Ice Road: Vengeance (2025) Sinhala Subtitle

July 03, 2025 Admin
Subtitle by Rasika Samanjith
අයිස් රෝඩ් දෙවන වික්‍රමය
         Liam Neeson ගේ 2021 වසරේ නිකුත්වුනු The Ice Road චිත්‍රපටය ඔබ නැරඹුවාට සැක නෑ. මම ඒකටත් සබ් කලා. නොබලපු අය ඉන්නව නම් මෙතනින් ගිහින් බලන්න පුලුවන්. ඉතින් ඒකෙ දෙවෙනි දිගහැරුම Ice Road: Vengeance නමින් පසුගිය 2025 ජුනි 27 දින ඇමරිකාවෙදි නිකුත්වුනා. මේ Action / Thriller නිර්මාණය විනාඩි 95 ක ධාවන කාලයකින් යුක්තයි. Liam Neeson (මයික් මැකාන්) සමග රංගනයෙන් එකතුවෙනවා Fan Bingbing (ධැනී), Mahesh Jadu (රුද්‍රා), Grace O’Sullivan (ස්ටාර්), Bernard Curry (මයර්ස්) සහ Saksham Sharma (විජේ රායි).
           මයික් මැකාන්ගෙ සොහොයුරා, ගර්ටි පළවෙනි ෆිල්ම් එකේ අන්තිමට මැරෙනවා මතක ඇතිනෙ. ඔහු එවරස්ට් නගින්න ආසාවෙන් හිටියෙ. ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ ලියල තියෙනවා ඔහුගේ අලු එවරස්ට් කන්දෙ විසුරුවන්න කියලා. ඉතින් මේ වැඩේට නේපාලයේ, කත්මණ්ඩු වලට යන මයික්, ධැනී කියල ගයිඩ් කෙනෙකුත් එක්ක හිමාලයට යන බස් එකක යනවා. මේ අතර රුද්‍රා යෂ් කියල කත්මණ්ඩු මාපියාව මෙහෙයවන ධනපතියෙක්, එහෙ ගඟක් හරස් කර ඩෑම් එකක් හදන්න ලෑස්ති වෙනවා. ඒ ගමේ එක් පවුලක් තම ඉඩම ඔහුට විකිණීමට අකැමති වෙනවා. ඒ පවුලේ සීයා අභිරහස් ලෙස වාහන අනතුරකින් මිය යනවා. තාත්තාත් අතුරුදහන් වෙනවා. ඉතිරි කෙනා වන ඒ පවුලේ තරුණ පුතා, විජේ රායි පසුපස එන මැර කණ්ඩායමක් බස් එකක යමින් සිටියදී ඔහුව අල්ලගන්නවා. එපමණක් නොවේ ඔවුන් ඒ බස් එක, අහිංසක මගීනුත් සමගම පැහැරගන්නවා. රුද්‍රා යෂ්ගේ අවාසනාවට අපේ මයික් මැකාන් ඉන්නෙත් ඒ බස් එකේ. ඉතින් ඒ පැහැරගැනීමත් සමගම මේ ප්‍රශ්නය මයික්ටත් අදාල වෙනවා. හිමාල කඳුකරයේ, අති භයානක බෑවුම්, ගිරි දුර්ග අයිස් තට්ටු වලින් වැසුනු පාරවල් අතරේ සිදුවන මේ අනවරත සටන බලන්න ආරාධනා කරමින් නවතින්නම්.
         මේකෙ කිසිදු අසභ්‍ය දර්ශනයක් නෑ. සිප ගැනීමක්වත් නෑ. පවුලේ සැමට එකට එකතුවෙලා බලන්න පුලුවන්. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 480p – 550mb // 720p – 1gb // 1080p – 1.5gb
♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣
Available Torrents
720p bluray 1.01 GB
1080p bluray 2.08 GB
720p web 1.01 GB
1080p web 2.08 GB
1080p web 1.89 GB
2160p web 5.04 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search