Chamgyoyuk (2026–) [S01 : E01] Sinhala Subtitle
Kim Mu-yeol, Lee Sung-min, Jin Ki-joo
“Chamgyoyuk” (True Education / Teach You a Lesson) කියන්නේ පට්ටම Realistic, Dark සහ Action පිරුණු කතාවක්. මේකේ ප්‍රධානම තේමාව වෙන්නේ පාසල් පද්ධතිය ඇතුළේ සිද්ධ වෙන දරුණුම සෙල්ලම්, ඒ කියන්නේ මැරකම්, කුඩු ජාවාරම් සහ ගුරුවරුන්ට කරන හිංසන නවත්තන්න රජයෙන් දාන විශේෂ බලකායක් (ERPB) වටා ගෙතුණු කතාවක්.
කොරියාවේ පාසල් ඇතුළේ ළමයි කරන අපරාධ, ගුරුවරුන්ට ගහන මට්ටමටම දරුණු වෙනවා. ළමයි බාලවයස්කාරයෝ නිසා නීතියෙන් බේරෙන එක සාමාන්‍ය දෙයක් වෙනවා. මේක නවත්තන්න රජයෙන් “අධ්‍යාපන අයිතිවාසිකම් සුරැකීමේ කාර්යාංශය” (ERPB) කියලා එකක් හදනවා. මේකේ ප්‍රධානම ඉන්ස්පෙක්ටර් තමයි Na Hwa-jin.
මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, පට්ටම ෆයිටර් කෙනෙක්. එයාට රජයෙන් බලය දීලා තියෙනවා වැරදි කරන ළමයින්ට සහ මැරයන්ට “හොඳ පාඩමක් උගන්වන්න” ඕනම තීරණයක් ගන්න. ඉතින් Na Hwa-jin එක එක ඉස්කෝලවලට ගිහින් එතන ඉන්න දරුණුම මැර ළමයින්ව කුඩු වෙන්න තලලා, නීතිය මොකක්ද කියලා කියලා දෙනවා.