Cruella (2021) Sinhala Subtitle

June 20, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
නපුරෙලා

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ ඩිස්නි’ හි කෲර තරුණිය නොහොත් Cruella(2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙහි එන කෘඑලා ( මා මේ නම නපුරෙලා ලෙස වෙනස් කලා උපසිරැසිය සඳහා) නොහොත් කෘඑලා ඩෙ-විල් කියන චරිතය අප මුලින්ම දකින්නේ 1961 වසරේ තිරගතවූ 101 Dalmatians නම් ඩිස්නි සජීවීකරණ චිත්‍රපටය හරහායි.

101 Dalmatian පෝස්ටරය

ඉන්පසුව අපිට මේ චරිතය දකින්නට ලැබෙනවා ඉහතකී චිත්‍රපටයේම දෙවැන්න ලෙස නිකුත්වූ 101 Dalmatians II: Patch’s London Adventure (2003) තුලිනුත්.
ඉන්පසුව තවත් විවිධ නිර්මාණයන්හි ඇය දකින්නට ලැබෙනවා.

101 Dalmatians II: Patch’s London Adventure (2003) පෝස්ටරය

ඉන් පෙර ඇය මුලින්ම එලිදකින්නේ 1956 වසරේදී ලියැවුණු The Hundred and One Dalmatians නම් නවකතාව තුලින්. එය රචනා කරන්නේ ඩොඩී ස්මිත් (1896-1990) නම් එංගලන්ත ලේඛකාව විසින්.

ඩොඩී ස්මිත්

 

නවකතාවේ මුල්ම වෙළුමේ පිටකවරය

ලොම් සම්වලට, විශේෂයෙන්ම ඩැල්මේෂියන් සුනඛයන්ගේ පුල්ලි සහිත සම්වලට ප්‍රිය කරන මේ ඩිස්නි නපුරිය ඊවිල් ක්වීන්, ලේඩි ට්‍රෙමේන්, ක්වීන් ඔෆ් හාට්ස් සහ මැලෙෆිසන්ට් යන අනෙකුත් ඩිස්නි නපුරියන්ට වඩා වෙනස් වන්නේ ඇය සතුව කිසිදු විශේෂ බලයක් නොමැති නිසාවෙනුයි. කෙසේ වෙතත් පෙර කතාවන්ට වෙනස්වූ එකක් ලෙසයි මෙවර Cruella චිත්‍රපටය අප හමුවට එන්නේ, ඒ ඇයගේ පසුබිම් කතාව අප හමුවට ගෙන එමින්. දැන් අපි බලමු චිත්‍රපටයේ විස්තර.

IMDb අගය 7.4කුත්, Rotten Tomatoes අගය 74%කුත්, මෙටාක්‍රිටික් අගය 59%කුත් ලබා ඇති මෙහි අධ්‍යක්ෂණය ක්‍රේග් ගිලස්පිගෙන් වන අතර කතාව ඇලින් බ්‍රොෂ් මැකෙනාගෙන් සහ තිර රචනය ටෝනි මැක්නමාරා සහ ඩානා ෆොක්ස්ගෙන්. රංගනයෙන් දායක වන්නේ එමා ස්ටෝන් ( එස්ටෙලා/කෘඑලා), එමා තොම්ප්සන් ( සාමිවරිය),ජොයෙල් ෆ්‍රයි ( ජැස්පර්),පෝල් වොල්ටර් හවුසර් (හොරස්),ජෝන් මැක්-ක්‍රී ( ආර්ටි),මාක් ස්ට්‍රෝං (ජෝන්),කෙවන් නොවැක් (රොජර්), කර්බි හොවෙල්-බැප්ටිස් (අනීටා ඩාලිං) ඇතුළු පිරිසක්. එහෙනම් ඉන් එහාට යමක් කීම අනවශ්‍යයැයි මා සිතන නිසා මෙතනින් නවතින්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම DSNP(Disney +) WEB,WEBRip,WEB-DL පිටපත් සඳහා ගැලපේ.

Available Torrents
720p bluray 1.2 GB
1080p bluray 2.47 GB
720p web 1.2 GB
1080p web 2.47 GB
2160p web 5.98 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (5)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට හසිත

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 89

      :slight_smile: බොහොම ස්තූතියි, සුපුන්.

  • Gihan Unregistered
    Android 10 Chrome 81

    සබ් එකට ගොඩක් ස්තූතියි

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • nilanka Unregistered
    Windows 10 Chrome 109

    thanks….

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search