සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල කලින් බලපු සුපිරි ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක බාර දුන්නු කවීෂ සොහොයුරාට බොහොම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා, බොහොම ආදරණීය සොහොයුරෙක්, මේ ෆිල්ම් එකට සබ් එක මීට කලින් අරගෙන තිබුන, නමුත් කාලය චුට්ටක් විතර එහෙ මෙහෙ වුනු නිසයි පරක්කු වුනේ…
හරි ඉතින් කොහොමහරි ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1997 අවුරුද්දෙ ජූනි 2, පළමු වතාවට තිරගත වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙදි, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 83% ලැබිල තියෙනවා, ඒත් එක්කම IMDB අගය 6.8 ලැබිල තියෙනවා, ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක් වැය කරල තියෙනවලු, ඒ වගේම ලොකු ආදායමකුත් උපයල තියෙනවා, ඇමෙරිකානු ඩොලර් මිලියන 224 ක් කියල තමයි සඳහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Simon West කියල කෙනෙක්, ලීඩිං මෑන් විදිහට රඟ දක්වන්නෙ Nicolas Cage. ෆිල්ම් එක ගැන තව පුංචි හැඳින්වීමක් කරන්නම්, මොකද මේ ෆිල්ම් එකේ අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා, ඒකයි මේ විදිහෙ පුංචි හැඳින්වීමක් කරන්නෙ, ෆිල්ම් එක යන අතරතුරේදි ඔයාලට දකින්න ලැබෙයි DEA කියල කෙටි යෙදුමක්, ඒකෙ තේරුම Drug Enforcement Administration.(මත්දව්‍ය පාලන සංවිධානය.) ඒත් එක්කම ඔයාලට තව කෙටි යෙදුමක් දකින්න ලැබෙයි CPR කියල, දැනට ඉංග්‍රීසි භාෂාවෙ එම කෙටි යෙදුමට තේරුම් දෙකක් දීල තියෙනවා, ඒ තමයි Cardiopulmonary Resuscitation.(හෘද පූප්ඵුශ පණගැන්වීම.) අනිත් තේරුම Canadian Public Rail-Way.(කැනඩා දුම්රිය සේවාව.) තව ඔයාලට දකින්න ලැබෙයි Ebonics කියල වචනයක්, ඒකෙ තේරුම ඇමෙරිකානු කළු ජාතිකයන් පාවිච්චි කරන ඉංග්‍රීසි භාෂාව. ඒත් එක්කම තව වචනයක් ඔයාලට දකින්න ලැබෙයි Old-timer කියල වචනයක්, ඒ තමයි ‘දිගු කාලීන අත්දැකීම් ඇත්තා’ කියන තේරුම. ඉතින් මේ කෙටි යෙදුම් සහ වචන වල තේරුම සබ් එකට ඇතුළත් කරන්න අමාරු නිසයි මේ විදිහෙ පුංචි හැදින්වීමක් කළේ.
ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එකේ හැටියට Nicolas රඟ දක්වන්නෙ ඇමෙරිකානු සොල්දාදුවෙක් විදිහට, ඔහු ෆිල්ම් එකේ හැටියට විවාහ වුනු කෙනෙක්, ඔහු රාජකාරිය නිම කරල ඔහුගේ බිරිඳව මුණ ගැහෙන්න එනවා, ඉතින් මේ දෙන්න මුණ ගැහෙන්නෙ සමාජ ශාලාවකදි, එතන ඉන්නවා සවුත්තු බේබදු කල්ලියක්, මේ කට්ටිය Nicolas එක්ක යම් ගැටලුවක් ඇති කරගන්නවා, ඒ අතරෙ මේ කල්ලියෙක් එක්කෙනෙක් මිය යනවා, නමුත් Nicolas එම ඝාතනය කරන්නෙ හිතාමතා නෙමෙයි, කොහොමහරි ඔහුට අධිකරණයෙන් අවුරුදු 10 සිරදඬුවමක් නියම කරනවා, ඔහු බන්ධනාගාරෙ ඉන්න අතරතුරේදි බන්ධනාගාර නිලධාරීන්ට සිද්ධ වෙනවා Nicolas සහ තවත් සිරකරුවන් පිරිසක් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න, ඉතින් මේ සිර කරුවන් පිරිස මාරු කර යවන්නෙ ගුවන් යානයකින්, ඒ වෙද්දි Nicolas ගෙ සිර දඬුවම අවසන් වෙලා ඔහුව නිදහස් කරන්න නියම වෙලා තියෙන්නෙ, කොහොමහරි ඉතින් මේ යානයට ගොඩ කරන්නෙ දරුණු අපරාධකරුවන් පිරිසක්, යානය ගුවන්ගත කරල සුළු මොහොතකින් මේ යානයේ පාලනය සිරකරුවන් අතට පත් වෙනවා, මේකට Nicolas කැමති වෙන්නෙ නෑ, නමුත් ඔහුට කරන්න කිසිම දෙයක් නෑ, මොකද සෑහෙන අපරාධකරුවන් පිරිසක් මැද්දෙ තමයි ඔහු ගුවන්ගත වෙලා ඉන්නෙ, කෙසේ හෝ ඔහුට සිද්ධ වෙනවා මේ පිරිසට විරුද්ධව මූණ දෙන්න, අපි බලමු ඔහු එම කටයුත්ත කරන්න කොහොමද කියල…ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!!
Spoiler Warning : Just-paroled army ranger Cameron Poe (Nicolas Cage) is headed back to his wife (Monica Potter), but must fly home aboard a prison transport flight dubbed “Jailbird” with some of the worst criminals living. Along with Diamond Dog (Ving Rhames) and Baby-O (Mykelti Williamson), genius serial killer Cyrus “The Virus” Grissom (John Malkovich) unleashes a violent escape plot in mid-flight. Secretly working with U.S. Marshall Vince Larkin (John Cusack), Poe tries to foil Grissom’s plan…
Dinusha Rukshan
Comments: 11
Leave a Reply to janith Cancel reply
Search
Login
Isuru Dananjaya
නියමයි මචං. ආසාවන් බලපු ෆිල්ම් එකක් ඉස්සර. ජයවේවා!!
Pasindu Amarasinghe
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය
randy
patta filumak meka. aith sub ekka balanna puluwan. sub ekata thanks macho. jaya wewa….
ushan
aluth english movies walata sub dennako
ushan
480p danawata tnx digatama eka danna
asitha
sub dipu nathi film walat sab dena eka loku dyak
meka supiri filumak balanna
jaya wewa!!!
Kantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Chaminda Lakruwan
නියමයි මචෝ සබ් එකට
janith
පකින් ඔසම් මෑන් පට්ට යකෝ මේක
කාටත් කියන්න රෑටත් මදින්න
thanks බොක්ක
Chandika
Thanks for subtitle