Justice League (2017) Sinhala Subtitle

/

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලුම දෙනාට.අදනම් ටිකක් විශේෂ උපසිරැසියක්.ඒකට හේතු දෙකක් තියනවා.එකක් මේ මගේ 100වන උපසිරැසිය.අනිත් කාරණය මේ DC කොමික්ස් රසිකයන් පුල පුලා බලාසිටි චිත්‍රපටයක්.මගේ 100වන උපසිරැසිය වෙනුවෙන් මේ චිත්‍රපටය මට බාර දුන්න දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මණ්ඩලයේ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.ඒකට විතරක්ම නෙමෙයි අඩවියට සම්බන්ධවූ දා සිටම මේ තරම් ලොකු  දුරක් එන්න  මට දුන්න ශක්තියටත්.ඔයගොල්ලන්ගෙ කැපවීම, ඉවසීම (මොකද සමහරවෙලාවට මගෙ අතින් උපසිරැසි ප්‍රමාද වෙනවා මම  හිතන්නෙ.එහෙම වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නැ) සහ සහයෝගය නැත්නම්, අනිවාර්යයෙන්ම මට මේ තරම් දුරක් එන්න බෑ.ඒ වගේම නම් වශයෙන් නොකිව්වත් අපේ සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාටත් බොහොමත්ම ස්තූතියි ඕගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගයට.ඒ වගේමයි හැමදාමත් අපිව පොඩිමහරි වචනයකින් දිරිමත් කරන්නට කාරුණික වන Subz LK ප්‍රේක්ෂක (වචනෙ හරිද මන්ද) සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි.ඔබේ ඒ මහමෙරක් වගේ වචන කීපය අපට ලබාදෙන ශක්තිය වචනවලින් කියා නිමකරන්න බෑ.යමෙක් ප්‍රතිචාරයක් නොදැක්වූවා කියාත් හිතේ කිසිම තරහක් නෑ.උපසිරැසි කරන මුල්කාලයේනං ඒ නිසා යම් කලකිරීමක් වගේ දෙයක් හිතට දැනුනත් අදනම් ඒක එහෙම නෑ.මොකද ප්‍රතිචාර නොදැක්වීමටත් යම් සාධාරණ හේතු තිබෙන්නට පුළුවන් නිසා.අනිත් කාරණය ප්‍රතිචාර නොදැක්වූවත්, ඔබ අඩවියට පිවිසීම, ඔබේ එක් බාගත කරගැනීමක් පවා අඩවියට හා උපසිකරුවෙකුට ලොකු ශක්තියක්…

ඒ වගේම කියන්න ඕනේ ඕගොල්ලො මගෙන් යම්චිත්‍රපටවලට උපසිරැසිඉල්ලලත්, විවිධ හේතු නිසා මට ඒවා ලබාදෙන්න නොහැකිවෙලා තියනවා ගොඩක් අවස්ථාවල.ඒ හේතුවෙන් හෝ ප්‍රතිචාරයකට මම දක්වන පිළිතුරකින් හෝ වෙන මොනයම් හෝ හේතුවක් නිසා කාගෙහරි සිත් රිදීමක් ඇතිවී ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා.50 වෙනි උපසිරැසියටත් මං දිග හෑල්ලක් ලිව්ව නිසා 100වෙනි උපසිරැසිය එහෙම නොකර මම මේ කතාව මෙතනින් නවත්වලා චිත්‍රපටය පැත්තට යන්නම්…

Justice League (2017)

ජස්ටිස් ලීග් නොහොත් යුක්ති එකමුතුව අපි හමුවට එන ජස්ටිස් ලීග්  චිත්‍රපටය මේ වසරේ DC කොමික්ස් රසිකයන් බොහොම උනන්දුවෙන් පෙරමග බලාසිටි එකක්.IMDB අගය 7.1ක් ලබා ගත් මේ චිත්‍රපටයට Rotten Tomatos ලගෙන්නම් ලැබෙන්නෙ 41% ක වගේ අගයක් (කතාව පැත්තෙන් ගත්තම මේ අගය ලැබෙන්න සාධාරණ හේතු තියනවා).මෙහි අධ්‍යක්ෂණය ජනප්‍රිය අතිදක්ෂ අධ්‍යක්ෂ Zack Snyder මහතාගෙන්.කෙසේවෙතත් මෙම වසරේ මාර්තු 17වන දින සිදුවූ තම දියණියගේ අවාසනාවන්ත සියදිවිනසාගැනීම නිසා ඔහු චිත්‍රපටයෙන් ඉවත්වන්නට තීරණය කල අතර ඉන්පසු මෙහි අවසන් අදියරේ අධ්‍යක්ෂණ කටයුතු කර තිබෙන්නේ Joss Whedon විසින්.රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු විදියට Ben Afleck (බැට්මෑන්), Gal Gadot ( වොන්ඩ(ර්)වුමන්), Amy Adams (ලොයිස් ලේන්), Jeremy Irons ( ඇල්ෆ්‍රඩ් ), Jason Mamoa (ඇක්වාමෑන්/දියමිනිසා), Erza Miller (බැරී ඇලන්/ෆ්ලෑෂ්), Ray Fisher (වික්ටර් ස්ටෝන්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පෙළක්.කොහොමවුණත් මෙහි අධ්‍යක්ෂණ කාර්යය බෙන් ඇෆ්ලෙක්ට බාරදෙන්නත් මුලදි යම් අදහසක් තිබිල තියනවා.ඉන්පසු අධ්‍යක්ෂණ බාරවූ Zack Snyder මහතා චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නෙ වික්ටර් ස්ටෝන් ( සයිබෝග්වරයා)  මූලික කරගෙන චිත්‍රපටය දිවෙන ආකරයට.නමුත් Joss Wheldon විසින් ඒ රූපරාමු සෑහෙන ප්‍රමාණයක් චිත්‍රපටයෙන් ඉවත්කරන්නට කටයුතු කර තිබෙන අතර සංගීත අධ්‍යක්ෂණ කාර්යය සඳහා Zack මහතා තෝරාගෙන සිටි Junkie XLවත් එම කාර්යයෙන් ඉවත් කර තිබෙනවා.දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

