Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Fast & Furious Presents: Hobbs…

Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitle

August 29, 2019 Expert Subtitler

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම. කොහොමද යාලුවනේ? ඉතින් මුලින්ම කියන්න ඕනේ අද මට විශේෂ දවසක් කියලා. හැම උපසිරැසි කරුවෙක්ටම එක් එක් කඩයිම් තියෙනවා. ඒවගේ අද මාත් එක් කඩයිමක් සාර්ථක කරගත්තා. ඒතමා මගේ 50වැනි උපසිරැසි කඩයිම.

ඉතින් මන් මේ උපසිරැසි ජීවිතේට එකතු වුණ හැටි ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ඉතින් මාත් ඉස්සර ඔයාලා වගේ කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ෆිල්ම් බාලා ඒකේ උපසිරැසියත් වෙබ් එකකින් බාලා ආතල් එකේ නිකන් ඉන්න වෙලාවට බල බල ඉන්නෝ. මන් site එක හොයාගත්තේ 2017 වගේ. ඒ Badrinath Ki Dulhania කියන ෆිල් සබ් එක download කරන්න හොය හොය යද්දී. එතකොට තමා මට මේ site එක හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මේ ෆිල්ම් එකට සබ් එක හදලා තිබ්බේ අපෙ ඇඩ්මින් දමිත් සහෝ. ඒ කාලෙදි මේ සයිට් එකට හරියට ආවා අලුතින් ෆිල්ම් වලට සබ් දාලද බලලා යන්න. ඒත් පස්සේ ෆිල්ම් බලන එක නැවතිල online game පිස්සුව ගහන්න ගත්තා. ඉතින් යාලුවොත් එක්ක online game ගහන එකේ ආතල් එක දන්නවා ඇතිනේ. ඒවගේම මටයි අපේ යාලුවෝ කාටවත් router නෑ තියෙන ඩොංගල් කට්ටෙන් ඉන්ටර්නෙට් යන්නේ. ඒත් කාඩ් එකක් ගත්තේ ක්ලාස් වලදී අම්මා මොනාහරි කන්න කියලා දෙන සල්ලි එකතු කරලා.ඉතින් ඔහොම ඔහොම යද්දී ආයේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී අපේ යාලුවෝ ගොඩක්ම වගේ ගේම් ගහන එක නවත්තන්න ගත්තා.ඉතින් ඊටපස්සේ තමා මට ආයේ ෆිල්ම් මේනියාව හැදෙන්න ගත්තේ. ඇත්තටම කිව්වොත් මන් ඒ කාලෙදි වැඩියෙන්ම ආස හින්දි, දෙමළ, තෙලුගු ෆිල්ම් වලට. හැබැයි ඔය කාලෙදි මට මේ site එක ගැන මතකයක් වත් තිබ්බේ නෑ. හැබැයි ඔය කාලෙදි තමා Bumblebee එක රිලීස් වුණේ. මන් ඉතින් එකේ කැම්කොපියට සබ් එක තියද කියලා හොය හොය යද්දී ආයේ මේ site එක හොයාගත්තේ.ඉතින් Bumblebee එක තමා හසිත අයියගේ 250 සබ් එක. හැබැයි මන් එදා සබ් එක ගත්තේ නෑ කැම්කොපි මොකටද ඩේටා කපාගෙන බලන්නේ කියලා. හැබැයි ඊළග දවසේ මෙන්න HDRip එකට update කරලා. ඒවගේම කියන්න ඕන සබ් කරන්න පටන්ගත්තම තමා ඔය HDRIP,BLURAY,WEBRIP ගැන හරි අදහසක් ආවේ. ඉතින් ඔන්න ඔය විදියට තමා මන් මේ සයිට් එක හොයාගත්තේ.ඔහොම ඔහොම ගියායින් පස්සේ, මට දවසක් හිතෙන්න ගත්තා ඉස්කෝලෙත් නිවාඩු දීලා ගෙදට්ට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මාත් පොඩ්ඩක් සබ් එකක් හදලා බලන්න ඕන කියලා.ඉතින් මන් Patiala House කියන ෆිල්ම් එකෙන්.ඉතින් මුලින් හිතුවෙ වැඩේ ලේසි එකක්.අද උදේ පටන්ගත්තනම් දවල් වෙද්දී ඉවර කරන්න පුළුවන් ඇති කියලා.හැබැයි එදා සබ් එක කරන්න ගත්තම තේරුණේ මේක මොන කරදරයක්ද කියලා.මගදී වැඩේ නවත්තන්නත් හිතුණා.ඒත් කමක් නෑ කියලා ඉවර වෙනකන්ම කරලා දැම්මා.පස්සේ සබ් එක දාන්නේ මොන site එකටද කියලා හිතාද්දී කෙලින්ම හිතට වැටුණේ Subz.lk site එක.ඉතින් මන් දෙපාරක් හිතන්නෙ නැතුව සබ්ස් එල් කේ ඊමේල් එකට මගෙ සබ් එක මේල් කළා.ඉතින් 2019 ජනවාරි 19 වෙනිදා මගේ සබ් එක සයිට් එකේ දාලා තිබ්බා. ඉතින් මාරම සතුටක් ආවේ. කියලා නිම කරන්න බෑ. ඉතින් එදා මට ලැබුණ comment තමා මාව මේ වැඩේට ඇබ්බැහි කළේ. එදා ඉදන් පටන්ගත්ත මේ ගමන දැනට මාස 8ක්ම ගිහින් සබ් 50 ගහන්න.හැබැයි මාස 8ක් ගියාද කියන එක දැණුනෙවත් නෑ.ඉතින් ඔය විදියට තමා මන් උපසිරැසි ජීවිතේට එකතු වුණේ.

ඒවගේම ඔයාලත් අපෙන් ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලීම් කරනවා වගේ.මටත් ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා.ඒ තමා අපි upload කරන ඕනම ෆිල්ම් එකක් හෝ ටීවී එපිසෝඩ් එකක සබ් එකක් බාගෙන යද්දී comment එකකුත් දාන්න කියලා.මොකද අපි මේ වැඩේ කළාට අපිට ලැබෙන මුදලක් ඇත්තේ නෑ.අපි මේ වැඩේ කරන්නේ විනෝදාංශයක් හැටියට.ඉතින් අපිට මේකෙන් ලැබෙන එකම වත්කම download box එකේ තියෙන ගාණයි ඔයාලගේ අදහස් වලිනුයි ලැබෙන සතුට විතරයි.ඉතින් මන් ඔයාලගෙන් ඉල්ලන්නේ ෆිල්ම් එක ගැන හරි අදහසක් කොටාගෙන යන්න කියලා.ඉස්සර මාත් ඔය වගේ කුපාඩි වැඩ කළා.ෆිල්ම් එකේ සබ් එක බෑවා ඊටපස්සේ close කළා.ඒත් මේ වැඩේට එකතුවුණාම මට තේරුණේ අපිට හුඟාක්ම වටින්නේ ඔයාලගේ අදහස් කියලා.ඉතින් ඔය comment එකක් දැම්මට එච්චර ඩේටා කැපෙන්නෙත් නෑ නේ.

අද වගේ දවසක මට මේවගේ කඩයිමක් සාර්ථක කරගන්න මංපෙත් විවර කරලා දුන් මගේ පවුලේ සැමටම ස්තූති කරන්න ඕන.ගෙදර අය නම් හැමවෙලේම computer එක ඉස්සරම ඉන්නවා කියලා කේස් දානෝ.හැබැයි ඒත් මගේ typing skill එක දැක්කම හැමෝටම පිස්සු හැදෙනෝ. ඒවගේම අපේ වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරන්න ඕන.දමිත් සහෝ, කවීෂ සහෝ, පසිඳු සහෝ, සමීර සහෝ, මේ හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕන මොකද නැත්නම් අද මම මේ වගේ සුපිරි site එකකට එකතු වෙන්න බැරි වෙන එක ගැන.ඒවගේම හසිත සහෝ,මිහිර සහෝ,සහන් සහෝ සහ අනෙක් සෑම උපසිරැසිකරුවෙක්ටම මේ අවස්ථාවේ ස්තූති කරනවා. ඒවගේම මගේ ඉස්කෝලේ සෙට් එකටත් ස්තූති කරනෝ. විශේෂයෙන් මගේ බොක්ක ෆ්රෙඩා යසිරුට. ඌ නැත්නම් මන් සබ් හදනවා කියලා ඉස්කෝලේ උන් දන්නෙත් නෑ. ඉස්කෝලේ සමහර අයනම් කිව්වා ඔය වැඩෙන් ලැබෙන්නේ මොකක්ද කියලා. සල්ලි වත් ලැබෙන්නේ නෑ නේද ඇහුවා.ඉතින් ඕන එකක් කියන්නෙ කියලා මන් වැඩියට කනට ගන්නේ නැතුව ඔහේ හිටියා.ඒත් මන් යසිරුට විශේෂයෙන්ම ස්තූති කරන්නේ මගේ සබ් එක fb page එකේ වැටුණම එදා මන් සබ් කරනවා දැනන් උබ හෙන වැඩ්ඩෙක් නේ, උබ සබ් හදනෝ, උබ පට්ට පොරක් කියලා මාව අගය කරාම වගේම අගෙ යලුවෝ ගාව තිබ්බ මන් සබ් කරනවද කියන විචිකිඡ්චාවත් නැති කරලා දැම්මා.ඒවගේම තව විශේෂ ස්තූතිය ලැබෙන්නේ අපේ ඇඩ්මින් මණ්ඩලයේ පසිදු අයියට.මන් හිතන්නෑ වෙන සයිට් එකකවත් මේ වගේ ඇඩ්මින් කෙනෙක් ඉදියිද කියලා.සහෝ, අයියා කියලා පටන්ගත්තා චැට් එක අද උබ කියලා පාවිච්චි වෙන තරම හොඳම යාලුවෙක්ගේ සයිස් එකකටම ආවා.මන් මේ අවස්ථාව එනකන් ගොඩක් ආසාවෙන් එයා බලන් හිටියා.සබ් විසිගාණට එද්දිම මට කිව්වා දැන් පනහටත් කිට්ටුයි නේද කියලා.ඉතින් අද මට මෙ වගේ කඩයිමක් සාර්ථක කරගන්න පුළුවන් වුණ එකට අනිවා පසිදු අයියට ස්තූති කරන්නම ඕන.ඒවගේම දමිත් අයියටත් ස්තූති කරන්න ඕනේ, ඉස්සර මන් සයිට් එකට ජොයින් වුණ කාලේ ඕනම ගැටලුවක් තිබ්බොත් ඇහුවේ දමිත් අයියගෙන්.අනෙක් කෙනා තමා හසිත අයියා.මට මතකයි ලිපියට image එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා ඇහුවම රචනයක් විතර සයිස් Tutorial එකක් මහ රෑ එවනෝ.ඉතින් ඒවගේ ඕනම ගැටලුවක් ආවම දන්න හැටියට උත්තරයක් දෙන සෙට් එකක් මේ සයිට් එකෙන් මට හම්බුණා.තව සහන් සහෝටයි, මිහිර සහෝටයි ස්තූති වන්ත වෙනවා වගේම අනෙක් හැම උපසිරැසි කරුවෙක්ටම ස්තූති කරනවා.ඒවගේම හම්බෙලා කතා කරන්න බැරි වුණත් නිකන් හුඟාක් නිහතමානි උපසිරැසිකරුවෝ කණ්ඩායමක් මේ සයිට් එකේ ඉන්නවා කියලා.ඒවගේම අපේ සබ් වලට අදහස් කොටන් යන සබ් එක බාගෙන යන ඔයාලටත් ස්තූති කරනවා.මොකද ඔයාලා නැත්නම් අද මන් සබ් කරන එකක් නෑ.මගේ පළවෙනි සබ් එකට ඔයාලගෙන් ලැබුණු අදහස් තමා මාව මේ වැඩේට දිරිමත් කළේ.

අනිවාරෙන්ම කියන්න ඕන මේ වගේ සයිට් එකක් උපසිරැසිකරුවෙක්ට ලැබුණු භාග්‍යයක් කියලා.මොකද තමන්ගේ සබ් එක තමන්ටම කියලා upload කරන්න පුළුවන් වෙනම ටූල් එකක් තියෙනවා වගේම සබ් එකක් ගහන්න ආසාවෙන් ඉන්න ෆිල්ම් එකක් තමන්ටම බාර ගන්න පුළුවන් හැටියේ ටූල් එකක් තියෙනවා.ඉතින් ඒක උපසිරැසිකරුවන්ට කෙරෙන පහසුවක්.ඉතින් ඔයාලත් සබ් එකක් කරන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාලට ගැළපෙන සයිට් එක මගේ හැටියෙට නම් Subz.lk තමා.

මන් මේතාක් කළ උපසිරැසි-:
⦁ Patiala House (2011)
⦁ Paheli (2005)
⦁ The Theory of Everything (2014)
⦁ The Purity of Vengeance (2018)
⦁ Wake of Death (2004)
⦁ Aambala (2015)
⦁ CJ7 (2008)
⦁ Arctic (2018)
⦁ Gully Boy (2019)
⦁ The Prodigy (2019)
⦁ Majili (2019)
⦁ Pet Sematary (2019)
⦁ Der Mann aus dem Eis (2017)
⦁ Mandy (2018)
⦁ The Skin of the Wolf (2017)
⦁ Daughter of the Wolf (2019)
⦁ Escape Plan : The Extractors (2019)
⦁ Crawl (2019)
⦁ The Wind (2018)
⦁ Hush (2016)
⦁ Annabelle Comes Home (2019)
⦁ Nekromantik 2 (1991)
⦁ Fast and Furious Presents : Hobbs and Shaw (2019)
⦁ The Long Road Home TVSeries
⦁ Black Summer TVSeries
⦁ The End of the F…ing World TVSeries (S01 : E02-E08)
⦁ Knightfall TVSeries (S02 : E05-E08)
⦁ The Boys TVSeries (S01 : E06)

ඉතින් දැනට මන් Movies 23 කට සහ TV Episode 27 කට සබ් කරලා තියෙන්නෙ. ඉතින් මන් කියනවා මන් සබ් කරපු අනෙක් Movies සහ TVSeries බලලා අදහසක් ලියාගෙන යන්න කියලා. ඉතින් දැන් මන් ගැන කිව්වා ඉවරයි.කතාව පැත්තට යමු.

Fast and Furious Presents : Hobbs and Shaw

Fast and Furious කිව්වම හැම දෙනෙක්ම ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක්.ෆිල්ම් 8කින් යුත් මේ කතා මාලාවෙ හාස්ජජනක චරිත දෙකක් උපයෝගි කරගෙන තමා මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ.

කතාවේ නමින්ම් තේරෙනෝ චරිත දෙක කවුද කියලා.හොබ්ස් සහ ෂෝ.ඉතින් ඔයාලට මොනවගේද හිතෙන්නේ?දෙන්නට දෙන්නා වළි දාගන්න එක The Fate of the Furious චිත්‍රපටියෙන් හොදටම පේන්න තිබ්බා.ඉතින් මේ කතාව ගැන කෙටියින්ම කිව්වොත් වයිරස් එකක් ගැන තියෙන්නෙ.ඉතින් ඒ වයිරස් එක ගැන හොයන්න හොබ්ස් සහ ෂෝ ව වෙනම මෙහෙයුමකට ඇතුළත් කරනවා වගේම දෙන්නා මෙහෙයුම ඇතුළේ වැඩ කරන්න ඕනේ එකට එකතු වෙලා.ඉතින් ඔයාලටම තේරෙවි මේ දෙන්නා කොහොම එකට වැඩ කරන එක.ඒවගේම තාම කැම් කොපි ඇවිත් තියෙන්නෙ.

Cast -:
Dwayne Johnson – ලූක් හෝබ්ස්.
Jason Stathom – ඩෙකඩ් ෂෝ.
Idris Elba – බ්‍රික්ස්ටන්.
Vanessa Kirby – හැටී.

මේ ප්‍රධාන චරිත වලට අමතරව Eiza González, Roman Reigns, Cliff Curtis වැනි අය රංගනයෙන් දායක්ත්වය සපයලා තියෙනවා.
ඉතින් කතාවේ චරිත ගැන කිව්වොත් ෆිල්ම් එකේ හතුරා වෙන්නේ Thor ෆිල්ම් එකේ Heimdall චරිතයට රග දැක්වූ Idris Elba.

ඒවගේම චිත්‍රපටිය අධ්‍යක්ෂණය David Leitch විසිනි.ඒවගේම නිෂ්පාදනය Chris Morgan, Hiram Garcia විසිනි.2019 ජුලි 31 ඊජිප්තුවේ මුල්වරට මෙම චිත්‍රපටය මුල්වර නිකුත් කර ඇත.දැනට Box Office ආදායම $445.8 million අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.
ඉතින් කතාව ගැන කිව්වොත් කලින් කිව්වා වගේම ලෝකයම නසන වයිරස් එකක් ගැන තියෙන්නේ. ඒ වයිරස් බ්‍රික්ස්ටන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ.එයාට ඒක ඕනවෙලා තියෙන්නේ ලෝකේ දුර්වල අය නැති කරලා මනුෂ්‍ය විප්ලවයක් ආරඹන්න.ඉතින් ඒක මේ හොබ්ස් සහ ෂෝ විසින් නවත්තන එක තමා තියෙන්නේ.ඒවගේම ඔයාලට සුපිරි රෙස්ලිං චරිත ටිකක් මේ ෆිල්ම් එකේදි බලගන්න පුළුවන්.

අවසාන වශයෙන් කතාවේ ratings ගැන කිව්වොත් IMDb දර්ශකය 6.8 අගයකට හරවා ගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම කුණු තක්කාලි 67%ක් දිනාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙන අතර Metacritic හි 60% අගයක් ලබා ගන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. Google පරිශීලකයින්ගෙන් 90%කගේ ප්‍රසාදය මේ ෆිල්ම් එකට හිමිවෙලා තියෙනවා.ඒවගේම මේ ෆිල්ම් එකට රසිකයින්ගෙන් හොද ප්‍රතිචාර රැසක් හිමිවෙලා තියෙනවා.

ඉතින් වැඩි කතාවක් කියන්න යන්නේ නෑ.ඔයාලට ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.ඉතින් අතත් හොදටම රිදෙන්න අරන් තියෙන්නෙ.ඉතින් හැමෝටම සුභ දවසක් කියලා මගේ කතාව ඔන්න මන් ඉවර කරා.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

♪ I done been around the world ♪
♪ Ain’t nobody else ♪
♪ That can do it like us ♪
♪ With nobody help ♪
♪ When the chips about to fall ♪
♪ And our back against the wall ♪
♪ Know it’s only one place I go ♪
♪ All roads lead home ♪
♪ Home ♪

ඉතින් කතාව ගැන කමෙන්ටුවකුත් කොටාගෙන යන්න කියනවා.ඒවගේම ෆ්ල්ම් එකේ ලස්සන සින්දු වගයක් තියෙනවා වගේම කතාව Mystery/Action යන කාණ්ඩ වලට ෆිල්ම් එක අයත් නිසා ආසාවෙන් බලන්න පුළුවන් වෙයි.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ WEB සහ Bluray යන පිටපත් දෙවර්ගයටම අඳාළ උපසිරැසි දී ඇත. නැරඹීමේදී පිටපතට අඳාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
68956 Downloads
Download Links
480P
DIR
720P
DIR
720P
DIR
1080P
DIR
Available Torrents
3D bluray 2.13 GB
GET
720p bluray 1.19 GB
GET
1080p bluray 2.15 GB
GET
2160p bluray 6.35 GB
GET
720p web 1.16 GB
GET
1080p web 2.11 GB
GET
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
SubzLK වෙනුවෙන් Thamod Godakanda කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (70)
← Older
  • Dineth sumudu Unregistered
    Android 5.1 Chrome 46
    2020-02-21

    Adrei mchn thanks ubla api wenuwen karana me help ekata

    Reply
  • Milanga Unregistered
    Windows 7 Firefox 76
    2020-04-20

    Thanks brother

    Reply
  • AG dula Unregistered
    Android 6 Chrome 81
    2020-04-26

    👌 නියමයි දිගටම කරන් යන්න

    Reply
  • Kumuwaa Unregistered
    Windows 7 Chrome 77
    2020-05-09

    niyama wadak saho. digatama karan yan
    Good Luck

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip
Update
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 119
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Update
Justice League (2017) Sinhala Subtitle
Apr 24, 2026
Update
Aquaman (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Captain Marvel (2019) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved