Clean Hands (2026) Sinhala Subtitle
IMDB RATING
8.3
CAST
Zach Braff, Esther McGregor, Abigail Spencer, Lucas Till, Abigail Rhyne, Holt McCallany
Clean Hands
පොලිස් නිලධාරියෙක් වන කෙවින් සිමර්ස් සහ ඔහුගේ දුව බෲක් වටා තමයි මේ කතාව යන්නේ. බෲක් කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්නේ, එයාව ඒකෙන් ගලවාගන්න කෙවින් කොච්චර උත්සාහ කළත් ඒක ලේසි වෙන්නේ නෑ. බෲක් නිතරම වගේ ගෙදරින් පැනලා යනවා, කුඩු සෙට් වෙන්න උත්සාහ කරනවා. කෙවින් සහ එයාගේ යාලුවා නික් එයාව නිතරම පස්සෙන් ගිහින් අල්ලගන්නවා, ඒත් බෲක් හැදෙන්නේ නෑ.
මේ අතරතුර ප්රදේශයේ කුඩු ජාවාරම් කරන අය සහ පොලිසිය අතර ලොකු ගැටුමක් යනවා. ඩෝමර් කියන්නේ කුඩු අල්ලන පොලිස් නිලධාරියෙක් වුණත්, එයා ඇත්තටම නරක වැඩ වලට සම්බන්ධයි. එයා තරුණ කෙල්ලොන්ට කරදර කරනවා, බෲක්වත් ඒ වගේ අමාරුවක වැටෙනවා. බෲක්ට හෙරොයින් වැඩිපුර ගිහින් මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී තාත්තා එයාව බේරගන්නවා. ඒත් පස්සේ බෲක් ආයෙත් කුඩු වලට ඇබ්බැහි වෙනවා.
කෙවින් තමන්ගේ දුවව බේරගන්න ඩෝමර්ව සහ අනිත් කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ලෙස සටන් කරනවා. අන්තිමට බෲක්ට ආයෙත් කුඩු වැඩිපුර ගිහින් එයා ජීවිතක්ෂයට පත් වෙනවා. දුවගේ අභාවයෙන් පස්සේ කෙවින් තවත් අමාරු තත්ත්වයකට වැටුණත්, එයා කුඩු වලට එරෙහිව ලොකු සටනක් කරනවා. දුවගේ මතුවට බෲක්ස් හවුස් කියන නමින් පුනරුත්ථාපන මධ්යස්ථානයක් ආරම්භ කරලා, තවත් ගොඩක් තරුණ ජීවිත කුඩු උවදුරෙන් බේරගන්න එයා උත්සාහ කරනවා.