Iljimae (2008) [S01 : E19] Sinhala Subtitle

Published August 20th, 2020 by

Iljimae
(ඉල්ජිමේ.)

19 වෙනි කොටස

ඔන්න ඉල්ජිමේ 19 වෙනි කොටස අරන් ආවා. ටිකක් පරක්කු වුනා එකට සමාවෙන්න ඕන. අන්තිම කොටස් නිසා එපියේ සිදුවීම් ගොඩක් තියෙනවා. තව එකම එකයි තියෙන්නේ.

ඉතින් මුලින්ම මං මේ කොටසේ කතාව ට යන්න කලින් මුලින්ම ඉල්ලනවා. කතාව බලන්න කලින් පොස්ට් එක කියවලා ඉන්න කියලා. හේතුව මේ කොටසේ දේශපාලනික ලෙස තියෙන සිදුවීම් ටිකක් තියෙනවා, කතාවේ මුල ඉදන්ම ඒ තිබුණු දේශපාලනික කතා බහ සමහරුන් ට තේරෙන්නේ නැති වෙන්න ඇති ඉතින් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න කියලා හදන්නේ. මන් මේ ටික කතාවේ අන්තිමට කියන්න හිටියත් කතාව හොදට තේරෙන්න ඕන නිසා මේ කොටසේදීම කියන්න තීරණය කළා.

මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ. ජෝසන් වල 16 වෙනි රජතුමා ඉන්ජෝ රජුගේ කාල වකවානුව. ඉන්ජෝ රජතුමා ගැන කියුවොත් නම් ඔහු ගේ රාජකලය 1623 ත් 1649 ත් අතර මොහු සියොන් ජෝ රජුගේ (14 වෙනි රජතුමා ) මුණුපුරා වගේම ජෝන්ග්වොන් කුමරුගේ පුතනුවන්.

මේ කතාවේ ඉල්ජිමේ ගේ තාත්තාව ඒ කියුවේ හදාගත්ත තාත්තව නෙමේ ඇත්ත තාත්තව ඝාතනය කරන්න හේතුව මොකක් කියලද ඔයාලා හිතුවේ පළමු කොටසේ කතාව පටන් ගන්න කොටම පෙන්නන අනාවැකිය නිසා. බල තණ්හාවෙන් අන්ධ වුනු රජතුමා. ලි වොන් හෝ ව කුමන්ත්‍රණයකට හසු කොට මරනවා. ඒ කුමන්ත්‍රණය කියන්නේ රජතුමාව පහා කිරීමට කැරලි ගැසූ අයගේ නායකයා ලි වොන් හෝ කියලා. මේ කැරලි ගැන කියුවොත් රජු ඉන්ජෝ රජ වුයේ කලින් රජුව බලයෙන් පහ කරලා. මේ බලයෙන් පහ කිරීමේදී කලින් රජු යටතේ හිටි ජෙනාරාල් වරයෙකු කැරැල්ලක් ආරම්භකර රජු ඉන්ජෝව ඝාතයට තැත් කලත් තමන්ගේම පුද්ගලික ආරක්ෂකයෙකු අතින් මිය යනවා. මේ කැරලි වලට ලි වොන් හෝ ව හසු කරනවා. ඉතිරි වී ඇති කැරලි කරුවන් ගේ නායකයා ලි වොන් හෝ කියලා . එහෙමයි ඉල්ජිමේ ගේ තාත්තාව කුමන්ත්‍රණයකට හසු කරන්නේ.

කලින් කියුවා වගේ මොහුට රජකම ලැබෙන්නේ නම් උරුමයෙන් නෙමේ රජකම ගන්නේ ජෝසන් කැරැල්ලක් ඇති කරලා. එනම් මොහු රජ වෙන්න කලින් හිටියේ ග්වාන්හේගුන් 15 වෙනි රජතුමාව රජකමින් පහ කරලා.
ග්වාන්හේගුන් රජතුමා සිටින කාලේ ජපන් අක්‍රමණ සිදු වූ වුවත් ජෝසන ය ජපනුන් ගෙන් බේර ගත්තේ ග්වාන්හේගුන් රජතුමා . ඒ වගේම ඒ විදියට බේර ගන්නත් උදව් කලේ මන්චුරි ලා නිසා මන්චුරි ලා ඒ වෙනුවට ජෝසනය සමග ගිවිසුමකට ඇවිත් මින්ග් රාජධානිය එනම්  චිනය ආ ක්‍රමන ය කරලා රට අල්ල ගන්නවා.ඊට පස්සේ එන්නේ ක්වින් රාජවංශය එනම් මන්චුරි ලගේ රාජවංශය . මේ රාජවංශය සමග සාම ගිවිසුම් මගින් ජෝසනය සමග මිතුරු වෙනවා.

නමුත් මේ කොටසේදී පෙනේවි ඉන්ජෝ රජු ක්වින් ලට විරුද්ධ වෙලා මින්ග් රාජවන්ශය නැවත නැගී සිටුවන්න හදනබව මින්ග් රාජවංශයේ ඉතිරි වී ඉන්න ක්වින් වලට විරුද්ධව කැරැල්ලක් ඇති කරන්න හදන අයට උදව් කරන්න හදන විදිය.

මේ නිසා, මේ කතාවේ ඒ කොටස නැති වුනත් සත්‍ය සිදු වීමේදී නම් ක්වින් ජෝසනය සමග තිබුණු සාම ගිවසුම් බිදිලා මිතුදම් පලදු වෙලා මොවුන් ජෝසනය දෙවතාවක් ම ආක්‍රමණය කරනවා.
මේ කතාවට පාදක කරලා තියෙන්නේ. මින්ග් රාජවංශයට උදව් කරන්න යන කාල වකවානුව.

අද වනවිට , ඉන්ජෝ රජතුමාව බොහෝ දුරට සලකනු ලබන්නේ දුර්වල, අවිනිශ්චිත හා අස්ථාවර පාලකයෙකු ලෙසයි මක්නිසාද යත් මොහු ඇතිකළ ග්වාන්හේ කැරැල්ල, මැන්චස් සමඟ යුද්ධ දෙකක් නිසා ආර්ථිකය විනාශ කිරීමට හේතු විය. මොහුව බොහෝ විට ඔහුගේ පූර්වගාමියා වූ ග්වාන්හේගුන් හා සැසඳේ. ග්වාන්හේගුන් රට වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර තිබු අතර ඔහුව බලයෙන් පහ කරනු ලැබීය. ඔහුගේ රාජ්‍යය රැකබලා නොගැනීම ගැන දොස් පැවරූ බොහෝ දෙනෙක් ඉන්ජෝ රජු දේශපාලන යින් අනුගමනය නොකිරීමට ආදර්ශයක් ලෙස සලකති. 1592 සිට 1636 දක්වා ජාතියට මිලිටරි ගැටුම් කිහිපයක් ඇති වූ හෙයින්, හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සහ යුද්ධයට සූදානම් වීම සඳහා ජාතියේ ආරක්ෂාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහුට ගෞරවය හිමි වේ. ඉන්ජෝ මිය ගියේ 1649 දී ය.

මිට අමතරව තව දෙයක් ක්වින් රාජවංශයට ඉන්ජෝ රජුගේ වැඩිමහල් සහ දෙවැනි පුතණුවන් ලා ප්‍රාණ අපකාර ලෙස රැගෙන යනවා .මොවුන්ගෙන් වැඩිමහල් පුතු නැවත ජෝසනයට පැමිණෙනවා. කතාවේ ඒක දකින්න ඇති ඔහුගේම වැඩිමහල් පුතාව රජු ඉන්ජෝ තීන්ත පාලකයකින් හිසට ගසා තම නිදන කුටිදීම ඝාතනය කල බවත් වාර්තා වල සදහන් වුනත් වස දී ඝාතනය කල බවට එවකට කටකතා පැතිර තියෙනවා.
(සත්‍ය සිදුවීමකි.)
මේ කෙටියෙන් සිදු වීම මං කියුවේ ගොඩක් වැදගත් දේවල් මේ කාලවකවානුවේ සිදු වුනත් කතාවට අයිති ටික කෙටියෙන් කියුවේ තේරුනාද කියලා නම් දන්නෙ නැහැ.
කතාවේ මේ කොටස පැත්තට යමු.

” මිනිස්සුන් ව බේර ගැනීම වෙනුවෙන් භාවිතා කරනවා විතරයි. “

මේ ඉල්ජිමේ කියුව වදන් වල තේරුම ශි හොට ටික ටික තේරෙන්න ගන්නවා.

යොන්ග් අහ්!
බොන් සුනී
එයාගේ දෙමාපියන් මැරුව කෙනාගෙන් පලි ගන්නවා කියන එක අරමුණෙන්
මුළු ජිවිත කාලෙම ජිවත් වුනු ළමයෙක්
එත් ඒ ළමයා
එයාගේ පළි ගැනීම නෙමේ.
ඔයා වෙනුවෙන් ජිවිතේ පරිත්‍යාග කරන්න තීරණය කරලා වගේ .
මට
මගේ දුවව
අසරණ අපේ බොන් සුනී ව
මෙහෙම නිකන් යවන්න බැහැ.
යොන්ග් අහ්!
වැරදිලා හරි මට බේරෙන්න බැරි වුනොත්
මගේ දුව බොන් සුනී ව බලා ගන්න!
කොන්දල් යෝන්ගිට ලියලා යන අන්තිම ලිපිය.. බොන් සුනී කුමක් වෙයිද ?
කොන්දල් ට ත් කුමක් වෙයිද ?
එවගේම ඉයුන් චේ ඉල්ජිමේ ගේ මුණ දකින්න ඇතිද මේ දේවල් වලට උත්තර කතාව බලලා හොයා ගන්නකො.

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඉල්ජිමේ ගේ අන්තිම සොරකම මාලිගය සමගින් .අවසාන කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.බුදු සරණයි !

US

Download Links:

Download Direct 480P පිටපත 318 MB Download Direct 480P පිටපත 318 MB Download Direct පිටපත Download Direct පිටපත

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
0%
0%

Comments: 18

  • දමිත් ප්‍රියංකර

    .yay. වෙලාවත් 1 යි තව කොටස් තියෙන්නෙත් 1 යි .queen.

    2020-08-21 at 1:14 am
    Reply
    • ඉෂි ද සිල්වා

      :joy::joy: :stuck_out_tongue_winking_eye:

      2020-08-21 at 1:18 am
  • Piyumal

    thanks.
    suspicious partner drama eka sub valata mokada une ???

    2020-08-21 at 6:42 am
    Reply
    • ඉෂි ද සිල්වා

      sub eka dapu kenagen ahnna blnna. eya sub eka denawada kiyla.

      2020-08-21 at 10:29 pm
  • Ramilka

    ඊලගට ඉක්මනට The romance of tiger and rose මේ Tv series එකට Sub ඔනෙ

    2020-08-21 at 9:27 am
    Reply
    • ඉෂි ද සිල්වා

      meka chinese ekak neda. chinese ekakata sub denna nm hithan innawa blamu eka. meken passe dena eka thiranaya karla naha thwama. denwada nadda kiyla wath.

      2020-08-21 at 10:34 pm
  • Hansani Rupasingha

    නියමයි! තව එකයි තියෙන්නේ.. උපසිරැසියටත් බොහොම ස්තූතියි:grin:

    2020-08-21 at 1:34 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      😀 ගොඩක් ස්තුතියි. dear.

      2020-08-21 at 10:35 pm
  • Nela

    episode 8 link eka weda nehe 🙁

    2020-08-22 at 8:16 pm
    Reply
    • දමිත් ප්‍රියංකර

      fixed……..

      2020-08-23 at 3:13 pm
  • Chathura Dilshan Udawaththa

    godk korean drama walat sinhala sub nthuw english wlin blnn wenwa..:worried:☹
    THank you soo much…:blush::star_struck:

    2020-08-23 at 2:31 am
    Reply
    • ඉෂි ද සිල්වා

      eka nm aththa. api puluwan widiyta okkotama sub denwa. digatama apith ekka radi inna.

      2020-09-06 at 10:15 am
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-08-26 at 9:46 am
    Reply
    • ඉෂි ද සිල්වා

      comment ekata thanx.:yum:

      2020-09-06 at 10:15 am
  • Malith Sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි අන්තිම එකටත් ඉක්මනට දෙන්න

    2020-08-26 at 1:28 pm
    Reply
  • udaya

    20 weni kotasa sinhala sub eka denna ko plz

    2020-08-27 at 7:18 pm
    Reply
  • Heshan Ishara

    අන්තිම කතාව දෙන්නේ කවද්ද:heart_eyes:

    2020-08-28 at 7:28 am
    Reply
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 9:14 am
    Reply

Leave a Reply to තරිදු සාගර Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip