Tides (2021) Sinhala Subtitle

July 08, 2021 Admin
Subtitle by Rasika Samanjith
බොහෝ දෙනා වෙනුවෙන්

 

                       හැමෝටම ආයුබෝවන් කියනවා. තවත් නවතම සිනමා පටයක් අරගෙනයි අද subz.lk එකට ගොඩ වැදුනේ. මේක ජර්මන්-ස්විස්ටර්ලන්ත චිත්‍රපටයක්. භාෂාව ඉංග්‍රීසි. නම තමයි Tides. මේක The Colony කියලත් හැඳින්වෙනවා. පසුගිය 2021 මාර්තු 01 දින බර්ලිනයේ පැවති 71st Berlin International Film Festival එකේදි තමයි මුල් වරට එලිදක්වලා තියෙන්නෙ. ඒකත් ඔන් ලයින් හරහා. මුල් වරට තිරගත කිරීමක් 2021 අගෝස්තු 05 නවසීලන්තයේදී වෙන බවක් තමයි ආරංචියට තියෙන්නෙ. 5.6/10 ක IMDb අගයක් ලබාගෙන තිබෙන අතර Mystery, Sci-fi, Thriller යන කාණ්ඩ වලට අයත් වෙනවා. Nora Arnezeder (ලුයිස් බ්ලේක්), Iain Glen (ගිබ්සන්), Sarah-Sofie Boussnina (නාර්වික්) සහ Joel Basman (පාලිං) යන ශීල්පීන් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. ධාවන කාලය විනාඩි 104 යි.
කතාව ගැන කියනවනම් මේක විද්‍යා ප්‍රබන්ධ කතාවක්. නුදුරු අනාගතයේදී කාලගුණික විපර්යාස, වසංගත හා යුද්ධ නිසා ලෝකය ජීවත්වීමට සුදුසු නැති තත්ත්වයට පත්වෙලා මිනිසුන් මැරෙන්න පටන්ගන්නවා. පාලකයන් ඇතුලු ඉහළ තලවල අය පෘථිවිය අතහැරලා ගිහින් කෙප්ලර් 209 කියන ග්‍රහ ලෝකයේ පදිංචි වෙනවා. එහෙ වායුගෝලය ජීවයට සුදුසු නෑ. මිනිස්සු ජීවත් වෙන්නෙත් ජෛව ගෝල ඇතුලෙ. පරම්පරා දෙකකට පස්සෙ ඔවුන්ට පෘථිවියේ ජීවයක් පවතින බවට යම් සංඥාවක් ලැබෙනවා. ඒ වනවිට ඔවුන් වඳවී යාමේ තර්ජනයකට ලක්වෙලා ඉන්නෙ. මොකද ඔවුන්ගේ ප්‍රජනන ශක්තිය දුර්වල වීමෙන් තව දුරටත් ළමයි ඉපදීම නැවතී තිබෙන නිසා. ඉතින් නැවත පෘථිවියට ගොස් පදිංචි වීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට යුලිසීස් 1 යානය පෘථිවියට එවනවා. ගොඩ බැහැලා ටික දවසකින් ඒක අතුරුදහන් වෙනවා. ඊට අවුරුදු ගානකට පස්සෙ යුලිසීස් 2 එවනවා. චිත්‍රපටය පටන් ගන්නෙ එතනින්. ඒ යානයේ එන එක් ගගනගාමියෙක් තමයි, ලොයිස් බ්ලේක්. ඇය ගොඩක්ම එන්නෙ යුලිසීස් 1 මෙහෙයුමට ආපු එයාගෙ තාත්තා හොයා ගන්නත් එක්ක. එයාල පෘථිවියට ගොඩ බැස්සාම, දිවි බේරාගැනීමට සමත්වෙලා ඉන්න කුඩ ජන කණ්ඩායමක් මෙයාලව අල්ලගෙන හිර කරනවා. ඒ අතරෙ තවත් මිනිස්සු කණ්ඩායමක් ඇවිත්, ඒ ජනයාට පහරදීලා, මරාදාලා ළමයින්ව පැහැරගෙන යනවා. නාර්වික් කියන්නෙ එහෙ තරුණ කාන්තාවක්. ඇයගේ කුඩා දියණියත් පැහැරගැනීමට ලක්වෙනවා. ඇයව බේරගෙන ඒමට නාර්වික් භයානක ගමනක් ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් තවත් කෙනෙක් ඇය සමග හිට ගන්නවා. ඒ තමයි ලොයිස් බ්ලේක්.
මේකෙ අසභ්‍ය දර්ශන නෑ කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ. ජය වේවා.

SUB FORMAT  –  SRT  &  IDX

♣♣  BRRip / 720p / 1080p  ♣♣

 

/sinhala_subtitle/movies/2021/07/tides__2021____sinhala_subtitle_1633610129_subzlk.zip
Available Torrents
720p bluray 959.16 MB
1080p bluray 1.93 GB
720p web 960.35 MB
1080p web 1.93 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (12)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 91

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ස්තූතියි, සහෝ.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 91

    සබ් එකට ස්තූතියි
    නියම ෆිල්ම් එකක් වගේ බලන්නම ඕනි.

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ඔව් මල්ලි. වටිනා පණිවුඩයක් සමඟ.

  • Tharindu Dananjaya User
    Android 11 Chrome 87

    Vampire diaries ඉතුරු ටික දෙන්නේ නැද්ද 😤😤😤

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      ඒක කරපු අයව මන් දැනුවත් කරන්නම්. ඔයා ඇඩ්මින්ටත් ඉල්ලීමක් යවන්න.

  • STR Unregistered
    Windows 10 Chrome 91

    Sthuthiy saho… subtittle eka hoya hoya hitiye

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91

      අහක බලන් නොගියට ස්තූතියි, සහෝ.

  • Madusha Unregistered
    Windows 10 Opera 77

    බොහෝම ස්තූතියි සබ් එකට සහෝ

  • Kavindu Nethmina Unregistered
    Android 10 Chrome 138

    Sub Ekata Thanks Bro

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 139

      ස්තූතියි.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search