A Christmas Gift from Bob (2020) Sinhala Subtitle
සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනව හැමෝටම. ඔන්න අද මං ඔයාලට අරගෙන ආවේ බොබ්ගෙන් නත්තල් තෑග්ගක්!මේකෙ පලවෙනි ෆිල්ම් එක බලපු අය හොඳට දන්නවා මේක කොච්චර ලස්සනද කියලා…අනික මේක සත්‍යම කථාවක් ඇසුරින් නිමවූවක්. යමු එහෙනම් විස්තරේ පැත්තට.
A CHRISTMAS GIFT FROM BOB (2020)
ඉතින් කතාව අතින් ගත්තම මේකෙ තියෙන්නෙ කලින් කතාවෙම දිගහැරුමක් විදියට තමයි. ඒ කියන්නෙ කලින් ෆිල්ම් එකේ තිබුනේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි උන ජේම්ස්ට බොබ් කියන පූසව හමුවෙන එකයි, ජේම්ස්ගෙ ජීවිතේ මේ බොබ් හින්ද ආලෝකමත් වෙන විදියයිනේ. ඒ කියන්නෙ ජේම්ස්ට මත්ද්‍රව්යෙන් ගැලවෙන්න හයියක් උනේ මේ බොබ්.කොටින්ම කියනවන්ම් ජේම්ස්ට ලැබුණ එකම යාලුවා සහ පවුල උනේ බොබ්. ජේම්ස්ට පවුලක් හිටියත් එයාව පවුලෙන් ඉවත් කරලයි තිබුණේ. ඉතින් ජීවිතේ කිසිම අර්ථයක් නැතුව හිටපු ජේම්ස්ට බොබ් ලොකූ පාඩමක් කියලා දුන්නා. ඒ කොහොම උනත් මුලු ලෝකයේම රසිකයන්ට කඳුලකුයි, හොඳ පාඩමකුයි ඉතිරි කරලා බොබ් 2020 ජුනි 15වන දින අප අතරින් සමුගත්තා. බොබ්ගෙ හිමිකරු ජේම්ස් හෙලිකරේ බොබ්ව කෙනෙක් හප්පලා දාලා කියලයි. වැඩි කතා නැතුව යමු අපි අලුත් ෆිල්ම් එක පැත්තට.

(සැබෑ ජේම්ස් බොවෙන් හා බොබ්)
ඉතින් මේ අලුත් කතාවෙ තියෙන්නෙ ජේම්ස් සුව උනාට පස්සෙ මේ දෙන්නට සිද්ධ වෙන දේවල්. ඉතින් සුව උනාට පස්සෙ ජේම්සුයි බොබුයි ආයෙත් සින්දු කියන සුපුරුදු රස්සාවට බහිනවා.ඔන්න දැන් තමයි දුශ්ඨය එන්නේ.
දෙන්නගෙ අවාසනාවට සත්ව සුරැකුම් නිළධාරීන් මේ දෙන්නව පාරෙදි දකිනවා, ඉතින් එයාලා ජේම්ස්ට චෝදනා කරනව එයා බොබ්ව බලාගන්න විදිය හොඳමදි කියලා. ඉතින් එයාලා මේකට දෙන විසඳුම තමයි බොබ්ව ජේම්ස්ගෙන් වෙන් කරන එක.
ඒ වගේම මේ ෆිල්ම් එකේ Ratings අතින් ගත්තම මේක Imdb 6.3/10 ක අගයකුත්, Google users 95% කගෙ කැමැත්තත් දිනාගෙන තියනවා. ඉතින් මේකෙ පලවෙනි කතාව බලලා නැති කෙනෙක් ඉන්නවනම් මේක බලන්න කලින් ඒක බැලුවනම් තමා හොඳ.
ඉතින් ජේම්ස් මේකට කොහොම මුහුණ දෙයිද?, බොබ්ව එයාගෙන් වෙන් කරයිද?
බොබ්ගෙ නත්තල් තෑග්ග ලෙහලම උත්තර හොයාගන්නකෝ…
ඔබට ජය!
sub ekata thanks sahoo
:heart_eyes::heart_eyes: