදන, මීලඟට එන චිත්‍රපටය ගැන යම් ඉඟියක් දීමට එහෙම යොදාගන්න දර්ශන පෙලක්. පොදුවේ ක්‍රෙඩිට් දර්ශන කියල කිව්වත් මේක බෙදෙනවා කොටස් තුනකට , (1) Opening credits – මේක යෙදෙන්නෙ චිත්‍රපටයක ආරම්භයේදි . (2) Mid credits – මේක යෙදෙන්නෙ චිත්‍රපටය අවසානයේ දිවෙන නාමාවලියෙ මැදදි. ( 3) Post credit A.K.A After credit – මේක දිවෙන්නෙ චිත්‍රපටයක නාමාවලිය අවසානයේදි. ක්‍රෙඩිට් දර්ශන බොහෝවිට දකින්න ලැබෙන්නෙ මේ මාවල් සිනමා වගේ චිත්‍රපට පෙළක් එන ඒවයෙ. ඒකත් බොහෝවිට පෝස්ට් ක්‍රෙඩිට් ,මිඩ් ක්‍රෙඩිට් තමයි. ඒ ඇරෙන්න සාමාන්‍ය චිත්‍රපටවලත් කලාතුරකින් මේ පෝස්ට් ක්‍රෙඩිට් , මිඩ් ක්‍රෙඩිට් දර්ශන දකින්න ලැබෙනවා උදා : Peter Rabbit (2018) . සාමාන්‍යයෙන් චිත්‍රපටයක් නරඹද්දි නාමාවලිය එන තැනින් නරඹන එක නවත්වන්නෙ නැතුව දිගටම බලනවනම් හරි ( මම හිතන්නෙ ක්‍රෙඩිට් දර්ශන දාන හේතුවත් ඒකයි) , සමහරවිට අපි පැයගාණක් නරඹපු චිත්‍රපටයෙ කතාවම වෙනස් වෙන්න පුළුවන් මේ විනාඩි දෙක තුනක ක්‍රෙඩිට් දර්ශනෙන් හෝ දෙකෙන්. ඔන්න ඔය තමයි කෙටිම පැහැදිලි කිරීම , නොතේරුණ තැනක් තියනම් අහන්න දන්න විදියට කියාදෙන්නම්. බොහොමත්ම ස්තූතියි, විරාජ්, ප්‍රතිචාරයට


      Reply
  35. sameera pradeep New User May 19, 2018 at 10:14 am

    supiri machan aya wewa oyata


    Reply
  36. Darshana Unregistered User May 21, 2018 at 11:04 am

    Download kama zip file akak anne.a ai


    Reply
    • Darshana Unregistered User May 21, 2018 at 11:05 am

      Download karana widiya awando


      Reply
      • හසිත ප්‍රසාද් Co - admin May 21, 2018 at 6:52 pm

        මීට පහලින් තියන කමෙන්ට් එක බලන්න.


        Reply
  37. tharindu Unregistered User May 21, 2018 at 11:05 am

    online danna malli digatama Thankz


    Reply
  38. හසිත ප්‍රසාද් Co - admin May 21, 2018 at 6:51 pm

    @ Darshana – zip ෆයිල් එකක් විදියට එන්නෙ සබ් එක, දර්ශන. ඊට උඩින් තියන “අදාල වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න” කියන එක උඩ ක්ලික් කරන්න, එතකොට ආයිත් නිල් පාට බට්න් එකක් මතුවෙනවා. ඒක ක්ලික් කරල ටිකක් වෙලා ඉන්න. automaticallyම ටොරන්ට් පිටපත තියන සයිට් පේජ් එකට යයි. ( මම මේ දැනුත් චෙක් කලා දීල තියන ලින්ක් එක වැඩ)Thanks.


    Reply
  39. Sajee Unregistered User May 21, 2018 at 9:56 pm

    Shikkari Shambhu ෆිල්ම් එකේ sub එක පුලුවන්නම් දාන්ඩ සහෝ…


    Reply
  40. LakshithaD Unregistered User May 25, 2018 at 6:28 am

    Hoda copyak thiyenawa update ekak denna saho


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin May 25, 2018 at 9:08 pm

      හොඳ පිටපතක් තාම නෑ, ලක්ෂිත. ආවම දෙන්නම් අනිවාර්යයෙන්ම.


