Dead of Winter (2025) Sinhala Subtitle

October 23, 2025 Admin
Subtitle by Rasika Samanjith
හිම පියලි අතරින් ආ මරණය

               Dead of Winter කියන්නෙ 2025 සැප්තැම්බර් 26 දින ඇමෙරිකාවේදී මුලින්ම රිදී තිරයට එකතුවුනු Action / Thriller චිත්‍රපටයක්. නිෂ්පාදන කටයුතු ආරම්භයේදී මෙහි නාමය The Fisherwoman වූ අතර එය පසුව Dead of Winter ලෙස නම වෙනස් කරන ලදි. මිනිත්තු 98 ක ධාවන කාලයකින් යුතු මෙහි ප්‍රධාන චරිතය වන බාර්බ්ගෙ භූමිකාව නිරූපනය කරන්නේ තිර පිටපත් රචිකාවක් වන සම්මානනීය බ්‍රිතාන්‍ය නිලි Emma Thompson විසින්. ඇය සමඟ රංගනයෙන් එකතු වෙන්නේ Judy Greer, Marc Menchaca සහ ලියා ලෙස Laurel Marsden. බාර්බ්ගේ තරුණ කාලය නිරූපණය කරන්නේ එමා තොම්ප්සන්ගේම දියණිය වන Gaia Wise විසින් වීම මෙහි එක් විශේෂත්වයක්.

වැන්දඹුවක් වන බාර්බ්, තම කැබ් රථයෙන්, හිම කුණාටුවක් සහිත ශීත ඍතුවේ දිනෙක ඇමෙරිකාවේ උතුරු මිනසෝටාහී හුදෙකලා මාර්ගයක ගමන් කරන්නේ හිල්ඩා විල හොයාගෙන. එහිදී අතරමන් වන ඇය එක නිවසකින් පාර අහගන්නවා. පසුව ඇය සොයා ගන්නවා එම නිවසේ යුවල, තරුණියක් පැහැරගෙන විත් හිර කරන් ඉන්න බව. තමන්ගෙ වැඩේ කරගෙන පාඩුවේ ඒමට බාර්බ්ට හැකියාව තිබුනත්, ඇය තේරුම් ගන්නවා, ළඟම නගරයට පැය ගණනාවක් දුරින් පිහිටි, පෝන් සිග්නල් පවා නොමැති හුදෙකලා අඩවියක එම තරුණියගේ එකම බලාපොරොත්තුව තමා පමණක් බව. එම තරුණිය හිර කරන් ඉන්න ඔවුන්ගේ කුරිරු පරමාර්ථය මොකක්ද? පළාතම හිමෙන් වැසුනු, පාරක් තොටක් හරියට නොපෙනෙන, මේ හිම කුණාටු මැද්දේ දුෂ්කරතා විඳගෙන බාර්බ් හිල්ඩා විලට යන්නේ ඇයි? “ඩෙඩ් ඔෆ් වින්ටර්” බලමු.

ඉතින් මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ජය වේවා.

 

Quality // 480p – 400mb // 720p – 897mb // 1080p – 1.8gb

♣♣ WEBRip / BRRip / 480p / 720p / 1080p ♣♣
Rip Type: Bluray
Available Torrents
720p bluray 897.62 MB
1080p bluray 1.8 GB
720p web 897.37 MB
1080p web 1.8 GB
1080p web 1.63 GB
2160p web 4.36 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search