සුපර්මෑන්ගේ මරණය නිසා මේ වනවිට ලෝකයා තම ආරක්ෂාව ගැන යම් සැකයකින් ඉන්නේ.බැට්මෑනුත් සුපුරුදු ලෙස ‘දවල් බෲස්, රෑ වවුලා’ ක්‍රමේට තමන්ට හැකි අයුරින් තම රාජකාරිය ඉටු කරනවා.වොන්ඩ(ර්) වුමනුත් ලෝකයෙන් සැඟවෙලා ඩායානා ප්‍රින්ස් විදියට කාලය ගත කරනවා.ඔය අතරේ ලෝකයට තවත් බරපතල තර්ජණයක් ලඟම එන බව බෲස් වේන් දැනගන්නවා.මෙවර සතුරා එන්නේ යම් බලයක් ඇති මංජුසාවත් තුනක් සොයමින්. බෲස් වේන්, වොන්ඩ වුමන් ඇතුළු කණ්ඩායමක් එක්රැස් කරගෙන මේ තර්ජණයට එරෙහිව සටන් වැදීම තමයි චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.මීට වඩා කියන්න දෙයක් නෑනෙ.මෝකද මම දන්නවා මට වඩා හොඳ කොමික් රසිකයෝ ඉන්නවා ඕනෙතරම් , අපේ ඇඩ්මින් මණ්ඩලයත් ඇතුළුව.

එහෙනම් මීලඟට රූපවාහිනී කතාමාලාවකුත් බාරවෙලා තියනවා.බොහෝවිට මං ඊලඟට ඕගොල්ලන්ව හමුවෙන්නෙ එහි කොටසක උපසිරැසියකින් වෙන්න ඉඩ තියනවා.එහෙනම් ගිහින් එන්නම් සියලු දෙනාටම බොහොම ස්තූතියි.අපේ Subz LK අඩවියට, ඇඩ්මින් මණ්ඩලයට, සහෝදර උපසිරැසි කරුවන්ට ඕගොල්ලො ලබාදෙන සහයෝගය,ධෛර්යය ඉදිරියටත් ලබාදෙන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිමින්ම මම ගිහින් එන්නම්.අපි මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

(1) පිටපත ගැන :- මම මුලින් මේකට උපසිරැසිය කලේ  (HDTS) කැමරා පිටපතකට.ඒත් පළකිරීම සඳහා යවන්න ඔන්න මෙන්න තියෙද්දි HC-HDrip පිටපත් කීපයක් අන්තර්ජාලයට නිකුත් වුනා.මේ පිටපත් හැම එකකම වීඩියෝ තත්වය හොඳ මට්ටමක තිබුණත් ඕඩියෝ තත්වයනම් අසතුටුදායකයි.හේතුව යම් යම් ස්ථානවල ශබ්දය විකෘතිවීම් සහ Sync වීමේ ගැටලු තිබීම.කොහොමවුණත්ඒවායෙන් මම තෝරාගත්ත පිටපත 1080P එකක්, ප්‍රමාණය 1.22GB.මේකෙනම් Sync ගැටලුව නෑ.නමුත් යම් යම් ස්ථානවලදී ශබ්ද විකෘතිවීමේ ගැටලුව ඒ විදියටම තියනවා.ඒක ලොකු ගැටලුවකුත් නෙමෙයි හැබැයි.කැමති අය බාගන්න.ඉවසල ඉන්න පුළුවන්නම් වඩා හොඳයි.හොඳ තත්වයේ පිටපතක් ආව ගමන් යාවත්කාලීන කරන්නත් බලාපොරොත්තු වෙනවා.

(2) මෙන්න ස්ක්‍රීන්ෂොට්

(3) උපසිරැසිය :-

  • ASS උපසිරැසිය – හාඩ්කෝඩ් උපසිරැසිය ආවරණය වීමට පසුබිමක් යොදා ඇත.
  • SRT උපසිරැසිය – පසුබිමක් යොදා නැත.

Fueled by his restored faith in humanity and inspired by Superman’s selfless act, Bruce Wayne enlists newfound ally Diana Prince to face an even greater threat. Together, Batman and Wonder Woman work quickly to recruit a team to stand against this newly awakened enemy. Despite the formation of an unprecedented league of heroes — Batman, Wonder Woman, Aquaman, Cyborg and the Flash — it may be too late to save the planet from an assault of catastrophic proportions…

7.2
IMDB

Year : 2017

Actors : ben affleck, henry cavill, amy adams, gal gadot

Fueled by his restored faith in humanity and inspired by Superman's selfless act, Bruce Wayne enlists the help of his newfound ally, Diana Prince, to face an even greater enemy.

2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

  • Download : 29335
  • File Size : 82.599KB
  • Sub Update :2020-08-01
  • එරංග Unregister User
    Android 6UC Browser 11.4

    එළ සුභ පැතුම් සියවෙනි උපසිරැසියට.. ජය වේවා.. බ්ලුරේ එකක් ආපුහම අප්ඩේට් එකක් දෙමු හොඳේ..

    2017-12-24 at 9:42 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, එරංග. බ්ලූරේ ආවම අප්ඩේට් එකක් දෙන්නම්.

      2017-12-25 at 12:28 am
  • Omal Yomal User
    Windows 10Chrome 63

    Hasitgha saho ,Thanks a lots sub ekata ….

    2017-12-24 at 9:44 am
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    ?මුලින්ම කියන්න ඕනි හසිත සහෝ කියන්නෙ Subzlk අඩවියේ වටිනාම උපසිරැසිකරුවෙක්?
    ලගදි ආශ්‍රය කරන්න ලැබුනත් මට දැනුන විදිහට වටිනාකියන සුහදශීලී මිත්‍රයෙක් සහෝදරයෙක්.✌️
    ඒ වගේම තමා උපසිරැසි 100ක් කරනව කියන්නෙ ලේසි වැඩක්නම් නෙමේ අනික රස්සාවක් කරන කෙනෙක් විදිහට ඒක ගොඩක්ම අමාරු වැඩක් මොකද මමත් උපසිරැසි 50 නිදහසේ ඉදල කරන්න කාපු කට්ට මම දන්න නිසා.ඒ වගේම තමා කවදාවත් බාරගත්ත උපසිරැසියක් බෑ නොකියා ඕනිම එකක් භාරගෙන කරන කෙනෙක් තමා හසිත සහෝ..

    2017-12-24 at 9:44 am
  • Pasindu Amarasinghe
    Android 7UC Browser 11.2

    ,මම ස්පැනිශ් ෆිල්ම් කලින් බලල තිබුනෙ නෑ ඇත්තම කිව්වොත් ඒවට පුරුදු උනෙත් හසිත සහෝගෙන්ම තමා,ඒ වගේම තමා උපසිරැසියක් කරද්දි උඩින් පල්ලෙන් නොගහ එහි ගුණාත්මක බව උපරිම ආකාරයෙන් රැකෙන විදිහට නිම කරන කෙනෙක්.✌
    ඉතින් කොටින්ම කියනවනම් SubzlK එකේ සුපිරිම ඩයල් එක කිව්වොත් නිවැරදියි.??
    ඉතින් ඔබගේ 100 වැනි උපසිරැසියට සුභ පැතුම්???

    Behind every achievement, there is the hard work,
    Success is like climbing a hill,
    It is hard and full of failures,
    But in the end… everything is worthy!!
    With all my heart, I would like to bless you my Friend,
    Congratulations for this achievement of yours!!

    #Pasindu Amarasinghe..

    2017-12-24 at 9:45 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      හෘදයාංගම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂 100ට යන දෙවෙනියා වෙන්න ට්‍රයි එකක් දෙමු.
      ඒ වගේම සුභම සුභ නත්තලක් වේවා ?

      2017-12-25 at 12:38 am
    • Pasindu Amarasinghe
      Android 7UC Browser 11.2

      එලම
      ඔබටත් සුභ නත්තලක් සහෝදරයා ??

      2017-12-25 at 2:30 am
    • damith Unregister User
      Windows 10Chrome 64

      fatta ahh wade nam ela…..????

      2018-03-10 at 12:00 pm
  • ලහිරු සඳරුවන් Unregister User
    Windows 7UC Browser 7

    ස්තූතියි සහෝ මේ ෆිල්ම් එකේ උපසිරැසිය ගෙනාවට. ඒවගේම 100 වෙනි සිංහල උපසිරැසියටත් සුබපැතුම්. මේ වගේම 150, 200, 250… කඩයිම් පසු කරන්නත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ඔබගේ සියළු කටයුතුත් සර්වප්‍රකාරයෙන් ඉටු වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!!!

    2017-12-24 at 9:49 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, ළහිරු 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් කරා සාර්ථක යන්නට උණුසුම් සුභ පැතුම්.
      ඒ වගේම සුභම සුභ නත්තල් දිනයක් වේවා ?

      2017-12-25 at 12:40 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, ළහිරු ප්‍රතිචාරයට 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් සාර්ථකව පසුකරන්නට උණුසුම් සුභ පැතුම්
      ඒ වගේම සුභ නත්තලක් වේවා ?

      2017-12-26 at 12:55 am
  • wmcsubhash Unregister User
    Windows 10Chrome 63

    100 weni uparirasata obata maage subha pethum saho

    2017-12-24 at 9:50 am
  • prabodha Unregister User
    Android 4.4Firefox 52

    Thanks bro sub ekata. 100th sub ekata suba pathum machn good luck….!

    2017-12-24 at 9:57 am
  • THE NEW FOLDER Unregister User
    Windows 7Firefox 58

    GOOD WORK
    THANKS SO MUCH

    2017-12-24 at 10:20 am
  • Vas Unregister User
    Windows 7Firefox 57

    Thank you very much for the subtitles bro.

    2017-12-24 at 10:23 am
  • Dinesh Rukmal User
    Windows 7Firefox 57

    ජයමවේවා ඔහොම යන්

    2017-12-24 at 10:50 am
  • Chamidu Madusanka User
    Windows 8.1UC Browser 7

    Thank you වෙවා සහොදරයා …මෙක දෙනකන් බලන් හිටියේ

    2017-12-24 at 10:52 am
  • sulakshana Unregister User
    Windows 7Chrome 63

    ela bro.digatama karagena yanna suba pethum.

    2017-12-24 at 10:52 am
  • දමිත් Unregister User
    Windows 8Chrome 57

    බොහොම ස්තුතියි හසිත ප්‍රසාද් සහෝ.
    හසිතගේ සබ් නම් එලකිරියටම ඇති.
    ආයෙ කියන්න දෙයක් නෑ.
    සිය වෙනි කඩඉමට මගෙන් උණුසුම් සුබ පැතුම්.
    ජය වේවා සහෝ.

    2017-12-24 at 11:03 am
  • Asitha Madusanka
    Windows 8.1Opera 49

    සුබ පැතුම් යාලුවා ඔහොම යමු…

    2017-12-24 at 11:03 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, අසිත 🙂 ඔබට උපසිරැසි කඩයිම් වෙත
      සාර්ථකව ලඟා වෙන්නට උණුසුම් සුභ පැතුම්.

      2017-12-25 at 12:41 am
  • Kasun Widusha User
    Windows 7Maxthon 4.9

    Suba pethummmm 200 tath yamu ohommmama

    2017-12-24 at 11:09 am
  • Abcd Unregister User
    Android 7Chrome 63

    Ammoohh. Oya deiyek???

    2017-12-24 at 11:10 am
  • KAVINDA GAMAGE Unregister User
    Windows 7Chrome 57

    100 වෙනි සිංහල උපසිරැසියටත් සුබපැතුම්. මේ ෆිල්ම් එක එනකම් සැහෙන්න කාලයක් බලාගෙන හිටියා ඔබලා සැමදෙනෙක්ම අප සියලුමදෙනා වෙනුවෙන් ඉතා වටිනා උතුම් වූ සේවයක් ඒ ගැන කියන්න වචන නැහැ . දිගටම මේ වගේ සබ් අරගෙන එන්න කියලා සුබ පතනවා . අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා . අපි වගේ අය වෙනුවෙන් නොමිලේ කරන මේ සේවය වෙනුවෙන් ඔබ සැමට ගොඩක් ස්තුතියිවන්ත වෙනවා . ඔයාලා හැමෝටම බුදු සරණයි දේවි පිහිටයි .

    2017-12-24 at 11:14 am
  • Sajith Tharaka User
    Windows 10Chrome 63

    අපි නම් BR Rip එක එනකන් බලන්නෙ නෑ 😀

    2017-12-24 at 11:19 am
  • mithun Unregister User
    Android 6Chrome 58

    Congratulations සහෝ 100වෙනි උපසිරැසියට …කොටින්ම කිව්වොත් මෙ සබ් එල්කෙ සයිඩ් එකෙන් බලපු පලවෙනි උපසිරැසිය මාර්ශලැන්ඩ් .. එකත් මේ හසිතගෙනෙ බැලිත් නම්.. එතකොට තමා දන්නෙත් මේ වගෙ අලුත් වැඩක් ගැන.. එදා නම් ලොකු පැහැදිමක් ඇති උනා බොක්කට වැදුන ෆිල්ම් එකක් සුපිරි උපසිරැසි ගැන්විමක්.. එ ගැන මොකට කතාද භාෂාවකින් තොරව රස වින්දනය කියන දෙ අදුනගෙන චිත්‍රපට වලට උපසිරැසි කරන කෙනෙක් විදියටයි හසිතව දකින්නෙ ,, ඉදිරියටත් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා සියලුම දෙවල් සාර්ථක වේවා කියල පතනව … ?????

    2017-12-24 at 11:49 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිතුන් 🙂 ඔයත් මට හම්බවුණ හොඳ රසවින්දනයක්
      තියන අයගෙන් කෙනෙක්. සුභ නත්තල් දිනයක් වේවා ?

      2017-12-25 at 12:43 am
  • Gathsara Umesh Kumara User
    Android 7Chrome 59

    Mulu lankawenm ayy thm mulinm dub ek dunnee…ekth 100 ghl..
    Biscpe ek hithgen inne eyl nthnm api wnsyi kiyl..pwu..eyl..
    Menn blndkoo dn subzlk la…niymyi..
    100 nwaththnn epaa 500 paskrnn ayee..oyt plwn..api inawa oya ekk..jyen jum wewaa…!!!?????

    2017-12-24 at 12:00 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, මල්ලි 🙂 සුභ නත්තල් දිනයක් වේවා ?

      2017-12-25 at 12:44 am
  • Devinda Unregister User
    Windows 7Chrome 63

    TY malli…Gdk Pin…Wish U All The Best…..

    2017-12-24 at 12:16 pm
  • Madusha Unregister User
    Windows 10Opera 49

    100 උපසිරැසියට මගෙනුත් සුබපැතුම් සහෝ.කරන උපසිරැසියට උපරිම අයුරින්
    සාදාරනයක් කරන ඒවගේම අප සැමගේ අදහස් වලට ගරුකරලා උපසිරසි
    ලබාදෙන උපසිරැසිකරුවෙක්.ඉදිරියටත් ගුණාත්මක උපසිරැසි නිර්මාණ කරන්න
    අවශ්‍ය කාලය,ශක්තිය වැඩියෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    බොහොම ස්තූතියි

    2017-12-24 at 12:17 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මධූෂ 🙂 Watchmen 2009, The Devils Backbone ( මේකට සබ් දෙන්නම් ලඟදිම ) වගේ මට මගහැරුණ ලස්සණ චිත්‍රපට කීපයක්ම මට පෙන්නුවෙ ඔයා.
      ඔබටත් සුභ නත්තල් දිනයක් වේවා ?

      2017-12-25 at 12:49 am
    • Madusha Unregister User
      Windows 10Opera 49

      සහෝටත් සුභ නත්තලක්
      ජය!

      2017-12-25 at 8:45 am
  • Supernaturall Unregister User
    Android 6Chrome 62

    Thank you

    2017-12-24 at 12:20 pm
  • srimal Unregister User
    Android 7Chrome 63

    sinhala sub karana ayata godak pin ☺☺☺☺☺☺

    2017-12-24 at 12:21 pm
  • KANTHA Unregister User
    Windows 7Firefox 54

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–
    ………….100 උපසිරැසියට සුබපැතුම්…………

    2017-12-24 at 12:24 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      හැමදාමත් දක්වන ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, Kantha 🙂

      2017-12-25 at 12:50 am
  • Lakshan Sameera
    Windows 7Firefox 57

    හසිත සහෝගේ 100 වෙනි සබ් එක මොකක් වෙයිද කියලා බලාගෙනයි හිටියේ…මාත් තාම මේ ෆිල්ම් එක බැලුවෙ නෑ දැන් ඉතින් හසිත සහෝගේ සබ් එකත් එක්කම බලන්න පුලුවන්…ඉතින් හසිත සහෝ ඔයාගේ 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපතනවා… ඇත්තටම කිව්වොත් හසිත සහෝගේ සබ්, උපසිරැසියකට වඩා එහා ගියපු එකක්… ඔයාගේ සබ් වලින් අපිටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා…ඒවගේම හසිත සහෝගේ සබ් වල පිල්ලමකවත් වැරැද්දක් නෑ…ඒතරම් සැලකිලිමත්ව එයා සබ් එක හදනවා….ඉතින් මින් ඉදිරියටත් මේ විදියට හොඳ උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව,ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
    🙂 😉 🙂

    2017-12-24 at 12:43 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් වෙත සාර්ථකව ලඟාවෙන්න උණුසුම් සුභ පැතුම්.
      ඒ වගේම සුභ නත්තලක් වේවා ?

      2017-12-25 at 12:53 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් සාර්ථකව පසුකරන්නට උණුසුම් සුභ පැතුම්
      ඒ වගේම සුභ නත්තලක් වේවා ?

      2017-12-26 at 12:56 am
  • losaka Unregister User
    Windows 10Chrome 63

    Justice League 2017 මුලින්ම සිංහල සබි දිලා තියෙන්නේ ඔයා හසිත ප්‍රසාද් සහෝ ජය වෙිවා

    2017-12-24 at 2:26 pm
  • Sdeepa Harshana Unregister User
    Android 6Chrome 52

    Sub akata thanks.
    100 weni uparesiyata mage unusum suba pethum!

    2017-12-24 at 3:21 pm
  • Isuru Dhananjaya User
    Windows 7Chrome 63

    pattamai machn godak thanx enakn asawen balan idapu film ekak thamai,aluthen release wena box office hema ekatama mulinma sub denawata godak thanxx oyalata..api innawa hemadama… oyage 100 weni sub ekata suba pathanawa good luck machn

    2017-12-24 at 3:41 pm
  • Dilan Maduranga User
    Windows 10Chrome 63

    thanks bro

    2017-12-24 at 3:47 pm
  • Dex Unregister User
    Android 7Chrome 63

    Thanks bro

    2017-12-24 at 6:50 pm
  • මාලින්ද Unregister User
    Windows 10Chrome 63

    Thank you. 🙂

    2017-12-24 at 8:16 pm
  • Kasun Unregister User
    Windows 8.1Chrome 63

    අන්න විලි ලැජ්ජාවක් නැතුව ආපහු tv show sub දෙන්නේ නෑ කීව්ව උන් ආපහු වැඩේ පටන් ඇරගෙන.ඒකෙන් අපිට වැඩක් නෑ.උඹලා එක්ක අපි දිගටම ඉන්නවා.සයිට් එක slow කරගන්නේ නැතුව මෙහෙම ඉසරහට කරගෙන යන්න.ජය වේවා!

    2017-12-24 at 9:44 pm
    • Subhash pushpakumara Unregister User
      Android 5Chrome 61

      Ethi ubata moko.. web site 2ma ediriyata yamu..

      2017-12-26 at 10:30 pm
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 63

    මගේ පලවෙනි කැමති උපසිරස් කරු(අනිත් අය තරහා වෙන්න එපා ) පල වෙනි 50 වෙනි උපසිරැස. පලවෙනි 100 වෙනි උපසිරැස..මම එහෙම awards හසිත ට දුන්නා නම් ..මට වෙනම වෙබ් එකක් හදන්න වෙනවා ..හසිත වෙනුවෙන් ..අද මට project proposal තිබුන දවසක් ගෙදර එනකොටම රෑ 9 ත් පහු වෙලා ..එතින් දුවලා ආවා ..මේකටම කොමෙන්ට් එකක් දාන්නම .හසිත තමයි මම මුලින්ම වෙබ් අඩවියට ගත්ත කෙනා .එක අද වෙනකං එයා වත් දන්නේ නැහැ ..subz lk එකේ 1/7 තියෙන්නේ හසිතගේ උපසිරැස ..2017 වගේ නෙවෙයි 2016 අමාරු කාලයක් තිබ්බේ .හොද කොමෙන්ට් වලට වඩා බැනුම් තමා ගොඩක් තිබ්බේ .ඒවා එකකින් වත් සැලුනේ නැති කෙනෙක් .ඒ කියන්නේ ඇත්ත ජීවිතෙත් හොද නිහතමානී කෙනෙක් ..

    2017-12-24 at 10:53 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      .මම වෙබ් එකේ front end එකට වඩා back end එකේ තමා වැඩි පුර ඉන්නේ .එතින් ගොඩක් හසිත එක්ක ගනුදෙනු කරන්න බැරි උනාට හසිතගේ හැම උපසිරසක් ම හැම කොමෙන්ට් එකක් ම මම කියවල තියෙනවා .ඒ අතරින් .මම දැකපු විශේෂ දෙයක් තියෙනවා .ඒ හසිත උපසිරස් කරුවෙක්ද ? නැත්නම් විචාරකයෙක්ද ? කියන පශ්නය ..ඒ වගේම sam fisher වාගේ විචාරක බුද්දිය තියෙන රසිකයන් පිරිසක් වෙනම හසිතට ඉන්නවා ..මම 50 වෙනි උපසිරසේදී කිව්වා වගේම English වලට සිමා උන උපසිරැසි කරණය අද වෙනකොට වෙනත් මානයකට ගිහින් ඉවරයි..ජපන්.කැනඩා ,ඩෙන්මාර්ක් වගේ රට වල උපසිරැස් ආවා ..ඒ ආවේ හසිත කර විප්ලවයෙන් .. ඒවගේම ලිපි ..වෙනස් විදියේ ඒවා දැන් අපේ උපසිරස් කරන සහෝදරයෝ කරනවා ..බලන්න ආසයි ඒවා .ලිපි ඉදිරිපත් කිරීමත් ..වෙනස් විදියේ හැකියාවන් පිරිණු උපසිරස් කරන අය ඉන්නවා ..මේ සේරම පටන් ගත්තේ හසිත ගෙන් ..සුබ පැතුම් මාගෙන් සහෝ …”you are always full of surprises”

      2017-12-24 at 10:53 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      ඇත්තටම ? මමද ෆස්ට් මෙම්බර්? අදනෙ ඒක දැනගත්තෙ. ඒ වගේම මම අද උපසිරැසි පැත්තෙන් යම් තැනක ඉන්නවනම්, කඩයිමකට ලඟාවෙනවානම්, ඒ සියල්ලගේම ගෞරවය හිමිවෙන්න ඕනෙ ඔයාටයි, දමිත්. මම ඔයාට කියල තියනවනෙ, ලංකාවෙ ප්‍රධානම උපසිරැසි අඩවියකින් මම කල ඉල්ලීමට අවම වශයෙන් පිළිතුරු ඊමේල් එකක්වත් ලැබුණෙ නෑ . ඉන් කාලෙකට පස්සෙ Subzlk ගැන දැනගෙන ඔයාට මේල් එකක් දැම්මෙත් නිකමට වගේ.හැබැයි මම නොහිතපු විදියට ඒකට පිළිතුරු මේල් එකක් ආවම මටත් හිතාගන්න බැරිවුණා. ඔයා මාව Subzlk අඩවියට සම්බන්ධ කර නොගන්න හසිත කියල උපසිරැසිකරුවෙක් අද නෑ. ඒ ගැන දහස්වාරයක් ස්තූතියි. ඔබටත් සුම සුභ නත්තලක් වේවා,දමිත් ?

      2017-12-25 at 1:12 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      PS: විචාර බුද්ධිය අතින් Sam fisher ඉස්සරහ මම අඟුටුමිට්ටෙක්.
      එයා චිත්‍රපටයක් තුලින් මට වඩා ගොඩක් දේ දකිනවා. ඒක හරි වටින දෙයක්.

      2017-12-25 at 1:16 am
    • mismo pescador Unregister User
      Android 5.1Chrome 63

      මෙතනදි ඇත්තටම උනෙ මම පිස්සු විකාර post කරද්දි ඔයාල මට එකට ඉඩදුන්න එක විතරයි??.

      2017-12-25 at 10:38 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      පිස්සු විකාර නෙමෙයි, මං ඔයාගෙ කමෙන්ට් එකක් කියවන්නෙ හරිම ආසාවෙන්.ඒව මාර ක්‍රියේටිව්.

      2017-12-26 at 1:51 am
    • sam fisher Unregister User
      Android 5.1Chrome 63

      ????????????????????

      2017-12-26 at 7:08 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      ඒවාට පිස්සු විකාර කිව්වොත් එතින් අපිට පිස්සු ..කතාවේ පොඩි පොඩි වචන වල පාවා අදහස් හසිත හොයලා දෙනවා ..sam fisher කතාව බලලා එකේ අදහස වාගේම එකෙන් එයා දකින දේ post කරනවා …අන්න එක ගොඩක් වටිනවා ..

      2017-12-26 at 9:41 am
    • Sam fisher Unregister User
      Android 5.1Chrome 63

      thanks man

      2017-12-27 at 5:06 pm
  • Uma Unregister User
    Android 5Samsung Browser 6.2

    කොල්ලනේ දිගටම උපසිරැසි ඕන ජය.. ??

    2017-12-25 at 2:11 am
  • silentS Unregister User
    Windows 10Chrome 63

    Congtzzzzzzzzzzzzzzz

    2017-12-25 at 7:37 am
  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10UC Browser 7

    මචං හසිත! 100 වන උපසිරැසියට හදවතින්ම සුබ පතනවා! අනිත් චිත්‍රපට වගේම ඔයාගේ මේ උපසිරැසිය සහිත චිත්‍රපටයත් මම බැලුවා. ඇත්තටම නියමයි. මම කියන්න ඕන ගොඩක් දේවල් අනිත් අය කමෙන්ට් කරලා තියෙන්නේ. දිගටම අපි එක්ක රැදී සිටියි කියලා හිතනවා. එහෙනම් ඔබට සුබ නත්තලක් වගේම සුබ නව වසරක් වේවා කියලා පතමි.

    2017-12-25 at 8:46 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      බොහොම ස්තූතියි, ඉසුරු 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් කරා සාර්ථකව ලඟාවීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
      ඒ වගේම සුභ නත්තලක් වේවා ?

      2017-12-26 at 1:00 am
  • Kavisha Methruwan ExPERT Subtitler
    Android 5.1Chrome 54

    ඔන්න ඉතින් හසිත ශතකයක් වාර්ථා කරා.උඩ දමිත් කියුවා වගේ කලින් උපසිරැසි කරපු අය හිටයත් සයිට් එකේ පලවෙනි මෙම්බර් හසිත.හසිතගේ 100 එනකම් ඇඩ්මින් මන්ඩලයේ හතර දෙනාම මග බලාගෙන හිටියේ ? ඒ වගේම අපේ සහෝදර උපසිරැසි කරු දෙන්නෙක් වන පසිඳුයි & සුමින්දයි දෙන්නත් වරින් වර අපෙන් ඇහුවා.හසිතට දැන් උපසිරැසි මැස්මක් කියුවත් වැරදි නෑ ? Justice League චිත්‍රපටය ගැන අහන්න ලැබෙන කට කතා නම් සුබවාදී නෑ ? ඩිරෙක්ටර් වෙනස් උන නිසා කියලා තමා ගොඩ අය කියන්නේ ?? DC die hard fan කෙනෙක් විදිහට ෆිල්ම් එකට නරකක් කියන්නත් බෑ ? මේ වගේ තව කඩයිම් වලට යන්න සුබ පතනවා.ජය වේවා!

    2017-12-25 at 9:03 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      100ට ලඟාවුණේ දමිත් ඇතුළුව ඕගොල්ල හැමදෙනෙක්ගෙන්ම ලැබුණ කාරුණික සහයෝගය නිසා තමයි. නැත්තං ඉතිං හසිත කියල උපසිරැසිකරුවෙක් නෑ අද. ඒකට ගොඩක්ම ස්තූතියි, කවීෂ. ඔයාටත් උපසිරැසි කඩයිම් වෙත ඉක්මනින් සාර්ථක ලඟාවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුභ නත්තලක් වේවා ?

      * දමිතුයි ඔයයි සමීරයි ඇරුණකොට තව කෙනෙක් ඉන්නවද ඇඩ්මින් මණ්ඩලේ?
      * ෆිල්ම් එක ගැනනම් මටත් තියෙන්නෙ සුභවාදී අදහසක් නෙමෙයි, කවීෂ. ඔය ගොඩක් අය කියන හේතුවම
      වෙන්න ඇති කියලයි මගෙත් අදහස.

      2017-12-26 at 1:08 am
    • mithun Unregister User
      Android 6Chrome 58

      සයිඩ් එකෙ ඉන්න ඇඩ්මීනල ටික පොඩ්ඩක් මෙ සයිඩ් එකේ උපසිරැසි යාවල්ලින් සම්බන්ධව තව ටිකක් උනන්දු උනා නම් තවත් සුපිරි . මෙච්චර සංඛ්‍යාවක් මෙකෙනුත් උපසිරැසි බාගන්න එකෙ. ෆිල්ම් අප්ඩෙට් වලට කට්ටියට පෙන්න වෙනම තිරුවක් හදන්න. අප්ඩෙට් එක සෑහෙන වටිනව කොපි බලන අයට උනත් සහෝදරවරුනි

      2017-12-26 at 4:16 pm
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      working on that bro…

      2017-12-26 at 11:12 pm
  • gihan Unregister User
    Windows 8.1Opera 49

    තැන්කු සහෝ සබ් එකට…පට්ට නත්තල් තෑග්ග ආ දිගටම සබ් දෙන්න….ජය වේවා

    2017-12-25 at 9:54 am
  • mismo pescador Unregister User
    Android 5.1Chrome 63

    අද සයිට් එක පැත්තෙ ආවෙම හසිත සහො 100 නත්තල් දවසෙ අනිවා දිලා ඇති කියල හිතලමයි එත් සබ් එක ඉයෙද කොහෙද දිලනෙ. හසිත සහොගේ මේ උපසිරස ලැබෙනකම් ගැන ගැන හිටියේ(ගානනම් මගදි රැයිතෙටගියා?)සියට සියක්හොදම ෆිල්ම්ස්සියට සියක්" හොදම කොලිටියකින් කින් උපසිරස ගන්වා,""සියපාරක්"" උපසිරසවල් ගෙනාවට කිපාරක් ස්තුති කරන්නද මන්ද?කිපාරක් ස්තුති කිව්වත් මදි.එ මහන්සියෙ තරම හිතාගන්න පුලුවන් jwm,hgf වගෙ ෆිල්ම් දෙද්දි time line ගහගෙන ලොකුකට්ටක් කාගෙන උපසිරසවල් කරපුව මතකයි(එකනිසාද කොහෙද දමිලා master සබ් creater කියල ඩිසයිග්නෙෂන් එකක් දිල ති⁣යෙන්නෙ එකට මම මාර කැමති මොකද එකෙන් ලොක්කයියා කියලා අදහසක් ඇතිවෙනව මට??)

    2017-12-25 at 10:28 am
  • mismo pescador Unregister User
    Android 5.1Chrome 63

    ඔයාගෙ වගේම subzlk එකෙ පලවෙනි සියය.මට තාමත් මතකයි පටන් ගත්ත මුල් දවස් පොඩි පොඩි උපසිරස කරල කවිෂල එහෙම මහන්සි උනාට ගොඩක් උපසිරස කරැවන් dl,කමෙන්ට් අඩුව නිසා අතඇරල දාාලයද්දි නොගිහින් හිටපු ඔයාවගෙ අයනිසා තමයි අපේ මෙ වෙබ් එක තාමත් ගුවන්ගත වෙන්නෙ??.මට හරිම සතුටුයි දැක්කහම ඔයාගෙ ලිපියෙ කමෙන්ට් ඩවුන්ලොඩ් කියන්නෙ එච්චර හින්නැති දෙයක් කියල එවගෙම මම එක ඇහැටම දැක්ක ඔයාගේ එක හොදම ගුනයක්(උපසිරසකරැවෙක් විදිහට)

    2017-12-25 at 10:29 am
  • mismo pescador Unregister User
    Android 5.1Chrome 63

    එවගේම හොද රසයක් තියන කෙනෙක් දමිත් කිව්ව වගේ විවිධ නිර්මාන ගෙනාව පසිදු කිව්ව වගේ ස්පෑන් එව තමා පිස්සු වැට්ටුවෙ(කලින් නිගමනය කිරිමෙ පිස්සු සෙල්ලම එවත් එක්ක කොරන්නම බැ):'(ස්පැනිෂ් එව කරලම දැන් වචන දෙක තුනක් එහෙම පාඩම් ඇති නේද , El Sr.?ගොඩක් අයගෙ ඉල්ලිම් වලට ප්‍රතිචාර දක්වල තියනව(වැඩියෙන්ම කිවිෂගෙ මම හිතන්නෙ???)එවගෙම හරිම සුහදශිලි(ගොඩක් අය එක නිතරම අගෙකරනව දැකලතියනව ඇඩ්මින් සෙට් එක එහෙම,)subzlk හැම කෙනෙක්ම වගෙහරිම සුහද සෙට්එකක් එ ගුණෙ මෙකෙ බොහො උපසිරස කරැවන්ට තියනව එකට ගොඩක් ආසයි subzlk  එකට ආවම දැනෙන්නෙ amigos ලා ටිකක් ඉන්න තැනකට ආවවගෙ.කියන්න දෙවල් ගොඩක් තිබ්බත් post කිරිමෙ අවුලකුත් තියනව එක නිසා Adios amigo(හරිද මන්ද?).දහසවාරයක් ස්තුති

    2017-12-25 at 10:32 am
    • mismo pescador Unregister User
      Android 5.1Chrome 63

      Post කිරිමෙ අවුල දමිත් හදල වගේ.ස්තුති මචං ?(best admin ever)

      2017-12-25 at 10:41 am
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      Hola ,Mismo pescador ( Same fisherman) , Cómo estás? බොහොමත්ම ස්තූතියි හැමදාමත් දක්වන ප්‍රතිචාරයට. ? ඒ ගමන නමත් ස්පැනිෂ්වලට හැරෙව්වද ආ..? Muy bien-Muy bien! අවංකවම සෑම් ,දමිත්ල කවීෂල සමීරල එහෙම මාර මහන්සියක් දරනවා සයිට් එක සහ අපි වෙනුවෙන් (ෂිෆ්ට් ක්‍රමේටයි වැඩ, කොච්චර රෑ වෙලා මේල් එකක් දැම්මත් එක්කෙනෙක් හරි ඇහැරලා ඉන්නවා). ඒ වගේම ඒ තියන සුහදශීලි බව නිසාමයි තාමත් අපි අඩවිය එක්ක රැඳී ඉන්නෙත්. එහෙනං Muchas gracias por tu apoyo, Amigo. Feliz Navidad ?
      hasta pronto…….!

      * ” Best admin ever ” you’re 100% correct.

      2017-12-26 at 1:44 am
    • sam fisher Unregister User
      Android 5.1Chrome 63

      Estoy bien bro ඔබ උපසිරස ගැන්වු සියලු නිර්මාන වලට නැවතත් ස්තුති

      2017-12-26 at 7:21 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      මටත් අදුර ගන්න බැරි උනා ….mismo pescador කියන්නේ කවුද කියලා ..

      2017-12-26 at 12:14 pm
  • Sudesh Unregister User
    Windows 10Chrome 63

    Sub ekata thanks bro.. Ilaga kadaima ikmaninma lagakaraganna heki wewa kiya suba pathanawa..

    2017-12-25 at 10:41 am
  • jhon snow User
    Windows 10Chrome 43

    sub ekata godaak thnx sahoo

    2017-12-25 at 10:48 am
  • Suminda Lakshan Junior Subtitler
    Android 6Chrome 62

    සහෝට සුබ පතන්න ගොඩක් පරක්කු වුණාට සමාවෙන්න..?ඇත්තටම සහෝ 100 ගහනකම් මග බලාගෙන හිටියේ..?ඇත්තටම ගොඩක් සතුටුයි සහෝ..??සහෝගේ 100 වෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුබ පැතුම්..??ඇත්තටම සහෝ හදන උපසිරැසි වල කිසිම අඩුපාඩුවක් නෑ..??සැලකිල්ලෙන් තමා හදන්නේ..හොදට කාලය වැය කරලා ඉහළ ගුණත්මයක් තියෙන උපසිරැසි අපිට දෙනවා..??විශේෂයෙන්ම සහෝට ඒකට තමා ස්තූතියිවන්ත වෙන්න ඕනේ..?අනික සුපිරිම ෆිල්ම්ස් තමා තෝරගන්නෙත්..??තව මේ වගේ 150 200 කඩයිම් වලින් එහා යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..?ඔබට ජය සහෝ..?
    ( මම සහෝට කියලා උපසිරැසි කරන්න ඕනේ කියපු ෆිල්ම්ස් වල නම් මම සහෝට ඊමේල් එකක් දාන්නම්..)

    2017-12-25 at 1:40 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      හෘදයාංගම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, සුමින්ද 🙂 ෆිල්ම්ස් ටික කියල මේල් එකක් දාන්න. මම හෙමීට කරල දෙන්නම්. ඔබටත් සාර්ථකව උපසිරැසි කඩයිම් කරා ලඟාවෙන්න උණුසුම් සුභ පැතුම්, මල්ලි.

      2017-12-30 at 4:57 pm
  • DC Bandara User
    Android 5Opera 43

    Thankz bro….??

    2017-12-25 at 6:23 pm
  • hasitha prasad Unregister User
    Windows XPFirefox 52

    ලහිරු, ලක්ෂාන්, අසිත ඇතුළු හැමදෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරවලට 🙂 සියලු දෙනාගේම වැඩකටයුතු
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, ඒ වගේම සුභම සුභ නත්තලක් ? වේවා හැමකෙනෙක්ටම. ( වෙන වෙනම රිප්ලයි කලත්
    සමහර ඒවා පළවෙන්නෙ නෑ මොකක්හරි Error එකක් නිසා වෙන්න ඕනෙ).

    2017-12-26 at 1:49 am
    • Asitha Madusanka
      Windows 8.1Opera 49

      මාවත් මතක් වෙලා තියෙන්නේ ස්තූති යාලුවා සුබ නත්තලක් ඔබටත්….

      2017-12-26 at 7:00 am
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 63

      spam protection නිසා ඔය පොඩි පොඩි error එන්නේ ..සුබ නත්තල් වේවා ..ඔයාටත් ..අනිත් සේරම උපසිරස් කරුවන් සේරටමත් …

      2017-12-26 at 9:44 am
    • Lakshan Sameera
      Windows 7Firefox 57

      ඔයාටත් සුබ නත්තලක් හසිත සහෝ…
      ඒවගේම අපේ උපසිරැසි පවුලේ හැමෝටමත් සුබ නත්තලක්!

      2017-12-26 at 10:35 am
    • ලහිරු සඳරුවන් Unregister User
      Windows 7UC Browser 7

      මටත් ඔය වැඩේම වුණා. සමහර Reply පෙන්නන්නේ නෑ. කොහොම වුණත් අපි හැමෝවම මතක් කරාට ස්තූතියි.
      හැමෝටම සුබම සුබ නත්තලක් වේවා!!!

      2017-12-26 at 7:51 pm
  • asitha Unregister User
    Windows 8.1Chrome 63

    elama saho thanks

    2017-12-26 at 6:14 pm
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    subapaqthum oyata digatama sub denna

    2017-12-28 at 10:13 am
  • ushan Unregister User
    Windows 7UC Browser 7

    plz udawwak kranna (mayam) 2017 kiyala english movie ekak thiye ekata sub dennako…plz…

    2017-12-29 at 8:14 pm
    • hasitha prasad Unregister User
      Windows XPFirefox 52

      (mayam) මේ කියල තියන නම හරිද, උෂාන්?

      2017-12-30 at 12:42 am
    • ushan Unregister User
      Windows 7UC Browser 7

      sorry godaak sorry….. mayhem 2017 puluwnnam denna plz

      2018-01-01 at 8:06 am
  • viraj Unregister User
    Windows 8.1Firefox 57

    100ta suba pathum. sub ekata thanks. jaya wewa!!

    2017-12-30 at 3:58 am
  • hasitha prasad Unregister User
    Windows XPFirefox 52

    සුමින්ද@ බොහොමත්ම ස්තූතියි හෘදයාංගම ප්‍රතිචාරයට 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් කරා සාර්ථකව ලඟාවෙන්න උණුසුම් සුභ පැතුම්…

    * ෆිල්ම්ස් ටිකේ නම් මේල් කරන්න, මං හෙමීට කරල දෙන්නම්.

    2017-12-30 at 5:01 pm
  • Prasanna Unregister User
    Android 7Chrome 63

    සුපිරි bro ela ela

    2017-12-31 at 9:58 pm
  • king sahana Unregister User
    Windows 7Firefox 57

    ELAMA ELAMA DIGATAMA KARAGENA YAMU

    2018-01-12 at 12:21 pm
  • Nuwan Unregister User
    Android 6Chrome 63

    හරිත ප්‍රසාද් bro thank you very much for the sub. දිගටම වැඩේ කරගෙන යමු. ජය වේවා. Wish u all the best

    2018-01-13 at 10:58 am
  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10Chrome 63

    හම්මේ එසේ මෙසේ එකක් නෙවෙයිනේ මට මග ඇරිලා තියෙන්නේ. මග ඇරුනා කිව්වට මම 100 ට සුබ පතන පොටෝ එකත් හදලා දීලායි ගියේ කවීෂට… ඒ ගියා ගියාමයි සයිට් එකට අත ගහන්න ලැබුනේ අද… සමීර බැක් ඉන් ඇක්ෂන් 😉 ඉතින්, කොහොම පටන් ගන්නද, 50 ටත් ලොකු හෑල්ලක් ලිව්වා මතකයි මම, අපිට ඉන්න ලොකුම ශක්තිය කියලා කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් කෙනා තමයි හසිත සහෝ, ඉතින් ආය මොන කතාද, වෙබ් අඩවියේ ප්‍රේක්ෂකයන්ට වගේම , ඇඩ්මින්ලාටත් ඒ වටිනාකම තියෙනවා. ඉතින් 100ක් කරනවා කියන්නේ මේ ටික කාලෙට, ලොකුම වැඩක් ඉතින්… 🙂 මාරම සතුටුයි. පරක්කු වීම ගැන සමාවෙන්න කියලා ඉල්ලනවා මගේ කමෙන්ට් එකට… මං මේක දැම්මට මොකද හසිත දකීවිද දන්නෙත් නෑ… කොහොම උනත් 200, 300, 500, 1000 (හසිතටනම් මේවා සුළු වැඩ 😉 ) කඩයිමුත් පසු කරලා තමන්ගේ සියලුම වැඩ කටයුතුත් සාර්ථක වෙලා ලොකු ගමනක් යන්න හැකි වේවා කියලා පතනවා.. එහෙනං කියන්න තියෙන්නේ හැමදාම අන්තිමට කියන වචනය. ජයවේවා!

    2018-01-28 at 9:17 pm
  • Kalpa Unregister User
    Android 7Chrome 63

    සුභ පැතුම් සහෝ…දිගටම sub දෙන්න…ඒවගේම DC Tv Series Set එකට Sub දෙන්ට පුළුවන් නම් ගොඩක් වටිනවා…..???

    2018-02-02 at 10:05 pm
  • damith rukshan Unregister User
    Windows 10Chrome 64

    wade nam ela digatama karagena yanna suba pathum…?

    2018-03-10 at 12:02 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *