88 Minutes (2007) Sinhala Subtitle
88 Minutes (2007) Sinhala Subtitle | මරණයේ මිනිත්තු 88! සිංහල උපසිරැසි සමඟ
කොහොමද යාලුවනේ! 👋
ඔන්න එහෙනම් මගේ පළමු වෙනි සිංහල උපසිරැසිය (First Subtitle) අරගෙන තමයි අද Subz.lk එක පැත්තට ආවේ. කාලෙක ඉඳන් සබ් එකක් කරන්න ආසාවෙන් හිටියේ, අද තමයි වැඩේ ගොඩදාගන්න පුළුවන් වුණේ!
අද මම ඔයාලට ගෙනාවේ 2007දී ආපු, Al Pacino ඉන්න පට්ට Crime / Mystery / Thriller ෆිල්ම් එකක් වෙන 88 Minutes.
📝 කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්:
තමන්ගේ පස්සෙන් පන්නන මේ නොපෙනෙන හතුරාව හොයාගෙන, තමන්ගේ පණ බේරගන්න ජැක්ට තියෙන්නේ විනාඩි 88ක පුංචි ටාගට් එකක් විතරයි. හැම තත්පරයක්ම ගෙවිලා යද්දී එන එක එක ප්‍රෙෂර් එකත් එක්ක, තමන් වටේ ඉන්න කාටවත් විශ්වාස කරන්න බැරි තත්වෙකට ජැක් පත්වෙනවා. ඇත්තටම මේක මිනීමරුවෙක්ගේ මානසික සෙල්ලමක්ද? නැත්නම් මේක පිටිපස්සේ ඉන්නේ ජැක්ව විනාශ කරන්න වෙනම ගේමක් ගහන එකෙක්ද? මිනිත්තු 88 කවුන්ට්ඩවුන් එක ඉවර වෙන්න කලින් ජැක්ට මේ අභිරහස විසඳගෙන තමන්ගේ පණ බේරගන්න පුළුවන් වෙයිද කියල දැනගන්න නම් ෆිල්ම් එක අන්තිම වෙනකම් බලලම ඉන්න වෙනවා!
මේක මගේ පළමු සබ් එක නිසා තැනින් තැන පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ හින්දා ෆිල්ම් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා කියන්න. ඔයාලගේ එක කමෙන්ට් එකක් පවා මට ලොකු ගැම්මක් වෙයි! ඉදිරියටත් මේ වගේම තවත් සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරැසිය අරන් ඉක්මනින්ම ඔයාලව හමුවෙන්න එන්නම්.
හැමෝටම ජය! ෆිල්ම් එක බලලා එන්ජෝයි කරන්න! 🍿🎬