ග්‍රීන් මෙඩෝස් වැඩිහිටි නිවසේ අභිරහස
The Home කියන්නෙ 2025 ජුලි 25 දින ඇමෙරිකාවේදී තිරගත කිරීම ඇරැඹුණු Horror, Mystery & Thriller වර්ගයේ ෆිලුමක්. විනාඩි 95 ක ධාවන කාලයකින් යුක්ත මෙය ඇ.ඩො.මිලියන 1.7 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගෙන ඇති බවයි වාර්තා වෙන්නෙ. රංගනයෙන් එකතු වෙනවා Pete Davidson (මැක්ස්), John Glover (ලූ), Bruce Altman (සේබියන්) සහ Mary Beth Peil (නෝර්මා).
මැක්ස් කියන්නෙ පෝරිසාද චරිතයක්. කීප වතාවක්ම පොලීසියට අහුවෙලා තියෙනවා. ඒ වගේ තවත් අවස්ථාවක, ඔහුව හදාගත් පියාගේ මැදිහත්වීම මත බන්ධනාගාර ගත නොකර ප්‍රජා සේවයට යොදවනවා. ඒ අනුව මාස හතරක කාලයකට ඔහුව යවනවා ග්‍රීන් මෙඩෝස් විශ්‍රාමික නිවසට. ඒ කියන්නෙ වැඩිහිටි නිවාසයක්. ගිය දා ඉඳන්ම මැක්ස්ට මේ නිවාසය අල්ලන්නෙ නෑ. රෑට නින්ද යන්නෙත් නෑ. එක එක සද්ද. හතරවෙනි මහලට යෑමත් මැක්ස්ට තහනම්. මෙහෙම යන්න යන්න අමුතු දේවල් වෙන්න ගන්නවා. මැක්ස් එක්ක හිතවත් වෙන මහළු නෝර්මා ඔහුට මෙහෙම කියනවා. “මේ තැන ලොකු වැරැද්දක් තියෙනවා. යම් දරුණු වැරැද්දක්. ඔයා මෙහෙන් පිටවෙන්න ඕනෙ.” එහෙම කියපු පහුවදාම නෝර්මා අභිරහස් ලෙස සිය දිවි හානිකර ගන්නවා. ඊළඟට කවුද? මැක්ස්ද? වෙන කෙනෙක්ද? මොකක්ද මේ නිවාසයේ වෙන්නෙ. මේ අභිරහස විසඳගන්න මේ හොරර් / ත්‍රිලර් මූවි එක බලන්න ආරාධනා කරමින් නවතින්නම්.
ජය වේවා.
Quality // 480p – 200mb // 720p – 870mb // 1080p – 1.6gb
♣♣ BRRip / WEBRip / 480p / 720p / 1080p ♣♣
Thank you mekata sub dunnata puluwannam Jarann (2025) film ekatath sub denna
Thamx, Bro.