සාමන්න්‍යයෙන් ගොඩක් අය චිත්‍රපටි බලන්නේ පරිගණකයෙන්.ඒ නිසා අපි මුලින්ම බලමු පරිගණකයෙන් උපසිරැසි සමග චිත්‍රපටි බලන්නේ කොහොමද කියලා…
දැන් ඔයාලා ගත් කටටම කියාවි ..ඕක මොකක්ද bro ..Km Player එක හරි VLC Player නේද කියලා ..නැහැ නැහැ මම කියන්නේ ඒ දෙකෙන් එකක්වත් ගැනවත් නෙවෙයි …මම කියන්නේ pot player එක ගැන ..
Subz.LK අපේ Official PLAYER එක තමයි ..Pot player එක ..
මොකක්ද මේ Pot player එකේ විශේෂත්වය ?
විශේෂ කරණා ගොඩක් තියෙනවා ..එත් සිංහල උපසිරැස බලන අපිට විශේෂ කරණා 2 ක් සම්පුර්ණ වෙන්න ඕන .
1 වෙනි කරණාව තමයි > player එක සැහැල්ලු වෙන්න ඕන ..වීඩියෝ එකක් play කරපු ගමන් මුළු පරිගණකයම හිර වෙනවා නම් වීඩියෝ එකත් කැඩී කැඩී play වෙලා ..වීඩියෝ එකේ සද්දේ කෙසේ වෙතත් පරිගණකයේ fan එකේ සද්දේ අල්ලපු ගෙදරටත් ඇහෙනවා ..එතින් ඒ වාගේ අවුල් මේ player එකේ නැහැ ..ඔයාගේ පරිගණයකය ram , vga වගේ අඩු උනත් මේ player එකෙන් ඔයාගේ පරිගණයකයට ගැලපෙන විදියට සැකසෙනවා ..ඒ වගේම ඕනෑම වීඩියෝ වර්ගයක් play වෙනවා ..
2 වෙනි කරණාව තමයි..පල්ලෙහා පින්තුරේ තියෙනවා වගේ සිංහල පෙනිම ..
මෙහෙම error එකක් ආවාම ඔයාලා හිතන්නේ ..අනේ font එකේ අවුලක් කියලා ..ඇත්තටම මේක font එකේ අවුලක් නෙවෙයි, encoding වල පශ්නයක්. මේ පශ්නය මේ Pot player එකේ නැහැ .encoding වල මොන පශ්නය තිබ්බත් Pot player එක ඔයාට ගැලපෙන විදියට සිංහල උපසිරැස බලන්න පුළුවන් විදියට ඉබේම සැකසෙනවා …
කොහොමද උපසිරැස සමග Pot player එකේ බලන්නේ ?
ඇත්තටම මේ ගැන නම් විස්තරයක් කරන්න ඕන වෙන එකක් නැහැ ..එත් කියන්නම් ..දෙවිදියකට පුළුවන් ..
1 වෙනි විදිය ..මුලින්ම වීඩියෝ එක play කරන්න ඊට පස්සේ අපෙන් ලබා ගත්ත උපසිරැස click කරලා player එකට අතාරින්න …
2 වෙනි විදිය .. වීඩියෝ එකේ නම උපසිරැසට හරි ..උපසිරැසේ නම වීඩියෝ එකට හරි දෙන්න ..(right click කර rename)..ඊට පස්සේ වීඩියෝ එක click කරත් ..උපසිරැස click කරත් ..ඉබේම උපසිරැස සමග වීඩියෝ එක play වේවි ..
(නම වෙනස් කිරීමට පෙර )
(නම වෙනස් කිරීමෙන් පසු )
ඔබ Windows XP පාවිච්චි කරන්නෙක් නම් !
හැකි ඉක්මනින් ඔබගේ මෙහෙයුම් පද්දතිය (operating system) එක හැකි ඉක්මනින් අවමය windows 7 වලට වත් යාවත් කාලින කර ගන්න ..
නැතිනම් SinhalaTamilKit_XP මෙතනින් ගන්න
install කර පරිගණකය restart කරන්න ..
Comments: 0
Search
Login
Updates









