• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Kidnap (2017) Sinhala Subtitle

Kidnap (2017) Sinhala Subtitle

2017/05/27 at 8:10 pm
Hasitha Prasad

අද Subz LK අපට ඉමහත් සතුටු දවසක්.ඒ මක්නිසාද කියනවනම් අප අඩවියේ සාමාජිකයෙක් වන හසිත ප්‍රසාද් සහෝගේ සාර්ථක සිංහල උපසිරැසි 50 කඩයිම අද පසු කරනු ලැබුවා! විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තමයි කෙනෙක් අප අඩවියේ උපසිරැසි කඩයිමකට පැමිණි ප්‍රථම වතාව.මේ අවස්තාව හසිත සහෝට වගේම, අඩවියේ අනිකුත් සියලු දෙනාටම ඉතාමත් සතුටු දායක දෙයක් වුනා.එම නිසා මෙම විශේෂ ලිපිය පල කරන්න හිතුවා! Subz LK සියලුම සාමාජිකයන් වෙනුවෙන් ඇඩ්මින් මඩුල්ල විදියට අපි හසිත සහෝගේ ඉදිරි වැඩකටයුතු සහ සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ උපසිරැසි ජීවිතය තව තවත් විශාල වූ කඩයිම් පසු කරමින් ඉදිරියටම යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

අද අපි නිහතමානීව යම්කිසි සතුටක් ලැබුවත් අද වන විට රටේ උත්ගත වෙලා තියෙන තත්වයනම් එතරම් සතුටු දායක එකක් නෙවෙයි.ලක්ෂ ගණන් අපේම ජනතාව අද අවතැන් වෙලා දේපල අහිමි වෙලා, ජීවිත අහිමි වෙලා, සමහරු අතුරුදන් වෙලා, අනාත කදවුරු වල දුක්විදිමින් පසුවෙනවා, තත්වය අති සෝචනීයයි.ඒ සදහා Subz LK කණ්ඩායමේ කණගාටුවද පල කරන ගමන්, ඒ පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට් සහනයක් වෙන්නට ඔබට  කරන්නට හැකි උපරිම දේ කරලා ඔවුන්ට උදව් කරන්න කියලා කාරුණික ආරාධනයක් කරන්න කැමති!

අද 2017 වසරේ මැයි 27 අද මට ගොඩක් විශේෂ දවසක් ඒ තමයි මම Subz LK අඩවිය වෙනුවෙන් කරන 50වන උපසිරැසිය විදියට Kidnap (2017) චිත්‍රපටය ඉදිරිපත් කරන දිනය අද වීම.මම මේ දිනවල TV සීරීස් දෙකකට හිරවෙලා හිටියත් අපේ ඇඩ්මින් මඩුල්ල මට කිව්ව මේක ඔයාගෙ 50 වන උපසිරැසිය නිසා ඒ වෙනුවෙන් හොඳ ෆිල්ම් එකකට සබ් කරන්න කියල.ඉතින් ඒ වෙනුවෙන් දමිත්, කවීෂ , සමීර ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ලට මගේ හදපිරි ස්තූතිය. Subz LK සමගින් මේ දක්වා පැමිණි උපසිරැසි ජීවිතය ගැන කියන්න ගොඩක් දේ තියනවා මම පටන් ගන්නම් මෙහෙම...

පසුගිය වසරේදි Subz LK වෙබ් අඩවිය ගැන දැනගන්නකම්ම මම නිකම්ම නිකම් විනෝදෙට උපසිරැසි කල කෙනෙක්.ඒ කල උපසිරැසි Subscene වෙබ් අඩවියට අප්ලෝඩ් කරපු එක තමයි මම විනෝදෙට කලේ (එක්තරා ලාංකික අඩවියකින් ඉල්ලීමක් කලත් එයට ප්‍රතිචාරයක් ලැබුණේ නෑ)…ඔය අතරෙදි තමයි මට Subz LK ගැන දැනගන්න ලැබෙන්නෙ.මම හිතන්නෙ 2016 ඔක්තෝබර් මාසෙ වගේ තමයි මට මතක.ඉතින් මම මං කරපු උපසිරැසි එකතුවකුත් තිබුණ නිසා (මේතරම් ඉක්මනට 50 කඩයිමට ලඟාවෙන්න හේතුවත් ඒකයි)…Subz LK අඩවියට ඒව ඉදිරිපත් කරල ඉල්ලීමක්  කලා.ඉතින් එදාම Subz LK අඩවියෙන් මට පෙරළා ඊමේල් එකක් ලැබුණා මාව අඩවියට සම්බන්ධ කරගන්නා බවට.ඒ අපේ දමිත් ප්‍රියංකර සහෝදරයගෙන.ඔහුගෙන් ලැබුණ ඒ කාරුණික ප්‍රතිචාරය තමයි අද මට මේතරම් දුරක් ඒමට ලැබුණ ආරම්භය.ඉතින් ජායාරූපයකින් පමණක් දැක ඇති කිසිදිනෙක හැබැහින් හමුවී නැති දමිත් ප්‍රියංකර  ඔබට බෙහෙවින්ම ස්තූතියි ඒ වෙනුවෙන් (දමිත් මේ දවස්වල නිහඬයි)…අනේ මන්ද ඇයි කියල.ඉන් පස්සෙ තමයි මට කවීෂ මෙත්රුවන් සහෝදරයව හම්බවෙන්නෙ.අද වෙද්දි මාත් එක්ක වැඩිපුරම ගණුදෙනු කරන්නෙ කවීෂ.කවීෂ ගැන කියනවනම් කවීෂත් දමිත් වගේම  අඩවිය වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙන කෙනෙක් කියල මම දන්නවා.සමහරවෙලාවට මම උදේ 2:00 ට 3:00ට යවන ඊමේල් වලටත් එවෙලෙම රිප්ලයි එනවා.ඒ කියන්නෙ නිදිමරාගෙන අඩවිය වෙනුවෙන් කැපවෙන කෙනෙක් ඔහු.තව එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි සමීර ඉඳුනිල් ඔහුත් විටින් විට මාත් එක්ක ගණුදෙනු කරනවා.මේ කට්ටියගෙ මම දකින විශේෂත්වය තමයි කටයුතු කිරීමට තිබෙන පහසුව.මගෙ අතින් උපසිරැසියක් ප්‍රමාද වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නෑ.ඒ වගේ පිරිසක් සිටින අඩවියකට උපසිරැසි කිරීමට ලැබීමත් ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නෙ.ඒ හැමදෙයක්මත් උපසිරැසි කරන අපිට දක්වන සහය වෙනුවෙනුත් ඔයගොල්ලො හැමෝටම මම හිස නමා ආචාර කරනවා.ඒ වගේම කොහොමහරි උපසිරැසි ශතකය සම්පූර්ණ කරන්නත් ලොකු ආසාවක් තියනවා…

ඒ වගේමයි  තව මතක් කරන්නම ඕනෙ අපේ අඩවියට පිවිසෙන ප්‍රේක්ෂක පිරිසවත්.ඕගොල්ලන්ගෙ අදහස් හා යෝජනා චෝදනාවලින් ලැබෙන ශක්තිය තමයි අඩවියට සහ අපිට තියෙන ලොකුම ශක්තිය.අවංකවම අපේ මහන්සියට ප්‍රේක්ෂක ඔබෙන් ලැබෙන පුංචිම පුංචි ප්‍රතිචාරයත් වචනයෙන් කියන්න බැරිතරම් ලොකු හයියක්.උපසිරැසියක් කරන්න කම්මැලි හිතුණ වෙලාවට පරණ උපසිරැසියකට ලැබුණ ප්‍රතිචාර කියෙව්වහම ඒ කම්මැලිකම ඉබේම නැතිවෙලා යනවා.ඇත්තටම මම ඇතුළු අපේ සහෝදර උපසිරැසිකරුවන්ටත් අඩවියටත් ලැබෙන එකම ප්‍රතිලාභය ඔබේ ඒ කාරුණික ප්‍රතිචාරය විතරමයි.ඉතින් අපේ මහන්සියට වදනකින් හෝ උපකාර කල නොකල Subz LK ප්‍රේක්ෂක ඔබටත් මම හිසනමා ආචාර කරන ගමන් ඉදිරියටත් අපිත්  එක්කම රැඳී ඉන්න කියලත් ආරාධනා කරනවා.ඒ අතරේ තව මතක් කරන්නම ඕනෙ උපසිරසිකරණයට මගෙ මල්ලි ඇතුළු අපේ පවුලෙ අයගෙන් ලැබෙන සහයත්. ඉතින් ඒ අයටත් මගේ හදපිරි ස්තූතිය.

කවීෂ සහෝදරයගෙ ඉල්ලීම නිසාම මං මම ගැනත් ටිකක් කියන්නම්.මම රථවාහන ක්ෂේත්‍රයේ පොඩි රැකියාවක් කරන සාමාන්‍ය කෙනෙක්.කාටවත් කරදරයක් නැති පාඩුවෙ ඉන්න චරිතයක්.අපේ මල්ලිගෙ භාෂාවෙන් කියනවනම් මම ෆිල්ම් පිස්සෙක්.මම චිත්‍රපට නරඹන්න පුරුදුවුණේ 4 වසරෙ විතර ඉඳන්.ඒ රූපවාහිනියෙන්.ඒකාලෙත් මගේ ඒ පුරුද්දට අම්ම තාත්තගෙන් කිසිම බාධාවක් තිබුණෙ නෑ.ඒ අවසරයෙන් පටන්ගත්ත ඒ පිස්සුව VHS වලින් CD වලටත් CD වලින් DVD වලට මාරුවෙලා අද ටොරන්ට් දක්වා දිග ගමනක් ඇවිත් තිබුණත් ඒ පිස්සුව අදටත් එහෙමමයි.එතනින් පටන්ගත්ත දේ තමයි අද වෙනකොට උපසිරැසිකරණය දක්වා ඇවිත් තියෙන්නෙත්.මේකත් ඉතින් පිස්සුවක් තමයි උපසිරැසි කරන්න පටන්ගත්ත කියන්නෙ වැඩේ කොච්චර අමාරුවුණත් අතාරින්න හිතෙන්නෙ නැති අමුතුම අත්දැකීමක්.ඉතින් එච්චර තමයි මගේ විස්තර…

අවසන් වශයෙන් මතක් කරන්න ඕනෙ අපේ සහෝදර උපසිරසිකරුවන්වත්.ඔබේ උනන්දුව සහ කැපවීමත් නිසයි මේ අඩවිය මේතරම් දුරක් එන්නේ.ඒ වගේම උපසිරැසි කිරීමට උනන්දුව සහ හැකියාව තියන අයට Subz LK සමග එක්වෙන්න කියලත් ආරාධනා කරනවා.මොකද මිත්‍රශීලි ඇඩ්මින් මඩුල්ලකින් සමන්විත මේ අඩවිය ඔබට නිදහසේ උපසිරැසි කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්.ඒ වගේම  උපසිරැසිකරණය කියන්නෙ තමන්ගෙ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න තියන හොඳම අවස්ථාවලින් එකක්.Subz LK අඩවියටත් දමිත් , කවීෂ , සමීර ඇතුළු ඇඩ්මින්වරුන්ටත් අපේ සහෝදර උපසිරැසිකරුවන්ටත් Subz LK ප්‍රේක්ෂක ඔබටත් පාසල් කාලයේ ඉංග්‍රීසිය ගැන කිසිම තේරුමක් නොතිබුණ අපිට උපසිරැසි සහ හඬ කෑවීම් මගින් වටිනා විදේශීය නිර්මාණ පෙන්වා අපේ රසාස්වාදය අවදිකල ටයිටස් තොටවත්ත මහතාටත් අපිට ඉංග්‍රීසි උපසිරැසි සපයන Subscene අඩවියටත් කිසිදාක අපේ සිනමාශාලා (දකින්නට වරම් නොලැබූ නොලබන උසස් චිත්‍රපට අපට දකින්නට සැලැස්වූ අදටත් සලස්වන ටොරන්ට් අඩවිවලටත්  ස්තූති කරමින්ම මම නවතින්නම්.උපසිරැසි නිර්මාණය සම්බන්ධව මොනවමහරි ගැටලුවක් තියනම් මට මේල් එකක් දාන්න.දන්න දෙයක්නම් අනිවාර්යයෙන්ම කියාදෙන්නම්).මගේ මේල් එක (Hasithaprasad867@gmail.com)

Kidnap (2017)

සෑහෙන දවසකට පස්සෙ ෆිල්ම් එකක් කරන්න අවස්ථාවක් ලැබුනා.ඒ මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන්.ඒ වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි දමිත්, කවීෂ හා සමීර ඇතුළු අපේ Subz LK ඇඩ්මින් මඩුල්ලට.ඔවුන් මට මගෙ අනිත් වැඩ සේරම අත ඇරල මේ වෙනුවෙන් හොඳ ෆිල්ම් එකක් තෝරගන්න මට පූර්ණ නිදහස දුන්නා...

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ ලුයිස් ප්‍රීටො (Luis Prieto), රචනය සහ තිර රචනය නේට් ලී (Knate Lee)ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ හැලී බෙරී (Halle Berry) , ඩානා ගරියර් (Dana Gourrier) සහ ක්‍රිස්ටෝෆර් බෙරී (Christopher Berry) ඇතුළු නළුනිළි පිරිසක්.IMDB අගය 6.7 ක් ලබාගත් මේ ෆිල්ම් එකට ගූගල් පරිශීලකයින් 91% ක ප්‍රසාදයත් හිමිවී තිබෙනවා.මේක IMDB වලදි රේට් කරල තියෙන්නෙ R  කියල වුණත් පවුලේ සැමට නරඹන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ...

කතාව ගැන කියනවනම් ක්ලාරා ඩයිසන් කියන්නෙ එක්දරු මවක්.ඇයට ඉන්නෙ  වයස 6ක් වන පුංචි පුතෙක්.එයා තමයි ක්ලාරගෙ මුළු ජීවිතේම.ක්ලාරා වැඩ කරන්නෙ වේටර්වරියක් විදියට.ඉතිං දවසක ඇය තමන්ගේ පුතාව ළමා උයනකට එක්ක යන්නෙ පුතාගෙ බලවත් පෙරැත්තය මත.ඒත් තමන්ගේ ජීවිතේ එකම සතුට යම් දුෂ්ඨ මිනිසෙක් විසින් පැහැරගෙන යනවා දකින්නට තරම් ඇය අවාසනාවන්ත වෙනවා.හැබැයි ඇය නිකම් ඉන්නෙ නෑ.තමන්ගේ එකම දරුවාව පැහැරගෙන යන තැනැත්තා පිටුපස ඇය ලුහුබැඳ යනවා.පොඩි දුරකුත් නෙමෙයි සෑහෙන දුරක්.මේ කතාව වැඩි විස්තර කලොත් තේරුමක් නැති නිසා මම මෙතනින් නවතින්නම්.අවසන් වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේකත්.ඒ වගේමයි මේ දක්වා Subz LK අඩවියට , මට, අපේ සියලුම සාමාජිකයින්ට වචනයකින් හෝ උදවු උපකාර කල සියලුම දෙනාට ස්තූති කරන ගමන් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : A frantic woman (Halle Berry) embarks on a high-speed car chase to save her kidnapped son (Sage Correa)...

සිංහල උපසිරැසිය ලබා ගන්න 7108
Kidnap
  • 720p (bluray)
    704.08 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.45 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • Jagath Unregistered User
    Windows 8.1Chrome 59

    50 weni subata subapathum saho.digatama sub demu.sthuthi!!!

    2017-06-20 at 10:33 pm
    Reply
  • navinda malaka Unregistered User
    Windows 8.1Chrome 59

    thanks saho sub ekata,50 weni sub ekata suba patanawa.jaya wewa…elama…

    2017-06-20 at 10:36 pm
    Reply
  • Sudesh Unregistered User
    Windows 7Chrome 59

    Good work bro. Keep it up..

    2017-06-23 at 8:21 am
    Reply
  • John Unregistered User
    Android 5.1Chrome 54

    Congratulations mcn…digatama sub karamu ?

    2017-08-11 at 10:08 pm
    Reply
  • Pasindu Amarasinghe ExPERT Subtitler
    Android 7UC Browser 11.2

    තමන්ගෙ සියලු කටයුතු සාර්ථක වෙන්න වගේම ඔබට ජය සහෝදරයා?

    2017-11-28 at 7:59 am
    Reply
    • Pasindu Amarasinghe ExPERT Subtitler
      Android 7UC Browser 11.2

      කෙටියෙන් දැම්මෙ දිග කමෙන්ට්වැටුන්නෙ නෑ

      2017-11-28 at 8:00 am
  • lithi Unregistered User
    Windows 8.1Chrome 62

    niyama suba

    2017-11-29 at 1:40 pm
    Reply
  • Chandika Fdo Unregistered User
    Windows 7Chrome 62

    Ela patta movie eka ada downlod kra pulwnm Sub eka danakota film eke tronnt file ekth danna

    2018-01-07 at 3:28 pm
    Reply
  • chandika plt User
    Windows 7Chrome 62

    I’ll Always Know What You Did Last Summer 2006 me movie 2006 ekata kisima site ekaka sinhla sub na mekta sub denna plese

    2018-01-07 at 3:34 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms