City Hunter (2011) [S01 : E01] Sinhala Subtitle
IMDB RATING
7.5
CAST
Lee Min-ho, Park Min-young, Lee Jun-hyuk, Kim Sang-joong, Cheon Ho-jin, Yang Jin-sung, Shin Young-jin, Kim Sang-ho, Goo Ha-ra, Lee Kwang-soo
1983 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා බුරුමයේ අවුං සාන් ස්මාරකයට දකුණු කොරියානු ජනාධිපතිතුමා එන්න කලින් එහෙ ලොකු බෝම්බ ප්රහාරයක් සිද්ධ වෙනවා. මේ ප්රහාරයෙන් දකුණු කොරියාවේ උසස් නිලධාරීන් ගොඩක් දෙනෙක් නැති වෙනවා. මේක කළේ උතුරු කොරියාවේ ඔත්තු බලන කණ්ඩායමක් කියලා හෙළි වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ දකුණු කොරියාවේ ආරක්ෂක නිලධාරීන් එකතු වෙලා උතුරු කොරියාවෙන් පළිගන්න රහස් මෙහෙයුමක් ප්ලෑන් කරනවා. ඒකට එයාලා ක්ලීන් ස්වීප් කියලා නමක් දානවා.
ලී ජින් ප්යෝ සහ පාර්ක් මූ යුල් කියන්නේ මේ මෙහෙයුමට තෝරාගන්නා හමුදා කණ්ඩායමේ ඉන්න ලොකුම යාළුවෝ දෙන්නෙක්. මූ යුල්ගේ නෝනා කියුං හි ඒ දවස්වලම ලස්සන පුතෙක්ව වදලයි ඉන්නේ. මූ යුල් එයාගේ පුතාව බලන්න ගිහින් ආපහු පරිස්සමින් එනවා කියලා නෝනාට පොරොන්දු වෙලා මෙහෙයුමට පිටත් වෙනවා. ජාතික ආරක්ෂක සභාවේ ප්රධානියා වෙන චෝයි යොං චාන් කොල්ලෝ විසිඑක් දෙනාටම පොරොන්දු වෙනවා මොන දේ වුණත් එයාලව පරිස්සමින් ආපහු ගෙන්නගන්නවා කියලා.
මේ විසිඑක් දෙනා සාර්ථකව උතුරු කොරියාවට රිංගලා එයාලගේ මෙහෙයුම ඉෂ්ට කරනවා. ඒත් ඒ අත අතරතුර දකුණු කොරියාවේ දේශපාලන තත්වය වෙනස් වෙනවා. ඇමරිකාවෙන් එන බලපෑම් හින්දයි තමන්ගේ පුටු නැතිවෙයි කියන බය හින්දයි දේශපාලඥයෝ පස්දෙනෙක් එකතු වෙලා මේ මෙහෙයුම සූක්ෂමව වහලා දාන්න තීරණය කරනවා. එයාලා නම්පෝ වරායේදී ආපහු එන්න ඉන්න අපේ කොල්ලෝ ටිකව මරලා දාන්න නාවික හමුදාවේ වෙඩික්කාරයන්ව යවනවා.
කොල්ලෝ ටික සබ්මැරීන් එක ළඟට ආවම එයාලගේම රටේ හමුදාවෙන් එයාලට දිගට හරහට වෙඩි තියන්න පටන් ගන්නවා. මූ යුල් තමන්ගේ යාළුවා වෙන ජින් ප්යෝව බේරගන්න තමන්ගේ ඇඟ දාලා වෙඩි පහරවල් ලබාගන්නවා. මූ යුල් මැරෙන්න කලින් ජින් ප්යෝට කියනවා තමන්ගේ පුතාවයි නෝනාවයි බලාගන්න කියලා. ජින් ප්යෝ විතරක් අමාරුවෙන් ජීවිතේ බේරගෙන වතුරෙන් එලියට එනවා. එයා මූ යුල්ගේ ඩෝග් ටැග් එකත් අරගෙන පළිගන්න අදිටන් කරගන්නවා.
ජින් ප්යෝ කෙලින්ම යන්නේ කියුං හි ඉන්න හොස්පිටල් එකට. එයා කියුං හි නිදාගෙන ඉද්දී කාටවත් හොරෙන් ඒ බබාව අරන් පැනලා යනවා. කියුං හි ඇහැරිලා බලද්දී බබා නැති වෙලා ඉන්නවා දැකලා අඬ අඬා පිස්සුවෙන් වගේ හොයනවා. ජින් ප්යෝ බබාවත් අරගෙන තායිලන්තයේ ත්රිකෝණාකාර රන් භූමිය කියන කැලෑබද ප්රදේශයට යනවා. එයා ඒ බබාට ලී යුන් සොං කියලා නම තියනවා.
යුන් සොං කැලේ ඇතුලේ ලොකු වෙනවා. ජින් ප්යෝ එයාව හරිම සැර විදියට සටන් ශිල්ප, වෙඩි තැබීම සහ ආත්ම ආරක්ෂක සටන් පුහුණු කරනවා. ජින් ප්යෝ යුන් සොංට කිසිම ආදරයක් පෙන්වන්නේ නැතුව හමුදා නීතියටම එයාව හදනවා. පොඩි කාලේදී යුන් සොංට තමන්ගේ අම්මා ගැන දැනගන්න ලොකු ආසාවක් ආවත් ජින් ප්යෝ ඒ ගැන කිසි දෙයක් කියන්නේ නෑ.
යුන් සොං ටිකක් ලොකු වුණාම එයාට බැසිල් කියලා එකතු වෙන යාළුවෙක් හම්බවෙනවා. දවසක් කැලේ ඉන්න කැරලිකාරයෝ වගයක් මේ ගමට කඩා වැදිලා වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ යුන් සොංව බේරගන්න ගිහින් බැසිල්ට වෙඩි වදිනවා. බැසිල් මැරෙන්න කලින් යුන් සොංගේ අතට කොරියානු කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දීලා කියනවා එයාට උදව් කරන්න කියලා. ඒ ෆොටෝ එකේ ඉන්නේ කිම් නා නා කියන කෙල්ල.
ඒ ප්රහාරයේදීම ජින් ප්යෝගේ කකුලට පාගපු බෝම්බයක් පත්තු වෙලා එයාගේ කකුල කැඩෙනවා. යුන් සොං එයාගේ තාත්තව බේරගන්නවා. ජින් ප්යෝ රෝහලේ ඉද්දී යුන් සොංට ඇත්තම විස්තරේ කියනවා. එයා කියනවා යුන් සොංගේ ඇත්තම තාත්තා පාර්ක් මූ යුල් බවත්, රට වෙනුවෙන් සේවය කරපු එයාවයි අනික් විසි දෙනාවයි රටේම දේශපාලඥයෝ පස්දෙනෙක් එකතු වෙලා මරලා දාපු බවත්.
ජින් ප්යෝ යුන් සොංට කියනවා ඒ දේශපාලඥයෝ පස්දෙනාගෙන් පළිගන්න එක එයාගේ ජීවිතේ එකම අරමුණ කරගන්න ඕන කියලා. යුන් සොං තමන්ගේ තාත්තා වෙනුවෙන් ඒ පලිය ගන්න එකඟ වෙනවා. අවුරුදු ගානකට පස්සේ යුන් සොං ඇමරිකාවේ හොඳට ඉගෙනගෙන, මිට් විශ්වවිද්යාලයෙන් doctorate එකත් අරගෙන දකුණු කොරියාවට ආපහු එනවා. එයා එන්නේ නිලධාරියෙක් විදියට ජනාධිපති මන්දිරයේ සයිබර් ආරක්ෂක කණ්ඩායමට එකතු වෙන්න. එතනින් එයාගේ පළිගැනීමේ මෙහෙයුම පටන් ගන්නවා.