Hellhound (2024) Sinhala Subtitle

/
යුද්ධයක් වූ අන්තිම ජොබ් එක

Hellhound කියන්නෙ පසුගිය 2024 ජනවාරි 12 වෙනි දින ඇමෙරිකාවේදී සීමිත තිරගත කිරීමකින් තම ගමන ආරම්භ කල Action, Crime, Thriller වර්ගයේ සිනමා සිත්තමක්. The Beekeeper, Mean Girls සහ The Book of Clarence ඇතුලු සිනමා පට 20 ක් එදිනම “හෙල්හවුන්ඩ්” එක්ක තරගයට එකතුවුනා. .ධාවන කාලය පැය 1 විනාඩි 43 යි. භාෂාව ඉංග්‍රීසි වුනාට රට තායිලන්තය. සම්පූර්ණයෙන් රූගත කරල තියෙන්නෙත් තායිලන්තයේමයි. තායි භාෂාවත් බොහෝ තැන්වල භාවිතා වෙනවා. ප්‍රධාන භූමිකාව වන ලොරේනෝගේ චරිතයට පණ පොවන්නෙ ඕස්ට්‍රේලියානු රංගන ශීල්පියෙක් වන Louis Mandylor. ඔහු නම් ගොඩක් අය දන්න ජනප්‍රිය නලුවෙක්.The Debt Collector [2018], Renegades [2022], As Good as Dead [022], My Big Fat Greek Wedding 1, 2, 3 කියන්නෙ ඔහුගේ ජනප්‍රියම සිනමාපට කීපයක්. ඒ වගේම Martial Law [1998-99] ටීවී සීරීස් එකේ පළමු සීසන් එකේ Sammo Hung සමග අමතක නොවෙන රංගනයකුත් ඉදිරිපත් කලා. අනෙක් නලු නිලි පිරිස තමයි Vithaya Pansringarm (සේටන්), Van Quattro (පෝල්), Panya Yimmumphai (තාර්), Winai Wiangyangkung (සොම්සාක්) සහ “Juku” Salita Klinchan (නිල්).
කතාව පැත්තට ගියොත්, ලොරේනෝ කියන්නෙ ප්‍රවීණ කුලී ඝාතකයෙක්. විශ්‍රාම ගැනීමට සූදානමින් ඉන්න ඔහුට ඔහුට අවසාන වශයෙන් පැවරෙන වැඩක් වෙනුවෙන් ඔහු තායිලන්තයට යනවා. ඔහුට උදව් කරන්නෙ පරණ යාලුවෙක් වන සේටන් සහ සේටන්ගේ මිනිහෙක් වන සොම්සාක්. ඉලක්කය තමයි පාතාල රජෙක් වන තාර්. ඔහු ළඟත් හොඳ වැඩ්ඩො ඉන්නවා. ලොරේනෝ මුලින් මේක සාමාන්‍ය ජොබ් එකක් විදිහට දැක්කත් යන්න යන්න ඒක යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා.
මේකෙ අමානුෂික දර්ශන තියෙනවා. ලිංගික දර්ශන නම් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

QUALITY // 720p – 949mb // 1080p – 1.9gb

SUB FORMAT // SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

4.4
IMDB

Year : 2024

Actors : Sahajak Boonthanakit,Ross Cain,Tanapol Chuksrida

2023-03-19 05:51 pm
Admin

Movies

127

Tv Episodes

0

  • WEBRip
  • Download : 523
  • File Size : 26.162KB
  • wadiya Unregister User
    MacOS Big SurFirefox 122

    Thanks

    2024-02-15 at 7:35 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *