Responsive image
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 36
    • Denmark Movies 4
    • English Movies 428
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 64
    • Iran Movies 1
    • Japanese Movies 16
    • Korean Movies 30
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Home Movies English Movies Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitle
Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Thamod Godakanda 1 year ago Action, Adventure

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම. කොහොමද යාලුවනේ? ඉතින් මුලින්ම කියන්න ඕනේ අද මට විශේෂ දවසක් කියලා. හැම උපසිරැසි කරුවෙක්ටම එක් එක් කඩයිම් තියෙනවා. ඒවගේ අද මාත් එක් කඩයිමක් සාර්ථක කරගත්තා. ඒතමා මගේ 50වැනි උපසිරැසි කඩයිම.

ඉතින් මන් මේ උපසිරැසි ජීවිතේට එකතු වුණ හැටි ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ඉතින් මාත් ඉස්සර ඔයාලා වගේ කෙනෙක්. නිකන් ඉන්න වෙලාවට ෆිල්ම් බාලා ඒකේ උපසිරැසියත් වෙබ් එකකින් බාලා ආතල් එකේ නිකන් ඉන්න වෙලාවට බල බල ඉන්නෝ. මන් site එක හොයාගත්තේ 2017 වගේ. ඒ Badrinath Ki Dulhania කියන ෆිල් සබ් එක download කරන්න හොය හොය යද්දී. එතකොට තමා මට මේ site එක හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් මේ ෆිල්ම් එකට සබ් එක හදලා තිබ්බේ අපෙ ඇඩ්මින් දමිත් සහෝ. ඒ කාලෙදි මේ සයිට් එකට හරියට ආවා අලුතින් ෆිල්ම් වලට සබ් දාලද බලලා යන්න. ඒත් පස්සේ ෆිල්ම් බලන එක නැවතිල online game පිස්සුව ගහන්න ගත්තා. ඉතින් යාලුවොත් එක්ක online game ගහන එකේ ආතල් එක දන්නවා ඇතිනේ. ඒවගේම මටයි අපේ යාලුවෝ කාටවත් router නෑ තියෙන ඩොංගල් කට්ටෙන් ඉන්ටර්නෙට් යන්නේ. ඒත් කාඩ් එකක් ගත්තේ ක්ලාස් වලදී අම්මා මොනාහරි කන්න කියලා දෙන සල්ලි එකතු කරලා.ඉතින් ඔහොම ඔහොම යද්දී ආයේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී අපේ යාලුවෝ ගොඩක්ම වගේ ගේම් ගහන එක නවත්තන්න ගත්තා.ඉතින් ඊටපස්සේ තමා මට ආයේ ෆිල්ම් මේනියාව හැදෙන්න ගත්තේ. ඇත්තටම කිව්වොත් මන් ඒ කාලෙදි වැඩියෙන්ම ආස හින්දි, දෙමළ, තෙලුගු ෆිල්ම් වලට. හැබැයි ඔය කාලෙදි මට මේ site එක ගැන මතකයක් වත් තිබ්බේ නෑ. හැබැයි ඔය කාලෙදි තමා Bumblebee එක රිලීස් වුණේ. මන් ඉතින් එකේ කැම්කොපියට සබ් එක තියද කියලා හොය හොය යද්දී ආයේ මේ site එක හොයාගත්තේ.ඉතින් Bumblebee එක තමා හසිත අයියගේ 250 සබ් එක. හැබැයි මන් එදා සබ් එක ගත්තේ නෑ කැම්කොපි මොකටද ඩේටා කපාගෙන බලන්නේ කියලා. හැබැයි ඊළග දවසේ මෙන්න HDRip එකට update කරලා. ඒවගේම කියන්න ඕන සබ් කරන්න පටන්ගත්තම තමා ඔය HDRIP,BLURAY,WEBRIP ගැන හරි අදහසක් ආවේ. ඉතින් ඔන්න ඔය විදියට තමා මන් මේ සයිට් එක හොයාගත්තේ.ඔහොම ඔහොම ගියායින් පස්සේ, මට දවසක් හිතෙන්න ගත්තා ඉස්කෝලෙත් නිවාඩු දීලා ගෙදට්ට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකේ මාත් පොඩ්ඩක් සබ් එකක් හදලා බලන්න ඕන කියලා.ඉතින් මන් Patiala House කියන ෆිල්ම් එකෙන්.ඉතින් මුලින් හිතුවෙ වැඩේ ලේසි එකක්.අද උදේ පටන්ගත්තනම් දවල් වෙද්දී ඉවර කරන්න පුළුවන් ඇති කියලා.හැබැයි එදා සබ් එක කරන්න ගත්තම තේරුණේ මේක මොන කරදරයක්ද කියලා.මගදී වැඩේ නවත්තන්නත් හිතුණා.ඒත් කමක් නෑ කියලා ඉවර වෙනකන්ම කරලා දැම්මා.පස්සේ සබ් එක දාන්නේ මොන site එකටද කියලා හිතාද්දී කෙලින්ම හිතට වැටුණේ Subz.lk site එක.ඉතින් මන් දෙපාරක් හිතන්නෙ නැතුව සබ්ස් එල් කේ ඊමේල් එකට මගෙ සබ් එක මේල් කළා.ඉතින් 2019 ජනවාරි 19 වෙනිදා මගේ සබ් එක සයිට් එකේ දාලා තිබ්බා. ඉතින් මාරම සතුටක් ආවේ. කියලා නිම කරන්න බෑ. ඉතින් එදා මට ලැබුණ comment තමා මාව මේ වැඩේට ඇබ්බැහි කළේ. එදා ඉදන් පටන්ගත්ත මේ ගමන දැනට මාස 8ක්ම ගිහින් සබ් 50 ගහන්න.හැබැයි මාස 8ක් ගියාද කියන එක දැණුනෙවත් නෑ.ඉතින් ඔය විදියට තමා මන් උපසිරැසි ජීවිතේට එකතු වුණේ.

ඒවගේම ඔයාලත් අපෙන් ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඉල්ලීම් කරනවා වගේ.මටත් ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා.ඒ තමා අපි upload කරන ඕනම ෆිල්ම් එකක් හෝ ටීවී එපිසෝඩ් එකක සබ් එකක් බාගෙන යද්දී comment එකකුත් දාන්න කියලා.මොකද අපි මේ වැඩේ කළාට අපිට ලැබෙන මුදලක් ඇත්තේ නෑ.අපි මේ වැඩේ කරන්නේ විනෝදාංශයක් හැටියට.ඉතින් අපිට මේකෙන් ලැබෙන එකම වත්කම download box එකේ තියෙන ගාණයි ඔයාලගේ අදහස් වලිනුයි ලැබෙන සතුට විතරයි.ඉතින් මන් ඔයාලගෙන් ඉල්ලන්නේ ෆිල්ම් එක ගැන හරි අදහසක් කොටාගෙන යන්න කියලා.ඉස්සර මාත් ඔය වගේ කුපාඩි වැඩ කළා.ෆිල්ම් එකේ සබ් එක බෑවා ඊටපස්සේ close කළා.ඒත් මේ වැඩේට එකතුවුණාම මට තේරුණේ අපිට හුඟාක්ම වටින්නේ ඔයාලගේ අදහස් කියලා.ඉතින් ඔය comment එකක් දැම්මට එච්චර ඩේටා කැපෙන්නෙත් නෑ නේ.

අද වගේ දවසක මට මේවගේ කඩයිමක් සාර්ථක කරගන්න මංපෙත් විවර කරලා දුන් මගේ පවුලේ සැමටම ස්තූති කරන්න ඕන.ගෙදර අය නම් හැමවෙලේම computer එක ඉස්සරම ඉන්නවා කියලා කේස් දානෝ.හැබැයි ඒත් මගේ typing skill එක දැක්කම හැමෝටම පිස්සු හැදෙනෝ. ඒවගේම අපේ වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයට ස්තූති කරන්න ඕන.දමිත් සහෝ, කවීෂ සහෝ, පසිඳු සහෝ, සමීර සහෝ, මේ හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕන මොකද නැත්නම් අද මම මේ වගේ සුපිරි site එකකට එකතු වෙන්න බැරි වෙන එක ගැන.ඒවගේම හසිත සහෝ,මිහිර සහෝ,සහන් සහෝ සහ අනෙක් සෑම උපසිරැසිකරුවෙක්ටම මේ අවස්ථාවේ ස්තූති කරනවා. ඒවගේම මගේ ඉස්කෝලේ සෙට් එකටත් ස්තූති කරනෝ. විශේෂයෙන් මගේ බොක්ක ෆ්රෙඩා යසිරුට. ඌ නැත්නම් මන් සබ් හදනවා කියලා ඉස්කෝලේ උන් දන්නෙත් නෑ. ඉස්කෝලේ සමහර අයනම් කිව්වා ඔය වැඩෙන් ලැබෙන්නේ මොකක්ද කියලා. සල්ලි වත් ලැබෙන්නේ නෑ නේද ඇහුවා.ඉතින් ඕන එකක් කියන්නෙ කියලා මන් වැඩියට කනට ගන්නේ නැතුව ඔහේ හිටියා.ඒත් මන් යසිරුට විශේෂයෙන්ම ස්තූති කරන්නේ මගේ සබ් එක fb page එකේ වැටුණම එදා මන් සබ් කරනවා දැනන් උබ හෙන වැඩ්ඩෙක් නේ, උබ සබ් හදනෝ, උබ පට්ට පොරක් කියලා මාව අගය කරාම වගේම අගෙ යලුවෝ ගාව තිබ්බ මන් සබ් කරනවද කියන විචිකිඡ්චාවත් නැති කරලා දැම්මා.ඒවගේම තව විශේෂ ස්තූතිය ලැබෙන්නේ අපේ ඇඩ්මින් මණ්ඩලයේ පසිදු අයියට.මන් හිතන්නෑ වෙන සයිට් එකකවත් මේ වගේ ඇඩ්මින් කෙනෙක් ඉදියිද කියලා.සහෝ, අයියා කියලා පටන්ගත්තා චැට් එක අද උබ කියලා පාවිච්චි වෙන තරම හොඳම යාලුවෙක්ගේ සයිස් එකකටම ආවා.මන් මේ අවස්ථාව එනකන් ගොඩක් ආසාවෙන් එයා බලන් හිටියා.සබ් විසිගාණට එද්දිම මට කිව්වා දැන් පනහටත් කිට්ටුයි නේද කියලා.ඉතින් අද මට මෙ වගේ කඩයිමක් සාර්ථක කරගන්න පුළුවන් වුණ එකට අනිවා පසිදු අයියට ස්තූති කරන්නම ඕන.ඒවගේම දමිත් අයියටත් ස්තූති කරන්න ඕනේ, ඉස්සර මන් සයිට් එකට ජොයින් වුණ කාලේ ඕනම ගැටලුවක් තිබ්බොත් ඇහුවේ දමිත් අයියගෙන්.අනෙක් කෙනා තමා හසිත අයියා.මට මතකයි ලිපියට image එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා ඇහුවම රචනයක් විතර සයිස් Tutorial එකක් මහ රෑ එවනෝ.ඉතින් ඒවගේ ඕනම ගැටලුවක් ආවම දන්න හැටියට උත්තරයක් දෙන සෙට් එකක් මේ සයිට් එකෙන් මට හම්බුණා.තව සහන් සහෝටයි, මිහිර සහෝටයි ස්තූති වන්ත වෙනවා වගේම අනෙක් හැම උපසිරැසි කරුවෙක්ටම ස්තූති කරනවා.ඒවගේම හම්බෙලා කතා කරන්න බැරි වුණත් නිකන් හුඟාක් නිහතමානි උපසිරැසිකරුවෝ කණ්ඩායමක් මේ සයිට් එකේ ඉන්නවා කියලා.ඒවගේම අපේ සබ් වලට අදහස් කොටන් යන සබ් එක බාගෙන යන ඔයාලටත් ස්තූති කරනවා.මොකද ඔයාලා නැත්නම් අද මන් සබ් කරන එකක් නෑ.මගේ පළවෙනි සබ් එකට ඔයාලගෙන් ලැබුණු අදහස් තමා මාව මේ වැඩේට දිරිමත් කළේ.

අනිවාරෙන්ම කියන්න ඕන මේ වගේ සයිට් එකක් උපසිරැසිකරුවෙක්ට ලැබුණු භාග්‍යයක් කියලා.මොකද තමන්ගේ සබ් එක තමන්ටම කියලා upload කරන්න පුළුවන් වෙනම ටූල් එකක් තියෙනවා වගේම සබ් එකක් ගහන්න ආසාවෙන් ඉන්න ෆිල්ම් එකක් තමන්ටම බාර ගන්න පුළුවන් හැටියේ ටූල් එකක් තියෙනවා.ඉතින් ඒක උපසිරැසිකරුවන්ට කෙරෙන පහසුවක්.ඉතින් ඔයාලත් සබ් එකක් කරන්න ආසාවෙන් ඉන්නවනම් ඔයාලට ගැළපෙන සයිට් එක මගේ හැටියෙට නම් Subz.lk තමා.

මන් මේතාක් කළ උපසිරැසි-:
⦁ Patiala House (2011)
⦁ Paheli (2005)
⦁ The Theory of Everything (2014)
⦁ The Purity of Vengeance (2018)
⦁ Wake of Death (2004)
⦁ Aambala (2015)
⦁ CJ7 (2008)
⦁ Arctic (2018)
⦁ Gully Boy (2019)
⦁ The Prodigy (2019)
⦁ Majili (2019)
⦁ Pet Sematary (2019)
⦁ Der Mann aus dem Eis (2017)
⦁ Mandy (2018)
⦁ The Skin of the Wolf (2017)
⦁ Daughter of the Wolf (2019)
⦁ Escape Plan : The Extractors (2019)
⦁ Crawl (2019)
⦁ The Wind (2018)
⦁ Hush (2016)
⦁ Annabelle Comes Home (2019)
⦁ Nekromantik 2 (1991)
⦁ Fast and Furious Presents : Hobbs and Shaw (2019)
⦁ The Long Road Home TVSeries
⦁ Black Summer TVSeries
⦁ The End of the F…ing World TVSeries (S01 : E02-E08)
⦁ Knightfall TVSeries (S02 : E05-E08)
⦁ The Boys TVSeries (S01 : E06)

ඉතින් දැනට මන් Movies 23 කට සහ TV Episode 27 කට සබ් කරලා තියෙන්නෙ. ඉතින් මන් කියනවා මන් සබ් කරපු අනෙක් Movies සහ TVSeries බලලා අදහසක් ලියාගෙන යන්න කියලා. ඉතින් දැන් මන් ගැන කිව්වා ඉවරයි.කතාව පැත්තට යමු.

Fast and Furious Presents : Hobbs and Shaw

Fast and Furious කිව්වම හැම දෙනෙක්ම ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක්.ෆිල්ම් 8කින් යුත් මේ කතා මාලාවෙ හාස්ජජනක චරිත දෙකක් උපයෝගි කරගෙන තමා මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ.

කතාවේ නමින්ම් තේරෙනෝ චරිත දෙක කවුද කියලා.හොබ්ස් සහ ෂෝ.ඉතින් ඔයාලට මොනවගේද හිතෙන්නේ?දෙන්නට දෙන්නා වළි දාගන්න එක The Fate of the Furious චිත්‍රපටියෙන් හොදටම පේන්න තිබ්බා.ඉතින් මේ කතාව ගැන කෙටියින්ම කිව්වොත් වයිරස් එකක් ගැන තියෙන්නෙ.ඉතින් ඒ වයිරස් එක ගැන හොයන්න හොබ්ස් සහ ෂෝ ව වෙනම මෙහෙයුමකට ඇතුළත් කරනවා වගේම දෙන්නා මෙහෙයුම ඇතුළේ වැඩ කරන්න ඕනේ එකට එකතු වෙලා.ඉතින් ඔයාලටම තේරෙවි මේ දෙන්නා කොහොම එකට වැඩ කරන එක.ඒවගේම තාම කැම් කොපි ඇවිත් තියෙන්නෙ.

Cast -:
Dwayne Johnson – ලූක් හෝබ්ස්.
Jason Stathom – ඩෙකඩ් ෂෝ.
Idris Elba – බ්‍රික්ස්ටන්.
Vanessa Kirby – හැටී.

මේ ප්‍රධාන චරිත වලට අමතරව Eiza González, Roman Reigns, Cliff Curtis වැනි අය රංගනයෙන් දායක්ත්වය සපයලා තියෙනවා.
ඉතින් කතාවේ චරිත ගැන කිව්වොත් ෆිල්ම් එකේ හතුරා වෙන්නේ Thor ෆිල්ම් එකේ Heimdall චරිතයට රග දැක්වූ Idris Elba.

ඒවගේම චිත්‍රපටිය අධ්‍යක්ෂණය David Leitch විසිනි.ඒවගේම නිෂ්පාදනය Chris Morgan, Hiram Garcia විසිනි.2019 ජුලි 31 ඊජිප්තුවේ මුල්වරට මෙම චිත්‍රපටය මුල්වර නිකුත් කර ඇත.දැනට Box Office ආදායම $445.8 million අගයක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.
ඉතින් කතාව ගැන කිව්වොත් කලින් කිව්වා වගේම ලෝකයම නසන වයිරස් එකක් ගැන තියෙන්නේ. ඒ වයිරස් බ්‍රික්ස්ටන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ.එයාට ඒක ඕනවෙලා තියෙන්නේ ලෝකේ දුර්වල අය නැති කරලා මනුෂ්‍ය විප්ලවයක් ආරඹන්න.ඉතින් ඒක මේ හොබ්ස් සහ ෂෝ විසින් නවත්තන එක තමා තියෙන්නේ.ඒවගේම ඔයාලට සුපිරි රෙස්ලිං චරිත ටිකක් මේ ෆිල්ම් එකේදි බලගන්න පුළුවන්.

අවසාන වශයෙන් කතාවේ ratings ගැන කිව්වොත් IMDb දර්ශකය 6.8 අගයකට හරවා ගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම කුණු තක්කාලි 67%ක් දිනාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙන අතර Metacritic හි 60% අගයක් ලබා ගන්න ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. Google පරිශීලකයින්ගෙන් 90%කගේ ප්‍රසාදය මේ ෆිල්ම් එකට හිමිවෙලා තියෙනවා.ඒවගේම මේ ෆිල්ම් එකට රසිකයින්ගෙන් හොද ප්‍රතිචාර රැසක් හිමිවෙලා තියෙනවා.

ඉතින් වැඩි කතාවක් කියන්න යන්නේ නෑ.ඔයාලට ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.ඉතින් අතත් හොදටම රිදෙන්න අරන් තියෙන්නෙ.ඉතින් හැමෝටම සුභ දවසක් කියලා මගේ කතාව ඔන්න මන් ඉවර කරා.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

♪ I done been around the world ♪
♪ Ain’t nobody else ♪
♪ That can do it like us ♪
♪ With nobody help ♪
♪ When the chips about to fall ♪
♪ And our back against the wall ♪
♪ Know it’s only one place I go ♪
♪ All roads lead home ♪
♪ Home ♪

ඉතින් කතාව ගැන කමෙන්ටුවකුත් කොටාගෙන යන්න කියනවා.ඒවගේම ෆ්ල්ම් එකේ ලස්සන සින්දු වගයක් තියෙනවා වගේම කතාව Mystery/Action යන කාණ්ඩ වලට ෆිල්ම් එක අයත් නිසා ආසාවෙන් බලන්න පුළුවන් වෙයි.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ WEB සහ Bluray යන පිටපත් දෙවර්ගයටම අඳාළ උපසිරැසි දී ඇත. නැරඹීමේදී පිටපතට අඳාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.


  • Details
  • Trailer

Year : 2019

Rating : 6.8

Genre : Action, Adventure

Actors : Dwayne Johnson, Jason Statham, Idris Elba, Vanessa Kirby

Writer : N/A

Director : David Leitch

Plot :

Lawman Luke Hobbs and outcast Deckard Shaw form an unlikely alliance when a cyber-genetically enhanced villain threatens the future of humanity.






BRRip සඳහා යාවත්කාලීන කර ඇත

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 6826 Views




සිංහල උපසිරැස Download කරගන්න 64738 times


අවධානය පිණිසයි ! මෙම උපසිරැස Download කිරීමේදී ඇඩ් එකක් හරහා යාමට සිදුවේ ..ඇඩ් එක හරහා යන විදිය දැක බලා ගැනීමට මෙහි click කරන්න .

Download links expire හෝ ක්‍රියා විරහිත වී ඇත්නම් මෙය click කරන්න

Thamod Godakanda

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණයකි
6.8
IMDB
100%
User Rating

Watch More

The Witch: Part 1 – The Subversion (2018) Sinhala Subtitle

Kong: Skull Island (2017) Sinhala Subtitle

The Girl in the Fog (2017) Sinhala Subtitle

Captive State (2019) Sinhala Subtitle

Beacon Point (2016) Sinhala Subtitle

Harry Potter and the Prisoner of Azkaban (2004) Sinhala Subtitle

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

The Best Offer (2013) Sinhala Subtitle

Three (2016) Sinhala Subtitle

ADS


  1. සහන් සුලක්ඛණ
    Subtitler August 29, 2019 at 11:19 pm

    පලවෙනිම comment එක මගෙන් සහෝ.මුලින්ම කියන්න ඕනේ 50 වෙනි උපසිරසි කඩයිමට උණුසුම් සුබ පැතුම් කියලා. තමොද් සහෝ ගැන ඉතින් ආයිත් කියන්න ඕනේ නැහැ, sub එක නිකන් දෙනවා වෙඩි වගේ, නියමයි. ඒ වගේම දැකලා නැති වුනත් හරිම හොඳ නිහතමානී උපසිරසිකරුවෙක් කියලා කියන්න ඕනේ. ඉතින් තව දුරටත් ඉදිරි කඩයිම් වලට යන්න කියලා පතනවා. ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ලැබේවා කියලා පතනවා….!!!! sub එක හොඳ කොපියක් ආවහම බා ගන්නම් හොඳේ.sub එකටත් බොහොම ස්තුතියි සහෝදරයා.

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 7:13 am

      බොහොම ස්තූතියි සහන් සහෝ.

      Reply
  2. Hashan M. Priyadarshana
    Unregistered User August 29, 2019 at 11:40 pm

    බොහොම ස්තූතියි Thamod Godakanda බ්රෝ සබ් එකට…
    ජය වේවා.!

    Reply
  3. Hashan M. Priyadarshana
    Unregistered User August 29, 2019 at 11:51 pm

    50වෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා Thamoda සහෝ දිගටම සුපිරි ෆිල්ම්වලට සබ් දෙන්න.. ඒ වගේම මං Nekromantik 2 (1991) ෆිල්ම් එකට සබ් ඉල්ලලා කරපු ඉල්ලීම ඉටු කරාට ගොඩක් ස්තූතිවන්ත වෙනව සහෝ.. ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියල පතනවා සහෝ
    ජය වේවා.!

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 7:14 am

      බොහොම ස්තූතියි Hashan සහෝ.

      Reply
    • Kariya
      Unregistered User February 3, 2020 at 12:14 pm

      Hukapan pako

      Reply
  4. Sumal
    Unregistered User August 30, 2019 at 12:51 am

    Thanks bro good luck

    Reply
  5. SACHINTHA
    Unregistered User August 30, 2019 at 5:02 am

    Thanks for sub

    Reply
  6. Dinesh
    Unregistered User August 30, 2019 at 5:29 am

    Thank u so much

    Reply
  7. Mihira Madushanka
    Moderator August 30, 2019 at 8:15 am

    50 * වෙනි කඩ ඉමට හදවතින්ම සුබ පතනව සහො..
    ඔයාගෙ කාලයත් ශ්‍රමයත් කැප කරගෙන මේ කරන වැඩේට බොහොම ස්තුතියි.. සබ්ස් එල්කේ එකේන් හම්බුන තවත් හොද ෆිට් එකක් තමයි.. තව ගොඩක් දුර යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. අපිවත් උනන්දු කරගෙන මේ යන ගමනට ජයෙන් ජයම වේවා.

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 8:57 am

      බොහොම ස්තූතියි මිහිර සහෝ

      Reply
      • Mahesh
        Unregistered User September 12, 2019 at 6:16 am

        Film eka download karanna Bea ne kollo

        Reply
  8. Nalin Priyankara Pemarathana
    New User August 30, 2019 at 8:16 am

    50 වෙනෙ උපසිරසියට මගෙන් සුභ පැතුම් bro. ඒවගේම උපසිරසියටත් බොහොම ස්තුතිය 🙏

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 8:57 am

      බොහොම ස්තූතියි නලින් සහෝ.

      Reply
  9. පසිදු සාරංග
    Subtitler August 30, 2019 at 8:24 am

    ඇත්තටම ගොඩක් සතුටුයි ඉතාමත් කෙටි කාලයකදී මෙවැනි කඩයිමකට ලගා වීම ගැන.ඒ වගේම කියන්න ඕනේ අපේ උපසිරැසි කණ්ඩායමේ ඉන්න ලාබාලතම උපසිරැසිකරු ඉතාමත් දක්ෂයි වගේම මාර ස්පීඩ් එකක් තියෙන්නේ.උපසිරැසියක් කිසිම පැකිලීමකින් තොරව බාරගන්නවා ඇත්තටම සතුටුයි අද මේ වගේ අර්ධ ශතක කඩයිමට ලගා වීම ගැන. ඒ වගේම මාවත් ලිපියේ මතක් කලාට ස්තුතියි..උපසිරැසි 50ට සුභ පැතුම්!! ඉදිරියට තවත් මෙවැනි උපසිරැසි ලබා දෙන්න ශක්තිය වගේම අද්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න කියලා පතනව. ඒ වගේම ඉදිරියට එන සාමාන්‍ය පෙළ විභාගයටත් සුභ පතනවා..හොදට කරන්න.

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 8:58 am

      බොහොම ස්තූතියි පසිදු සහෝ.

      Reply
  10. Kantha_DLA
    Unregistered User August 30, 2019 at 9:31 am

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 11:10 am

      බොහොම ස්තූතියි Kantha.

      Reply
  11. Gayan Chandana
    Moderator August 30, 2019 at 11:47 am

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝදරයා !
    ජය වේවා
    👍👍👍

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 12:12 pm

      බොහොම ස්තූතියි ගයාන් සහෝ.

      Reply
  12. kavinda
    Unregistered User August 30, 2019 at 12:11 pm

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 12:12 pm

      බොහොම ස්තූතියි kavinda

      Reply
  13. පයිරේට්
    Unregistered User August 30, 2019 at 12:37 pm

    නියමයි මලයා දිගටම උපසිරැසි දෙන්න. ජයවේවා..!

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 12:46 pm

      බොහොම ස්තූතියි පයිරේට්.

      Reply
  14. upul kumara
    Unregistered User August 30, 2019 at 7:16 pm

    Thanks bro good luck.

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 30, 2019 at 7:26 pm

      බොහොම ස්තූතියි upul kumara

      Reply
  15. Hasitha Prasad
    Co - admin August 30, 2019 at 10:46 pm

    👏👏උපසිරැසි අර්ධශතකයේ කඩයිමට උණුසුම් සුභ පැතුම්, තමෝද්. ශතකයත්, ද්විත්ව ශතකයත්, ත්‍රිත්ව ශතකයත් අභිබවා වේගයෙන් සාර්ථකව තව තවත් ඉදිරියට යාමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම👍👍 . ( මාවත් මතක් කරලා 😁)

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 31, 2019 at 7:08 am

      බොහොම ස්තූතියි හසිත සහෝ.

      Reply
  16. Nimesh Peter
    Subtitler August 31, 2019 at 12:29 am

    congratulations bro

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle August 31, 2019 at 7:09 am

      බොහොම ස්තූතියි Nimesh

      Reply
      • Yasiru Bandara
        Unregistered User August 31, 2019 at 2:45 pm

        Congratulations සහෝදරයා මගේ උණුසුම් සුබ පැතුම් බන් මගේ best ෆ්‍රෙඩා ආදරෙයි බන් උබට. තවත් උපසිරැසි නිර්මානය කරන්න ශක්තිය ලැබේවා බන්😘😘😘❤️❤️❤️

        Reply
        • Thamod Godakanda
          Creator Of This Subtitle September 2, 2019 at 7:30 pm

          තෑන්ක්ස් bokka.

          Reply
  17. manjula
    Unregistered User September 1, 2019 at 7:20 pm

    Ela bro. Thanks

    Reply
  18. sakuntha
    Unregistered User September 4, 2019 at 10:59 am

    Thank you very much sahodaraya.

    Reply
  19. උදයා
    Unregistered User September 6, 2019 at 6:37 am

    මචං විඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ. ඒ මොකද දන්නේ නැහැ නේද

    Reply
  20. Asanka
    Unregistered User September 6, 2019 at 7:42 am

    jayin jayama viwa puthee

    Reply
  21. Kavisha Methruwan
    Subtitler September 6, 2019 at 1:14 pm

    මුලින්ම Thamod සහෝගේ 50 වෙනි උපසිරැසියට සුභ පතලම ඉන්නම්කෝ. මෙච්චර පොඩි කාලයක් තුල උපසිරැසි 50ක් කරනවා කියන්නේ ලේසි නෑ. කාලය කැප කරලා කිසිම ප්‍රතිලාභයක් නොමැතිව මේ වගෙ දෙයක් කරන එක අද කාලෙ ලේසි නෑ. ඉතිං ආ මග කෙටී, යා යුතු මග දුරයි. මෙතනින් නොනැවතී 100, 150, 200 වගේම දිගටම උපසිරැසි කාලාවෙ දිගටම රැඳි සිටින්න කියලා ඉල්ලනවා. ඔබට තුතී. ඔබට ජය!

    Reply
    • Thamod Godakanda
      Creator Of This Subtitle September 9, 2019 at 6:47 pm

      බොහොම ස්තූතියි කවීෂ සහෝ.

      Reply
  22. Ajith
    Unregistered User September 13, 2019 at 12:46 am

    50t isthuthie Maya wava

    Reply
  23. kasun madusanka
    New User September 14, 2019 at 2:02 pm

    thanks doooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  24. asanka
    Unregistered User September 18, 2019 at 6:46 pm

    thank u bro

    Reply
  25. Buddika koddithuwakku
    Unregistered User September 22, 2019 at 1:20 am

    Thanks brother

    Reply
  26. C.P Kumara
    New User September 23, 2019 at 1:15 am

    thank u machan good luck saho

    Reply
  27. හිරාන් ශාරංග
    Unregistered User September 24, 2019 at 9:04 pm

    50 වෙනි උපසිරැසි කඩඉම වෙනුවෙන් සුබ පැතුම්…!
    ගොඩක් ස්තුතියි වෙහෙස මහන්සි වෙලා අපට උපසිරැසි හදලා දීලා පිලුම් පිස්සුව හොඳ කරනවට..
    ජයවේවා…!

    Reply
  28. Shehan
    Unregistered User September 27, 2019 at 1:11 pm

    Fatta bro gd luck

    Reply
  29. Dshasn
    Unregistered User September 28, 2019 at 11:23 am

    thankz brother…and all the best for 50 th sub ☺♥

    Reply
  30. Danushks sandaruwan
    Unregistered User September 29, 2019 at 7:32 am

    Thanks broooo……

    Reply
  31. Praween madhusanka
    Unregistered User September 29, 2019 at 10:41 am

    Thanks for sub 👍👍👍

    Reply
  32. මිලින්ද ප්‍රියලාල්
    Unregistered User October 2, 2019 at 8:33 pm

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .⭐

    Reply
  33. Pasan Sandeepa
    New User October 2, 2019 at 9:54 pm

    good work bro

    Reply
  34. harindu
    Unregistered User October 9, 2019 at 8:02 am

    බයිස්කෝප් eka wage account hadla pissu kelinna epa me site ekewath.ehema unoth appiriya wenawa.

    Reply
  35. Sanjaya pushpe
    Unregistered User October 18, 2019 at 10:51 pm

    Supiri bnn….ubla wage un handa tmi api therenna film ekak blnnee .. ube 50 weni ekta suba patnwa bokkenma.hamotma sub hadnna ba bn.ubawage un film blna apita karnne kiynna bari trm help ekak.attatma thnx bn.sub eka arn ynne nathuwa comment ekak danna hithune ubla karna deta podi hari sup ekak denna.GOOD LUCK BROOO.THNK…

    Reply
  36. Nuk
    Unregistered User October 19, 2019 at 4:32 am

    නියම වැඩක් සහෝ

    Reply
  37. Pubudu
    Unregistered User October 23, 2019 at 2:26 pm

    Thanks bro

    Reply
  38. geeth
    Unregistered User October 27, 2019 at 10:24 am

    50 වෙනි උපසිරසි කඩයිමට උණුසුම් සුබ පැතුම්

    Reply
  39. kavinda
    Unregistered User October 28, 2019 at 12:58 am

    1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .

    Reply
  40. Supun akalana
    Unregistered User October 30, 2019 at 8:02 am

    Thanks kollo..gd lck

    Reply
  41. Sanju cr7
    Unregistered User October 31, 2019 at 7:30 am

    50-****ට හැපිබර්ත්ඩේ බ්‍රෝ😂😂

    මුලින්ම කියන්න ඕනෙ, ඉස්සර ඉංග්‍රීසි ෆිල්ම් බලන්න ආසාවක් තිබුනට ඒක ආසා නිසා බැලුවා. හබයි සමහර ඒවා තේරුන්‍ර්ර් නම් නෑ.😅

    හැබැයි සබ්ස්ටයිටල් සීන් එක ඇත්තටම ෆට්ට.. ඕනෙම ෆිල්ම් එකක ගන්න පුලුවන් නිසා අවුලක් නැතුව බලනවා.. 👌
    උඹලා වගේ උන් මේවා හදන නිසා තමයි බන් අපිත් මේවා බලන්නෙ ආසාවෙන්න්.
    Keep it up broo..
    දිගටම කරගෙන පලයන් වරදින්නෙ නෑ.. ආදරෙයි😘😘😘 කෲ එකටම

    Reply
  42. Hiran D Ruwanpathirana
    New User November 8, 2019 at 4:35 pm

    සබට ගොඩාක් ස්තුතියී,
    50ක් කියන්නේ එසේමෙසේ ගානක් නෙමේ, කොච්චර කාලයක් කැප කරලා ඇතිද, තවකෙනෙකුගේ රසවින්දනය වෙනුවෙන්
    එහෙන කරන එකට ගොඩාක් ස්තූතියි,

    දිගටම සබ් දෙන්න,
    ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභපතනවා, ඔබට ජය

    Reply
  43. VSS
    Unregistered User November 23, 2019 at 7:56 am

    Good job saho,Sub eka supiriyt hadala tiyenwa.Thanx

    Reply
  44. අනුරාධ
    Unregistered User December 3, 2019 at 2:06 pm

    නියමයි හොඳ වැඩක් සුබ පැතුම් ඉදිරි වැඩ කටයුතු වලට ……………………

    Reply
  45. Roshana nuwan
    Unregistered User December 30, 2019 at 8:35 pm

    ස්තුතියි සහෝ

    Reply
  46. Biron shaluka
    Unregistered User January 2, 2020 at 7:21 am

    Thank you very much.

    GOOD LUCK

    Reply
  47. Kanishka Bandara
    Unregistered User January 5, 2020 at 7:52 am

    Thank you sahoo…suba nawa wasarak wewa..jayen jayama wewaaa

    Reply
  48. Prabath Kulathunga
    Unregistered User February 6, 2020 at 8:37 am

    Brother..
    apith join wennada???
    meeta kalin subz re script karala na…
    eth karanna asai…

    thawath deyak…
    advetisements wanantharayak meda alpeneththak hoyanawa wge nathuwa me site 1 thiyana widihata kamathii…
    advertisements gaththama usersla ta karadarayak nowenna me widihatama digatama thibboth loku traffic ekak hadaaganna puluwan wei….
    ehema unoth advertising walin oyaata labena laabayath wedi wei

    jaya wewa

    Reply
    • පසිදු සාරංග
      Subtitler February 6, 2020 at 9:34 am

      [email protected] අපිට මේල් එකක් දාලා සම්බන්ද වෙන්න සහෝ..

      Reply
  49. Dineth sumudu
    Unregistered User February 21, 2020 at 10:06 am

    Adrei mchn thanks ubla api wenuwen karana me help ekata

    Reply
  50. Milanga
    Unregistered User April 20, 2020 at 8:15 pm

    Thanks brother

    Reply
  51. AG dula
    Unregistered User April 26, 2020 at 7:00 pm

    👌 නියමයි දිගටම කරන් යන්න

    Reply
  52. Kumuwaa
    Unregistered User May 9, 2020 at 8:05 am

    niyama wadak saho. digatama karan yan
    Good Luck

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Adopt A Highway (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Danger Close (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Gemini Man (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hansani Rupasingha ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Honest Thief (2020) Sinhala Subtitle 5204 Rasika Samanjith

We Can Be Heroes (2020) Sinhala Subtitle 1801 Rasika Samanjith

Heart of Dragon (1985) Sinhala Subtitle 1542 Rasika Samanjith

Wonder Woman 1984 (2020) Sinhala Subtitle 1023 Hasitha Prasad

The Queen’s Gambit (2020) [S01 : E01] Sinhala Subtitle 640 K.A Raveen

La Révolution (2020) [S01 : E01] Sinhala Subtitle 457 K.A Raveen

Project A 2 (1987) Sinhala Subtitle 418 Rasika Samanjith

Mum Bhai (2020) [S01 : E01] Sinhala Subtitle 399 Mihira Madushanka

La Révolution (2020) [S01 : E08] Sinhala Subtitle 390 K.A Raveen

Don’t Listen (2020) Sinhala Subtitle 389 Rasika Samanjith

ads

  • Info links

    • About Us
    • Contact Us
    • DMCA
    • Privacy Policy
    • Terms of Use
  • Useful links

    • Torrent ගැන
    • සිංහල උපසිරසක් හදන හැටි
    • ඔබට අවශ්‍ය මෘදුකාංග
  • Site Stats

    • අපගේ උපසිරැසි කරුවන්
  • Contact Detail

    Subz.LK

    Email: [email protected]

    Phone Numbers : 071-7723238(Damith)

© 2015 - 2021 Subz.LK, All rights reserved