අද්භූතජනක මෝනාලීසා මෙහෙයුම
දැනට ලෝක සිනමාවේ දැවැන්තම සහ ජනප්‍රියම රංගන ශීල්පීන් තිදෙනෙක් වන, රෙස්ලින් ශූරයා Dave Bautista (ජේක්), ප්‍රංශ හා යුක්‍රේන නිලි Olga Kurylenko (ඩ්‍රෙයා) සහ Samuel L. Jackson (ඕගස්ට්) යන රංගධරයන්ගේ එකතුවෙන් නිමැවුනු අලුත්ම Action / Comedy / Sci-Fi සිනමා නිර්මාණයට තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. චිත්‍රපටය Afterburn. මුලින්ම නිකුත්වුනේ 2925 සැප්තැම්බර් 19 දින ඇමරිකාවේදී සීමිත තිරගත කිරිමකින්. මේ වෙනකොට බොක්ස් ඔෆීස් ආදායමකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා. ධාවන කාලය විනාඩි 105 යි.
කතාවට පසුබිම වන්නේ පශ්චාත්-ඇපකැලිප්ටික් යුගයකුයි. නැගෙනහිර අර්ධගෝලය දැවැන්ත සූර්ය ගිනිදැල් මගින් විනාශ වී විකෘති වූ ජීවයක් ඉතිරි කර ඇත. ලෝකය පිරිහී ඇත. මේ ලෝක විනාශය නිසා අතුරුදන් වී තිබෙන මෝනාලීසා, රොසෙටා පාෂාණය සහ ඔටුන්න හිමි ආභරණ වැනි වස්තූන් සොයා යන නිධන් දඩයම්කරුවන්, මංකොල්ලකරයින්ගෙන් පිරුණු කාලයකි. ඒ අතරින් අති දක්ෂ නිධන් හොරෙකි ජේක්. ඔහුට ලැබෙන අලුත්ම මෙහෙයුම තමයි නැතිවුනු මෝනාලීසා සිතුවම සොයා යාම. නමුත් ඒක ලේසි වැඩක් නොවන්නේ තවත් ප්‍රබල කණ්ඩායමක් ඒ පස්සේ පන්නන නිසාය. ඉතින් ඇත්තටම මෙයාලා මැරීගෙන මේ සිතුවම පස්සෙ යන්නෙ ඇයි? සිතුවමේ කලාත්මක වටිනාකම නිසාමද? ඒකට උත්තරේ හොයාගන්න කැපුම් කෙටුම් දර්ශන ඇති, අසභ්‍ය දර්ශන මොකුත්ම නැති “ආෆ්ටර්බර්න්” බලමු.
ජය වේවා.
Quality // 480p – 312mb // 720p – 971mb // 1080px265 – 1.6gb
♣♣ WEB / BR / 480p / 720p / 1080p ♣♣
මං කැමති මේ වෙබ් අඩවියේ තියෙන young sheldon කථාමාලාවේ ඉතුරු උපසිරස ලබාදෙන්න කොහොමද ඒක කරන්නේ ?
මන් ඇඩ්මින්ට කියන්නම්. එයා ඉක්මනින්ම ඔයාව සම්බන්ධ කරගනීවි.
ස්තූතියි
සබ් එක හදලා, සිප් ෆයිල් එකක් විදිහට, විස්තරයක් සහ ෆොටෝ එකකුත් සමග සයිට් එකට අප්ලෝඩ් කරන්න. ( සයිට් එකේ උඩ තියෙන upload බට්න් එක මගින් ). ඊට පස්සෙ අපි අඩුපාඩු හදලා පබ්ලිෂ් කරන්නම්.