The Lodge (2019) Sinhala Subtitle
හැමදාම වගේ Subz LK වටා එකතු වෙලා ඉන්න සුන්දර ප්‍රේක්ෂක මඩුල්ලට මුලින්ම ආයුබෝවන්. අද මම මේ ලිපිය ලියන්නෙ මගෙ 50 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන්. ඇඩ්මින් මඩුල්ලෙ කවීෂ සහෝදරයගෙ ඉල්ලීම නිසා මම උපසිරැසි කරන්න පටං ගත්තු විදිය ගැන පොඩි විස්තරයක් ලියන්නම්. ඉස්සෙල්ලම මට මේ වෙබ් අඩවිය හම්බෙන්නෙ මතක විදියට 2017 වසරෙදි විතර. කොහොමහරි මම ඉස්සෙල්ලම උපසිරැසියක් විදියට කලේ Control (2004) චිත්‍රපටය. ඒ උපසිරැසිය කරලා ඉස්සෙල්ලාම මම කලේ සිංහල උපසිරැසි ලබා දෙන වෙබ් අඩවි කීපයකට මේල් කරපු එකයි. එහෙම කරලා පැය බාගයකින් විතර Google කරලා බලනකොට Subz LK එකෙන් ඒ උපසිරැසිය පල කරලා තිබුණා. ඇත්තටම උපසිරැසි කරුවන් හැම කෙනෙක්ටම නිදහසේ තමංගෙ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ගොඩක් හොද වෙබ් අඩවියක් තමයි මේක. ඒ වගේම අලුතෙන් උපසිරැසි කරන්න පටන් ගන්න ඉන්න කෙනෙක්ටත් හරියන හොඳම තැන තමයි මේ වෙබ් අඩවිය. ඒත් අවාසනාවට කතාමාලාවක් පටන් අරන් අතරමග නවත්වන අයත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් ප්‍රේක්ෂක ඔයාලගෙන් සමාව ඉල්ලනවා වගේම ඒ නිර්මාණ සම්පූර්ණ කරන්න මම පුලුවන් උපරිමයෙන් උත්සාහ කරනවා. ඉතිං එතනින් පටංගත්තු ගමන අද වෙනකොට උපසිරැසි 50 ක් දක්වා අරගෙන එන්න මට පුලුවන් උනා. ඒ අතරට අරාබි/ඊශ්‍රායලය කතාමාලාවක් උන Fauda කතාමාලාව මට ලොකු උපකාරයක් උනා.
ඇඩ්මින් මඩුල්ල ගැන කතාකරනකොට කතා නොකරම බැරි චරිතයක් තමයි පසිඳු සාරංග සහෝදරයා. මගෙ පළවෙනි උපසිරැසියේ පටන් හැම එකකම වගේ අනිවාරෙන්ම වැටුන කමෙන්ටුවෙක් පසිදු සාරංග නමට වෙන් වෙලා තිබුණා. ඉතිං ගොඩක් ස්තූතියි ඒ කරපු දිරිගැන්වීමට. ඒ වගේම කවීෂ සහෝදරයා තමයි ටිකක් දිග ලිපියක් වගේම මේ වගේ ලිපියක් ලියන්න අදහසක් ලබලා දුන්නෙ. ඒකටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම එකී මෙකී නොකී හැම ඇඩ්මින් කෙනෙකුටමත් ගොඩක් ස්තූතියි වෙබ් අඩවියෙන් මගෙ උපසිරැසි පල කලාට. නොමිලේ ලබාදෙන උපසිරැසිය නිකන්ම අරගෙන යන්නෙ නැතුව ඩේටා කපාගෙන අනිවාරෙන් කමෙන්ටුවක් දාගෙන යන Mithun සහෝ ඇතුලු එකී මෙකී නොකී හැම සහෝදරයෙක්ටම වගේම මගෙ උපසිරැසි නිර්මාණ රසවිඳපු හැම කෙනෙකුටමත් ගොඩක් ස්තූතියි. ඉදිරියටත් අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. අමාරුවෙන් උපසිරැසියක් හදාගෙන ඇවිත් අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ ඔයාලගෙ කමෙන්ටුවක් විතරයි, ඒත් ඒ කමෙන්ටුව ගොඩක් වටිනවා ඒ නිසා ඒ හැම සහෝදරයෙකුටම ගොඩක් ස්තූතියි. හරි එහෙනං මරු කියවිල්ල මෙතනින් ඉවරයි අපි දැන් බලමු චිත්‍රපටය ගැන.

The lodge (2019) මතක අවදියෙන් පලිගැනීම
මේ අරගෙන එන්නෙ IMDB අගය 6.3 ක්, Rotten Tomatoes අගය 73% වගේම ගූගල් පරිශීලකයන් 73% කැමති චිත්‍රපටයක්. මේක විකාශනය ආරම්භ කරලා තියෙන්නෙ 2019 ජූලි මාසෙ 27 වෙනිදා රුසියාවෙදි, ඒ වගේම චිත්‍රපටය Horror, Thriller ගනයට තමයි අයත් වෙන්නෙ. 18+ බලනවනං වඩාත් හොඳයි. චිත්‍රපටයෙ ඇතුලාන්තය ගැන මුකුත් කියන්න යන්නෙ නෑ අරගෙනම බලමු. ඉතිං මේ මගෙ 50 වෙනි උපසිරැසි නිර්මාණය ඒක නිසා පුංචි දෙයක් කියන්නම්. මෙච්චර කල් වචනෙකින් හරි සහයෝගය දුන්නු, හැමදාම කමෙන්ටුවකින් දිරිමත් කරපු, මගෙ උපසිරැසි රසවිඳපු හැමෝටම ගොඩක් ස්තූතියි. ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි!
50 වෙනි කඩයිම පසු කලාට සුභ පැතුම්! ඉතිරි සෑම කඩයිමක්ම පසු කරන්න ලැබෙන්න කියලා සුභ පතනවා.sub එකට ස්තුතියි.
කමෙන්ටුවට ස්තූතියි සහෝදරී
Brother wede super … ohoma yaman..
Bro puluwan nm legacies season 2 episode
7- 16 sinhala subtitles ne.. eka puluwan nm karala denna brother .. all the best ….
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
මෙක ඉයේ තම බැලුවේ.. සෙට් උන වෙලාවේ.. අමුතුම කතාවක්. 😍 අන්තිම වෙනකම් හිතාගන්න බැරිඋනා සින් එක …
කමෙන්ටුවට ස්තූතියි සහෝ