Blade of Fury (2024) Sinhala Subtitle
Ashton Chen, Michael Tong, Shanshan Chunyu
මේක ගොඩක් දුරට යන්නේ පළිගැනීම, රාජකාරිය සහ මනුස්සකම වටා. ප්‍රධාන චරිතය පෙයි ෂින්ග් කියන්නේ අති දක්ෂ දඩයම්කරුවෙක් (Bounty Hunter). කතාව පටන් ගන්නේ එයාට ලැබෙන අමාරු කාර්යයක් එක්ක. අගමැති මන්දිරයේ සේවය කරන ගෝ ෂොංෂියෑන් කියන කපටි, දරුණු නිලධාරියා, අගමැතිගේ පුතාව හොයාගෙන ඇවිත් එයාගේ ලේ වලින් මැජික් බෙහෙතක් හදන්න සැලසුම් කරනවා. ඒ දරුවාව ආරක්ෂා කරගෙන පැනලා යන්න හදන මව, ලියු ෂෙන්ට උදව් කරන්නේ අපේ මේ පෙයි ෂින්ග්.
කතාව මැදදී මාරම ගැටුම් ටිකක් තියෙනවා. පෙයි ෂින්ග් අතීතයේ හරිම දරුණු යුද්ධයකට මුහුණ දීපු කෙනෙක්. එයා හැම වෙලාවෙම හිතුවේ ජීවත් වෙන්න නම් කෙනෙක් තිරිසනෙක් වෙන්න ඕනේ කියලා. හැබැයි මේ දරුවා නිසා එයාගේ හිතේ තියෙන මනුස්සකම ආයෙත් පණගැහෙනවා. අන්තිමේදී එයා තේරුම් ගන්නවා මේ වගේ කුරිරු පාලනයක් ඇතුලේ තමන් කරන්නේ වැරදි දේවල් කියලා.
අන්තිම හරියේදී හරිම දරුණු සටනක් තියෙනවා. තමන්ගේම හිටපු සගයන් පවා පෙයි ෂින්ග්ව මරන්න එනවා. හැබැයි පෙයි ෂින්ග් බුද්ධිමත්ව සහ හරිම දක්ෂ විදියට ඒ හැමෝවම පරදවනවා. අගමැතිගේ කුමන්ත්‍රණකාරී දරුණු නිලධාරියාව නීතියට කොටු කරලා, දරුවව ආරක්ෂා කරගන්නවා.
චිත්‍රපටයේ අවසානයේ පෙයි ෂින්ග් ඒ පුංචි දරුවව අරගෙන ආයෙත් ලෝකය වටා යනවා. එයා අර දරුවට තෝරාගැනීමක් දෙනවා, එක පැත්තක් සැප සම්පත් තියෙන රාජකීය පාර, අනිත් පැත්ත කැළඹිලි සහිත අනාගතයක් තියෙන පාර. එයා මේ පුංචි එකාවත් අරන් යන්නේ එයාගේ අනාගතය ලස්සන කරන්න, ඒ වගේම තමන්ගේ අතීතයේ කරපු පව් වලට සමාව ගත්තා වගේ හැඟීමකින්. ඇත්තටම මේක හරිම ගැඹුරු, ඒත් එක්කම හරිම වේගවත් සටන් තියෙන කතාවක්.
Bronoyalage site eka haodai me plaiwanaa direct dl denako ane plzzz torenet walian dl karana epa wenwa ane plzzz add direct dl
balamu bro…ikamanata mokak hari karannam