Our Friend (2021) Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ 2019 වසරේ නිකුත්වූ තවත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. අනුවේදනීය සත්‍ය කතාවක් ඇසුරින් නිමවූ මෙය නමින් Our Friend (2019). මැතිව් ටීග්ගේ The Friend විශේෂාංග ලිපිය ඇසුරින් බ්‍රැඩ් ඉන්ගල්ස්බිගේ තිර රචනයෙන් ගේබ්‍රියෙලා කොපත්වේට්ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවෙන මේ චිත්‍රපටය මේ වනවිට (2021 : පෙබ: 10) IMDb අගය 7.2ක්ද, Rotten Tomatoes අගය 84%ක්ද මෙටාක්‍රිටික් අගය 57%ක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 72%ක්ද ලෙස ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ ජේසන් සීගල් (ඩේන්), කේසි ඇෆ්ලෙක් ( මැතිව් ටීග්), ඩැකෝටා ජොන්සන් (නිකොල් ටීග්), ඉසබෙලා කායි රයිස් (මොලී ටීග්), වයලට් මැක්ග්‍රෝ(ඊවි), ඩෙනී බෙන්ටන් (චාලට්), ජේක් ඕවන් (ඇරොන්), මෙරියල් ස්කොට් (කැට්) ඇතුළු පිරිසක්.
කතාවට කෙටි ආරම්භයක් අරගෙන දෙන්නම් මම වෙනදා වගේම.
මැතිව් ‘මැට්’ ටීග් සහ නිකොල් ටීග්… දරුවන් දෙදෙනෙකුගේ මා පිය යුවලක්. වෘතියෙන් පුවත්පත් විශේෂාංග රචකයෙකු වන මැතිව් සහ නිකොල් ගෙවන්නේ සරල ප්‍රීතිමත් ජීවිතයක්. එහෙත් එක් දිනෙක ඔවුන්ට අසන්නට ලැබෙන්නේ ඉතාම කණගාටුදායක ආරංචියක්… මෙයින් මානසිකව මෙන්ම කායිකවද දැඩි වෙහෙසකට පත්වන මැතිව්ට පිහිටට එන්නේ ඔවුන්ගේ මිත්‍රයෙක්… ඔහු මැතිව්ටත් නිකොල්ටත් පිහිටවන්නට දරනා අප්‍රතිහත වෑයමයි මේ චිත්‍රපටය පුරාවට දකින්නට ලැබෙන්නේ. වර්තමානයේ ඉතාම අඩුවෙන් දකින්නට ලැබෙන ආකාරයේ චිත්‍රපටයක් කිව්වත් මම හිතන්නෙ නිවැරදියි. එහෙනම් ඉන් එහාට ඔබේ රසවින්දනයට බාධා නොකර මම නවතින්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම AMZN (Amazon) WEB-DL, WEBRip, WEB-DL පිටපත්වලට ගැලපේ.
තෑන්ක්ස් සහෝ
Palmer 2021 dennako please
Palmerලඟදීම.
බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile::heart::heart::heart:
Thanks jayawewa…..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
idx file aka kohomeda balanne srt file akak denna barida
සබ් ෆෝල්ඩර් එකේ තියන ෆයිල් දෙක (idx එක සහ sub ෆයිල් එක)රීනේම් කරල වීඩියෝ එක තියන ෆෝල්ඩර් එකටම දාන්න. එතකොට ප්ලේයර් එකෙන් ඔටෝම ගන්නවා.
රීනේම් කරන්න කිව්වෙ වීඩියෝ එකේ නේම් එක කොපි කරල රීනේම් කරන්න අර ෆයිල් දෙක.
Godak sthuthi..Jaya wewa!