Anaconda (2025) Sinhala Subtitle
මේක රූගත කිරීම් කරමින් ඉන්න චිත්‍රපට කණ්ඩායමක් වටා ගෙතුණු කතාවක්. ඒ කණ්ඩායම හිතාගෙන ඉන්නේ එයාලා පරණ ඇනකොන්ඩා ෆිල්ම් එකේ රිමේක් එකක් (එහෙමත් නැත්නම් අලුත් පිටපතක්) හදනවා කියලා. මේ කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ඩග් මැකාලිස්ටර්. මෙයාලා උත්සාහ කරන්නේ හරිම අමාරුවෙන්, අවසරයක්වත් නැතිව මේ චිත්‍රපටය ඉවර කරන්න.
මේ ෆිල්ම් එක කරන අතරේ එයාලට ලොකු අමාරුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ග්‍රිෆ් කියන ප්‍රධාන නළුවා එක්ක කණ්ඩායම තුළ ලොකු මතභේද ඇති වෙනවා. අන්තිමේදී ග්‍රිෆ් කණ්ඩායමෙන් අස්වෙනවා.කට්ටිය හිතාගෙන ඉන්නේ මෙයාලා හදන ෆිල්ම් එකේ විතරක් සර්පයෙක් ඉන්නවා කියලා. ඒත් ඇත්තටම එයාලා ඉන්න වනාන්තරයේ ඇත්තටම භයානක විශාල ඇනකොන්ඩා සර්පයෙක් ඉන්නවා. කණ්ඩායමේ ඉන්න ආනා කියන කෙනා ඇත්තටම චිත්‍රපට නිෂ්පාදකවරියක් නෙවෙයි. එයා බ්‍රසීලයේ රත්තරන් ජාවාරම් කරන ලොකු ජාවාරම්කාරියක්. එයා මේ ෆිල්ම් එක හදන්න උදව් කරන්නේ, තමන්ගේ හොර රත්තරන් ප්‍රවාහනය කරන්න මේ චිත්‍රපට කණ්ඩායම සහ බෝට්ටුව පාවිච්චි කරන්න.ආනාගේ රත්තරන් ජාවාරම ගැන කට්ටියට දැනගන්න ලැබෙනකොට ආනා එයාලව මරන්න හදනවා. ඒ අතරේ ඇත්ත ඇනකොන්ඩා සර්පයත් එයාලට පහර දෙනවා. අන්තිමේදී කණ්ඩායමට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිත බේරගන්න සර්පයා එක්කයි, ආනා වගේ නපුරු මිනිස්සු එක්කයි එකපාරටම සටන් කරන්න.