      Reply
      • LakshithaD Unregistered User June 2, 2018 at 3:30 am

        Thanks sahodaraya me karana dewal godak agaya karanawa…. good luck bro…


        Reply
        • හසිත ප්‍රසාද් Co - admin August 1, 2018 at 12:26 am

          ‍WEB-DL පිටපතට යාවත්කාලීන කර ඇත.


          Reply
  41. Yohan Madhushika New User May 27, 2018 at 4:07 pm

    supiri ☝️👏


    Reply
  42. gihan_3 New User May 27, 2018 at 7:25 pm

    Thnks boro sub akata


    Reply
  43. suranga sampath New User June 3, 2018 at 10:11 pm

    fatta ee digatama karanna wede fatta


    Reply
  44. Isuru Dananjaya Subtitler June 8, 2018 at 7:03 am

    ***150 වෙනි උපසිරැසියට සුභ පැතුම්****


    Reply
  45. Pasindu sathsara Unregistered User June 12, 2018 at 7:29 am

    Niyamai Brdh 150 suba pathum


    Reply
  46. Yamoth Unregistered User June 23, 2018 at 12:03 am

    Blueray update eka enne kawadda macho


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin June 23, 2018 at 2:01 am

      තාම කැම් ප්‍රින්ට් තියෙන්නෙ. ජූලිවෙනකොට iTunes වලට දානව කියල තියනව, ඒ හින්ද බොහෝවිට Web-Dl එකක් එයිජූලිවලදි. බ්ලූ රේනං අගෝස්තු කියලයි කියන්නෙ. ඉවසන්න වෙනවා ටිකක් ඒ හින්ද.


      Reply
  47. sujith Unregistered User June 26, 2018 at 4:08 pm

    150 weni sabata magen suba pathum tawath hoda film set eka denna shakthiya labewa budu saranai


    Reply
  48. Mithun Unregistered User July 31, 2018 at 6:14 am

    WEBRIP එක ඇවිත් සහෝ …. අප්ඩෙට් දෙනවද බ්ලුරේ එකත් ලගදිම එයි…


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin August 1, 2018 at 12:25 am

      WEB-DL අප්ඩේට් කලා, මිතුන්. (එම්.කේ.වී කේඑජ්)


      Reply
      • Mithun Unregistered User August 1, 2018 at 12:35 pm

        හසිත සහෝ අනේ බ්ලුරේ එකත් ආව ඔන්න පැය දෙකක්වත් නෑ.. එකටත් නිවැරැදිව හදල දෙන්න මෙක අසාවෙන් බලන්න ඔනේ .. yts වලට අප්ලොර්ඩ් වෙල දැනට mkvcage එකටත් එයි තව ටිකෙන්


        Reply
        • හසිත ප්‍රසාද් Co - admin August 2, 2018 at 12:33 am

          BLURAY අප්ඩේට් කලා,මිතුන්. ( එම්.කේ.වී කේජ් )


          Reply
          • Mithun Unregistered User August 2, 2018 at 8:19 am

            😍😍😍😍💖💖 අද රැ බලනවා තැන්ක්ස් යු😘


            Reply
  49. Mithun Unregistered User July 31, 2018 at 6:14 am

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍


    Reply
  50. MADUSANKA Unregistered User July 31, 2018 at 10:17 am

    WEB RIP UPDATE KARANNAKOO..


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin August 1, 2018 at 12:24 am

      ‍WEB-DL පිටපතට යාවත්කාලීන කර ඇත.


      Reply
  51. wmcsubhash Unregistered User August 1, 2018 at 1:00 pm

    sub ekata thanks saho


    Reply
  52. ravidu New User August 1, 2018 at 10:06 pm

    සබ් එකට tnx සහෝ


    Reply
  53. chiro Unregistered User August 2, 2018 at 8:36 am

    thnx sahoo supiri wadak


    Reply
  54. Rasara Heshan Subtitler August 2, 2018 at 12:54 pm

    150 ta Hadaqathinma Suba patum👍


    Reply
  55. Jayasanka Unregistered User August 2, 2018 at 6:36 pm

    Thanks bro


    Reply
  56. silent$ Unregistered User August 2, 2018 at 7:52 pm

    Congtzzzzzzzzzzzzz Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa


    Reply
  57. Mithun Unregistered User August 3, 2018 at 8:50 am

    ඉයේ ෆිල්ම් එක බලලා වෙලාව බලද්දි පන්දර 1යි.. අම්මො නින්ද කොහෙම් ගියාද දන් නැ ෆිල්ම් එක ඉවරවෙනකල් …සුපිරිම 😍 ………. සබ් වලට වචන දාල තියෙනව ලස්සනයි ,පොඩි පොඩී ජොක් කැලිත් තියෙනව තොර් එහෙම දෙන….😁😍 තව දොරටු විවරණයක් ….තාම හිතේ තියෙන්නේ මුවි එක😁💖


    Reply
    • හසිත ප්‍රසාද් Co - admin August 3, 2018 at 5:58 pm

      තෝර්ගෙයි රොකට්ගෙයි සීන් ටික තමයි ලස්සණම,නේ? 😛


      Reply
  58. hashi_1 New User August 3, 2018 at 9:29 pm

    නියමයි සහෝ. ඔයාලා තමයි මුලින්ම Bluray Update එක දුන්නේ. ජයවේවා! වැඩි වැඩියෙන් ලැබේවා!!!


    Reply
  59. ලක්ෂාන් සමීර Subtitler August 4, 2018 at 7:42 pm

    නියමයි හසිත සහෝ…ඔන්න එහෙනම් දෙවෙනි වතාවටත් මේ සබ් එකට මම කමෙන්ට් කලා…මෙච්චර කල් ඉවසන් හිටියා කියලා පාඩු නෑ…හැමෝටම කලින් ඔයා අප්ඩේට් එක දීලා ඉවරයි…දැන්ම බලනවා මේක…ජය!


    Reply
  60. ashan lankanath Unregistered User August 5, 2018 at 10:24 am

    Thanks ……………good luck ……………..


    Reply
  61. පසන් Unregistered User August 14, 2018 at 10:30 am

    සුපිරි වැඩක් සහෝ.ජය වේවා


    Reply
  62. duminda_3 New User August 17, 2018 at 2:10 pm

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!


    Reply
  63. Malindu induwara Unregistered User August 28, 2018 at 10:13 am

    ඉස්සරහටත් ඔහොම දිගටම කරගෙන යමු.සුබ පතනව 150 ට….මෙ sub එකටත් තැන්ක්ස් මචන්..👍👍👍😍


    Reply
  64. අමිල Unregistered User September 1, 2018 at 10:09 pm

    පටිට වටිනවා මචං පුලුවන් නමි fone එකෙන් film එකක් බලන අපි වෙිනුවෙන් මෙි වගේ onlin link එක්ක දහන් වස්තුව උබට බොහොම ස්තුතිය


    Reply
  65. CrZy Shan Verified User September 7, 2018 at 11:49 pm

    තෑන්ක්ස් මචෝ.. ජය වේවා..


    Reply
  66. Amila Dilshan New User March 7, 2019 at 1:15 pm

    thank you


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google
  • කිසිම විටක උපසිරැස් කරුට හෝ වෙබ් අඩවියට අපහාස නොවන ආකාරයට ඔබගේ අදහස (comment) එකතු කිරීමට කාරුණික වන්න ..
  • යම් දෝෂයක් ඇත්නම් එය සැකවින් පල කරන්න .(හැකි ඉක්මනින් අප එය නිවැරදි කිරීමට උත්සහා කරමු )

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
News Of The World (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Soul (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Wonder Woman 1984 (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
තව බලන්න

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Replicas (2018) Sinhala Subtitle 2936 Inuka Wijerathna
Sentinelle (2021) Sinhala Subtitle 2172 Rasika Samanjith
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle 908 Hasitha Prasad
The Falcon and the Winter Soldier (2021) [S01 : E02] Sinhala Subtitle 872 දමිත් ප්‍රියංකර
Cherry (2021) Sinhala Subtitle 535 Hasitha Prasad
The Winter Lake (2021) Sinhala Subtitle 432 Rasika Samanjith
Raya and the Last Dragon (2021) Sinhala Subtitle 424 Hasitha Prasad
The Martian (2015) Sinhala Subtitle 267 Hasitha Prasad
Your Honor (2020) [S01 : E06] Sinhala Subtitle 231 K.A Raveen
Your Honor (2020) [S01 : E08] Sinhala Subtitle 223 K.A Raveen
තව බලන්න

ads

information

  • Software
  • අපි ගැන

Security & privacy

  • Terms Of Use
  • Privacy Policy
  • DMCA

introduction

Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

Copyright © 2015-2021 / Subz.LK