Responsive image
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 2
    • Chinese Movies 36
    • Denmark Movies 4
    • English Movies 428
    • French Movies 9
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 64
    • Iran Movies 1
    • Japanese Movies 16
    • Korean Movies 30
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 17
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
Home Movies English Movies Bumblebee (2018) Sinhala Subtitle
Bumblebee (2018) Sinhala Subtitle

How To Download Subtitles

(මේ මගින් ලැබෙන මුදල් එවලේම උපසිරස් කරු වෙත ලැබෙනු ඇත .ඔබගේ වේලාවෙන් තත්පර 5 ක් වැය කර ඔවුන්ගේ මහන්සිය අගය කරමු )

User Block

MOVIE

Hasitha Prasad 2 years ago Action, Adventure, Sci-Fi

 

ආයුබෝවන් අපේ Subz LK හිත මිතුරන් හැමදෙනෙක්ටම. අද මේ ඔබ හමුවට එන්නෙ මගේ 250වන උපසිරැසියත් අරගෙනයි. ඒ සඳහා අපේ ඇඩ්මින් මඩුල්ල මේ වසරේ බොහෝ දෙනෙක් මගබලාගෙන හිටපු චිත්‍රපටයක උපසිරැසිය මට බාර දුන්නා. ඒ තමයි Transformers චිත්‍රපට මාලාවෙ සය වැන්න නොහොත් Bumblebee (2018). කොහොමහරි 250වන උපසිරැසිය නිමිත්තෙන් මං ගැන මොනවහරි විශේෂයෙන් ලිපියට එකතු කරන්න කියල ඇඩ්මින් මඩුල්ල සුපුරුදු ලෙසම මතක් කරල තියනව වුණත්, මට කියන්න තියන දේවල් මම 50, 100, 150, 200 කඩයිම්වලදි ටික ටික කියල තියන නිසා මම අද ලිපියෙ මේ කොටස වෙන් කරගන්නවා මේ උපසිරැසි ගමනේදී ස්තූති කල යුතු අයව මතක් කරන්න. මුලින්ම මතක් කරන්න ඕනෙ දමිත්වයි, දමිත් තමයි පිටිපස්සට වෙලා හැංගිලා වගේ ඉඳගෙන අඩවියේ ප්‍රධාන කටයුතු කරන්නෙ. පසුගිය දවස්වල කමෙන්ට් නොටිෆිකේෂන් නොලැබීමේ ගැටලුවක් ඇවිත් තිබුණත් සුපුරුදු විදියටම දිනක් දෙකක් ඇතුලත ඒ ගැටලුවත් ඔන්න විසඳල තියනවා. ඒ සියලු දේ වෙනුවෙන් දමිත්ටයි මුල්ම හදපිරි ස්තූතිය. ඊලඟට අපට (කම්මැලි වෙන්නට නොදී) විවිධාකාරයේ චිත්‍රපට සොයා දෙන කවීෂ, කවීෂ නිවාඩු වෙලාවට වැඩට බහින සමීර සහ තවත් නිහඬ ඇඩ්මින්වරයෙක් වන පසිඳුවත් මතක් කරන්නට ඕනෙ. මොකද ප්‍රධාන වශයෙන් මේ බලකායෙ කැපවීම, වෙහෙස උඩ තමයි අඩවිය මේ වගේ සරලව සුන්දරව තියෙන්නෙ. දෙවෙනි හදපිරි ස්තූතිය ඔවුන්ට. ඊලඟට අපේ වෙහෙසට පුංචි හෝ වචනයකින් දිරිගැන්වීමක් ලබාදෙන්නට අමතක නොකරන සබ්ස්. එල්කේ හිතාදර කමෙන්ට් බලකාය. ඔබේ ඒ සහාය අප අඩවියට, ඇඩ්මින් මඩුල්ලට සහ එහි උපසිරැසිකරුවන් වන අපට මහා සවියක්. තුන්වන හදපිරි ස්තූතිය ඒ හැමදෙනාටම. ඒ වගේම තව කියන්න ඕනෙ  රසිකයන්ගෙන් උපසිරැසි ඉල්ලීම් ලැබෙනව නිතරම වගේ. ඒ හැම එකක්ම ලබාදෙන්න කැමති නමුත් ජීවිතේ අනෙකුත් වැඩ රාජකාරි ගොඩක් ඇතුලෙ උපසිරැසිකරණය විනෝදාංශයක් වීම නිසා එයින් වැඩිකොටසක් ඉල්ලීම් ඉටු කරන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. ඒ හේතුවෙන් කාගේ හෝ හිත් රිදවීමක් වෙලා තියනවනම් ඒ ගැනත් සමාවෙන්න ඕනෙ. ආ… තව මතක් කරන්නම ඕනෙ කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේක මට කරන්න තිබුණෙත් මගෙ 50වන උපසිරැසියෙදි, කඩයිම් හතරකදිම  ඔහුව මතක් කරන්නට අමතකවීම ගැන මට තිබෙන්නේ කණගාටුවක්. මේ වටිනා පුද්ගලයා තමයි මා දන්නා පරිදි ඉංග්‍රීසි ගුරුවරයෙකුද වන සුජීව ද සිල්වා මහත්මයා. ඔහුව පෞද්ගලිකව හඳුනාගැනීමේ වාසනාව ලබා නැතත්, ඔහුගේ බ්ලොග් අඩවිය වන ingirisi.blogspot.com වෙතින් මම ගොඩක් නොදන්නා දේ ඉගෙනගෙන තිබෙනවා. කාගේ හෝ ඕපාදූපයක්, අසරණකමක්, නිරුවතක් විකුණා පෙන්වා සිත සතුටු කරගන්නා දෙලොවටම පලක් නැති ගොසිප් අඩවිවලට, ෆේස්බුක් පේජ්වලට පිරිවරෙන් අඩුවක් නැති අවාසනාවන්ත කාල සමයක කිසිවකුගේ අවධානයට ඒතරම් ලක්නොවී සැඟවී සිටින මේ වටිනා බ්ලොග් අඩවිය ඒ අවාසනාවේම අනියම් ගොදුරක් වීමෙන්දෝ දැනට වසර දෙකකින් පමණ යාවත්කාලීන වී නැතත්, සම්ප්‍රදායෙන් පිට සිට ඉංග්‍රීසිය දෙස බලන අයෙක් වන ඔහුගේ ලිපි තුලින් ඉගෙනගන්නට දේ බොහොමයි. ඊටත් වඩා වටිනාම කාරණය ඔහු මේ සියල්ල PDF එකක් ලෙසද ඉතාම වෙහෙස මහන්සිවී එක්රැස් කර තිබීමයි. මීලඟ හදපිරි ස්තූතිය ඔහුට. එහෙනම් ගොඩවෙලා බලන්න එම සුජීව මහතාගේ එම අඩවියටත්. එකතුකරගන්න ජීවිතයට යමක්. ස්තූතියි සියලු දෙනාටම. අපි යමු චිත්‍රපටය පැත්තට.

“ට්‍රාන්ස්ෆෝමර්ස්” කිව්ව ගමන් නොදන්නා කෙනෙක් ඉන්න විදියක් නෑ. මොකද මේ තමන් දකින යාන්ත්‍රික වස්තුවක හැඩය ගත හැකි මේ පිටසක්වල රොබෝ ජීවියා කාටුන්, ක්‍රීඩාභාණ්ඩවලින් පටන්ගෙන සිනමාවටත් එකතුවෙලා දැන් බොහෝ කල් ගෙවිලා. Transformers (2007), Transformers: Revenge of the Fallen (2009), Transformers: Dark of the Moon (2011), Transformers: Age of Extinction (2014), Transformers: The Last Knight (2017) විදියට පැමිණි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට සියල්ලේම අධ්‍යක්ෂවරයා වුණේ මයිකල් බේ. නමුත් මුල් චිත්‍රපටයේ ලද සාර්ථකත්වය ආදායම් අතින් හැරෙන්නට ඉන්පසු චිත්‍රපටවලට ගෙන ඒමට අසමත්වූ ඔහු 2017 වසරේ නිකුත්වූ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට සියල්ලෙන්ම ප්‍රේක්ෂක විචාරක අප්‍රසාදය ඉහලින්ම ලද Transformers: The Last Knight චිත්‍රපටයෙන් පසුව ප්‍රථම වරට අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත්වීමට තීරණය කරනවා මේ Bumblebee (2018) චිත්‍රපටය සඳහා. ඒ වෙනුවට අධ්‍යක්ෂණය සඳහා තෝරාගන්නේ අතිශය ජනප්‍රියත්වයට පත්  Kubo and the Two Strings (2016) සජීවීකරණ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ට්‍රැවිස් නයිට්ව. එසේම මෙවර පිටපත රචනා කරන්නේ  Christina Hodson. මේ දෙදෙනා එක්ව අපිට සුපුරුදු මයිකල් බේ ක්‍රියාදාම ට්‍රාන්ස්ෆෝමර්ස් වටපිටාව වෙනස්කොට සංවේදී මනුෂ්‍ය-යාන්ත්‍රික බැඳීමක් බවට පත්කර තිබෙනවා මේ චිත්‍රපටයෙන්. ප්‍රධාන චරිතය වන චාලී වොට්සන්ට පණ පොවන හේලී ස්ටේන්ෆීල්ඩ්ද හොඳින්ම පෙන්වා තිබෙනවා චාලී චරිතයට හොඳම සුදුස්සා තමන් බව. චිත්‍රපටයේ කතාව පැත්තෙන් ටිකක් Predictable වැඩිවුණත් මේ වනවිට IMDB අගය 7.3ක්ද, Rotten tomatoes වෙතින් 92%ක්ද, මෙටාක්‍රිටික් වෙතින් 66%ක්ද වශයෙන් ඉහලයැයි කිවහැකි අගයන් ලබාගෙන තියෙන්නෙ ඒ නිසාම වෙන්න ඕනෙ. ඒ වගේම 1980 දශකයේ  අගභාගයේ සිදුවීමක් ලෙස අප ඉදිරියට එන මේ චිත්‍රපටය තුලින් අපි මෙතෙක් කල් දැනසිටි මයිකල් බේගේ ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ බම්බල්බී චරිතයත්, එම ට්‍රාන්ස්ෆෝමර්ස් ටයිම්ලයින් එකත් දැඩි ලෙස වෙනස් වෙනවා. නිර්මාණකරුවන් මෙය 2007 වසරේ මුල් චිත්‍රපටයට පෙර සිදුවීමක් රැගත් චිත්‍රපටයක්  දැක්වුවත්, අර වෙනස්කම් නිසාම මේක රීබූට් එකක් විදියටයි බොහෝ දෙනා දකින්නේ. විශේෂයෙන්ම මේකේ පෝස්ට් ක්‍රෙඩිට් දර්ශනය (දැනට ඇති කැමරා පිටපතේ එය අඩංගු නෑ,මමත් දැක්කෙ අන්තර්ජාලයෙන්) අනුව එහෙමයි හිතන්නෙ. කොහොමහරි  ’80 දශකයේ කතාවක් නිසා අද කාලයේ බොහෝ චිත්‍රපටවලද නොස්ටැල්ජියාවක්ව අප දකින මෙම දශකයේ පොප් සංස්කෘතිය මේ චිත්‍රපටය තුලත් සෑහෙන්න දකින්න තියනවා. කොහොමහරි ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීම් සහ යුග තම කතාවට ඈඳාගනිමින් නිර්මාණය වූ මේ චිත්‍රපට මාලාව ඉතාම සංකීර්ණයි. බම්බල්-බී ඉදිරියෙදි වෙනම ටයිම්ලයින් එකක් හදාගෙන ඉදිරියට යයිද කියල නොදන්නා නමුත්, මම කල්පනා කලා අගමුල පැටලුණු ට්‍රාන්ස්ෆෝමර්ස් ඉතිහාසය කෙටියෙන් අරගෙන එන්න.

