ඔන්න එහෙනම් අරගෙන ආවා Legacies පලවෙනි කතා සමයේ හතරවෙනි කොටස. අපි කලින් කොටසේ දේවල් මතක් කරගෙන ඉමු. හෝප් අදුරු මායාව පාවිච්චි කරපු නිසයි, ජෙසී හා ලිසී ෆුට් බෝල් ක්‍රීඩාවේදී එපා කියපු දේවල් වගයක් කරපු නිසා මෙයාලට රික් දඩුවම් කරනවා. ඒ තමයි ශ්‍රමදානයක් වගේ එකක්. ඒත් එතැනදී කෝනර් කරපු ගොන් වැඩකට තරහා ගිහිං ලිසී කලින්ම යනවා යන්න. ඊට පස්සේ ප්‍රාථමික අංශයේ ළමයින්ට උදව් කරන්න කියනවා රික් ලිසීට. එතන හිටපු පොඩි ළමයෙක් එක්ක ලිසී කතා කර කර ඉද්දී එතන තිබ්බා ගාර්ගොයිල් නමින් හදුන්වන පිළිමයක් මෙයාලට පහර දෙන්න ගන්නවා. ලිසී පොඩි ලමයව ආරක්‍ෂිත රික් ලගට යැව්වත් ලිසීට ගාර්ගොයිල් කියන අමනුෂ්‍යයා ලිසීට පහර දෙනවා. ඒ විෂ නිසා ලිසීට හෙල්ලෙන්නවත් බෑ. ඊට පස්සේ රික් ළමයින්ව ආරක්ෂිතව තියලා අර පිහියත් අරගෙන අමනුෂ්‍යයාව හොයාගෙන යනවා. එතකොට අර ගාර්ගොයිල් කියන අමනුෂ්‍යයා රිකට පහර දීලා ස්කොලෙන් යන්න හැදුවත් ඌට යන්න වෙන්නේ නෑ. මොකද ලිසී කාටවත් එලියට යන්න බැරි වෙන්න බන්දනයක් කරලා. මේ ගැන හෝප් හා ජොසී දන්නේ නෑ. රික් මෙයාලට ඒක දැනගන්න දෙන්නේ නෑ. ඒත් ජෝසීට ,මේක ටික ටික දැනෙනවා. ඊට පස්සේ හෝප් හා ජෝසී හොරෙන්ම ස්කොලේ ඇතුලට එනවා. එතකොට මේ දෙන්නට රික්ව හම්බෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම යනවා ගාර්ගොයිලවා විනාශ කරන්න. ඒ අවස්ථාවේ ගාර්ගොයිල් හෝප්ට පහර දෙන්න හදද්දි රික් මැද්දට පැනලා හෝප්ව බේරගන්නවා. මොකද රික් දැනගෙන හිටියා ඌ රික්ව මරන්නේ නැති බව. හැබැයි මේ වැඩේට නම් ජොසීට හොදටම තරහා ගියා. කොහොම හරි ජොසී හා හෝප් එකතු වෙලා ගාර්ගොයිල්ව විනාශ කරා. ඒ වගේම ඔයාලට දකින්න ලැබුනා ලැන්ඩන්ව වගේම රෆායෙල්ව. මේ දෙන්න එකතු වෙලා රෆායෙල්ගේ වෙයාවුල්ෆ් හැකියාවන් යොදාගෙන සල්ලි හොයනවා. ඒ අතර තුර කව්දෝ මිනිහෙක් මෙයාලා දෙන්නව මරන්න ආවා. ඔයාලා හොදටම දන්නා කෙනෙක් තමා මෙයාලව බේරගත්තේ. ඒ තමා ජෙරමි. කොහොමහරි මේ දෙන්නව ජෙරමි ගිහිං ස්කෝලෙට බාර දෙනවා. ජෙරමි කියුව විදිහට නම් එයා සමහර වෙලාවට රික්ට වැඩ කරනවා උදව්වක් විදිහට. අවසාන වශයෙන් ඔයාලට දකින්න පුළුවන් සාෂා වගේම ඩෙනා කාර් එකේ ඉද්දි කව්දෝ කෙනෙක් මෙයාලට පහර දෙනවා. ඕක තමා කලින් කොටසේ සාරාංශය.
අද කොටස ගැන නම් මුකුත් කියන්න බලාපොරොත්තුවක් නෑ. මොකද මේක කොටලා කොටලම මට මහන්සි වගේම ඔලුවත් රිදෙනවා. Hope Is Not the Goal ලෙස නම් වූ අද කොටස ලබා ගන්න සමත් වූ IMDB අගය 8.3ක් තරම් වෙනවා. ඒ වගේම විකාශය වෙලා තියෙන්නේ November 15, 2018 දින. එහෙනම් මම ගිහිං එන්නම්. ඊලග කොටසින් නැවතත් හමුවෙමු. එතෙක් ඔබට ජය!
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ
Kavisha Methruwan
Comments: 10
Leave a Reply to Dinithi Rajakaruna Cancel reply
Search
Login
Malith Viduranga
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය
Tharuka
Thanks For Sub….
Uvindu Dilshan
Sub ekata thankx bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
Waruna
Ilaga epi tikatath sub eka diyo ela jaya wewa😊
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…
Dinithi Rajakaruna
sub ekt thanks
Diwya Wasana
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Supun Chaaminda
ආදරෙයි ආ එල