Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle Action Zorro (2024) [S01 : E10] Sinhala Subtitle Action Zorro (2024) [S01 : E09] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E22] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E21] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E20] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E19] Sinhala Subtitle Action Spectral (2016) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E08] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E07] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E06] Sinhala Subtitle Action Zorro (2024) [S01 : E10] Sinhala Subtitle Action Zorro (2024) [S01 : E09] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E22] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E21] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E20] Sinhala Subtitle Action Grimm (2011–2017) [S02 : E19] Sinhala Subtitle
  1. Movies
  2. Comedy
  3. The Ugly Stepsister (2025) Sinhala Subtitle

The Ugly Stepsister (2025) Sinhala Subtitle

June 05, 2025 Rasika Samanjith | Admin
IMDB RATING 7
GENRES
ComedyDramaGenresHorrorMoviesNorwegian Movies
CAST

Lea Myren,Ane Dahl Torp,Thea Sofie Loch Næss

අවලස්සන සුළු සහෝදරිය
              සින්ඩරෙල්ලා නොහොත් ද ලිට්ල් ග්ලාස් ස්ලිපර් ( The Little Glass Slipper ) යනු ලොව පුරා කාලයත් සමඟ බොහෝ වෙනස්කම් වලට ලක්වූ කතාවකි. දළ වශයෙන් ක්‍රි.පූ 7 සහ ක්‍රි.ව. 23 අතර කාලය තුළ වාර්තාවූ ග්‍රීක භූගෝල විද්‍යාඥ ස්ට්‍රාබෝගේ “රොඩොපිස් ( Rhodopis )” නම් පැරණිතම කතාවක, ඊජිප්තුවේ රජු සමඟ විවාහ වන ග්‍රීක වහල් දැරියක් ගැන කියයි. මෙය සින්ඩරෙල්ලා කතාවේ පැරණිතම ප්‍රභේදය ලෙස පිළිගැනෙන අතර පසුව මෙම සරල කතාව පළමු වරට ඉතාලියේ ජියම්බැටිස්ටා බැසිල් විසින් 1634 දී පෙන්ටමෙරෝන් ( Pentamerone ) නම් ඔහුගේ කෘතියෙන් ප්‍රකාශයට පත් කරන ලදී. පසුව, 1697 දී, චාල්ස් පෙරෝල්ට් ( Charles Perrault ) විසින් සින්ඩරෙල්ලා කතාවේ නව අනුවාදයක් Histories ou contes du temps passe හි ප්‍රකාශයට පත් කරන ලදී. මියගිය අම්මා සහ වට්ටක්කා ගෙඩිය කතාවට එකතුවෙන්නෙ එහිදී. පෙරෝල්ට්ගේ කතාවේ සංස්කරණය අදටත් ළමා කතාවේ වඩාත් ප්‍රසිද්ධ සංස්කරණය ලෙස පවතී. නමුත් 1812 දී ග්‍රිම් සහෝදරයන් විසින් ඔවුන්ගේ ග්‍රිම් සුරංගනා කතා එකතුවෙන් පසුව නැවත කියවීමට ලැබීමෙන් එය ලොව පුරා අතිශය ජනප්‍රිය විය. කෙසේ වුවත් කතාන්තර හෙවත් ජන කතා යනු ජනප්‍රවාදයෙන් පැවත එන ඒවා වන අතර ඒවායේ නිර්මාතෘකරුවන් නොමැත. සිටින්නේ ඒවා ලියා තැබූ අය පමණි.

ඉතින් ඒ සින්ඩරෙල්ලා ඇසුරෙන් එදා මෙදා තුර ලොව පුරාම නිර්මාණය වුනු චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සංඛ්‍යාව මන් හිතන්නෙ අනන්තයි අප්‍රමාණයි.
 හැමෝම දන්න විදිහට ඒ කතාවෙ ප්‍රධාන චරිතය, ඒ කියන්නෙ වීරවරිය තමයි සින්ඩරෙල්ලා. දුෂ්ට චරිත තමයි එයාගෙ කුඩම්මා සහ ඇගේ දියණියන් දෙදෙනා. තම පියා මිය ගියාට පස්සෙ කුඩම්මගෙ සහ සුලු සහෝදරියන් දෙදෙනාගෙ තාඩන පීඩන මැද්දෙ, තමන්ගේම මන්දිරයේ බැල මෙහෙවරකම් කරලා, තම මියගිය අම්මාගේ උදව්වෙන්, රටේ රාජ කුමාරයා තමන් විවාහවන කුමරිය තෝරගන්නා බාල් නැටුමට ගිහින්, කුමරුගේ හිත දිනාගෙන, ඔහු හා විවාහ වී සැපවත් ජීවිතයක් ගතකරන සින්ඩරෙල්ලාගේ කතාව තමයි “සින්ඩරෙල්ලා”. සින්ඩරෙල්ලාගෙ විතරක් නෙමෙයි රටේ සෑම වංශවත් තරුණියකගේම සිහිනය තමයි ඒ බාල් නැටුමට සහභාගිවෙලා කුමරුගෙ හිත දිනාගන්න එක. ඉතින් ඒ සිහිනය සින්ඩරෙල්ලාගෙ සුලු සහෝදරියන්ටත් තියෙන්න බැරිද? විශේෂයෙන්ම මේ දෙදෙනාගෙන් වැඩිමලා වූ එල්විරාගෙ පැත්තෙන් මේ කතාව දිහා අලුත්ම මානයකින් බලපු, තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වූ Emilie Blichfeldt අතින් ලස්සන තිර පිටපතක් ලියවුනා. එතනින් නොනැවතුන ඇය තමන්ගේ මුල්ම චිත්‍රපට අධ්‍යයක්ෂනය ලෙස එය නෝර්වීජියානු සිනමාව හරහා ලෝක සිනමාවට තිලිණ කලා. ඒ තමයි Den stygge stesøsteren හෙවත් The Ugly Stepsister.
               
                  මුල්වරට එක්සත් ජනපදයේ Sundance Film Festival හී 2025 ජනවාරි 23 දින තිරගත කෙරිනි. ඉන්පසු the 75th Berlin International Film Festival හී 2025 පෙබරවාරි 16 දිනත් තිරගත කල අතර එහිදී හොඳම චිත්‍රපටය සඳහා වූ නිර්දේශිත නම් අතරටද එක්විය. පසුව නෝර්වේහීදී 2025 මාර්තු 07 දින ප්‍රදර්ශනය ආරම්භ කරන ලදි. බොක්ස් ඔෆීස් ආදායමක්ද උපයාගනිමින් තම ගමන ආරම්භ කල “අග්ලි ස්ටෙප්සිස්ටර්” මේ වනවිට 7/10 ක IMDb අගයක් ලබාගනිමින් ටොමැටෝ මීටරයද 95% කට කරකවන්න සමත්වෙලා තියෙනවා. විනාඩි 109 ක ධාවන කාලයක් සහිත වන අතර Dark Comedy, Drama, Body Horror යන කැටගරි වලට අයත් වෙනවා. මෙහි එල්විරා ලෙස Lea Myren ඉතා දක්ෂ රඟපෑමක නිරතවෙනවා. ඊට අමතරව Ane Dahl Torp ( කුඩම්මා / රෙබෙකා ), Thea Sofie Loch Næss (සින්ඩරෙල්ලා / ඇග්නස් ) සහ Flo Fagerli (අල්මා) රඟපෑමෙන් දායක වෙනවා.
                ඉතින් මේකෙ ප්‍රධාන චරිතය සින්ඩරෙල්ලා නෙමෙයි එල්විරා. මේ එල්විරා, ඇග්නස් ( සින්ඩරෙල්ලා ) වගේ රූමත් නෑ. කැතයි, මහතයි. තම රූමත් සුලු සහෝදරිය සමග කුමාරයා දිනාගැනීමේ සටනට අවතීර්ණ වන එල්විරා, ලස්සන වීම සඳහා නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. දැන් තියෙන රූපලාවණ්‍ය ක්‍රම නෙමේ. නොදියුණු ඒවා. ඇය සෑහෙන්න ශරීරයට දුක් දෙනවා. ඇත්තටම ඒවා මට පවා බලන්න අපහසු වුනා. අරුම පුදුම ක්‍රම. ඒත් අල්විරා අත හරින්නෑ. ඇයට කුමාරයා ගැන තියෙන්නෙ ඒ තරම් පිස්සුවක්. ඒ වුනත් ඒ ගොඩක් දේවල් වෙන්නෙ ඇයගෙ අම්මගෙ උවමනාවට. ඒ විවාහයෙන් පවුල ගොඩ යන එකයි ඇගේ අරමුණ. අමතර වශයෙන් කියන්න ඕනෙ, වර්තමානයේත් අනන්තවත් ඉන්නවා ලස්සන වෙන්න කියලා, තම ජීවිතයට හානිකර දේවල් කරගන්නා තරුණියන්, කාන්තාවන්. එයාලට මේ චිත්‍රපටයෙන් හොඳ පණිවුඩයක් ලබාදෙනවා. ඒ නිසා අතනොහැර බලන්න කියා මතක් කරනවා. සින්ඩරෙල්ලා කතාව බිහිවුනු දා ඉඳන් මේ දක්වා මිනිස්සු කොච්චර නම් එල්විරාලට වෛර කරන්න ඇද්ද? මේ චිත්‍රපටය බැලුවට පස්සෙ එල්විරා වෙනුවෙන්, ඊටත් වඩාවූ දයානුකම්පාවකින්, ඔයාලගෙ හිත් බරවෙන බවට කැට තියමින් මම නවතිනවා.
             හැබැයි රජෝ, සුරංගනා කතාවක් කියලා පොඩි වුන් එක්කනම් බලන්න සෙට් වෙන්න එපා. මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ආයෙ නොකිව්වා කියන්න එපා. සුපුරුදු පරිදි සබ් එක දීලා තියෙන්නෙ වයිටීඑස් කොපියට. ලින්ක් අවුලක් නම් වයිටීඑස් එකෙන් බාගන්න.
ජය වේවා.
Quality // 480p – 450mb / 720p – 710mb, 1gb / 1080p x265 – 1.8gb

♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣

# BRRip # WEBRip
Rasika Samanjith
177 Movies
0 TV Series
177 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3912 වාරයක්
Download Links
WEBRip 480P
450 MB DIR
WEBRip 720P
710 MB DIR
BRRip 720P
1 GB DIR
WEBRip 1080P
1.8 MB DIR
Available Torrents
720p bluray 1004.03 MB
GET
1080p bluray 2.01 GB
GET
720p web 1005.34 MB
GET
1080p web 2.02 GB
GET
1080p web 1.83 GB
GET
2160p web 4.88 GB
GET
Discussion (0)

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 226
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved