The Outpost (2018) [S01 : E01] Sinhala Subtitle
Jessica Green, Jake Stormoen, Imogen Waterhouse, Anand Desai-Barochia
The Outpost පලමු දිගහැරුම ::::අවුරුදු දහතුනකට පසු ආරම්භය:::♣
සුබදවසක් වේවා subzlk වාසි සියලුදෙනාටම.එහෙනම් ඔන්න මාස ගානකට පස්සේ ආයිමත් ඔයාලත් එක්ක සම්බන්ධවෙන්න ලැබුණා.ඒකාකාරි ජීවිතයේ පොඩි විවේක වෙලාවක් හම්බවුනොත් මතක් වෙන්නේ උපසිරැසි තමයි,උපසිරැසිනම් Subzlk තමයි.එහෙනම් මෙන්න අලුත් කතාවක්,අලුත් ආරම්භයක් එක්ක අලුත්ම දෙයක් ඔයාලට ලබාදෙන්න අද ඉඳන් සූදානම්.මුලින්ම කියන්න ඕනි මේ නිර්මාණය මම කලින් කරපු නිර්මාණ වලට වඩා ටිකක් වෙනස්.ගොඩක් අය කියන විදියට මම තෝරගන්නේ ටිකක් අමුතු විදියේ කතා.ඒ වුනත් මේ කතාව ඒවගෙන් වෙනස් වුනු එකක් කියලා කියන්න පුළුවන්… හරි එහෙනම් ඒ කතාව මේ කතාව කිය කිය ඉඳලා හරියන්නේ නෑනේ.එහෙනම් මෙන්න The Outpost සීරිස් එක සඳහා උපසිරැසි අද ඉඳලා ඔයාට Subzlk හරහා ලබාදෙන්න සූදානම්.
කෝකටත් කලින් අපි මේ කතාව ගැනත් හොයලා බලමු.
Outpost කියන එකේ සිංහල අදහස මුරපොල.කතාවේ මේ කොටස බැලුවාම කට්ටියට තේරෙයි හරියටම මේ කියන්නේ මොකක්ද කියලා.
The Outpost කතා මාලාව විකාශයවෙන්න ගත්තේ මේ මාසේ 10 වෙනිදා ඉඳලා (2018/07/10).මේ වෙනකොට කොටස් 2 ක් විකාශනය වෙලා අවසන්.මේ කතා මාලාව පලමු සමය කොටස් 10 කින් සමන්විත බවයි නිල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.පොඩි කණගාටුවකට කරුණක් තියෙන්නේ මේකට ලැබිලා තියෙන IMDB 5.1/10 වීම.මම හිතන්නේ තාම කතාවේ මුල් හරිය හින්දා වෙන්න ඇති.මොකද අපි කලිනුත් දැකලා තියෙනවා මුලදී රේටින්ග්ස් වැඩිපුර ගත්ත ඒවා පවා පස්සේ රේටින් බහිනවා.මොනව වුනත් හොඳ ස්ටෝරියක් තියෙන කතාවක් කියන්න පුළුවන්.ඒ වගේම කුනු තක්කාලි අහය 44% කුත්,Audience score එක 94% කියලත් සඳහන් වෙනවා.
කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේක ටැලන් කියලා තරුණියක් වටා ගෙතෙන කතාවක්.ටැලන් චරිතයට පණපොවන්නේ Jessica Green.ඉතින් මෙහෙමයි කතාව“ටැලන් කියන්නේ බ්ලැක් බ්ලඩ් කෙනෙක් නැත්තම් කළු ලේ තියෙන කෙනෙක්.ඉතින් ටැලන් පුංචිකාලෙදි,බොහොම නරක පාලකයෙක් වෙන විදියකට කිව්වොත් රතු ලේ තියෙන කෙනෙකුගේ අණදීමක් හින්දා කුලී හේවායෝ කණ්ඩායමක් ටැලන් ඇතුළු බ්ලැක් බ්ලඩ්ලා ජීවත්වෙන ගමට පහරදීලා ටැලන්ගේ පවුල ඇතුළු මුළු ගමම සමූලඝාතනය කරනවා.ඒත් මේකෙදි පුංචි ටැලන් බේරෙනවා.බේරෙනවා කිව්වට අර කලින් කියපු කණ්ඩායමේ කෙනෙක් ජීවිතේ බේරනවා.ඊට පස්සේ අවුරුදු දහතුනකට පස්සේ ටැලන් තරුණිය තමන්ගේ ජාතිය,තමන්ගේ පවුල විනාශකරලා දාපු මේ කණ්ඩායම හොයනවා.ඉතින් ටැලන්ට මුල්ම තොරතුර ලැබෙන්නේ ටැලන් රාජධානියේ දකුණු පැත්තේ ඉන්නකොට.ඒ අනුව ටැලන්ට දැනගන්න ලැබෙනවා තමන්ගේ පවුල මරපු එක්කෙනෙක් උතුරු පැත්තේ තියෙන Outpost එකේ ඉන්නවා කියලා.ඉතින් ඊටපස්සේ ටැලන් තමාගේ (යාළුවාද/ආදරවන්තයාද හරියට කියන්න බෑ)එක්ක උතුරේ Outpost එකට යන්න පිටත්වෙනවා.ඒ අතරතුර මේ දෙන්නට ග්‍රේ ස්කින් කියලා සත්තු වගයක් පහරදෙනවා.ඉතින් එතෙන්දි කලින් කියපු ග්වයින් ටැලන්ට අහිමි වෙනවා.කොහොමහරි ටැලන් උතුරට කිට්ටුවට එනකොට තවත් කරදරේක වැටෙනවා. ඒ තමා ප්ලේග්ලින්ස් (බොහෝදුරට සොම්බින් වගේ)කලින් මිනිස්සු දැන් එහෙම නොවන ජීවියෝ වගයට මුහුණදෙන්න සිද්ධවෙනවා.ඒ වෙලාවේ ටැලන්ගේ උදව්වට තවත් කෙනෙක් එනවා.ඒ තමා ගැරට්,ගරට් කියන්නේ Outpost එකේ ඉන්න කැප්ටන් කෙනෙක්.ඉතින් එයාගේ උදව් ඇතුව ටැලන් Outpost එක දක්වා එනවා”.ඉතින් එහෙදී ටැලන්ට තමන් හොයපු හම්බවෙයිද,මොන වගේ අභියෝග වලට මුහුණදෙන්න ලැබෙයිද?…මෙතනින් ඉස්සරහට වැඩේ දිගටම අරන් යන්නද කියලා ඔයාලම කියන්න.
එහෙනම් ඔන්න අදනම් කියෙව්වා වැඩියි වගේ.කොහොම වුනත් බලලා ඉවරවෙලා කියන්නකෝ ඉතිරි ටිකත් බලමුද කියලා.එහෙනම් ඔන්න දැනට සමුගන්නයි යන්නේ.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!
සබ් එකට තැන්ක්ස්………..
එල එල.ඕන් ඒනම් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.දිගටම දීපන් හැබැයි ඈ..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
තැන්ක්ස් බ්‍රෝ ☺️
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
tnx sub
තෑන්ක්ස් මචං සබ් එකට.ජයවේවා…….
thanks for the sub….