Daadi Ki Shaadi (2026) Sinhala Subtitle
මෙන්න මචං 2026 අවුරුද්දේ රිලීස් වුණු සුපිරිම හින්දි කොමඩි ෆිල්ම් එකක් වෙන “Daadi Ki Shaadi” (ආච්චිගේ කසාදේ) එකේ සම්පූර්ණ කතාව අපේ කටවචන බසින්.
කතාව පටන් ගන්නේ ටෝනි කියන තරුණයාගෙන්. ටෝනි කියන්නේ සල්ලි තියෙන, හැබැයි පොඩ්ඩක් ලොකු ලයින් දාන ඩයල් එකක්. එයා ගොඩක් කාලෙක ඉඳන් හිතින් ආදරය කරපු කනිකා කියන මෙඩිකල් කරන කෙල්ලත් එක්ක කසාදේ ස්ථිර කරගන්න මංගල යෝජනාව සිද්ධ වෙනවා. කනිකාගේ පවුලේ අය (අහුජා පවුල) සෑහෙන්න සමාජ තත්ත්වය ගැන හිතන, ලොකු ලයින් දාන සෙට් එකක්.
ඔන්න ඉතින් කසාදේ ස්ථිර කරලා සතුටින් ඉන්න වෙලාවක, මුළු පවුලටම හෙන ගෙඩියක් පාත් වෙනවා. ඒ තමයි ශිම්ලාවල තනියම ජීවත් වෙන ටෝනිගේ ආච්චි (විම්ලා) එයාගේ ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දානවා එයා වයස 70 ගණන්වලදී ආයෙත් කසාද බඳින්න යනවා කියලා!
කනිකාගේ පවුලේ අය මේක දැකලා මල පනිනවා. “මුණුපුරා බඳින්න කලින් ආච්චි බඳින්න හදනවා, මේක මාර ලැජ්ජාවක්” කියලා අහුජා පවුලේ අය ටෝනිලාගේ කසාදේ නවත්තන්න තර්ජනය කරනවා. ටෝනිගේ තාත්තයි (ජීවන්), බාල මාමයි (නාග්), නැන්දයි (සුනයිනා) ඔක්කොම කලබල වෙලා ආච්චිව හම්බවෙලා මේ විකාරේ නවත්තන්න ශිම්ලා බලා පිටත් වෙනවා. ටෝනිත් එයාලත් එක්ක යනවා.
ශිම්ලාවලට ගියාම තමයි එයාලට තේරෙන්නේ ආච්චි බඳින්න යන්නේ “රෙඩ්ඩි” කියලා විශ්‍රාමික කර්නල් කෙනෙක්ව කියලා. රෙඩ්ඩි කියන්නේ මාර කපටි, හැබැයි හිත හොඳ ඩයල් එකක්. ආච්චිගේ ළමයි ටික (ජීවන්, නාග්, සුනයිනා) ආච්චිට බණින්න හදනකොට, රෙඩ්ඩි මැදට පැනලා පට්ට ගණන් හිලව්වක් දානවා.
“උඹලා පොඩි කාලේ ඉඳන් හදන්න, උගන්වන්න, කසාද බන්දන්න අම්මා වියදම් කරපු සල්ලි උද්ධමනයත් එක්ක බැලුවාම කෝටි ගණනක් වෙනවා. උඹලා අම්මා වෙනුවෙන් දීලා තියෙන්නේ සොච්චම් සල්ලියක්. ඒක හින්දා නීත්‍යානුකූලව උඹලා තාමත් අම්මාට ණයයි!” කියලා රෙඩ්ඩි ලෙඩේ දානවා.
ළමයි ටිකට තේරෙනවා මූ ලේසියෙන් මේක අතාරින්නේ නැහැ, මූ හදන්නේ ආච්චිගේ සේරම දේපල ටික උදුරගන්න කියලා. ඉතින් ටෝනිගේ උදව්වෙන් අහුජා මහත්තයා (ලෝයර්) ලව්වා එයාලා ප්ලෑනක් ගහනවා. ඒ තමයි ආච්චිට මානසික ලෙඩක් (පිස්සු) කියලා මෙඩිකල් රිපෝට් එකක් හදලා කසාදේ තාවකාලිකව නවත්තන්න.
හැබැයි මේ අතරේ ටෝනි, කනිකාව සතුටු කරන්න කියලා “කවිතා රෙඩ්ඩි” (කර්නල් රෙඩ්ඩිගේ මැරුණු බිරිඳ) වගේ රඟපාන්න සුනිතා කියලා ගෑනු කෙනෙකුට කෝටි ගණනක් සල්ලි දීලා කුලියට ගන්නවා. හැබැයි ඒ කෙබරයත් අහුවෙනවා. පොලිසියෙන් ඇවිත් ටෝනිව ඇරස්ට් කරනවා බොරු රඟපෑම් කරලා මිනිස්සු රැවැට්ටුවා කියලා.
ටෝනි හිරේ වැටුණාම කනිකා එයාට බැනලා අතඇරලා දානවා. හැබැයි ඒ වෙලාවේ කර්නල් රෙඩ්ඩියි ආච්චියි මැදට පැනලා ටෝනිව බේරගන්නවා. ඇත්තටම ආච්චි කසාද බඳින්න හැදුවේ දේපලකටවත්, තණ්හාවකටවත් නෙවෙයි. තමන්ගේ දරුවෝ තමන්ව තනියම දාලා ගියාම දැනුණු පාලුව මකාගන්න සහ ජීවිතේ අන්තිම කාලේ සතුටින් ඉන්න.
අන්තිමේදී දරුවන්ට තමන්ගේ වැරැද්ද තේරෙනවා. එයාලා ආච්චිගෙන් සමාව අරන්, ආච්චිගේ සහ කර්නල් රෙඩ්ඩිගේ කසාදේ මලක් වගේ කරලා දෙනවා. ටෝනිත් තමන්ගේ වැරදි හදාගෙන, අවංක මනුස්සයෙක් වෙනවා. පවුලේ හැමෝම එකතු වෙලා ආච්චිගේ මංගල්‍යය පට්ට විදිහට සමරනවාත් එක්කම කතාව සතුටින් ඉවර වෙනවා මචං!