Trending

Desert Warrior (2026) Sinhala Subtitle

18 Views
වැලි කඳු අතර රණකාමී සටන

Desert Warrior (2026) කියන්නේ කාන්තාරයක පසුබිමක සිදුවෙන, බලය සහ පාවාදීම් පිරිච්ච සටන්කාමී කතාවක්.

අතීතයේ කාන්තාර ප්‍රදේශවල බලය අල්ලගන්න හදන විශාල අධිරාජ්‍යයන් සහ ඒ මැද තමන්ගේ පවුලත්, ගෞරවයත් බේරගන්න දඟලන අහිංසක පාලකයෝ ගැන තමයි මේ කතාව තියෙන්නේ. මෙතනදී කේන්ද්‍රගත වෙන්නේ අල්-නුමාන් කියන හිටපු රජතුමා සහ එයාගේ දුව හින්ද් ගැනයි.

අල්-නුමාන් රජතුමාව සහ එයාගේ දුව හින්ද්ව, අධිරාජ්‍යවාදී සෙබළුන් ලුහුබඳිනවා. රජතුමාව එයාගේ සිහසුනෙන් බලෙන් නෙරපලා, එයාගේ දුවව අධිරාජ්‍යයාගේ බිරින්දෑවරුන්ගේ ගොඩට ගන්න සැලසුම් කරනවා.

මේ අතරේ හම්බවෙන තවත් කාන්තාරයේ අතරමං වුණු සටන්කාමියෙක් මේ පියා සහ දුවව ආරක්ෂා කරගෙන ෂයිබානි ගෝත්‍රයේ ආරක්ෂාව යටතට එක්කන් යනවා. මේ සටන්කාමියා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ සල්ලි වෙනුවෙන්, ඒත් පස්සේ පස්සේ එයාට තේරෙනවා මේක සල්ලි වලට එහා ගියපු ගෞරවය රැකගැනීමේ සටනක් කියලා.

ෂයිබානි ගෝත්‍රයේ නායකයා, අධිරාජ්‍යයාගේ තර්ජනවලට බය වෙන්නේ නෑ. තමන්ගේ ආගන්තුකයා වෙනුවෙන්, තමන්ගේ දේශයේ ගෞරවය වෙනුවෙන් ඒ නායකයා අධිරාජ්‍යවාදී හමුදාවලට විරුද්ධව අවි අතට ගන්නවා.

 සටන්කාමියා, හින්ද් කුමරිය සහ ෂයිබානි ගෝත්‍රිකයන් එකතු වෙලා අධිරාජ්‍යවාදී හමුදාවලට එරෙහිව විශාල සටනක් කරනවා. මේක තනිකරම කාන්තාරයේ දූවිලි, ලේ සහ දහඩිය මුසු වුණු යුද්ධයක්. අවසානයේදී තමන්ගේ නිදහස වෙනුවෙන් ඒ අය ජයග්‍රහණය කරනවා.

  • ගෞරවය සහ පක්ෂපාතිත්වය: රත්තරන් වලට වැඩිය තමන්ගේ දේශයේ සහ පවුලේ ගෞරවය වැදගත් බව මේ කතාවෙන් පෙන්වනවා.

  • කාන්තාරයේ දුෂ්කරතා: වැලි කුණාටු, පිපාසය සහ නිරන්තර මරණය එක්ක පොර බඳින ජීවිතවල තියෙන තද ගතිය මේ චිත්‍රපටයේ හොඳටම තියෙනවා.

  • සටන් ක්‍රම: අශ්වයන් පිටේ යන සටන් සහ කඩු හරඹ මේකේ ගොඩක් තියෙනවා.

ඔයා මේ වගේ සටන්කාමී කතා වලට කැමති කෙනෙක් නම්, මේ චිත්‍රපටය ඔයාට හොඳින්ම දැනේවි. 

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
188 Movies
653 TV Series
841 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p web 1.14 GB x264
▲100 · ▼100
Magnet GET
1080p web 2.34 GB x264
1080p web 2.12 GB x265
▲100 · ▼100
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search