(Transformars) සියල්ල ආරම්භවෙන්නෙ ඕල්-ස්පාක් නම් අති පැරණි කියුබයකින්. මෙය ලෝකයන් නිමවා ඒවා ජීවයෙන් පුරවන්නට සමත් විශාල කියුබයක්. කතාවේ ප්‍රධාන කොටස්කරුවන් වන ට්‍රාන්ස්ෆෝමර්ස් නම් දකින ඕනෑම යාන්ත්‍රික වස්තුවක හැඩය ගත හැකි ඔටෝ-බොට්වරුනුත් ඔවුන් වෙසෙන සයිබර්ට්‍රෝන් ග්‍රහලොවත් නිර්මාණය වෙන්නෙ මේ කියුබයෙන් කියලයි චිත්‍රපට මාලාවෙ ආරම්භයේදිම අපට කියන්නෙ. නමුත් අපිට Transformers: Age of Extinction (2014) චිත්‍රපටයෙදි දැනගන්නට ලැබෙනවා එය එසේ නොව ඔවුනුත් සයිබර්ට්‍රෝන් ග්‍රහලොවත් මැවුම්කරුවන්ගේ නිමැවුමක් බවත් මේ කියනා මැවුම්කරුවන් ‘බීජ’ ඉන්දවීම සඳහා වසර මිලියන 65කට පෙර පෘතුවියටද පැමිණ ඇති බවත්. බීජ කිව්වට මේ නිකම්ම බීජ නෙමෙයි ග්‍රහලෝක වෙනස්කම්වලට ලක් කරන බීජ, එසේත් නැත්නම් ස්වභාවික ජීවීන් සියල්ල සයිබර්ට්‍රෝන් ජීවයේ තැනුම් ඒකකවන ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බවට හරවන බීජ. (ක්‍රි:පූ 17,000- Revenge Of The Fallen) ට්‍රාන්ස්ෆෝමර්වරු ජීවත්වෙන්නෙ ‘එනර්ජෝන්’වලින්, ඕල්-ස්පාක් කියුබයට ග්‍රහලෝක සහ ජීවය මවන්නත් මේ ශක්තිය අවශ්‍යයි. මේ එනර්ජෝන් ලබාගන්නේ ස්ටා-හාවෙස්ටර් හරහා සූර්යයන් විනාශ කර එම ශක්තිය උකහා ගනිමින්. සයිබර්ට්‍රෝන්ග්‍රහලොවේ නායකයන්වන ප්‍රයිම්වරුන්ට තිබෙනවා එක නීතියක්, ඒ තමයි ජීවයක් සිටින කිසිදු ග්‍රහලොවක සූර්යයෙක් විනාශ නොකිරීම. නමුත් මේ ප්‍රයිම්වරුන්ගෙන් එක් අයෙක්වන ෆෝලන් මේ නීතිය නොසලකා පෘතුවියට පැමිණ ස්ටා-හාවෙස්ටරයක් ඉදිකරනවා ඊජිප්තුවෙ (ඔව්, පිරමීඩ් තමයි). ඔහුව නවතන්නට අනෙකුත් ප්‍රයිම්වරුන් පැමිණ ඔහුව ට්‍රාන්ස්ෆෝමර්ස් සිරගෙයක සිරගත කරනවා. ඉන්පසු ඔවුන් පෘතුවි ස්ටා-හාවෙස්ටරයේ යතුර වන ‘මෙට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිප්’ සඟවාදමනවා. මීට වසර දහස් ගණනකට පසුව (ක්‍රි:පූ 17,000-10,000 – Dark of The Moon) ඕල්-ස්පාක් කියුබයේ බලය ක්‍රමයෙන් හීනව යද්දී  සයිබර්ට්‍රෝන් ග්‍රහලොවේ සිවිල් යුද්ධයක් පැතිරයනවා. ඒ ඔප්ටිමස් ප්‍රයිම්ගේ නායකත්වයෙන් යුත් ඔටෝ-බොට්ස්වරුන් සහ ‘ෆෝලන්’ගේ ගෝලයාවන මෙගාට්‍රොන්ගේ නායකත්වයෙන් යුත් ඩිසෙප්ටිකොන්ස්වරු අතර, (Transformers) මේ යුද්ධයේ එක් තැනකදී ඕල්-ස්පාක් කියුබය අභ්‍යවකාශය තුල නැතිව යනවා. (Dark of The Moon) යුද්ධය දරුණුවට ඇදී යද්දී  ඔප්ටිමස්ගේ උපදේශකවරයාවන සෙන්ටිනල් ප්‍රයිම් සයිබර්ට්‍රෝන්වලින් පිටවයනවා ඔටෝ-බොට්වරුන්ට යුද්ධය ජයගැනීමට තරම් තාක්ෂණය රැගත් ‘ආර්ක්’ නම් යානයකින්. එම මෙහෙයුමේ තතු පසුවට.

(Transformers) ක්‍රිස්තු පූර්ව 10,000 පමණ කාලයේ ඕල්-ස්පාක් කියුබය පෘතුවියට ඇද වැටෙනවා. මෙගාට්‍රෝන් කියුබය අයිතිකරගැනීමේ අදහසින් මේ පසුපස විත් පෘතුවියට එන නමුත් ඔහුගේ ගොඩබැසීමනම් සාර්ථක වෙන්නෙ නෑ. ඔහු කෙලින්ම ඇද වැටෙන්නෙ ආක්ටික් වෘත්තයට. ඒකෙන් ඔහුට වෙන්නෙ වසර 12,000කට ආසන්න කාලයක් ශීතලෙන් ගල්ගැසී සිටින්නයි.

(The Last Knight) මේ ක්‍රිස්තු වර්ෂ 484, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ආතර් රජු සහ වටමේසයේ නයිට්වරුන් සැක්සන්වරුන්ට එරෙහිව අසීරුවෙන් සටන්කරනවා මර්ලින් මන්ත්‍රකරු බ්‍රිතාන්‍ය ජයග්‍රහණයට අවශ්‍ය  ආයුධයක්  රැගෙන එනතෙක්. එය සයිබර්ට්‍රෝනියානු දෙවඟනක් වන ක්වින්ටෙසාගෙන් සොරකම් කල යෂ්ටියක්. මෙය සොරකම් කරන්නේ ක්වින්ටෙසාගේ ආරක්ෂකයන්වන සයිබර්ට්‍රෝනියන් නයිට්වරුන් විසින්. ඒ ක්වින්ටෙසා පෘතුවිය විනාශ කිරීම වැළැක්වීමට. මර්ලින් මන්ත්‍රකරු යෂ්ටිය භාවිතා කර  වටමේස නයිට්වරුන් බලගන්වා සැක්සන්වරු හා සටනින් බ්‍රිතාන්‍යයට ජය ලබාදෙනවා. පසුව මර්ලින් මන්ත්‍රකරුගේ ජාන මේ යෂ්ටියට ඔබ්බවනවා ඔහුගේ පරපුරෙන් පැවතෙන්නෙකුට පමණක් එය අත දැරිය හැකිවන්නට. මේ පරපුර රකින්නට සහ ට්‍රාන්ස්ෆෝමර්ස්වරුන්ව රහසක් කොට තබාගන්නට ආතර් රජුගේ වටමේසයේ නයිට්වරුන් විසින් ‘විට්විකන්ස්’ සංවිධානය. ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ, ලියනාඩෝ ඩාවින්චි, ලේඛක විලියම් ශේක්ස්පියර් වැනි අය සහ අපට මුල් චිත්‍රපටවලදී හමුවන සෑම් විට්විකිත් (ශයා ලබෞෆ් ) මේ පරපුරේ කොටසක්. දැන් අපි බලමු විට්විකි පවුලේ ඉතිහාසය. (Transformers ) 1897 වසරේදී කීර්තිමත් ගවේෂක කපිතාන් ආචිබොල්ඩ් විට්විකි (සෑම් විට්විකිගේ මී මුත්තා) ආක්ටික් වෘත්තය වෙත ගවේෂණ චාරිකාවක් යනවා. ඔහුට හමුවෙනවා ශීතලෙන් ගල්වී සිටින මෙගාට්‍රොන්ව. ඔහු අතින් අත්වැරදීමකින් මෙගාට්‍රොන්ගේ මගපෙන්වුම් පද්ධතිය ක්‍රියාත්මකවී, ඕල්-ස්පාක් කියුබය ඇති තැන ඔහුගේ ඇස් කණ්ණාඩි වීදුරුවේ සටහන් වනවා.

1913 වසරේදී ‘ෆස්ට් සෙවන්’ කණ්ඩායම ඕල්-ස්පාක් කියුබය සොයාගන්නවා. ඊට වසර 14කට පසුව, 1927දී මේ ‘ෆස්ට් සෙවන් කණ්ඩායම’ පිටසක්වල ජීවීන් අධ්‍යයනය කරන රහස් රාජ්‍ය සංවිධානයක් වන ‘සත්වෙනි අංශය’ බවට පත්වෙනවා. ඉන් වසර 7කට පසු. එනම් 1934 වසරේදී ශීතලෙන් මිදී සිටින මෙගාට්‍රෝන්ව අලුතෙන්ම තැණුනු හූවර් වේල්ලට ගෙන එනවා. වේල්ල තැනීමේ අරමුණ මෙගාට්‍රෝන්වත් ඕල්-ස්පාක් කියුබයවත් ලොවෙන් සැඟවීමයි. (The Last Knight) ඉන් අනතුරුව 1944/1945 දෙවන ලෝක යුධ සමයේ අද අපේ මාතෘකාව වන Bumblebee (2018) චිත්‍රපටයේ කථානායකයා වන ‘බම්බල්-බී’ මිත්‍ර පාක්ෂික හමුදා හා එක්ව හිට්ලර්ගේ නාසි හමුදාවලට එරෙහිව සටන් වදිනවා. ඔන්න දැන් අපි අර කලින් මග නවත්තපු සෙන්ටිනල් ප්‍රයිම්ගේ ‘ආර්ක්’ යානා ගමනෙ කතාව මතුවෙනවා 1961දී (Dark of The Moon). ඒ සෙන්ටිනල් ප්‍රයිම් රැගත් මේ ආර්ක් යානය සඳ මතට කඩාවැටීමත් සමග. එවක ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි වහාම නියෝග කරනවා එම කඩාවැටුණු ස්ථානය විමර්ශණය කරන්නට. එයින් ඇරඹෙනවා රුසියා/ඇමරිකානු අභ්‍යවකාශ තරණ තරඟය. වසර අටකට පසු, එනම් 1969 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය ‘ඇපොලෝ 11’ යානය සඳ මතට ගොඩබස්වනවා. නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් (එඩ්වින්) ඕල්ඩ්‍රින් ‘ආර්ක්’ යානයට නැගී සෙන්ටිනල් ප්‍රයිම්ව සෙවුවත් හමුවෙන්නෙ නෑ, ඊට හේතුව ඔවුන්ට පෙර එම ස්ථානයට පැමිණි ඩිසෙප්ටිකොන්වරුන් ඔහුව සඟවාදැමීමයි. ඉන්පසුව සඳට යන රුසියානුවන් ‘ආර්ක්’ යානයේ ඉන්ධන කෝෂයක් සොයාගන්නට සමත් වෙනවා. ඔවුන් එය පරීක්ෂා කරනවා චර්නොබිල් හීදී. එය වැරදීයාමෙන් ඇතිවන ඛේදවාචකය න්‍යෂ්ටික අනතුරක් ලෙස හඟවා වසා  දැමෙනවා. (Transformers) 2003 වසරේදී ඇමරිකානු නාසා ආයතන රෝවර් යානයක් අඟහරු මත සිට “ස්ටා-ස්ක්‍රීම්’ගේ කෙටි වීඩියෝවක් පෘතුවියට එවනවා. ස්ටා-ස්ක්‍රීම් තමයි මෙගාට්‍රොන්ට පසුව සිටින දෙවැනියට බලතල ඇති ඩිසෙප්ටිකොන්වරයා. ඊට වසර හතරකට පසුව 2007 වසරේදී ඩිසෙප්ටිකොන්වරු ඇමරිකානු බුද්ධි පද්ධතිවලට පහරදෙනවා මෙගාට්‍රොන් සහ ඕල්-ස්පාක් කියුබය ඇති තැන සොයාගැනීමට. ඔවුන් සොයාගන්නවා එම තොරතුරු මෙගාට්‍රොන්ව මුලින්ම සොයාගත් කපිතාන් ආච්බෝල්ඩ් විට්විකිගේ ඇස් කණ්ණාඩියේ ඇති බව. මේ ඇස් කණ්ණාඩිය දැන් තිබෙන්නේ ඔහුගේ මී මුණුපුරා වන සෑම් විට්විකි සතුව. මේ කාලයේම ඔහු ෂෙව්රොලේ කැමාරෝ මෝටර් රථයක් මිලදී ගන්නවා, අන්තිමේ බලද්දී මේ කාරය වෙනින් කවුරුවත් නෙමෙයි බම්බල්-බී. සෑම්වත් ඔහුගේ වෙන්ට-පෙම්වතිය වන මැකෙලා ඩිසෙප්ටිකොන් ප්‍රහාරයකින් බේරාගන්නවා. ඒත් සමගම වාගේ ඔප්ටිමස් ප්‍රයිම් සහ අනෙකුත් ඔටෝ-බොට්වරුන් පෘතුවියට පැමිණ සෑම්ට පවසනවා සයිබර්ට්‍රෝන්හි යුද්ධයත් මෙගාට්‍රොනුත් ඕල්-ස්පාක් කියුබයත් කපිතාන් විට්විකිගේ ඇස් කණ්ණාඩියත් අතර සම්බන්ධය. කණ්ණාඩිය ඩිසෙප්ටිකොන්වරු අතට යාම වැළැක්වීමට එය සෙවීමේදී සෑම්, මැකෙලා සහ බම්බල්-බී තිදෙනා නියෝජිත සිමන්ස් ප්‍රමුඛ ‘සත්වෙනි අංශයෙ’ අත්අඩංගුවට පත්වෙන අතර ඔවුන්ව මෙගාට්‍රෝන් සහ ඕල්-ස්පාක් කියුබය රහසිගතව තබාගෙන සිටින හූවර් වේල්ලට ගෙන යනවා. ඩිසෙප්ටිකොන්වරු වේල්ලට පහරදී එය අඩපණ කරන අතර මෙගාට්‍රෝන් ඒ අවසරයෙන් පැනගන්නවා. කියුබය කුඩාවට හකුලා ගන්නා බම්බල්-බී එය රැගෙන යනවා තම සහෝදර ඔටෝ-බොට්වරුන් හා එක්ව එය ආරක්ෂා කිරීමට. දෙපාර්ශවය සටන්වදින අතරේ සෑම් ඕල්-ස්පාක් කියුබයේ ආධාරයෙන් මෙගාට්‍රොන්ව මරා දමනවා. ජනපති නියෝගයෙන් ‘සත්වෙනි අංශය’ විසුරුවාහැරෙන අතර ඩිසෙප්ටිකොන්වරුන්ගේ සුන්බුන් මහ මුහුදේ ගිල්වාදමනවා. ඔප්ටිමස් විශ්වයේ සැඟවී සිටින තම ඔටෝ-බොට්වරුන්ට දන්වා යවනවා පෘතුවියට පැමිණෙන ලෙස. දැන් අපි එන්නෙ 2009 වසරට (Revenge of The Fallen). රොබෝල වැහිවැහැලැ මේ කාලයේ. ඔටෝ-බොට්වරුනුයි ඇමරිකා හමුදාවයි එක්ව පෘතුවිය මත සිටින ඩිසෙප්ටිකොන්වරුන් දඩයම් කිරීමට NEST නම් අංශයක් පිහිටුවා ගන්නවා. මේ අතරෙදියි ‘ෆෝලන්’ නැවතත් පෘතුවියට එන්නෙ. නිකම් නෙමෙයි කේන්තියෙන්. උසස් අධ්‍යාපනය ලැබීමට පිටව යන්නට ඔන්න මෙන්න තිබියදී සෑම් විට්විකිට ඕල්-ස්පාක් කියුබයේ පතුරක් හමුවෙන අතර පුරාණ සයිබර්ට්‍රෝනියානු දැනුම් සම්භාරයක් ඔහුට එයින් ලැබෙනවා. NEST අංශය සතුවත් මේ කියුබ පතුරක් තිබෙන අතර එය සොරාගන්නා ඩිසෙප්ටිකොන්වරු ඒ මගින් මෙගාට්‍රොන්ට නැවත පණ ලබාදෙනවා. ෆෝලන් ඔහුට කියනවා ඔප්ටිමස් ප්‍රයිම්ව මරා සෑම්ව අල්ලාගන්නා ලෙස. කරගන්න වෙන්නෙ නෑ හැබැයි. සෑම් සහ මැකෙලා නියෝජිත සිමන්ස් සමග ගොස් ගුවන්යානයක වෙස් ගෙන කෞතුකාගාරයක සිටින ජෙට්ෆයර් නම් පැරණි ඩිසෙප්ටිකොන්වරයෙක් හමුවෙනවා. අභ්‍යවකාශ පාලමක් හරහා මේ පිරිසව ඊජිප්තුවට ගෙනයන ඔහු ඔවුන්ට පවසනවා එහි වළලා ඇති ස්ටා-හාවෙස්ටරයේ යතුර වන ‘මෙට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිපය’ ෆෝලන් විසින් සොයන බව. සෑම් සහ පිරිස එය සොයාගන්නා නමුත් පසුව එය විනාශ වෙනවා. තම ඩිසෙප්ටිකොන්වරුන් සමග එහි ලඟාවන ෆෝලන් සෑම්ව මරාදමනවා. ඉන්පසු සෑම් යනවා සයිබර්ට්‍රෝනියානු මරණින් මතු ලොවට. එහි සිටින ප්‍රයිම්වරුන් ඔහුට පවසනවා මෙට්‍රික්සය ඔහුගේ මනසේ ඇති බවත්, එයින් ඔප්ටිමස්ට නැවත පණ දීම ඔහුගේ ඉරණමේ ලියවී ඇති බව. ඉන් අනතුරුව නැවත පණ ලබන සෑම් මෙට්‍රික්සයේ උදවුවෙන් ඔප්ටිමස්ට පණ ලබාදෙන අතර ඔප්ටිමස් ෆෝලන්ව මරා දමනවා. ඊට වසර දෙකකට පසු (Dark of The Moon), එනම් 2011දී   ඇමරිකානු නාසා ආයතනය දැනගන්නවා රුසියානුවන් සඳ මතට ඇදවැටුණු සෙන්ටිනල් ප්‍රයිම්ගේ ‘ආර්ක්’ යානයේ ඉන්ධන කෝෂයක් චර්නොබිල් වෙත ගෙනගිය බව. ඔප්ටිමස් ප්‍රයිම් සමග එහි යන ඔවුන් අය තමන් අතට ගන්නවා. ඉන්පසුව මේ ඔටෝබොට්වරුන් සඳට ගමන් කරනවා සෙන්ටිනල් ප්‍රයිම්ව සහ ඔහු යානයේ රැගෙන ගිය කාලය හරහා වස්තූන් යැවිය හැකි අභ්‍යවකාශ පාලමක් නැවත ගෙන ඒමට. නමුත් ඒ වනවිටත් සෙන්ටිනල් ප්‍රයිම් ඩිසෙප්ටිකොන්වරු හා එක්වෙලා, ඔහු සැලසුම් කරනවා යුද්ධයෙන් විනාශවූ සයිබර්ට්‍රොන් ග්‍රහලොව අභ්‍යවකාශ පාලම හරහා පෘතුවියට ගෙනවිත් පෘතුවියේ මිනිස් සම්පත් යොදාගෙන එය අලුත්වැඩියා කරගන්නට. සෙන්ටිනල් ඇමරිකානු රජයට බල කරනවා ඔටෝ-බොට්වරුන් පිටුවහල් කරන ලෙස ඔහු පොරොන්දු වෙනවා. එසේ කලහොත්  තමන් සයිබර්ට්‍රොන් ග්‍රහලොව අලුත්වැඩියා කරගෙන කිසිදු හානියක් නොකර පිටව යන බව. එයට එකඟවී ඇමරිකාව ඔටෝ-බොට්වරුන් රොකට්ටුවක පටවා පෘතුවියෙන් පිටමං කරනවා. පසුව මේ රොකට්ටුව ‘ස්ටාස්ක්‍රීම්’ විසින් පුපුරවා හරිනවා. ඉන් අනතුරුව ඩිසෙප්ටිකොන්වරුන් කරන්නේ චිකාගෝව ආක්‍රමණය කිරීමයි. නමුත් පිපිරුමෙන් බේරී නැවත පෘතුවියට එන ඔටෝ-බොට්වරුන් සෙන්ටිනල් සහ මෙගාට්‍රොන් මරාදමා ඩිසෙප්ටිකොන්වරුන් පරාජය කරනවා. එතනින් අවසන් ශයා ලෙබෞෆ් යුගය. දැන් උදාවෙන්නෙ මාක් වොල්බර්ග් යුගය, මේ 2014 වර්ෂය (Age of Extinction). කේඩ් යේගර් (මාක් වොල්බර්ග්) පියෙක්, යකඩ-ලෝලියෙක්, නව නිර්මාණකරුවෙක්. ඔහු අත්හැර දැමූ සිනමා ශාලාවක තිබී ට්‍රක් රථයක් සොයාගන්නා අතර පසුව ඔහු වටහා ගන්නවා මේ ට්‍රාන්ස්ෆොමර්වරයෙක් බව, මේ ට්‍රක් රථය වෙන කවුරුවත් නෙමෙයි ඔප්ටිමස් ප්‍රයිම්. ඔහු සැඟවිලයි ඉන්නෙ CIA සංවිධානයේ ට්‍රාන්ස්ෆෝමර්වරු දඩයම් කිරීමේ රහස් මෙහෙයුම නොහොත් ‘සෙමෙටෙරි වින්ඩ්’ වලට කොටුවීමෙන් පසුව. ‘සෙමෙටෙරි වින්ඩ්’හි ප්‍රධානී හැරල්ඩ් ඇටින්ජර්  සයිබර්ට්‍රෝනියානු කුලී ඝාතකයෙකු වන ‘ලොක්ඩවුන්’ හා එක්ව කටයුතු කරනවා පෘතුවිය මත ඉතිරිව සිටින සියලු ට්‍රාන්ස්ෆෝමර්වරු දඩයම් කිරීමට. ඔවුන් සොයාගන්නවා කේඩ්ගේ ගොවිපොළේ සිටින ඔප්ටිමස්ව. නමුත් ඔහු සමත්වෙනවා බේරී පැනගන්නට. අනෙත් ඔටෝ-බොට්වරුන් හමුවීමෙන් පසු කේඩ් සහ ඔප්ටිමස් වටහාගන්නවා ආරක්ෂක අමාත්‍යාංශ කොන්ත්‍රාත්කාර KSI සමාගම සෙමෙටෙරි වින්ඩ් මෙහෙයුම්වලින් පසු ඉතිරිවන ට්‍රාන්ස්ෆෝමර් සුන්බුන් එකතුකරගන්නා බව. වෙස්වලාගෙන සමාගම තුලට ඇතුල්වන කේඩ් සොයාගන්නවා ඔවුන් ‘ට්‍රාන්ස්ෆෝමියම්’  පිලිබඳ පර්යේෂණ කරන බවත් තමන්ගේම ට්‍රාන්ස්ෆෝමර්වරු නිර්මාණය කරන බවත්. ඔවුන්ගේ මුදුන් මල්කඩ මෙගාට්‍රොන්ගේ ජානවලින් නිමැවූ ‘ ගැල්වට්‍රොන්’ නම් ට්‍රාන්ස්ෆෝමර්වරයෙක්. කේඩ් සහ ඔප්ටිමස් පැනයද්දී ‘ගැල්වට්‍රොන්’ සහ අනෙකුත් KSI ඩ්‍රෝනයන් ඔවුන් පසුපස හඹා යනවා.අවසානයේ ලොක්ඩවුන් පැමිණ ඔප්ටිමස්ව අල්ලාගන්නවා ඔවුන්ගේ මැවුම්කරුට ඔහුව නැවත අවශ්‍ය බව පවසමින්. තමන්ට ඔප්ටිමස්ව අල්ලාගන්නට දුන් සහයට ප්‍රතිඋපකාරයක් ලෙස ලොක්ඩවුන් ඇටින්ජර්ට ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බීජයක් ලබාදෙනවා. සමාගමේ කොටස් විශාල ප්‍රමාණයක් ලබාදෙන පොරොන්දුව මත ඇටින්ජර් මේ ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බීජය KSI සමාගම් ප්‍රධානී ජෝෂුවා ජොයිස්ට  ලබාදෙනවා. ඔහුගේ සැලැස්ම එය කාන්තාරයක සිටුවන්නටයි. මේ අතරේ ලොක්ඩවුන් ඔප්ටිමස්ව තම යානයේ සිරකර තබන නමුත් කේඩ් පැමිණ ඔහුව බේරාගෙන නැවත ඔටෝ-බොට්වරු වෙත රැගෙන යනවා. මේ සියල්ල අතරේ KSI සමාගමේ ‘ගැල්වට්‍රොන්’  එම සමාගමෙන් පැනගොස් ‘ට්‍රාන්ස්ෆෝමියම්’ බීජය සොයනවා එය භාවිතා කර නවතම ඩිසෙප්ටිකොන් හමුදාවක් සෑදීමට. ජොයිස් එය බේරාගැනීමට හොංකොං වෙත ගෙනයන අතර එහිදීද ඔටෝ-බොට්වරුන් සහ ඩිසෙප්ටිකොන්වරු යුධ වදිනවා. අසීරු අවස්ථාවක ඔප්ටිමස් මේ සටනට උසස් සයිබර්ට්‍රෝනියානු රණශූරයන් වන ඩයිනො-බොට්ලා එකතුකරගන්නවා. ඔවුන්ගේත් කේඩ් සහ පවුලේත් උදවු ඇතිව ඔවුන් ඩිසෙප්ටිකොන්වරු පරදවනවා. ඉන්පසු තම මැවුම්කරුවන් සෙවීමට පිටත්වෙන (The Last Knight) ඔප්ටිමස් වසර තුනකට පසු (2017) නැවත තව මව්ග්‍රහලොව වන සයිබර්ට්‍රොන්වෙත එන අතර ඔහුට තම මැවුම්කාරියද හමුවෙනවා. ඒ ක්වින්ටෙසා දෙවඟන. ඇය ඔහුට පවසනවා ඔහු දිවිහිමියෙන් ආරක්ෂා කල පෘතුවිය සැබැවින්ම සයිබර්ට්‍රෝන් නැවත ප්‍රකෘති තත්වයට ගත හැකි තරම් ශක්තියක් ගැබ්වී ඇති ‘යුනික්‍රොන්’ බව. ඔප්ටිමස්ගේ සිත වෙනස් කරන ක්වින්ටෙසා ඔහුට අණ කරනවා  තමාගෙන් සොරකම් කල යෂ්ටිය නැවත තමන් වෙත ගෙන එන ලෙස. ඒ පෘතුවියේ ශක්තිය සයිබර්ට්‍රොන්වෙත ඇදගැනීම සඳහා. ඔප්ටිමස් පිටවයාමෙන් පසු කේඩ් සහ ඔටෝ-බොට්වරුන් සිටින්නෙ සැඟවිලා. ඔය අතරෙදි කඩාවැටුණු ට්‍රාන්ස්ෆෝමර් යානයක සිටි ක්වින්ටෙසාගේ නයිට්වරයෙක් කේඩ්ට හමුවෙනවා. මරණාසන්න මොහොතේදී ඔහු කේඩ්ට ‘ටැලිස්මාන්’ නම් කෞතුක වස්තුවක් ලබාදෙනවා. එය විට්විකන්ස් සංවිධානයේ සාමාජිකයෙකු වන සර් එඩ්මන්ඩ් බර්ටන්ගේත්, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉතිහාසය පිලිබඳ මහාචාර්යවරියක වන විවියන් වෙම්බ්ලිගේත් අවධානයට ලක්වෙනවා. විවියන් දැනගන්නවා තමන් මර්ලින් මන්ත්‍රකරුගේ පරපුරේ අවසන් පුරුක බව, එනම් ක්වින්ටෙසාගේ යෂ්ටිය අතදැරිය හැක්කේ ඇයට පමණයි. ඔවුන් එය සොයාගත්තත් වැඩිවෙලා එය දරන්නට ලැබෙන්නේ නෑ. ක්වින්ටෙසා සහ ඇය විසින් මේ වනවිට  නෙමසිස් ප්‍රයිම් ලෙස නම්කර සිටින ඔප්ටිමස් ප්‍රයිම් සයිබර්ට්‍රොන් ග්‍රහලොව පෘතුවිය වෙත ගෙනගොස් ප්‍රහාරය අරඹනවා. ඩිසෙප්ටිකොන්වරුන්ගේද උදවු ඇතිව. නෙමසිස් යෂ්ටිය මනුෂ්‍යයන්ගෙන් උදුරාගෙන ක්වින්ටෙසාට ලබාදෙන අතර ඇය පෘතුවියේ නොහොත් යුනික්‍රොන්ගේ ශක්තිය ඇදගැනීම අරඹනවා. නෙමසිස් සහ බම්බල්-බී සටන් වැදුණත් මේ දෙදෙනාගේ කාලයක සිට පවතින බැඳීම නිසාම බම්බල්-බීගේ කටහඬ ඇසුණ විගසම නෙමසිස් නැවතත් ඔප්ටිමස් බවට පත්වෙනවා. සයිබර්ට්‍රොන්හි නයිට්වරු ඔප්ටිමස්ව මරන්නට සැරෙන විටම කේඩ් ‘ටැලිස්මානයත්’ රැගෙන ඔහුගේ ආරක්ෂාවට එනවා. එයින් එය ‘එක්ස්කැලිබර්’ නොහොත් ආතර් රජුගේ අසිපත බවට පත්වන අතර කේඩ් අවසන් නයිට්වරයා බවට පත්වනවා. ඔවුන් ක්වින්ටෙසාගේ යෂ්ටිය නැවත උදුරාගන්නවා. කෙසේ හෝ ක්වින්ටෙසා මියයන බව අප සිතා සිටියත් එය එසේ වන්නේ නෑ. ඔප්ටිමස් නැවතත් විශ්වයේ සිටින සියලු ට්‍රාන්ස්ෆෝමර්වරුන්ට පණිවිඩයක් යවනවා පෘතුවියට පැමිණිය හැකි බව. හරි, ඔය තමයි පෙර ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට පහේ සාරාංශය. බම්බල්-බී මේ ටයිම්ලයින් එකට විවිධ ආකාරයෙන් පරස්පර වුණත් මම මේ ටික ලිව්වෙ වටහාගැනීමේ පහසුව තකා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇති අතර WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා WEB-DL පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතුව ඇති පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

විශේෂ :-

  • මෙම ලිපිය මෙම වීඩියෝවේ දළ පරිවර්තනයකි. යම් තොරතුරු වෙනත් අඩවිවලින් උපුටාගත් ඒවාය. 


  • Details
  • Trailer

Year : 2018

Rating : 7.3

Genre : Action, Adventure, Sci-Fi

Actors : Hailee Steinfeld, Jorge Lendeborg Jr., John Cena, Jason Drucker

Writer : N/A

Director : Travis Knight

Plot :

On the run in the year of 1987, Bumblebee finds refuge in a junkyard in a small Californian beach town. Charlie, on the cusp of turning 18 and trying to find her place in the world, discovers Bumblebee, battle-scarred and broken.






ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 3917 Views




සිංහල උපසිරැස Download කරගන්න 26462 times


Download links expire හෝ ක්‍රියා විරහිත වී ඇත්නම් මෙය click කරන්න

Hasitha Prasad

[Send Msg]

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි
7.3
IMDB
100%
User Rating

Watch More

No Retreat, No Surrender (1986) Sinhala Subtitle

Naam Shabana (2017) Sinhala Subtitle

Pacific Rim: Uprising (2018) Sinhala Subtitle

Bethany (2017) Sinhala Subtitle

At First Light (2018) Sinhala Subtitle

Dunkirk (2017) Sinhala Subtitle

Emperor (2020) Sinhala Subtitle

Smallfoot (2018) Sinhala Subtitle

Peter Rabbit (2018) Sinhala Subtitle

ADS


  1. Kavisha Methruwan
    Subtitler January 18, 2019 at 9:39 pm

    ඔන්න එහෙනම් 250ත් ගැහුවා නේ. අපිටත් මාරම සතුටුයි ඇත්තටම. එදා ඉදන් අද වෙනකම් මේ වගේ උපසිරැසි 250ක් කරන්න දුන්න ගේම සුළු පටු නෑ. Subz LK වෙබ් අඩවියේ උපසිරැසි 250ක් ගැහුව ප්‍රථම උපසිරැසි කරු හසිත අයියා තමා. හසිත අයියා සබ් එකක් කළා කියුවොත් ඉතිං ආය අහන්න දෙයක් නෑ, උපසිරැසිය සුපිරියටම තියනවා. මමත් ගොඩක් වෙලාවට ෆිල්ම් බලන්න හසිත අයියා සබ් එක දෙනකම්ම ඉන්නවා. කියන්න නම් කිසිම ගැටළුවක් නෑ. මේ උපසිරැසි 250 ඇතුලේ සම්පුරණයෙන්ම තියෙන්නේ හසිත සහෝගේ මහන්සිය. පෞද්ගලික වැඩ පසෙකලා කොහොම හරි වෙලාවක් හොයාගෙන සබ් එක කරනවා. උපසිරැසි කලමනාකරණයෙදි මගේ අතින් ඕන තරම් අත්වැරදීම් වෙලා තියෙනවා. මං නම් හිතලත් තියෙනවා “අම්මෝ අද හසිත අයියා මට දෙහි කපයි තමයි” කියලා. ඒත් හසිත අයියා හිත රිදෙන එක වචනයක්වත් කියලා නෑ. හැමදේම වාණිජමය වෙලා තියෙන අද රටේ මුල්‍යම අරමුණක් නොමැතිව උපසිරැසි 250ක ප්‍රමාණයක් සිනමාවට දායාද කලාට කොපමණ ස්තුතී කලත් මදි. ගොඩක් අය දන්නේ නෑ උපසිරැසියක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. කමෙන්ට් එකක්වත් නොදා යන එහෙව් පුද්ගලයින් උපසිරැසි ප්‍රමාද උනාම හොද හොද වචන කියාගෙන එන්නේ. ඒ වගේ අවස්ථා වලට හසිත අයියා පිළිතුරු දක්වපු විදිහ මම හොදට දැකලා තියෙනවා. ඒ අතින් මාරම ඉවසීමක් තියෙන්නේ හසිත අයියට තියෙන්නේ. ඒ වගේම උපසිරැසියක් කරන්නද අහපු ගමන් බෑ නොකියා “කරමු කවිෂ” කියන්න තරම් නිහතමානී පුද්ගලයෙක්. ඒ වගේම මේ ටිකේ අපි ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු තියාගෙන හිටියත් මුල්‍යම ප්‍රශ්ණ නිසා බැරි උනා. ඒත් ඉස්සරහට විශේෂ දේවල් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං මෙතනින් නොනැවතී තව කඩයිම් කරා යමු. 300, 350, 500, 1000 වගේ කඩයිම් වලටත් යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා. අපිටත් වඩා මේ වේ වෙබ් අඩවියේ අයිතිය තියෙන්නේ හසිත අයියා ඇතුළු උපසිරැසිකරුවන් හා ප්‍රේක්ෂක පිරිසට. ඒකේ ආය කතා දෙකක් නෑ. සදා ජය!

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:34 am

      ඇඩ්මින් රාජකාරිය කරල හෝ ඒ ගැන කිසි දැනුමක් නැතුව වුණත්, මට තේරෙනව ඔයගොල්ල මේ කරන්නෙ ලේසි වැඩක් නොවෙන බව. අනිත් එක එහෙම වැරැද්දක් ඔයගොල්ලන්ගෙන් මට වෙලත් නෑ කවදාවත්, නැත්තං මම මේ වෙනකොට සබ්ස් එල්කේවල නෑනෙ. ඒ හින්ද මම උපසිරැසි 1000ක් කලත් ඒකෙ වැඩි ගෞරවය යන්න ඕනෙ ඕගොල්ලන්ටයි. අර කෑකෝගහගෙන එන කට්ටියට ( ඉතාම සුළු පිරිසක්) උත්තර දෙන්නෙ බොහොම අමාරුවෙන් ඉවසීම හදාගෙනයි, කවීෂ.
      ඒ ගොඩක් අය කියන්නෙත් ලොජිකල් කතා නෙමෙයිනෙ, ඒවට අපි ලොජිකලි උත්තර දුන්නම, ඒ කෙනාට ආයිත් කමෙන්ට් එකක් දාන්නවත් වචන එකතු කරගන්න බෑ. උදාහරණෙකට වෙනොම් සබ් එක කම්පියුටර් එකේ පේන්නෑ කියල කෙනෙක් අසභ්‍ය වචනත් එකතුකරල කමෙන්ට් එකක් දාල තිබුණ, හැබැයි ඒ පුද්ගලයා දැක්කෙ නෑ ඒ වෙනකොටත් සබ් එක 20,000කටත් වඩා පිරිසක් ඩවුන්ලෝඩ් කරල තිබුණ එකත්, ඒ කාටවත් ඒ ප්‍රශ්ණෙ ඇවිත් නෑය කියන එකත්. ඒකත් එකතු කරල දුන්න උත්තරේට තාම ප්‍රති උත්තරයකුත් නෑ. එහෙම තමයි ඉතිං ලෝකෙ හැටි. මොනව කරන්නද, අපිට අපේ ගමන යන්නයි තියෙන්නෙ පාඩුවෙ. එහෙනම් ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, කවීෂ

      Reply
  2. පසිදු සාරංග
    Subtitler January 18, 2019 at 9:47 pm

    ඇත්තටම සතුටුයි හසිත සහෝ ගැන 250ත් පහු කරා එහෙනම්..ඉතාමත් කෙටි කාලයකදී මේ වගේ ලොකු කඩයිමක් පසු කරන එක ලෙසී නැහැ.ඇත්තටම සතුටුයි ලිපියේ මාවත් මතක් කරලා තියෙන එක ගැන.ඒ වගේම කියන්න ඔනේ හසිත සහෝ කියන්නේ මම දැකපු අවංකම උපසිරැසි කරුවෙක්.ලොකු වෙහෙසක් දරලා මේ කරන සේවයට සහෝට ගොඩක් පින්.ඒ වගේම සහෝගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:19 am

      ඔයා කොච්චර නිහඬද කියනවනං, මම ඔයා ඇඩ්මින් කෙනෙක් කියල දැක්කෙ සෑහෙන කාලෙකට පස්සෙ. ඔයගොල්ලො හින්දනෙ අඩවිය මේ වගේ ලස්සණට තියෙන්නෙ, ඉතිං මතක් නොකර කොහොමද. ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි

      Reply
  3. Lakshitha Wickramarathna
    New User January 18, 2019 at 10:33 pm

    සුභ පැතුම් සහෝ. මේ වගේ කැප වෙලා උපසිරැසිකරනයේ යෙදෙන පිරිස බොහොම අඩුයි අගය කරනවා ඒ උත්සහය. ජයෙන් ජයම වේවා. 500 කඩයිමටත් ඉක්මනට එමු!!

    Reply
  4. amila
    Unregistered User January 18, 2019 at 10:36 pm

    Bumblebee.2018.1080p.KORSUB.HDRip.x264
    medan dala please update thk……

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:17 am

      UPDATED

      Reply
  5. budika manaram
    Unregistered User January 18, 2019 at 11:28 pm

    patta 250 hoda ekakinma dunna ne

    Reply
  6. ලහිරු සඳරුවන්
    Unregistered User January 18, 2019 at 11:36 pm

    කොහොම හරි හසිත අයියා 250ත් ගැහුවා. ඇඩ්මින් මඩුල්ලේ කවීෂ සහෝදරයා කියලා තියෙනවා වගේ උපසිරැසි 250ක් කරනවා කියන එක එසේ මෙසේ දෙයක් නම් නෙමෙයි. ඒ ගැන හිතනකොටත් හරි පුදුමයි. කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව, මහන්සි වෙලා මේ කරන වැඩේට බොහොම ස්තූතියි අයියේ. ඒවගේම උපසිරැසි සම්බන්ධයෙන් එන ඕනෑම ගැටළුවකට උදව් කරන කෙනෙක් තමා හසිත අයියා. මට මතකයි උපසිරැසි යාවත්කාලීන කරන විදිහ ගැන ලස්සන pdf ෆයිල් එකක් හදලා දුන්නා. ඒ කරපු උදව්ව නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒකට ආයේ සැරයක් මං ස්තූතිවන්ත වෙනවා. ලොකු දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද, උඩ කමෙන්ට් වල කියන්න ඕන දේවල් සඳහන් කරලා තියෙන නිසා. ඉතින් මේ වගේම ඉදිරි කඩයිමුත් පහු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!!!

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:17 am

      ආ..PDF එක කිව්වම මතක් වුණේ WEB-DL එකෙන් BLURAY වලට සින්ක් කරන්න ඒකෙ තියන තරම් මහන්සි වෙන්න ඕනෙ නෑ, ඈ. ලයින් සේරම එකපාර තප්පර කීපයක් ඉස්සරහට හෝ පස්සට ගන්න විතරයි තියෙන්නෙ. ගොඩක් වෙලාවට තප්පරයක් හෝ දෙකක් වගේ තමයි කාල වෙනස.

      Reply
      • ලහිරු සඳරුවන්
        Unregistered User January 20, 2019 at 12:24 am

        ඔව්. ඒකනම් ඇත්ත තමා.
        සම්පූර්ණ වෙනමම පිටපතක් දෙකක් නම් අයියා කියලා දීපු විදිහ වැදගත් වෙනවා.

        Reply
  7. budika manaram
    Unregistered User January 19, 2019 at 12:02 am

    https://rarbgenter.org/torrent/vmnr3zy

    Bumblebee.2018.1080p.KORSUB.HDRip.x264.AAC2.0-STUTTERSHIT

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:13 am

      UPDATED

      Reply
      • budika manaram
        Unregistered User January 20, 2019 at 12:44 am

        kisi aulak naha pattatama tibbba.thanks

        Reply
  8. ලහිරු සඳරුවන්
    Unregistered User January 19, 2019 at 12:07 am

    අයියේ, HC-HDRip පිටපතක් ඇවිල්ලා. පුළුවන් නම් අප්ඩේට් එකක් දෙන්න.

    https://www.mkvcage.ws/bumblebee-2018-720p-hc-hdrip-950mb/

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 19, 2019 at 11:49 pm

      ඔන්න දුන්නා, මල්ලි ප්‍රතිචාරයටත් ගොඩක්ම ස්තූතියි.

      Reply
      • ලහිරු සඳරුවන්
        Unregistered User January 20, 2019 at 12:06 am

        බොහොමත්ම ස්තූතියි අයියේ, ඉල්ලීම ඉටු කළාට.

        Reply
  9. Deshan Sachintha
    Unregistered User January 19, 2019 at 2:21 am

    250 වෙනි උපසිරැසියට සුබ පැතුම්…!
    250 ක් දක්වා ඇවිත් තියෙන්නෙ නොමිලයේම අනික් අය වෙනුවෙන් කරපු ලොකු කැපකිරීමක්..
    ගොඩක් ස්තුතියි.. Subzlk ඔයාලා නිසා තමා අපිත් ආසාවෙන් ෆිල්ම් බලන්නෙ.
    ස්තුතියි..
    තෙරුවන් සරණයි…!

    Reply
  10. kavinda
    Unregistered User January 19, 2019 at 2:32 am

    උණුසුම් සුබ පැතුම් 250වන උපසිරැසිය වෙනුවෙන් . නියමයි සබ් එක වගේම ලිපියත් සුපිරියටම තිබුනා .බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  11. Kantha_DLA
    Unregistered User January 19, 2019 at 7:11 am

    250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  12. Mithun
    Unregistered User January 19, 2019 at 7:13 am

    Congratulations සහෝ………250කුත් කරල එහෙනම් .හසිත සහෝගෙ සබ් නම් කියන්න දෙයක් නැ සුපිරි .❤
    ඔන්න සතුටින් කියන්න ඔනෙ මෙක HC HDRIP අවා මෙ දැම්…………………. MKACAGE එකට
    PLEASE UPDATE ………………………………………..

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:13 am

      UPDATED බොහොම ස්තූතියි, මිතුන්, හැමදාම ප්‍රතිචාරයක් දක්වල, පිටපත් එන වෙලාවට දැනුම් දීල කරන උදව්වට.
      නිතර ටොරන්ට් සයිට් චෙක් කරන්න වෙලාවකුත් නැති නිසා, මම පිටපත් ඇවිත් කියල දැනගන්නෙ ඔයාගෙ කමෙන්ට්වලින් ගොඩක් වෙලාවල.

      Reply
      • හසිත ප්‍රසාද්
        Co - admin January 20, 2019 at 12:39 am

        මිතුන් , හන්ටර් කිලර් එකේ අප්ඩේට් එක දැම්ම, මම ඊයෙ වැරදිලා පරණ ෆයිල් එකමයි අප්ලෝඩ් කරල තියෙන්නෙ.

        Reply
        • Mithun
          Unregistered User January 20, 2019 at 7:13 am

          😍තැන්ක්ස් හසිත සහෝ .ඊයේ ඉදම් බල,බළ උන්නෙ මේ.. Bumblebee එක අප්ඩෙට් කරනකල්. මෙක නම් 1080p රිප් එකක් ඇවිත් තියෙනවා HC HDRIP එකෙන්. එකම අරම් බලනව ඉවසිම ප්‍රගුණ කරන්න බෑ මෙක දැක්කම. 😍 ගොඩක් ස්තුතියි සබ් වලට….

          Reply
  13. Mithun
    Unregistered User January 19, 2019 at 7:15 am

    HC HDRIP UPDATE ……………………………………………..

    Reply
  14. Niluksha Jayasingha
    Unregistered User January 19, 2019 at 7:20 am

    Thanks saho 250ta suba pathum

    Reply
  15. tharindu lakmal
    New User January 19, 2019 at 9:51 am

    ikmanata HC HD-Rip walata Update karanna. thanks

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:10 am

      UPDATED

      Reply
  16. Stan lee
    Unregistered User January 19, 2019 at 9:54 am

    Thanks saho sub ekata… gratz for 250 subtitle keep it up..

    Reply
  17. maikey
    Unregistered User January 19, 2019 at 10:06 am

    supiri bn sub eka dila. oya. ela. site eka hoda janappriya site ekak wenna suba patanawa. apit enawa mekata sub ekak ewithda balanna apu welawe meka dekke. elama. sub eka dunnata thankz

    Reply
  18. Suneth
    Unregistered User January 19, 2019 at 10:39 am

    Thanks sub ekata. HDRip ekata sub eka update karanna saho..!!!

    Reply
  19. Gathsara Umesh Kumara
    New User January 19, 2019 at 12:36 pm

    Bhooooom sthuthi ❤️💓💖💗..
    Hadawathinm suba pathanva ayyee 250t

    Reply
  20. Tekla
    Unregistered User January 19, 2019 at 12:41 pm

    HC HD-Rip walata Update karanna sub aka…

    Reply
  21. Sameera Chandrasena
    Subtitler January 19, 2019 at 1:54 pm

    හසිත ප්‍රසාද් කියන නම දැන් වෙනකොට ලංකාවේ කී දෙනෙක් දැකලා ඇත්ද?, උපසිරැසි 250ක් පුරාවට කටවල් කීයකින් හසිත ප්‍රසාද් කියන නම කියවිලා ඇත්ද? ඒ එක්කම subzlk කියන නම කී දෙනෙක් දකිනවා ඇත්ද? අපිට ඉන්න ලොකුම සම්පත තමයි හසිත සහෝ, වෙන කෙනෙක් ඒ තැනට එන්න සෑහෙන කාලයක් යාවි, සමහර විටක එහෙව් කෙනෙක් නොඒවී! උපසිරැසි 250ක් කරනවා කියන්නෙ සෙල්ලම් ක්‍රියාදාමයක් නෙවෙයි, ඒක කරන්නනම් මේ සියලු දේ ගැන වෙනමම හැගීමක් ආදරයක් තියෙන්නෙ ඕන. අපේ වෙබ් අඩවියෙ තිබෙන උපසිරැසි වලින් හතරෙන් පංගුවකම අයිතිකරු තමයි හසිත සහෝ🔥
    ස්තූතියි මාවත් ලිපියෙ මතක් කරාට, හැමදාම වගේ තව තවත් උපසිරැසි කරන්න තව විශාල කඩයිම් පසු කරන්න, උපසිරැසි වාර්තා කඩන්න තව තවත් ගැම්මෙන් උපසිරැසි කරන්න හැකිවෙන්න කියලා හෘදයාංගම ප්‍රාර්ථනයක් කරනවා අදත්!

    තව දෙයක් කියන්න ඕන, හොර උපසිරැසි වෙබ් අඩවි කීපයක් බිහිවෙලා තියෙනවා, මං එදා කරපු වයිකින්ග්ස් එපිසෝඩ් එකේ ලිපියෙත් ඒ ගැන සදහනක් කරා, අපි සහ අනික් ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවි තම මහන්සියෙන් දායකත්වයෙන් කරලා පල කරන උපසිරැසි තමන්ගේ වගෙ දාගෙන පල කරන හොර වෙබ් අඩවි කීපයක් තිබෙනවා. ඔවුන් මං දැක්කා අපි පල කරලා විනාඩි ගානකින් මේකත් අපේ වචනෙන් කියනවනම් උස්සලා ඒකේ දාගෙන තියෙනවා. අපි ඒවා ඉවත් කරගන්න උත්සහ කරත් ඔවුන් කනකට ගන්නෙ නෑ. ඉතින් ඇඩ්මින් වරයෙකු විදියට කණගාටුවක් විතරයි තියෙන්නෙ ඒ පිලිබදව.

    අනික් කියන්න ඕන හැමදේම මං දැක්කා කවීස සහෝ කියලා තියෙනවා. වගේම,
    අපේ අලුත් Co-administrator තුමාට සුබ පැතුම්❤🔥 වෙබ් අඩවිය වෙනුවෙන් හසිත සහෝ කරලා තියෙන මෙහෙය දිහා බැලුවම අපි මීට වඩා දෙයක් කරන්න කල්පනා කරත් පොඩි පොඩි මූල්‍යම ගැටලු කීපයක් නිසා ඒක කල් දාන්න සිද්ධ වුනා. ඔන්න අපිට දැන් තවත් විධායකයෙක් ඉන්නවා.❤❤🔥

    මං මේ කමෙන්ට් එක දාන වෙලාව වෙනකොට Bumblebee HCHDRip පිටපතත් නිකුත් වෙලා. ඒකටත් යාවත්කාලීන කරන්න එහෙනම්, ඉල්ලීම් ගොඩයි.

    සදා හදවතේ රැදෙන උපසිරැසි කරුවාණෙනි, නව සම ඇඩ්මින් වරයානෙනි, මුවග රැදි සදාතනික ප්‍රාර්ථනය ජය වේවා🔥

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 20, 2019 at 12:09 am

      මගෙ නම ලංකාවෙ ගොඩදෙනෙක් දැක්කනං, ඒකෙ සම්පූර්ණ ස්තූතිය යන්න ඕනෙ ඔයගොල්ලන්ට සහ අඩවියටයි. ප්‍රමෝෂන් එකක් ලැබිල කියල දැක්කෙ මේ දැන් සබ් එක අප්ඩේට් කරන්න ආව වෙලාවෙ, බොහොමත්ම ස්තූතියි ඒකට.
      අර හොර වෙබ් අඩවිනං මාත් දැක්කා, සමීර. මම එයින් දෙකකට කමෙන්ට් මගින් දැනුම් දුන්නා, ඒවට උත්තර දෙන්න තරම්වත් කොන්දක් නෑ ඒ ( ඇඩ්මින්ල කියන්න ලැජ්ජයි ) අයට, ඒ මදිවට ඇඩ් වැහි වැහැලා. මොනව කරන්නද හිතට දුකයි, ඒත් කරන්න දෙයක් නෑ. මම අඩවිවල නම් ගම් එක්කම ඔය කතාව 200 වෙනි සබ් එකේ ලිපියට ඇතුල් කරනවද කියලත් කල්පනා කරල , ඒකත් අනවශ්‍ය ප්‍රචාරයක් වෙන හින්ද දැම්මෙ නෑ.

      ( ජොබ් එක බාරගත්තට ඒ ගැන මෙලෝහසරක් නොදනිමි )

      Reply
  22. silent$
    Unregistered User January 19, 2019 at 2:39 pm

    Congratulations thanxxxxx

    Reply
  23. darshana01
    New User January 19, 2019 at 4:07 pm

    250 jaya wewa saho oyta budusaranai awagema godak stuti

    Reply
  24. Gihan S. Viraj
    Unregistered User January 19, 2019 at 9:03 pm

    250 weni sub ekata thanks. Eka mewage supiri filumak wechcha ekath elama. Congrats aiye.

    Reply
  25. Shehan
    Unregistered User January 19, 2019 at 9:28 pm

    Supiri machan ubanam bro.

    Reply
  26. lahiru
    Unregistered User January 20, 2019 at 6:42 am

    supiri bm thawa krahan

    Reply
  27. Ashan Kavinu
    Unregistered User January 20, 2019 at 8:35 am

    ඔබේ සියලු කටයුතු සාර්තක වේවා.. සහෝ සබ්ටයිටල් අප්ඩේට් කරන විදිය තියෙන pdf එක දෙන්නකො මටත්.. HC HDRip – BluRay කරන්න පුලුවන් එකක්

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 21, 2019 at 3:27 am

      http://www.mediafire.com/file/xa3ccc09unlg8yc/Subtitle_Update_Method.zip/file
      මෙන්න අෂාන්, Pdf එක. WEB-DL එකක් Bluray එකට එජස්ට් කරන්න මේ ක්‍රමේ ඕනෙ නෑ,( ඉංග්‍රීසි සබ් එකේ තියන විදිය බලල) ලයින් සේරම තප්පර කීපයක් ඉස්සරහට හෝ පස්සට ගන්නයි තියෙන්නෙ එක පාර.

      Reply
      • Ashan Kavinu
        Unregistered User January 25, 2019 at 7:25 pm

        Bohoma sthuthiyi sahodaraya… ඔබට ජය…!

        Reply
  28. udayanga
    Unregistered User January 20, 2019 at 10:43 am

    so thanks

    Reply
  29. දුලා
    Unregistered User January 20, 2019 at 10:55 am

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  30. Nishara F'do
    New User January 20, 2019 at 11:12 am

    තෑන්ක්ස් සහෝ සබ් එකට❤️✌️🤩

    Reply
  31. Mithun
    Unregistered User January 20, 2019 at 1:13 pm

    Film eka bluwa supiri😍

    Reply
  32. Saman Sanjaya
    New User January 20, 2019 at 1:52 pm

    congratulations bro … asama ekak meka .. 😘😘😘

    Reply
  33. Sachintha
    Unregistered User January 20, 2019 at 4:22 pm

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  34. Malinda Sadaruwan
    Unregistered User January 20, 2019 at 6:11 pm

    ොො ස්‍ය්ුි ේ❤️

    Reply
  35. Madura Lakshan
    New User January 20, 2019 at 8:18 pm

    Thanks sub ekata

    Reply
  36. Indika
    Unregistered User January 20, 2019 at 11:29 pm

    Good work bro.

    Reply
  37. ashan
    Unregistered User January 21, 2019 at 10:14 am

    film eka baluwa sub eka niyamai…

    Reply
  38. Ishara D Madumal
    Unregistered User January 21, 2019 at 11:41 am

    නියමයි බ්‍රො ජය වෙවා .නියම වැඩක් මේක . ලොකු සේවයක් කරන්නෙ ඕගොල්ලො ෆිල්ම් පිස්සන්ට ..ජය වේවා

    Reply
  39. සහන් සුලක්ඛණ
    Subtitler January 21, 2019 at 12:20 pm

    හසිත සහෝ සමාවෙන්න ප්‍රමාද වීම ගැන.5 වෙනි කඩයිම නැත්නම් 250 වෙනි උපසිරසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා.ඉතින් සහෝ හැමදාමත් මේ විදිහට ප්‍රේක්ෂකයන් වන අපිට හැමදාම මේ වගේ නිර්මාන ගේන්න කියලා.ඒ වගේම ඉදිරි කටයුතු සියල්ලම ඉතාමත් හොඳින් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.ජය වේවා!……………..

    Reply
  40. සහන් සුලක්ඛණ
    Subtitler January 21, 2019 at 12:21 pm

    ඒ වගේම උපසිරසියට ස්තුතියි අයියේ…..

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 21, 2019 at 8:14 pm

      බොහොම ස්තූතියි, මල්ලි, ප්‍රතිචාරයට

      Reply
  41. mayura lanka
    Unregistered User January 21, 2019 at 1:13 pm

    bohoma sthuthi sub ekata.. 250kma dunna ehenam jayenjayama wewa….. bro

    Reply
  42. Madusha
    Unregistered User January 21, 2019 at 6:06 pm

    සුබපැතුම් සහෝ.ප්‍රේක්ෂක අපගේ රසාස්වාදය වෙනුවවෙන් උපරිම අයුරින් තමන්ගේ කාලය,මහන්සිය වැයකමින්
    මේ කරනා කැපවීම අවංකවම අගයකරනවා.උපසිරැසියට බොහොම ස්තූතියි.ජය වේවා..!

    Reply
  43. Jayasanka
    Unregistered User January 21, 2019 at 11:34 pm

    Film eka baluva suba nam niyamai. 250 mara ikmanin awa neda. Ikmanata 300 th gahanna haki weva! Sthuthui.

    Reply
  44. naveendra_rox
    Unregistered User January 23, 2019 at 7:31 pm

    thanks sub ekata

    Reply
  45. දමිත් ප්‍රියංකර
    SYSTEM Administrator January 28, 2019 at 11:19 pm

    හසිතගේ 250 වෙනි උපසිරස් කරණයට මාගෙන් ප්‍රණාමය ..තිරයෙන් පිටුපස සිටින අයව මතක් කිරීම ගැන සතුටු වෙනවා ..හසිතගේ තියෙන නිහතමානී කම ඉතාමත් අගය කොට සලකනවා…

    Reply
    • හසිත ප්‍රසාද්
      Co - admin January 30, 2019 at 3:58 am

      බොහොම ස්තූතියි දමිත්

      Reply
  46. VinoD
    Unregistered User January 30, 2019 at 5:51 pm

    එලහ් ……….

    Reply
  47. Shanthani
    Unregistered User February 6, 2019 at 1:32 am

    Subzlk family eka hamotama godak isthuthi. A wagema podi illimak tiye “grand princess ” korean drama ekata sinhala subtitle denawada. Obath isthuthi kiyana gamannma suba partana karannawa

    Reply
  48. Thisaru Niwantha Peeris
    New User February 6, 2019 at 7:42 pm

    Ela.jaya wewa thanks

    Reply
  49. Dimuthu
    Unregistered User February 11, 2019 at 9:07 pm

    Thanks ayya sub ekata.බුදු සරණයි.meka original copy ekak neweine.hoda copy ekak awahamama balanawa.

    Reply
  50. Nishantha kumara
    Unregistered User February 17, 2019 at 1:41 pm

    සුභ පැතුම් ඉදිරියටත් අපට සබ් දෙන්න

    Reply
  51. Bathiya Maduwantha
    New User February 18, 2019 at 6:42 am

    Film eka baluwa niyama film ekak thanks saho

    Reply
  52. Prabhath
    Unregistered User February 18, 2019 at 9:52 am

    Godak sathutui.. Oyalage idiri gamanata hadawathinma suba pathanawa.. Niyamai bro..

    Reply
  53. Amila Dilshan
    New User March 7, 2019 at 1:13 pm

    thank you for sub

    Reply
  54. Mithun
    Unregistered User March 19, 2019 at 5:07 pm

    Please update WEB-DL ……………
    ඔන්න බඩු ආවා……

    Reply
    • Hasitha Prasad
      Co - admin March 20, 2019 at 2:24 am

      Updated

      Reply
  55. කේ.ඩබ්ලිව්.පී.කුශාන්ත
    Unregistered User March 27, 2019 at 3:09 pm

    මම දැකපු සුපිරිම සබ්කාරයෙක් තමයි ඔයා… English කියන්නේ ගොඩාක් Flexible Language එකක් ඒක අපේ භාශාවට ගැල්පෙන විදිහට අර්ථයට හානියක් නොවී ඔයා වගේ සබ් කරන කෙනෙක් මේ ක්ශේස්ත්‍රයේ ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි…. 250ට සුභ පැතුම්!

    Reply
    • Hasitha Prasad
      Co - admin March 27, 2019 at 5:39 pm

      ඒක එහෙමනම් ගොඩක් සතුටුයි, කුශාන්ත. ඇත්තම කියනවනං English කොච්චර පුළුල්ද කියල මට තේරුනෙත් සබ් කරන්න පටන්ගත්තමයි. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට

      Reply
  56. Mithun
    Unregistered User April 7, 2019 at 5:50 pm

    සයිට් තුනෙන්ම මේ පාර කට්ටිය බලල තියෙනවා වගේ😍.. ඩව්න් තිරුව බැලුවම පෙනව එක. අපහු බැලුව 😍

    Reply
    • Hasitha Prasad
      Co - admin April 7, 2019 at 8:29 pm

      හහ්-හා. ඒකත් එහෙමද? වෙන්න ඕනෙත් ඒක තමයි, මිතුන්. මාත් මේක බැලුවා හරියටම තුන්පාරක්.

      Reply
      • Mithun
        Unregistered User April 8, 2019 at 1:38 pm

        Avengers: Infinity War (2018) එක 42410යි… මගේ අම්මො මට තියෙන ප්‍රස්නෙ එච්චර උන් කොහෙද හැන්ගිල ඉන්නෙ කියල …😁.
        1000ක් කියන්නෙත් පොඩිද… මිනිස්සු නෙ…..

        Reply
  57. dishan
    Unregistered User April 27, 2019 at 8:56 am

    thanks machan….suba pethum.jayawewa.

    Reply
  58. Kapila
    Unregistered User April 27, 2019 at 8:40 pm

    Tnx bro…

    Reply
  59. පීටර් බාත්ලට්
    Unregistered User April 27, 2019 at 10:47 pm

    උණුසුම් සුබ පැතුම් හසිත

    Reply
  60. Hasindu Dilmina
    New User May 3, 2019 at 3:20 pm

    tnnx for sub

    Reply
  61. හිරාන් ශාරංග
    Unregistered User August 26, 2019 at 11:39 pm

    250 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…!
    ඔබටත්, ඔබේ පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගීබව ලැබේවා…!
    තෙරුවන් සරණයි….!

    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates

Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Last Christmas (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Frozen Ii (2019) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
War (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Adopt A Highway (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Danger Close (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Gemini Man (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත

Achievements

  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hansani Rupasingha ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Honest Thief (2020) Sinhala Subtitle 5204 Rasika Samanjith

We Can Be Heroes (2020) Sinhala Subtitle 1801 Rasika Samanjith

Heart of Dragon (1985) Sinhala Subtitle 1542 Rasika Samanjith

Wonder Woman 1984 (2020) Sinhala Subtitle 1023 Hasitha Prasad

The Queen’s Gambit (2020) [S01 : E01] Sinhala Subtitle 639 K.A Raveen

La Révolution (2020) [S01 : E01] Sinhala Subtitle 455 K.A Raveen

Project A 2 (1987) Sinhala Subtitle 418 Rasika Samanjith

Mum Bhai (2020) [S01 : E01] Sinhala Subtitle 399 Mihira Madushanka

La Révolution (2020) [S01 : E08] Sinhala Subtitle 390 K.A Raveen

Don’t Listen (2020) Sinhala Subtitle 389 Rasika Samanjith

ads

  • Info links

    • About Us
    • Contact Us
    • DMCA
    • Privacy Policy
    • Terms of Use
  • Useful links

    • Torrent ගැන
    • සිංහල උපසිරසක් හදන හැටි
    • ඔබට අවශ්‍ය මෘදුකාංග
  • Site Stats

    • අපගේ උපසිරැසි කරුවන්
  • Contact Detail

    Subz.LK

    Email: [email protected]

    Phone Numbers : 071-7723238(Damith)

© 2015 - 2021 Subz.LK, All rights reserved